නිශ්චිත පුද්ගලයකු, වස්තුවක් හෝ ඉලක්කයක් කෙරෙහි ඇති අධික භක්තිය බොහෝ විට කල්ට්වලට ආරෝපණය කරන තවත් ලක්ෂණයකි. මෙම පදයට ජනප්‍රිය සංස්කෘතියේ සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ වෙනස් සහ සමහර විට වෙනස් හෝ අපහාසාත්මක අර්ථකථන ඇති අතර අධ්‍යයන ක්ෂේත්‍ර කිහිපයක විද්වතුන් අතර මතභේදයට තුඩු දෙන අඛණ්ඩ මූලාශ්‍රයක් වී ඇත.
“කල්ට්" යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ ලතින් භාෂාවෙන් cultus යන වචනයෙන් වන අතර එහි තේරුම නමස්කාරය යි. මෙම පදය ආගමික කල්ලි, සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදී සංවිධාන ඇතුළු බොහෝ කාණ්ඩවල අපයෝජන හෝ බලහත්කාර කණ්ඩායම් සඳහා විවිධාකාරයෙන් යොදති.
"කල්ට් මනෝභාවය" යනු කල්ට් එකක් තුළ සිතීමේ සහ හැසිරීමේ ආකාරය විස්තර කරන අතර එය නායකයකුට හෝ දෘෂ්ටිවාදයකට දැඩි කැපවීමක්, බාහිර ලෝකයෙන් හුදකලා වීම, චින්තන පාලනය සහ පුද්ගල විවේචනාත්මක චින්තනය මර්දනය කිරීම මගින් සංලක්ෂිත වේ.
මෙහි දී පුද්ගලයෙක් තමන්ගේම සිතිවිලි, විශ්වාස සහ තීරණ වසාගෙන, කණ්ඩායමක හෝ නායකයෙකුට නිරපේක්ෂව අනුග්‍රහය දක්වයි. කල්ට් නායකයින්, සාමාජිකයන් යැපෙන්නන් බවට පත් කීරීමට මනෝවිද්‍යාත්මක හැසිරවීම සහ බිය භාවිතා කරයි, ඔවුන් කණ්ඩායමට නිරපේක්ෂ පක්ෂපාතිත්වය දිරිමත් කරන අතර ප්‍රශ්න කිරීම හෝ විරුද්ධ වීම අධෛර්යමත් කරයි.

කල්ට් සංස්කෘතික මානසිකත්වයක ප්‍රධාන ලක්ෂණ අටක් ගෙනහැර දැක්විය හැකි ය.
1- නිරපේක්ෂ අධිකාරීවාදය
නොවරදිනසුලු යැයි සැලකෙන නායකයකුට හෝ කණ්ඩායමකට පක්ෂපාතීත්වය අවිවාදිකව ලබා දීම මෙහි පළමු ලක්ෂණය යි. මෙහි දී නායකයා හැම විට ම නිවැරදි යැයි විශ්වාස කරන අතර නායකයා විවේචනය කිරීම ද්‍රෝහී වීමක් ලෙස සලකයි.
2- චින්තන පාලනයකණ්ඩායමේ විශ්වාසයන් හෝ නායකයා පිළිබඳ විවේචනාත්මක විමසීම් සහ ප්‍රශ්න අධෛර්යමත් කිරීම කරන අතර එය දඬුවම් කිරීම ලැබිය හැකි වරදක් බවට පත් කරයි. ප්‍රශ්න අසන්නකුට "විශ්වාසය නැත්තෙකු" හෝ "දුර්වලයි" අයෙකු ලෙස හංවඩු ගසයි.
3- හුදකලා කිරීමකණ්ඩායම මත යැපීම වැඩි කිරීම සඳහා සාමාජිකයින් ඔවුන්ගේ පවුල්, මිතුරන් සහ ආධාරක පද්ධතිවලින් වෙන් කරයි.
4- ප්‍රචාරණය සහ ඉගැන්වීමකණ්ඩායමේ ලෝක දැක්ම ශක්තිමත් කිරීම සඳහා නිරන්තර මාධ්‍ය නිරාවරණය, පුනරාවර්තනය සහ පක්ෂග්‍රාහී තොරතුරු පමණක් භාවිතා කරයි. සමබර දැනුමකට ඉඩ නොදෙන අතර සංවිධානයේ ඉගැන්වීම පමණක් “පරම සත්‍ය” ලෙස උපුටා දක්වයි.
5- බිය සහ ව්යාකූලත්වයබාහිර ලෝකය පිළිබඳ අසාධාරණ බියක් ඇති කරයි. පවතින දේශපාලන, සමාජීය හා කණ්ඩායමට තර්ජනයක් ලෙස නිරූපණය කරයි. සාමාජිකයින්ගේ ස්වාධීණත්වය ඇතිවීම වළැක්වීමට ඔවුන්ට බාහිර සමාජයේ අධ්‍යාපනය, රැකියා ආදිය කිරීමට ඉඩ නොදී පූර්ණ කාලීනව සංවිධානයට බඳවාගෙන වැඩ කරවීම තුළින් ඔවුන් වෙහෙසට පත් කිරීම, ආදායම් අහිමි කිරීම කරයි. ඔවුන් සංවිධානය හැර ගියහොත් ඔවුන්ට ජීවත් වීමට වෙන මාර්ගයක් නැති තැනට ඔවුන්ව ගෙන එයි.
6- අනන්‍යතාව අහිමි වීමකණ්ඩායමේ ප්‍රමිතිවලට ගැළපෙන පරිදි සාමාජිකයින්ගේ අනන්‍යතා ක්‍රමයෙන් ප්‍රතිනිර්මාණය කිරීම තුළින් සමහර විට ඔවුන්ගේ මුදල්, දේපළ සහ පෙර ජීවිත අත්හැරීමට ඔවුන්ට බල කරයි. සංවිධානය හෝ කණ්ඩායම පමණක් වැදගත් බවත් පුද්ගල අවශ්‍යතා බලාත්මක නැති බවටත් “brainwash” කරයි. පුද්ලයකුගේ වටිනාකම ඇත්තේ නායකයාට සහ සංවිධානයට වැඩ කීරීම තුළ පමණක් බවට විශ්වාසය ඇති කරවයි.
7- චිත්තවේගීය හැසිරවීමබඳවා ගන්නකුගේ තොරතුරු සැකසුම් ධාරිතාවේ ට්‍රාන්ස් බඳු තත්ත්ව සහ අධි බර හැඟීමක් ඇති කරන උපක්‍රම භාවිතා කිරීම, එමගින් යෝජනා කිරීමේ හැකියාව ඉහළ යයි.
8- විභේදනයකල්ට් සම්ප්‍රධාය තුළ සෑම විටම කල්ට් සංවිධානය “නිවැරදි” ලෙස නම් කරන අතර, සංවිධානයේ ඇදහිලි සහ විශ්වාසවලට අනුකූල නැත්තවුන් “වැරදි” සහ “දූෂිත” ලෙස නම් කරයි. "අපි" සත්‍යය දන්නා අය වන අතර “ඔවුන්” අසත්‍ය, වැරදි, හෝ දූෂිත කණ්ඩායම යි. කණ්ඩායමෙන් පිටවෙන්නන් සෑම විට ම ද්‍රෝහියන් සහ දූෂිතයින් ලෙස නම් කරන අතර ඔවුන් කණ්ඩායමට "තර්ජනයක්" ලෙස සලකයි. ඔවුන්ට දැඩි දඩුවම් පමුණුවයි.

ප්‍රශ්නය කුමක් වුව ද හේතුව සමාජය යි
මෙවැනි කල්ට් සංවිධාන සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේ දී ඔවුන් ඉලක්ක කර ගන්නේ සාමාන්‍ය සමාජයේ කුමක් හෝ ප්‍රශ්නයකට හෝ ව්‍යාකූලත්වයකට භාජනය වෙමින් සිටින පුස්ගලයින් ය. දුප්පත්කම, ලිංගිකත්වය, පවුල් පසුබිම හෝ මානසික ව්‍යාකූලතාව යනාදි කරුණු නිසා චිත්තවේගීය හෝ අවස්ථානුකූල අර්බුද බඳු අවදානම් කාලවලට හසුවූ පුද්ගලයින් මෙම කල්ලි බොහෝ විට ගොදුරු කර ගනී. ඔවුන් පුද්ගලයකුගේ විවේචනාත්මක චින්තනය සහ ස්වයං විශ්වාසය බිඳ දැමීමට මනෝවිද්‍යාත්මක උපක්‍රම සහ පාලන ක්‍රමවල එකතුවක් භාවිතා කරයි. සෙමින් නමුත් නිසැකව ම කණ්ඩායම වටා කේන්ද්‍රගත වූ, නව, ප්‍රශ්න නොකරන මානසිකත්වයක් නිර්මාණය කරයි. කොටින්ම කිවහොත්, ඔවුන්ගේ ප්‍රශ්නය කුමක් වුවත් ප්‍රශ්ණයට හේතුව පවතින සාමාන්‍ය සමාජය බවට ඔවුන්ට ඒත්තු ගන්වයි.
සැලසුම් සහගත ඉගැන්වීම් තුළින් සමාජ වෛරය පතුරවන අතර, ඔවුන්ට සිටින එකම ගැලවුම්කරුවා කල්ට් නායකයා ලෙස ද, ගැලවීමට ඇති එකම මග තම සංවිධානය ලෙස මෙම දුර්වල මානසිකත්වක් ඇති පුද්ගලයන්ට ඒත්තු ගන්වයි. මේ තුළින් මෙම දුර්වල මනසක් ඇති සමාජයේ තමන්ට “පිළිගැනීමක්” නැතැයි සිතන පුද්ගලයින්ට ජීවිතයට අරමුණක් (purpose), තමන් විශාල පවුලක සමාජිකයෙක් (belonging) සහ කල්ට් සමාජය තුළ පිළිගැනීමක් (status) ඇති වෙයි.
අතීතයේ සිටම මිනිස් සිතේ මේ මනෝවිද්‍යාත්මක හේතු, ආගමික, දේශපාලන, විප්ලවවාදී සහ අලෙවිකරණය සදහා යොදාගෙන ඇත.
ජවිපෙ “කල්ට් මනෝභාවය"

ජනතා විමුක්ති පෙරමුණ යනු ශ්‍රී ලංකාවේ මාර්ක්ස්-ලෙනින්වාදය පදනම් කරගත් වාමාංශික දේශපාලන පක්ෂයකි. එය 1965 දී රෝහණ විජයවීර විසින් ආරම්භ කරන ලදි. ජවිපෙ යනු කුමක්දැයි වටහා ගැනීමට නම්, එහි ඉතිහාසය ඉගෙනගත යුතු ම ය.
මා ජවිපය හදුන්වන්නේ බොරුවෙන් උපන් මනස ව්‍යාකූලවූ ඊනියා “උගතුන්ගේ” පක්ෂය ලෙසට ය.
ජවිප නිර්මාතෘ විජේවීර සහෝදරයාව එම පක්ෂය කාලාන්තරයක් තිස්සේ හඳුන්වා දුන්නේ රුසියාවේ ලුමුම්බා සරසවියේ වෛද්‍යවරයෙකු වී සමාජයේ ඉහළ පෙළැන්තියේ සැප විඳීමට තිබූ අවස්ථාව අතහැර නිර්ධන පන්තියේ අයිතීන් වෙනුවෙන් සටන් කර තම ජීවිතය පූජා කළ මිනිසා ලෙසට ය. නිවැරදි කතාව ඊට වඩා වෙනස් ය.
ප්‍රකාශිත ග්‍රන්ථ, පුවත්පත් ලිපි සහ Internet මූලාශ්‍ර වලට අනුව කතාව සැකෙවින් මෙසේය.
ශිෂ්‍යත්වය අවභාවිත එකක් ද...?

විජේවීර සහෝරයා ගේ පියා ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි.
ඒ කාලයේ දී රුසියාවෙන් ලංකාවට විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව පිරිනමා ඇත්තේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හරහා ය. පක්ෂය තමන්ට කැමති පුද්ගලයින් ශිෂ්‍යත්ව සඳහා තෝරා යවයි. විජේවීර සහෝදරයා ඉපදුණේ 1943 දී ය. ඔහු සාමාන්‍ය පෙළ විභාගය සම්පූරණ කර ඇත්තේ 1959 දී ය. ඔහු 1960 දී රුසියාවේ People’s Friendship University of Russia (නූතන Lumumba) වලට වෛද්‍ය විද්‍යාව හදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් මත යවා ඇත. එවිට ඔහුගේ වයස අවුරුදු 17 කි. සාමාන්‍ය පෙළ පමණක් සමත් තමන්ගෙ පුත්‍රයාට, ලංකාවේ ඒ කාලෙත් පිළිගැනීම වැඩිම වෛද්‍ය වෘත්තිය ඉගෙන ගෙන වෛද්‍යවරයකු වීමට ශිෂ්‍යත්වය ලැබී ඇත්තේ පියාගේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය නිසා ය. ඒ අනුව එම ශිෂ්‍යත්වය, සුදුසුකම් හෝ හැකියාව මත ලැබූවක් නොවේ. රුසියාවෙන් ලංකාවේ දරුවන්ට ලැබුණ ශිෂ්‍යත්වයක් අවභාවිතා කිරීමකි.
යළි වීසා නොලැබුණේ ඇයි...?
1960 දි රුසියාවට ගිය විජේවීර ගැටයා මාස හත අටකින් රුසියානු භාෂාව හදාරා රුසියානු භාෂා විභාගය සමත් වී වෛද්‍ය විද්‍යාව හදෑරීම ආරම්භ කර ඇත. 1963 රුසියාවේ දී ඔහු අසනීප තත්වකට ගොදුරුවන අතර, ඔහුට වෛද්‍ය ප්‍රථිකාර ලබා දුන්න ද සුව නොවන නිසා, ඔහු සම්පූර්ණ අධ්‍යන වර්ෂයක් සඳහා නිවාඩු අනුමත කරගැනීමත් සමග යළි ලංකාවට පැමිණෙයි. ලංකාවට ආ පසු විජේවීර එළිපිටම කොමියුනිස්ට් පක්ෂයේ “pro-Chinese wing” (මාඕ සේතුං පාර්ශ්වය) පාර්ශ්වයට පක්ෂව වැඩ කිරීම ආරම්භ කරයි. ඒ, රුසියාව පාර්ශ්වයට නොව, චීන පාර්ශ්වයට දේශපාලනිකව සහය දැක්වීමයි.
ඒ හේතුව නිසාම, 1963/64 දී ඔහු නැවත රුසියාවට යෑමට වීසා අයදුම්කළ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඔහුට නැවත විශ්වවිද්‍යාලයට යෑමට වරම් නොලැබේ. එබැවින් ඔහුට වෛද්‍යවරයෙකු වීමේ සිහිනය අත්හැරීමටත්, ලංකාවේ නැවතීමටත් සිදුවිය. එදා සිට අද දක්වා, ලංකාවේ දරුවන්ට සහ වැඩිහිටියන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට ජවිපෙ බාධා කීරීමේ මූලාරම්භය මෙය විය හැකි ය.
ජවිපෙ ආරම්භය

විජේවීරගේ දේශපාලන වීරයින් ස්ටාර්ලින් සහ මාඕ සේතුං ය. 1965 දි Stalinist Labour Party of Albania වේ සාමාජිකයෝ ලංකාවට පැමිණෙන විට විජේවීරට ඔවුන්ව මුණ ගැසීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය යි. 1965 වන විට විජේවීර ලංකා කොමිනිස්ට් පක්ෂය සමග ගැටුම් ඇති කර ගනී. ඔහුගේ මතවාදය වූයේ ලංකාවේ “බොල්ෂෙවික් විප්ලවය” බඳු විප්ලවයක් ඇති කර, රාජ්‍ය බලතල මුළුමනින් ම අල්ලාගන්නා විප්ලවයකට යා යුතුය යන්න ය.
මූලික හේතුව ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වමේ දේශපාලනයේ යෙදී සිටිය ද, පවතින ආණ්ඩු විවේචනය කළ ද, සන්නද්ධ විප්ලව කිරීමේ අවශ්‍යතාවක් ඔවුන් නොදැක්ක බැවිනි. ඒ ඝට්ඨනයත් සමග, එම පක්ෂෙන් ඉවත්වෙන විජේවීර, 1965 වසරේ මැයි 14වෙනි දා අක්මීමන දී ජනතා විමුක්ති පෙරමුණ නමින් තම සංවිධානය ආරම්භ කරයි.
ජවිපෙ කල්ට් මනෝභාව ලක්ෂණ

ඔහු 1971 සහ 1987–89 යන වසරවල දී සන්නද්ධ හමුදා කැරැලි දෙකක් මෙහෙයවා, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත්වූ ආණ්ඩු දෙකක බලය ලබා ගැනීමට උත්සහා කරයි. නමුත් එම අවස්ථා දෙකේ දී ම ඔහු අසාර්ථක වෙයි. 1989ට පසුකාලීනව ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාවට සහභාගී වන ජනතා පක්ෂයක් ලෙස හැඩගැන්වී ඇති සෙයක් පෙනුණ ද, 1970–1980 දශකවලදී (විශේෂයෙන් රෝහණ විජේවීර ගේ නායකත්වය යටතේ), ජවිපෙ තුළ තිබූ පහත සඳහන් කල්ට් මනෝභාව ලක්ෂණ පවතින බව කියවිය හැකි ය.
1. නායකයා කෙරෙහි ඇති විය යුතු අවිවාදිත විශ්වාසය
විජයවීරගේ සිට සංවිධාන නායකයින් අනුගාමිකයින්ගේ දෘෂ්ටියෙන් පරිපූර්ණ නායකයන් ය.
* විජේවීරගේ “දර්ශනමය දේශන 5” (පන්ති පහ) ආදිය සාහිත්‍ය වශයෙන් පමණක් නොව, අවිවාදයෙන් පිළිගත යුතු “ධර්මය” වශයෙන් අද ද යොදා ගනී.
- ලංකාවේ ආර්ථික අර්බුදය
- ඉන්දියානු ව්‍යාප්තවාදය
- ලංකාවේ වාමාංශික ව්‍යාපාරය
- නිදහස යනු කුමක්ද?
- ලාංකික විප්ලවය ගතයුතු මග
* නායකයින් කිසිදා වැරැද්දක් නොකරයි. ඔවුන් කරන කියන සෑම දෙයකටම “හේතුවක්” ඇති අතර, ඒවා අවිවාදයෙන් තොරව පිළිගනී.
2. විවේචනයට ඉඩ නොදීම
- පක්ෂ අදහස් සහ විධිවිධාන විවේචනය කිරීම හෝ විකල්ප අදහස් පළ කිරීම අනුමත නොවී ය.
- අතීතයේ දී විරෝධය පළ කළ සාමාජිකයින්ට ප්‍රතිසන්ධානික හෝ ක්‍රියාකාරී දඩුවම්ද ලැබී ඇත.
3. පිටත අදහස්වලින් වෙන්වීම
- සමාජවාදය සහ විප්ලවය පිළිබඳව පක්ෂයේම අදහස් පමණක් විශ්වාස කළ යුතු බවට ව්‍යාප්ත සන්නිවේදනයක් ඇත.
- රාජ්‍යය, පූජ්‍ය පන්ති, නායකත්වය යන සියල්ලම "සතුරන්" ලෙස හඳුන්වයි.
4. භාවනාත්මක හා මනෝවිද්‍යාත්මක පාලනය
- තරුණයින් (විශේෂයෙන් විද්‍යාර්ථීන්) “විප්ලවය” සඳහා ජීවිත පරිත්‍යාග කිරීමට උත්සාහ කරවීම.
- සංවිධාණය සහ සංවිධාණයේ අරමුණ වෙනුවෙන් මරණය දක්වා කැපවන අය විරුවන් ලෙස සැමරීම
මර්දන ව්‍යාපාර ලක්ෂණ තවමත්

1990 පසුව, ජවිපෙ ක්‍රමයෙන් ජාතික ජන බලවේගය (NPP) බඳු සන්ධාන හරහා නව පරපුරක් ආකර්ෂණය කළ: ජනතා ආකල්ප, ආර්ථිකය, රාජ්‍යයේ දූෂණය ආදිය පිළිබඳව සාකච්ඡාකරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස හැසිරෙයි. එහෙත් ජවිපෙ සාමාජිනත්වය තුළ, අධිවිශ්වාසය, අවිවේචනශීලීත්වය යනාදි ලක්ෂණවල අද ද අඩුවක් නැත.
ඉතිහාසයේ දී ජවිපට තුළ ''කල්ට් මනෝභාව'' ලක්ෂණ මගින් රටේ සුළුතරයක් වූ විප්ලවාදීන් අතට අවි ලබාදී මහා විනාශයක් ඇති කළෝ ය. අද එය විධිමත් දේශපාලන පක්ෂයක් ලෙස බලයේ සිටිය ද, පක්ෂ පැරණි නායකයන්ගේ සහ සාමාජිකයන්ගේ අදහස්වල කල්ට් ලක්ෂණ සහ මර්දන ව්‍යාපාර ලක්ෂණ තවමත් ඇත.
සමාජයෙන් පළි ගැනීමට අටවාගත් “cult” ව්‍යාපාරයක් ලෙස

ජවිපය යනු: බොරුවෙන්, අයුක්තියෙන්, අවනීතියෙන් අනුන් ගේ අයිතිය අවනීතියෙන් ලබා ගැනීමට ගොස්, එම අභිප්‍රාය වැරදී, ආතක් පාතක් නැති ඉච්ඡාභංගත්වයට පත්වූ, සමාජ වෛරයෙන් මුසපත්වූවෙක්, සමාජයෙන් පළි ගැනීමට අටවාගත් “cult” ව්‍යාපාරයක් ලෙස මට හැඟේ.
ඒ ව්‍යාපාරයේ අද නායකයින්, සාමාජිකයින් සහ හිතවතුන්ගේ ජීවිත දෙස බැලූ කල, ඒ හැම කතාවක්ම විජේවීරගේ ජීවිත කතාවට සමාන ය. ඔවුන්ගේ සෑම කතාවකින් ම, ක්‍රියාවකින් ම පෙනෙන්නේ ඔවුන්ගේ හිත් තුළ කා වැදී ඇති වෛරය, ඉරිසියාව සහ කුහකත්වය යි.
කල්ට් ව්‍යාපාරයක අනාගතය රඳා පවතින්නේ එය වඩාත් තිරසාර, විනිවිද පෙනෙන සහ අඩු සූරාකෑමක් ඇති දෙයක් බවට පරිවර්තනය විය හැකිද යන්න මත ය. එය ප්‍රජාතන්ත්‍රවාදී නොවන, දැඩි දර දඩු සහ රහසිගත මර්දනකාරී පාලනයක් නම්, එහි අනාගතය කෙටි කාලීන හා ඛේදජනක වීමට ඉඩ තිබේ.
අවසානයක ආරම්භය
(සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
rasikuma@yahoo.com




