The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

සංවර්ධන සංදර්ශන - උදන් ප්‍රනාන්දු

T

The Leader Desk

January 30, 2022 • 9:13 AM

සංවර්ධන සංදර්ශන - උදන් ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා පාසැලේ තුන් වැනි ශ්‍රේණියේ සිටින කාලයේ අප වාසය කළේ පානදුරේ ය. පානදුර ටවුමේ, ගුණානන්ද පිළිමය අසල ම පිහිටි අප නිවෙස මුහුණ ලා තිබුණේ
  •   අපගේ මේ නැරැඹුම්කාමයේ හැරවුම් ලක්ෂයක වූයේ 1977 ජූලි මාසයේ පැවැති මැතිවරණයෙන් ආසන 168න් 140ක් ම දිනා ගනිමින් එජාපය විජයග්‍රහණයක කිරීම ය.
  •   කුඩාවන් ලෙස එම වෙනස අපට දැනුණේ වෙන ආකාරයකට ය.
  • එනම් ට්‍රේලරයේ පස් පුරවාගෙන දකුණු දෙසට යන ට්‍රැක්ටර පෙරහර යි (එකල ටිපර් ලොරි නොවී ය; පස් ඇද්දේ ෆෝර්ඩ් 3800 හා මැසිෆර්ගියුසන්  ට්‍රැක්ට්‍රරයි) .
අකුරු ප්‍රමාණය (Font Size):

ගාලු පාරට ය. එකල ගාලු පාරේ ඒ හැටි වාහන තදබදයක් තිබුණේ නැත.

අපේ අල්ලපු ගෙදර විසූ මගේ එකල අඹ යහළුවාගේත් මගේත් විනෝදාංශය වූයේ පාරේ ඉහලට පහලට යන වාහන නැරැඹීම ය. ඇම්.ජී මැග්නට්, ෆෝඩ් ඇන්ග්ලියා, පදම් කළ ඕක් ලී පටි සහිත මොරිස් මයිනර් ස්ටේෂන් වැගන් වැනි වාහන ඔහුගේ පියාගේ වාහන එකතුවේ තිබුණ හෙයින්, යහළුවා වාහන විචාරක කර්තව්‍ය කළ අතර, මා ඒවා ආශාවෙන් අසා සිටීමට පුරුදු ව සිටියෙමි.  

අපේ මේ වාහන නැරැඹුම්කාමී විනෝදාංශයේ සැණකෙළිය වන්නේ වසරකට වරක් කටුකුරුන්දේ පැවැතෙන කාර්-රේස් තරඟය ය. යහළුවාත් මාත් එදින පාන්දර සිට ම තාප්පෙට හේත්තු වී බලා සිටින්නේ කටුකුරුන්ද දෙසට යන වාහන කන්දරාව ය. ඒ අතර ෆෝර්ඩ් කැප්රි, එස්කොර්ට්, මිනී වැනි රේසිං පන්නයේ වාහන විශේෂ ය.

 

අපගේ මේ නැරැඹුම්කාමයේ හැරවුම් ලක්ෂයක වූයේ 1977 ජූලි මාසයේ පැවැති මැතිවරණයෙන් ආසන 168න් 140ක් ම දිනා ගනිමින් එජාපය විජයග්‍රහණයක කිරීම ය.

 

කුඩාවන් ලෙස එම වෙනස අපට දැනුණේ වෙන ආකාරයකට ය. යහළුවාට හා මට දැනුණ දැනෙන වෙනස පාරේ යන එන හත ශ්‍රී කාණ්ඩයේ අළුත් වාහන ජපන් වීම ය. යකඩ ගොඩක වැනි ප්‍රිෆෙක්ට්, කොන්සල්, හිල්මන් කාලයක් තිස්සේ දැක එපා වූ අපට හැඩකාර කිරි-කිරි ඩැට්සන්-කොරොල්ලා, සිවිලියන්-රෝසා වැනි වාහන වැඩි සද්දයකද නැතිව ඉගිලී යන අයුරු අපට නැවුම් අත්දැකීමක විය.  

ඒ සමග ම, ගාලු පාරේ අපගේ දර්ශන පථයට තවත් නව දසුනක් එක්‌ විය. එනම් ට්‍රේලරයේ පස් පුරවාගෙන දකුණු දෙසට යන ට්‍රැක්ටර පෙරහර යි (එකල ටිපර් ලොරි නොවී ය; පස් ඇද්දේ ෆෝර්ඩ් 3800 හා මැසිෆර්ගියුසන්  ට්‍රැක්ට්‍රරයි) . උදේ සිට හවස දක්වා මෙය නොනවත්වා සිදු විය.

එකල වැඩි සංකීර්ණ ජීවිතයක් ගත නොකළ, මොණරතැන්න හා මුවන්පැලැස්ස පමණක් විනෝදාංශ ලෙස පැවැති, කුඩා අපට පස් ට්‍රැක්ටර ද චමත්කාර අත්දැකීමක විය. සෑම ට්‍රැක්ටරයක් ම අප ඉදිරියෙන් ඇදී යද්දී එහි රියදුරාට හා ලොකු රෝදය උඩින් ඇති මඩ්ගාඩ් පෙත්තේ වාඩිවී යන ගෝලයාට අපි අත වැනුවෙමු. අපට ඔවුන් පෙනුණේ එක්තරා වීරයන් කොට්ටාශයක ලෙසිණ (2009 වැනි කාලයක නම් ඔවුන් ව ටැට්ටර-විරුවන් ලෙස ඔසවා තබන්නට ඉඩ තිබිණ.).

මේ පස් ට්‍රැක්ටර පෙළ දිනපතා ගියේ පානදුරේ නල්ලූරුවට යාබද ව පිහිටි 'මෝදරවිල' පෙදෙසට ය. එහි වූ පුරන් වූ වෙල් යායක හා මඩ ගොහොරක ගොඩ කරනටයි මේ පස් ගැන ගියේ.  

දෙමාපියෝ එය හැඳින්වුවෝ 'සංවර්දනේ' කියා ය. පසු කලෙක ය අපට තේරුණේ මඩ ගොහොර ගොඩ කරන ලද භූමියේ මෝදරවිල නමින් කර්මාන්ත පුරවරයක ඇරැඹි බව. පානදුර හා ඒ අවට ජනතාවට මෙය හොඳ ආදායම් මාර්ගයක් වූ බව ද මම ලොකු මහත් වී දැන ගතිමි. එතෙක් මා සිතා සිටියේ සන්වර්දනේ කියන්නේ අපට අත වැනිය හැකි පස් ට්‍රැක්ටර් පෙරහැරක් බවයි.    

 

සංවර්ධනය යන වචනය හා සංකල්පය ලාංකීය ජන මනසට තදින් කා වැදුණේ මහවැලි ව්‍යාපෘතිය නිසා නොවෙද යන්න මම නිතර ම සිතමි. ඊට කලින් ගල්ඔය වැනි ව්‍යාපෘති ද තිබූ බව සැබැවි. එහෙත් ඒවා ඒ තරම් 'අධෝ-වාත-සංදර්ශන' (ජන වහරේ කියැවෙන පදය මෙහි ලියනු නොහැකි නිසා) ලෙස නිරූපණය නොවිණ.

 

වැඩි ම වුනොත් සිදු වුණේ චිත්‍රපටය පෙන්නන්ට පෙර පෙන්වන, කවුරුත් නොබලන, රජයේ චිත්‍රපට ඒකකය විසින් නිෂ්පාදිත කෙටි වාර්තා චිත්‍රපටයක ලෙස පෙන්වීම පමණක ය.

එහෙත්, මහවැලි ව්‍යාපෘතියේ ම ඓන්ද්‍රීය කොටසක ලෙස පූර්ණ කාලීන මාධ්‍ය ආයතනයක ස්ථාපනය කළේ විශාල මානව හා මුල්‍ය සම්පත් ප්‍රමාණයක ඊට වෙන් කරමිණි. ප්‍රොපගැන්ඩාව හෙවත් ප්‍රචාරය, භෞතික සංවර්ධනයේ ම කොටසක බව ජේ.ආර් (ජනපති), ගාමිණී දිසානායක (මහවැලි ඇමති) හා ආනන්ද තිස්ස ද අල්විස් (මාධ්‍ය ඇමති) හොඳින් දැන සිටිය හ.



මූලාශ්‍රය සඳහන් නොකළ ද, දැන් කවුරු කවුරුත් අනුගමනය කරන්නේ මේ ගමන් මග හා සූත්‍රය ම ය. සෙරීනා තෙන්නකෝන් 1988 දී මහවැලිය ගැන 'රිචුවල්ස් ඔෆ් ඩිවලප්මන්ට්' (සංවර්ධනය අභිචාරයක ලෙස) නම් විශිෂ්ඨ ශාස්ත්‍රීය ලිපියක සම්පාදනය කළා ය. තෙන්නකෝන්ගේ උත්සාහය වූයේ මානවවංශික පර්යාලෝකයකින් මහවැලිය තුල දක්නට ඇති දේශපාලන හා සංස්කෘතික දයලෙක්තිකයේ ගතිකයන් නිරීක්ෂණය කිරීම යි.    



මහවැලියෙන් පසු ලංකාව කළ විශාලත ම සංවර්ධන ව්‍යාපෘතිය වූයේ යුද්ධය යි. දශක දෙකකටත් අධික කාල පරාසයක විහිදුණ මේ ව්‍යායාමයට තරම් මුදල්, දේපල හා ජීවිත කන්දරාවක කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට වැය නොකරන්නට ඇති. මේ සඳහා කොටි සංවිධානය ද උත්පාදනය කළ හා වැය කළ සම්පත් ප්‍රමාණය ද එකතු කළ යුතු ය.

මේ නිසා ම යුද්ධ කළ දෙපාර්ශවය විසින් ප්‍රොපගැන්ඩාව, ගහ-මරාගැනීමේ තවත් තලයක ලෙස සලකූ හා.

මුලින් කොටි සංවිධානය මෙහිලා මහත් හපන්කමක් දැක් වූ අතර ලංකාණ්ඩුව ඊට අවතීර්ණ වුණේ විභාගයට සතියකට පෙර පාඩම් පොත් හොයන සා.පෙ සිසුවෙකු විලසිනි. එහෙත් 'අපි-වැණුවෙං-අපි' වැනි ප්‍රොපගැන්ඩාමය ව්‍යයාමය, යුද්ධය සිල්ලර හා තොග මට්ටමින් අලෙවි කිරීමේ සාර්ථක මැදිහත්වීමක ලෙස සැලැකිව මනා ය.   

'අපි වෙනුවෙන් අපි' ට යළි පණදෙන්න සූදානමක්

'අපි-වැණුවෙං-අපි' ප්‍රොපගැන්ඩාමය ව්‍යයාමය.

 

යුද්ධයෙන් පසු ලංකාව සිටියේ දිගට ම වැඩ කිරීමෙන් අනතුරු ව ගෙදර සිටින නවක විශ්‍රාමිකයෙකුගේ 'දැන් ඉතිං කුමක් කරන්න ද?' වැනි මනසක ය. පෙව්මන්ට් දිගේ ගල් ඇල්ලීම, අහුවෙන හැම තැන ම කාර්පට්-කොන්ක්‍රීට් දැමීම, ජොගිං තීරු, පරණ ගොඩනැගිලි රිපෙයාර් වැනි සිල්ලර සංවර්ධන වැඩ අටෝරාශියක කළ ද ඒවායේ දිස්නය මාසයෙන් දෙකෙන් පහ ව ගියේ ය.

ආන්දෝලනාත්මක වුව ද යම් ප්‍රමාණාත්මක සංවර්ධන සංදර්ශනයක ලෙස මතු වුණේ පෝට්-සිටිය යි. පෝට්-සිටියේ ප්‍රොපැගන්ඩාව අතිශය දුර්වල බව කිව යුතු ය. එහෙත් මෙහිලා ජනතාව අපි-වැණුවෙං-අපි මනසින් ඒ කර්තව්‍ය කරනට ඉදිරියට පැමිණියේ ය.

මීට කලින් අත් දුටු සංවර්ධන සංදර්ශනවල මෙන් හුදු අක්‍රීය නරඹන්නන් නොවී, සංවර්ධනයේ සක්‍රීය සහභාගිකයින් ලෙස පෝට්-සිටියට රොද බැද පැමිණ, එහි වූ විවිධ ආරුක්කු හා කුළුණු දිගේ බඩේ හම යන තුරු බඩගෑමට පටන් ගත් හ.

දෘශ්‍ය කලාවේ ඉන්ස්ටලේෂන්ස් හෙවත් සන්ස්තාපන හා පර්ෆොර්මන්ස් ආර්ට් හෙවත් අභිවාහ්ය කළා ලෙස හඳුන්වන්නේ මෙවැනි සක්‍රීය කලා මාදිලියක යි. එනම් කලා කෘතිය පින්තාරුවක හෝ මූර්තියක වැනි අජීවී, ඒක-මාධ්‍යක ලෙස නොව සක්‍රීය මානව සංඝටකය ද ඊට අනුයුක්ත වීම යි.

 

ෆුඩ්-සිටියට ගොස් හාල් කිලෝවක්-සීනි පන්සීයක් ගිණි ගණනට ගන්නට තුට්ටුවක නැති අයෙකුට, ගාලු පාර දිගේ පයින් පැමිණ, 'නමෝ-තස්ස-විරුවතෝ'  ගාථාව මුමුණමින් පෝට්-සිටියේ කුළුනක දිගේ හිස් බඩ ම ඉහලට බඩ ගා යමින් සංවර්ධන සන්ස්තාපනයක් හෙවත් ඩිවෙලොප්මන්ට් ඉන්ස්ටලේශනයක් වීමෙන් අප රට විදග්ධ ජන-කලා අවධියකට පරිනාමය කළ හැක.

 

ඉතාලියේ 14 වැනි සියවසෙන් ඇරැඹි 'රෙනෙ(යි)සොන්ස්' හෙවත් පුනරුද ප්‍රවණතාව මෙන් අප රටෙනුත් නව ප්‍රවණතාවයක කලාපය හා ලොව වෙත ම ව්‍යාප්ත විය හැක. මෙවන් ගාම්භීර මට්ටමේ ජන-කලා රසිකත්වයක පුබුදුවාලීමේ නැණ මෙහෙවර ඉටු කළ වියත් මගීන් ද මේ අවස්ථාවේ ස්තුති පුර්වක ව ස්මරණය කළ යුතු ය.

ස්වදේශීය ලෙසකට ම වැඩෙන මේ නව යුගයට අහුබුදුතුමන් සිටියා නම් රෙනෙ(යි)සොන්ස් වැනි පර වදනක පරයා, අපේ-කම ද රකිමින්, මේ යුග මෙහෙවර ඉටු කරන වීර පුතුන් ද සිහි කෙරෙන පරිදි, 'රෙණ-සංස්' කියා කියනට ද ඉඩ තිබිණ.



Udanඋදන් ප්‍රනාන්දු
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


Leader Whats app





බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 


තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සංවර්ධන සංදර්ශන - උදන් ප්‍රනාන්දු | The Leader