The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

සෑම ඒකාධිපතියෙකුටම හිමිවූයේ කුණු බක්කිය පමණි - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

March 2, 2023 • 4:39 PM

සෑම ඒකාධිපතියෙකුටම හිමිවූයේ කුණු බක්කිය පමණි - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බර්නාඩ් ශාන්තුවරයාගේ ඉහත කියමනට අනුව ඕනෑම කෙනෙකුගේ සතුරා ඉන්නේ තමන් තුළයි.
  • ඇත්තටම “නීරෝ” බෑනයි, කලිගියුලා මාමයි දෙන්නම පිස්සෝ.
  • ඉතිහාසයේ වැඩිම පාලකයෝ පිරිස ඉන්නේ ගුණ යහපත් ලැයිස්තුව ඇතුලේ .
  • මේ මාමලා බෑනලගේ බල තණ්හාව, ඒකාධිපති වියරුව පදනම් වෙලා තියෙන්නේ පවුල් පාලනයට යටවෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):




බර්නාඩ් ශාන්තුවරයාගේ ඉහත කියමනට අනුව ඕනෑම කෙනෙකුගේ සතුරා ඉන්නේ තමන් තුළයි. ලෝකයේ බිහිවෙච්ච හැම දුෂ්ට පාලකයෙකුම ජනතාව සහ  ජනතාවගේ  නිදහස තමන්ගේ සතුරා කිසලා සැලකුවට ඔවුන්ගේ හැබෑම හතුරා හිටියේ ඔවුන් තුළමයි. ඒ දුෂ්ට පාලකයන්ට වළ කපන්නෙත් තමන්මය.

 

ලෝකේ බිහිවෙච්ච සියළුම ඒකාධිපති පාලකයො හිතුවෙ තමන්ට සදහටම බලයේ ඉන්න පුළුවන් කියා. ඒත් එයාලගේ අවසාන නිවහන වූයේ ඉතිහාසයේ කුණුබක්කියම පමණයි.

 

මේ ලිපියට නිමිත්ත ඊයේ රෑ සියත ටී.වී. එකේ විකාශනය වෙච්ච මාවලගේ මහත්තයගේ ටෙලි වැකිය. ඒ ටෙලි වැකියෙන් කථා කළේ රෝමයේ  දුෂ්ට පාලකයෝ දෙන්නෙක් ගැන. එක්කනෙක් ‘කලිගියුලා’, අනිකා “නිරෝ”. මේ දෙන්නා මාමයි බෑනයි.

මේ ලිපිය ලියන්නේ ඒ ටෙලි වැකියට ඌණ පූරණයක් විදියට.

රෝමයේ “කලිගියුලා” කියන්නේ මහා දුෂ්ට පාලකයෙක්. නීරෝගෙ මාමා. රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වාදනයක නිරත වුනා කියල කියන්නෙ මොකද කියන එක මාවලගේ මහත්තයගේ ටෙලි වැකියෙන් කියවුනා.



නීරෝට රත්තරන් වලින් මාලිගාවක් හදන්න ඕනකම තිබිලා ඒකට දුප්පතුන්ගේ ඉඩම් කොල්ලකන්නේ ඒ දුප්පතුන්ගේ ගෙවල්වලට ගිනි තිබ්බ නීරෝ වීනා වාදනය කළාලු. ඒ විතරක් නෙමෙයි නීරෝ තමන්ගේ අම්මවත් සාහසික  විදිහට මරා දැම්මලු. ඇත්තටම “නීරෝ” බෑනයි, කලිගියුලා මාමයි දෙන්නම පිස්සෝ. මේ පිස්සුව ඕනෑම පාලකයකුට හැදෙන්නෙ බලයෙන් මත් උනාම . ඒකට බේත් නැහැ. ඒත් බේත තියෙනවා ජනතාව ළඟ. ජනතාව ඒක ලේසියෙන් දෙන්නේ නැහැ. දුන්නම ඉතිං නවතින්නේ කොහේද කියන එක ජනතාව දන්නවා.



ජනතාවගේ බලයෙන් පත්වෙන දුෂ්ට පාලකයෝ ජනතාව මර්දනය කරන්න ඒ බලය පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරණ ගමන් කියන්නෙ ප්‍රජාන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන. ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕන. රට ආරක්ෂා කරන්න ඕන කියලා. වැරදුනා සමාවෙන්න කරන්න නෙමෙයි කෝරන්න.

ඉතිං ලෝක ඉතිහාසය ගත්තම කිලිගියුලා, නීරෝ වගේ පිස්සු පූසෝ ඕන තරම් ඉඳලා තියෙනවා. අන්තිමේදී ඔවුන්ට බලය අතහැරලා යන්න වෙන්නෙ දේශපාලන කනත්තට . අදටත් ඔවුන්ට හිමිවෙලා තියෙන්නේ අන්ත අශික්‍ෂිත දුෂ්ට පාලකයන්ගේ ලැයිස්තුව විතරයි. හිට්ලර්, ඉඩි අමීන්, බොකාසා, ස්ටාලින්, ඩින් ඩියම්, පොල්පොට් වගේ අමන තිරිසන් පාලකයො අතර මනීමස් කාපු පිස්සු පූසොත් ඉන්නවා.



ඒ වගේම දෙවිවරු වැනි උතුම් මනුස්සකම රැකගත්තු පාලකයොත් ඉන්නවා. ඒබ්‍රහම් ලින්කන්, ජවහල්ලාල්නේරු, මහත්මා ගාන්ධි නෙල්සන් මැන්ඩෙලා වගේ අය ඕන තරම් ඉන්නවා. ඉතිහාසයේ වැඩිම පාලකයෝ පිරිස ඉන්නේ ගුණ යහපත් ලැයිස්තුව ඇතුලේ . අර බලයෙන් මත්වුන පිස්සො ටික දෙනෙක් විතරක් සීමාවුන එක මොනතරම් හොඳද. මොකද මේ ලෝක ඉතිහාසයේ සේරම පාලකයො අර වගේ පිස්සු පූසෝ වුනා නම් අදටත් ලෝකයක් ඉතුරු වෙන්නෙ නැහැ. එහෙනම්  මනුෂ්‍ය සංහතියකුත් නැහැ. මොකද උන්ගෙ ශබ්දකෝෂයේ තියෙන්නෙම එකම එක වචනයයි. විනාශය කියන වචනය විතරයි.



මේ මාමලා බෑනලගේ බල තණ්හාව, ඒකාධිපති  වියරුව පදනම් වෙලා තියෙන්නේ  පවුල් පාලනයට යටවෙලා. ඒ පවුල් අතරෙත්  බලය සඳහා එකිනෙකා කුළල් කා ගන්නවා. මරා ගන්නවා.අසීමිත සැප සම්පත් වල සීමාවක් නැති වෙනකොට බලයෙන් මත්වෙලා පිස්සු වට්ටන තැනට ඒගොල්ලො පත්වෙනවා.
ලෝක ඉතිහාසයේ අන්ධකාර පැත්ත නියෝජනය කරන්නේ මේ උන්මත්තක පාලකයොම තමයි.

ජනතාවගේ අතට, ජනතාවාදී නායකයින් අතට තමන්ගේ බලය යන එක ගැන මෙයාලට තියෙන්නේ පුදුම භීතිකාවක්. “හෙන්රික් ඉබ්සන්” ගෙ “ජනහතුරා” නාට්‍යය මට මේ වෙලාවේ මතක් වෙනවා. ජනතාව තමන්ගේ හතුරා ලෙස ඇතුලාන්තයෙන්ම දන්නා මේගොල්ලො ඒක ජනතාවට නොපෙන්වා ඉන්න තරම් ප්‍රවේසම් වෙනවා. ඒගොල්ලො ජනතාව අතරට එන්නෙම ජන හතුරාගේ සැබෑ ස්වරූපයෙන් නෙමෙයි. “ජනමිතුරා” ගේ වේෂයෙන්.
ඉතිං ජනතාව ටික කලකට හෝ රැවටෙනවා.

මේ ටික කිවුවේ ලෝකයම උදාහරණයකට අරගෙන. ඉතිං අපේ රටේ තත්ත්වය මොකක්ද?



ජනතාවට හැබෑවටම හිතවත් නායකයෝ මැරුණම ඒ ගොල්ලන්ගෙ බැංකු  බැංකු ගිණුම් වල ඉතුරු වුනේ ඉලක්කම් තුනක මුදල් ප්‍රමාණයක් විතරයි. උදාහරණයකට ඩඩ්ලි සේනානායක, ඩී.සී. ඩබ්ලිව්. කන්නංගර, යූ.බී.වන්නිනායක, විජයකුමාරතුංග වගේ අය දක්වන්න පුළුවන්. ඒත් අද අපේ රට මේ තත්ත්වයට ඇද දමාපු අයගෙ බැංකු ගිණුම්  වගේම දේපල වතුපිටි ඒගොල්ලන්ගෙම හෘද සාක්‍ෂිය දන්නවා ඇති.



ඒ වගේ පවුල් දේශපාලනයෙන් බැටකාපු රටක් තමයි අපේ රට. ඒ වගේ පවුල් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙච්ච කපටි ආරක්ෂකයොත් අපේ රටේ ඉන්නවා. ඒ ගොල්ලොන්ට රටේ ජනතාව විඳින දුක වේදනාව තේරෙන්නේ නැහැ. බලයෙන් මත් උනාම මැතිවරණ සිතියම හකුලන්නත් ඒ අයට පුළුවන්. කොච්චර උගත් බුද්ධිමත් අය වුනත් ඒ ගොල්ලො ඉතිහාසයෙන් පාඩම්  ඉගෙන ගන්න මිනිස්සු නම් නෙfමි.

සමහර වෙලාවට තමන්ට හිට්ලර් වෙන්න උනත් පුළුවන් කියලා හිතන මේ අය හිට්ලර්ට වෙච්ච දේවල්  වලින් වත් පාඩම් ඉගෙන ගන්නෙ නැහැ.
“බයිරන්” සාමිවරයා වරක් මෙහෙම කිවුවා.



“අධිරාජ්‍යයක් ගොඩනගන්න අවුරුදු දහස් ගණන් ගතවුනත් ඒ අධිරාජ්‍යය බිඳ වැටෙන්න   යන්නේ අවුරුද්දක්වත් අඩු කාලයක්”
2015 දී විතර වාරියපොලදී පවත්වපු දේශපාලන රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහත්මයා මසුරන් කථාවක් කිවුවා.

“මහජන මුදල් කොල්ලකන දේශපාලඥයන් ඊළග ආත්මයේ උපදින්නෙ බල්ලො කපුටො වෙලා.



අද කපුටු පොහොට්ටු ආණ්ඩුවේ නායකයා එතුමා.

කාලයෙන් කාලයට සියල්ල වෙනස් වෙනවා. එදා ප්‍රතිවාදීන්ට එරෙරහිව වාග් ප්‍රහාර එල්ලුකරපු අයම අද එකම පිලක.

අවස්ථාවලදී දේශපාලනඥයින් නිතර කියන ජනප්‍රිය දේශපාලන කියමනක් තියෙනවා. දේශපාලනයේදී සදාකාලික හතුරොත් නැත. මිතුරොත් නැත කියලා.
“එඩ්මන්ඩ් බර්ක්” ගේ කියමනකින් මේ ලිපිය හමාර කරන්නම්.



''ජනතාව අභිලාෂයන්ගේ සංවේදිතාව සහ ගිවිසුම අනුව පාලනය කිරීම ආණ්ඩුවේ  ශ්‍රේෂ්ඨතම , අසිරිමත් අරමුණ වන්නේය. මෙම අරමුණ ජනප්‍රිය මැතිවරණ මාධ්‍යයෙන් ඉටුකර ගැනීම හැර අන් මගක් නැත්තේය. ජනතාව කැමති මැතිවරණ පාපිෂ්ටයන්ට එරෙහි ශක්තිමත් පාපිෂ්ටයෙකි.'' - එඩ්මන්ඩ් බර්ක්



mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...