The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිතාගේ 'කුඩ' කතාව 'ප්ලන්ට්' කළේ 'මූඩීස්' වාර්තාව යට ගහන්න ද?

T

The Leader Desk

September 30, 2020 • 9:57 AM

සිතාගේ 'කුඩ' කතාව 'ප්ලන්ට්' කළේ 'මූඩීස්' වාර්තාව යට ගහන්න ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින අවස්ථාවක එහි බැරෑරුම් බව ජනතාව ගෙන් වසන් කිරීම සඳහා
  • එහි මුලික අරමුණ වී ඇත්තේ ජනතාවගේ අවදානය වෙනත් 'සිල්ලර' ප්‍රශ්න කෙරෙහි යොමුකරවිමයි.
  •  ඒ සඳහා ම ඔවුන් සැලසුම් සහගතව නොයෙකුත් මාදිලියේ 'ප්ලාන්ට්' පුවත් සමාජගත කරමින් සිටින බව පසුගිය දින කිහිපයේ ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය අධ්‍යනය කිරීමෙන් පහසුවෙන්ම අවබෝධ කරගත හැක.
  • ආණ්ඩුවෙන්ම සැලසුම් කරන එවැනි 'ප්ලාන්ට් නිව්ස්' සඳහා අනෙකුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පොළඹවා ගැනීම එම ප්‍රචාරක මෙහෙයුමේ අරමුණ වී ඇතැයි පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුවේ ප්‍රචාරක ආයතන කිහිපයක් එක්වී තවත් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භකර තිබේ.

එහි මුලික අරමුණ වී ඇත්තේ ජනතාවගේ අවදානය වෙනත් 'සිල්ලර' ප්‍රශ්න කෙරෙහි යොමුකරවිමයි.

 ඒ සඳහා ම ඔවුන් සැලසුම් සහගතව නොයෙකුත් මාදිලියේ 'ප්ලාන්ට්' පුවත් සමාජගත කරමින් සිටින බව පසුගිය දින කිහිපයේ ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය අධ්‍යනය කිරීමෙන් පහසුවෙන්ම අවබෝධ කරගත හැක.

ආණ්ඩුවෙන්ම සැලසුම් කරන එවැනි 'ප්ලාන්ට් නිව්ස්' සඳහා අනෙකුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පොළඹවා ගැනීම එම ප්‍රචාරක මෙහෙයුමේ අරමුණ වී ඇතැයි පැවසේ.

 

'මූඩීස්' වාර්තාවත් සමග සිතා අයෙත් කරලියට  !

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන 'මූඩීස්' ශ්‍රේණිගත කිරීම් ආයතනය (Moody Investors Service) විසින් ශ්‍රී ලංකාවේ ස්වකීය ණය ශ්‍රේණිය එවකට පැවති B 2 (ඉහල ණය අවදානම් අනුපාතය) සිට Caa1 (ඉතා ඉහල ණය අවදානම් අනුපාතය) දක්වා ඊයේ (28) පහත හෙළා තිබීමත් සමග මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් ද තිගැස්මකට ලක්ව ඇති මොහොතක,  'රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොලට කුඩයක්, ලයිට් එකක් ඉල්ලා අමාත්‍යංශ ලේකම්ට'' යවා ඇතැයි පැවසෙන ලිපියක් ඊයේ දිනයේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ ආණ්ඩුවේ ප්‍රකට ප්‍රචාරක කළමනාකරුවකුගේ පුර්ව සැලසුමකට අනුව බව වාර්තාවේ.

එම පුවත් ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවියක පළකර ඇත්තේ මෙසේය.

Seetha Light

එම පුවතට අනුව, තමන්ගේ පරිහරණය සඳහා ඇපල් දුරකථනයක් iPad පරිගණක යන්ත්‍රයක් කුඩයක් සහ ප්‍රභූ වරුන්ගේ රථ සඳහා භාවිතා කරන විදුලි බල්බ අවශ්‍ය බවට නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ වෙනුවෙන් ඇයගේ පුද්ගලික ලේකම්වරයා විසින් ලිපියක් යොමු කොට ඇත.

තම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වෙත මෙම ඉල්ලීම කර ඇත.

අදාල ලිපිය සමාජ ජාල හරහා සංසරණය වීමෙන් පසුව ඇයගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

අදාළ ලිපි දෙකම පහත පළවේ.

Seetha Light.let

Seetha Light.let2

උවින්දුගේ සටහන

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''අනේ ස' ගරු සීතා ඇමතිතුමියට හිමි ටෝච් එකයි, කුඩෙයි, iPadඑකයි, iPhoneඑකයි, VIPලයිට් එකයි ලබාදෙන්න.

Seetha Uvindu

කුඩම්මාගේ පැහැදිලි කිරීමේ ලිපිය අනුව කලින් ඇමති පාවිච්චිකරපු ඒව ඉල්ල තියෙන්නෙ. කලින් එහෙම අමාත්‍යාංශයක් තිබ්බද එතකොට?

Seetha Uvindu 2

Seetha Uvindu 1

Seetha Light.post 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...