BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

‘සාරා ජස්මින්’ගේ DNA වාර්තාව පාස්කු ප්‍රහාරය යට ගැසිමටදැයි සැක !

T

The Leader Desk

April 1, 2023 • 3:52 AM

 ‘සාරා ජස්මින්’ගේ DNA වාර්තාව පාස්කු ප්‍රහාරය යට ගැසිමටදැයි සැක !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දින කීපයකට පසු එනම්, 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරවාගෙන මැරුණු සාමාජිකයින් අතර සිටි සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී
  • එසේ එම සැකය මතුවී ඇත්තේ කරුණු කීපයක් නිසා වන අතර ඉන් එකක් වන්නේ මේ ආකාරයට අධිකරණ නියෝගයක් අනුව DNA වාර්තා ලබා ලබා ගැනීමෙන් පසු ඒවා පොලිස් නිවේදන ලෙස නිකුත් නිකුත් නොකිරීම ය.
  • එහිදී ඇය කියා ඇත්තේ එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව සරා ජෙස්මින් ගේ කටහඬ ඇයට ඇසුණු බවයි.
  •   එමෙන්ම එම සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ස්ථානයේ තිබී ඉන් දින කිහිපයකට පසු සාර ජෙස්මින්ගේ ජාතික හැඳුනුම්පත පොලිසියට හමුවී ඇති අතර එහි විශේෂත්වය වන්නේ කිසිදු හානියක් හෝ දුර්වර්ණ වීමක් එම හැදුනුම්පතට සිදුවීම් නොතිබීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

මහේන්ද්‍රන් එම බෝම්බ පුපුරවා හැරීමෙන් දී මියගොස් ඇති බවට DNA වාර්තාව (ජෛව සම්පල වාර්තාව) අනුව පොලිසිය කර ඇති නිවේදනය, එම ප්‍රහාරය පිළිබඳව මේ වන විටත් නොවිසඳී ඇති රහස් හෙළිදරව් නොකර අවසන් කිරීමේ උත්සාහයක් බවට සැක මතු වී ඇත.

එසේ එම සැකය මතුවී ඇත්තේ කරුණු කීපයක් නිසා වන අතර ඉන් එකක් වන්නේ මේ ආකාරයට අධිකරණ නියෝගයක් අනුව DNA වාර්තා ලබා ලබා ගැනීමෙන් පසු ඒවා පොලිස් නිවේදන ලෙස නිකුත් නිකුත් නොකිරීම ය. එම වාර්තා නියෝගය ලබාදුන් අධිකරණයට හා ඉල්ලීම් සිදු කළ පොලිස් විමර්ශන ඒකකයට නිල වශයෙන් ලැබුනත්, එම වාර්තා වෙනත් කටයුත්තක් සඳහා හෝ නිවේදන නිකුත් කිරීම් සඳහා පොලිස්පතිවරයාට යොමු නොකිරීම ය.


 සැකයට ලක් වී ඇති අනෙක් කරුණු අතර ප්‍රධානම දේ බවට පත්ව ඇත්තේ සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පාස්කු ඉරුදින ප්‍රහාරය නායකයා වශයෙන් කටයුතු කළ සහරාන් හසීම් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නොහොත් සිත්ති විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට ලබාදී ඇති ප්‍රකාශයයි. එහිදී ඇය කියා ඇත්තේ එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව සරා ජෙස්මින් ගේ කටහඬ ඇයට ඇසුණු බවයි.

 
එමෙන්ම එම සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ස්ථානයේ තිබී ඉන් දින කිහිපයකට පසු සාර ජෙස්මින්ගේ ජාතික හැඳුනුම්පත පොලිසියට හමුවී ඇති අතර එහි විශේෂත්වය වන්නේ කිසිදු හානියක් හෝ දුර්වර්ණ වීමක් එම හැදුනුම්පතට සිදුවීම් නොතිබීමය. සාමාන්‍ය හැඳුනුම්පතක් පසුම්බියක හෝ අත් බෑගයට භාවිතයට ගැනීම සිදු කළත් එම අවස්ථාවේදී එම හැදුනුම්පත හමුවී ඇත්තේ වෙනම තිබී වන අතර එහි බෝම්බයක් පිපුරුණු ස්ථානයක තිබී හමුවන භාණ්ඩයක තිබිය හැකි පිළිස්සීමෙන් ඇතිවන දුම් සලකුණු හෝ එහි තිබී නැත.

සාර ජෙස්මින් හඳුනා හඳුනාගැනීම සඳහා තෙවන වර සිදුකළ මෙම පරීක්ෂණයේ සාම්පල ලබා ගැනීමේ පරීක්ෂණ කණ්ඩායම පිළිබඳවද එම සැකය මතුවී ඇති අතර එයට හේතුව වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ චෝදනාවට ලක් වූ නිලධාරීන් පිරිසක් ඊට සම්බන්ධ වීමය.



 සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමේදී සහරාන්ගේ පියා, සහෝදරයින්, ඔවුන්ගේ බිරින්දෑවරුන්, දරුවන් ඇතුළු 16 දෙනෙකු මරණයට පත්වී ඇති අතර පරීක්ෂණවලදී හමුවී ඇත්තේ එම 16 දෙනාට අයත් සිරුරු කොටස් පමණය. එම 16 දෙනාට සාරා ජෙස්මින් අයත් වන්නේ නැත. ඒ අනුව පළමු DNA පරීක්ෂණයේදී හා සුළු කොටස් ගොඩගෙන කළ දෙවන DNA පරීක්ෂණයේදී ද සාරා ජෙස්මින් පිළිබඳව DNA සැසදී තිබුණේ නැත.

 මේ ආකාරයේ DNA සාම්පල ගැනීම පිළිබඳව පොලිසියේම පළපුරුදු පිරිස් ප්‍රකාශ කරන්නේ, අධිකරණ නියෝගයකින් පසු ගොඩගත් සිරුරේ කොටස් වලින් සාම්පල ලබා ගැනීමේ අවස්ථාවට මහේස්ත්‍රාත්වරයෙකු සම්බන්ධ වුවද එම මහේස්ත්‍රාත්වරයා ලබාගන්නා සාම්පල් සම්බන්ධයෙන් සිල් කිරීමක් එම අවස්ථාවේ දී සිදු නොකරන බවයි. එමෙන් ම ඉන් පසු ලබාගත් සම්පල් අධිකරණයට  ඉදිරිපත් කරන්නේ පොලිසිය බවත්, පොලීසිය ඉදිරිපත් කරන සාම්පල්වලට ඉන්පසු මහේස්ත්‍රාත්වරයාගේ සීල් තැබීම අතරතුර කාලයේ එම සාම්පල් සම්බන්ධයෙන් ඕනෑම දෙයක් සිදුවිය හැකි බවයි.

සයින්දමරුදු බෝම්බ පුපුරවා ගැනීමෙන් පසු සාරා ජෙස්මින් දුටු බවට සාක්ෂි ඉදිරිපත් විය. බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇයව යතුරු පැදියක නංවාගෙනයෑම සම්බන්ධයෙන් අබුබකර් නැමැති පොලිස් නිළධාරියෙකුට එරෙහිව මේ වන විට නීතිපතිවරයා නඩු පවරා තිබෙන අතර වසර දෙකකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි බව අබුබකර් ට ඇප ලැබුනේ මීට දින කීපයකට පෙරය.

Sara police Report
සාරා ජෙස්මින් මියගොස් ඇති බව ප්‍රකාශිත පොලිස් නිවේදනය


( anidda.lk)


සබැඳි පුවත් :
පාස්කු ප්‍රහාරය: ‘තුන්වෙනි DNA පරීක්ෂණය පිළිගන්න හේතුවක් නැහැ’

පාස්කු ප්‍රහාරය : සාරා ජෙස්මින් ගැන පොලිස් නිවේදනයක්

Anida

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...