'කැච් අල්ලන' තත්වයක් නිර්මාණය වී තිබේදැයි සැකයක් මතු වේ.
ප්‍රජාතන්ත්‍රවාදය උස්මුරුත්තා වී සිටින ලාංකිකයන්ට බටහිර ප්‍රමිතියක් උගැන්වීමට අදහස් කරමි. ඒ වනාහි ඩූ නෝ හාම් පොලිසි හෙවත් කිසිවකුට කිසිදු හානියක් සිදු නොකිරීමේ ප්‍රතිපත්තියයි.
මැතිවරණ රැස්වීම්වලට එන අය කවුන්සිලේට ගිහින් කාර් පර්මිට් ගන්නේවත්, ඔය රාජ්‍ය නිලධාරීන් මෙන් විශ්‍රාම යන විට පාවිච්චි කළ වාහනය මහජන මුදලින් අලුත්වැඩියා ද කරගෙන ගෙදර ගෙන යන්නේවත් නැත. ඔවුන් ඡන්ද රැස්වීම්වලට එන්නට ඕනෑ අතින් කයිට් කරගෙනය. දවසේ රැකියාවට ද බාධා සිදු වේ. එමෙන්ම, වතුර බෝතල්, බත්මුල් අතින් කටින් ඩැහැගෙන ආවත්, ඔය රැස්වීම් පවත්වන තැන්වල ඒවා කන්නට බොන්නට තියා එළිබහින්නටවත් තැනක් නැත.
එහෙම මිනිසුන්ට කන්නට කෑම වේලක්, බොන්නට බීමක්, ගමන් ගාස්තුවක්, යන්නට එන්නට වාහනයක් පමණක් නොව දවසේ අහිමි වූ ආදායම වෙනුවෙන් යම් ගෙවීමක් කිරීම ද අතිශය සාධාරණය.
එහෙත්, කෑම බීම, බඩු පාර්සල් ආදිය ලබා දෙන්නේ හුදෙක් සහභාගී වන්නන් ආකර්ශනය කරගැනීම සඳහා නම් එය සාධාරණ මැතිවරණවලට බාධාවක් ලෙස සැලකිය හැකිය.
මේ වන විට රාජ්‍ය නොවන සංවිධාන නම් ඔය සහභාගී වන්නන්ට ගෙවීම් කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරති. ඒ ගැන ඔය කොමිෂන් සභාවල මහත්තුරුන් දන්නේ නැති වන්නට බැරිය. මක් නිසාද යත්, ඒ මහත්වරුන් ද ඡන්දදායකයන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිවල සම්පත් දායකයන් ලෙස කටයුතු කරන ආකාරය අපි දැක ඇත්තෙමු. කොමසාරිස්වරුන් කටයුතු කරන ආකාරය අනුව ඒවා ඉතින් ගෙදරින් බත්මුල බැඳගෙන ඇවිත් කාලා, යාළුවකුගේ, නෑදෑයකුගේ ගෙදරක හෝ පන්සලක නතර වී හිඳ ඇවිත් කරන 'සේවාවන්' වන්නට ද පුළුවන.
දේවානම්පියතිස්ස රජතුමා මුවාට විදින්නට පෙර දුනුදිය හැඬවූයේ ආහාර ගනිමින් සිටින සතකුට විදීම දඩයම් ආචාර ධර්මවලට පටහැණි නිසාය. මිනිසුන්ට කන්නට පිසූ ආහාරවලට සීල් තියන රාජ්‍ය නිලධාරීන් ඊට වඩා අවධානය යොමු විය යුතු උල්ලංඝනයන් දකින්නේ නැත්තේ ඇයි? ත්‍රිරෝද රථවල ස්ටිකර් අලවාගෙන, ටීෂර්ට්, පෝස්ටර්වල අපේක්ෂක රුව ප්‍රදර්ශනය කරමින් හා සමාජ මාධ්‍යවල සෙසු අයට තර්ජනය කරමින් කරන දේ දකින්නේ නැත්තේ ඇයි?
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com
(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)
කෑම සීල් තියන කොමිෂන් හා Do No Harm Policy
T
The Leader Desk
September 2, 2024 • 4:01 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 'කැච් අල්ලන' තත්වයක් නිර්මාණය වී තිබේදැයි සැකයක් මතු වේ.
- එහෙත්, කෑම බීම, බඩු පාර්සල් ආදිය ලබා දෙන්නේ හුදෙක් සහභාගී වන්නන් ආකර්ශනය කරගැනීම සඳහා නම් එය සාධාරණ මැතිවරණවලට බාධාවක් ලෙස සැලකිය හැකිය.
- මේ වන විට රාජ්‍ය නොවන සංවිධාන නම් ඔය සහභාගී වන්නන්ට ගෙවීම් කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරති.
- මක් නිසාද යත්, ඒ මහත්වරුන් ද ඡන්දදායකයන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිවල සම්පත් දායකයන් ලෙස කටයුතු කරන ආකාරය අපි දැක ඇත්තෙමු.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


