The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

ගැහැණියක් විඳින්න දන්නවද? -(Faculty of Sex)

T

The Leader Desk

January 29, 2022 • 4:24 PM

ගැහැණියක් විඳින්න දන්නවද? -(Faculty of Sex)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැහැණියක් විඳින්න දන්න පිරිමි අඩුයි.
  • ඒක දුක්බර උනත් ඇත්ත තත්වයක්.
  • ගොඩක් වෙලාවට කසාද ජීවිත වල හෝ සම්බන්ධතා ඇතුලේ ඉන්න පිරිමි ගොඩක් වෙලාවට පාවිච්චි කරන වචනයක් තමයි, ‘ගෙදර ගෑනි’ කියන එක.
  • මේකෙන් ඉස්මතු කරන්නෙ, අර්ථ ගන්වන්නෙ, ලංකාවේ පවුල් කේන්ද්‍රය ඇතුලේ සාමාන්‍යයක් වෙලා තියෙන බරපතල අවුලක්.
අකුරු ප්‍රමාණය (Font Size):



ගැහැණියක් විතරක් නෙමෙයි, සමස්තයක් විදිහට ගත්තම ජීවිතේ විඳින්න දන්න මිනිස්සු සෑහෙන්න අඩුයි.

අපි කරන කියන හුගක් දේවල් විඳවන්න මිසක් විඳින්න මග පාදගන්නේ නැත්තේ නොදැනුවත්කම නිසා වෙන්න පුලුවන්.

ඒක දුක්බර උනත් ඇත්ත තත්වයක්.

ගැහැණියක් විඳිනවා කියන්නේ මොකක්ද ?

ඇගේ ශරීරයයි, මනසයි කියන දෙකම එක විදිහට විඳින එක.

ගොඩක් වෙලාවට කසාද ජීවිත වල හෝ සම්බන්ධතා ඇතුලේ ඉන්න පිරිමි ගොඩක් වෙලාවට පාවිච්චි කරන වචනයක් තමයි, ‘ගෙදර ගෑනි’ කියන එක.

මේකෙන් ඉස්මතු කරන්නෙ, අර්ථ ගන්වන්නෙ, ලංකාවේ පවුල් කේන්ද්‍රය ඇතුලේ සාමාන්‍යයක් වෙලා තියෙන බරපතල අවුලක්.

sad woman sitting on bed with partner in background
‘ගෙදර ගෑනි’ කොටට අඳිනවට කැමති නැහැ, හැබැයි ගෙදරින් එලියට ගිය වෙලේ ඉදන් බලන් ඉන්නේ කොටට ඇදන් යන වෙන ගෑනු දිහා. එහෙම බලලා, ‘අපේ ගෙදර ගෑනු ඔහොම අදින්නේ නෑනෙ බං’ කියනවා.

තමන් ආස කරන විදිහේ කාන්තාවක් කසාද බඳින එක වෙනුවට සමාජය හොදයි කියලා හිතන කෙනෙක්ව කසාද බැඳලා, ඒ කාන්තාව ගේ කාර්යය උයන්න, රෙදි හෝදන්න, ළමයි බලාගන්න පමණක් සීමා කරනවා. ගෙදර ගෑනි හැදෙන්නෙ එහෙම .

ළමයි ලැබුනට පස්සේ ගෙදර ගෑනි ළමයින්ගේ අම්මා බවට පත්වෙනවා. ඉන් පස්සේ sex කියන එක ගෙදරින් පිටතදි තමන් ආස කාන්තාවන් සමග විඳින්නත්, කරන්නත් පුරුදු වෙනවා.

හැබැයි, පිටතදිත් ගැහැණියක් හරියට විඳිනවද කියන එක සැකයක්.

ලිංගිකව එකතු වෙනවා කියන එක බහුතරයක් පිරිමි වගේම ගැහැණු බලන්න පුරුදු වෙලා ඉන්නෙ, තමන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න කාන්තාවක් පාවිච්චි කිරීම කියන කෝණයෙන්.

Sex කරනවා කියන්නේ පිරිමියා හා සමානවම ගැහැණියත් වින්දනය ලබන ක්‍රියාවක්, සිතීමක් කියන එක ගැන දැනුවත් නැති නිසා, කසාදය ඇතුලේ ඉන්න ගැහැණියත් හිතන්න පුරුදු වෙනවා තමන්ගේ රාජකාරිය සැමියාට අවශ්‍ය වෙලාවට ඇ‍ඳ මත වැතිරී සිටීම කියලා.

පවුලක් කියන එක ඉන් මත්තට ගහපු අත්සනකින්, සාලේ මැද්දේ තියලා තියෙන මගුල් photo එකෙන් පමණක් රැකිලා තියෙනවා.

Read Woman 2

මේ තත්වෙට තව ප්‍රධාන වශයෙන්ම වග කියන්න ඕනේ දෙයක් තමයි, ආගම.

උදාහරණයක් විදිහට, ගිහි ජීවිතයේ උපරිම ඵල ලබාගන්න නම් සැමියා සමග ලිංගිකව හැසිරීමෙන් පවා වැලකී සිටිය යුතුයි කියලා මහමෙව්නාවේ බෞද්ධ භික්ෂූන් බුදුබණ කියලා හිතාගෙන දෙසනවා මම දැකලා තියෙනවා.

මේ දේවල් තුලින් සිද්ධ වෙන්නේ, ආගම විසින්, ගැහැණුන්ට ජීවිතේ විඳවන්න මග පාදමින්, පවුල් ජීවිත විනාස කර දමන්න අවශ්‍ය අඩිතාලම සකසන එකයි.

මේ ඔක්කොම මැද්දේ, කොහොමද එහෙමනම් ජීවිතේ විඳින්නෙ?

බුදු මැදුරේ අපි sex කරන්නෙ නෑනෙ. කොටින්ම ඒ ගැන හිතන්නෙවත් නෑනෙ. ඒ වගේම නිදන කාමරේ ඇතුලෙත් බුදු බණ අහන්න තියා හිතන්නවත් අවශ්‍ය වෙන්නෙ නැහැ.

ඒ ඉරි දෙක වෙන් කර තබා ගන්න එකයි පළමු පියවර.

ලිංගික ජීවිතය අත්හැර ගිය හාමුදුරුවරුන්ගෙන් ලිංගික උපදෙස් පතන්න එපා.

Read Woman 3

Sex විඳිනවා කියන්නෙ, ගැහැණියක් විඳිනවා කියන්නෙ කායිකව සහ මානසිකව කියන දෙකෙන්ම එකතු වෙන තැනක්.

එහෙම එකතු වෙන සම්බන්ධකම් ඇතුලෙ, එකිනෙකාගේ ආසාවන් ගැන විවෘත කතාබහක් ඇති වෙනවා. අලුත් දේවල් කරන්න, ගවේෂණය කරන්න ආසාව ඇති වෙනවා. ළමයි, ජීවන අරගල, මේ සියල්ල පොඩ්ඩකට හරි පැත්තකින් තියලා, Sex තුලින් මානසිකව, ශාරීරිකව දෙදෙනාම සුවයක් ලබා ගන්නවා.

ඒ සුවය ඇබ්බැහියක් බවට පත් වෙනවා.

ඒ ඇබ්බැහිය ඇතුලේ තියෙන්නෙ ජීවිතේ විඳීම.

සම්බන්ධකමකදි, එහෙම ඇබ්බැහියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

ජීවත් වෙනවා කියන්නෙම, තව තව විඳින්න ආස හිතෙන එක්තරා විදිහක ඇබ්බැහියක්ම තමයි.


සටහන -ශේනි විජේසුරේන්ද්‍ර
(උපුටා ගැනීම - Faculty of Sex)

 

 

 

Leader Whats app


 
 

කිරිබත් කන්න ලේස්ති වුනානං හොඳා ! | මොණරවිලගේ ලියමන
 

 
 
බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 

 
 
සර් දැන්මම බිම දාගත්තේ නැත්නම් චම්පිකත් ලොකු ඇණයක් වෙනවා.
 

 
   
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගැහැණියක් විඳින්න දන්නවද? -(Faculty of Sex) | The Leader