The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

නිරුවතින් විරෝධතා දක්වන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරිය

T

The Leader Desk

April 10, 2023 • 4:12 PM

නිරුවතින් විරෝධතා දක්වන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිසුන්ට ආර්ථික විද්‍යාව ඉගැන්වීම ය.
  • "මාව නිරුවතින් දකින මිනිස්සු මෙහෙම කියනවා: 'එයා හරි මෝඩයි, එයා මහ ගොනෙක්, එයාට පිස්සු වෙන්න ඇති.' ඒ කතාවලට මට නැගිටලා කියන්න ඕනේ: 'නැහැ, මම ඇත්තට ම බුද්ධිමත් මනුස්සයෙක්'," බේට්මන් විස්තර කරයි.
  • සිල්ලර වශයෙන් භාණ්ඩ අලෙවි කරන දැවැන්තයෙකු වන ඇමසෝන් (Amazon) විසින් ඇයගේ නවතම ග්‍රන්ථය ගැන වූ දැන්වීමක් තහනම් කරනු ලැබුවේ, එහි කවරය "කාමුක අදහස් ඇති කරවනසුලු" ලෙස සැලකීමෙන් පසුව බව ඇය පැවසුවාය.
  • කාන්තාවන්ට තම ශරීරයේ තමන්ට අවශ්‍ය දේ කිරීමට අවසර නැත යන්න ගැන සමාජ මාධ්‍ය හරහා ඉස්මතු කළ සටනකින් පසුව එම තීරණය ආපසු හැරවීමට හැකිවූ බව ඇය සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිසුන්ට ආර්ථික විද්‍යාව ඉගැන්වීම ය.

රාජ්‍ය ප්‍රතිපත්තියට එරෙහිව නිතර නිරුවතින් විරෝධතා දක්වන ඇය කැරලිකාරියක ද වන්නී ය.

"මාව නිරුවතින් දකින මිනිස්සු මෙහෙම කියනවා: 'එයා හරි මෝඩයි, එයා මහ ගොනෙක්, එයාට පිස්සු වෙන්න ඇති.' ඒ කතාවලට මට නැගිටලා කියන්න ඕනේ: 'නැහැ, මම ඇත්තට ම බුද්ධිමත් මනුස්සයෙක්'," බේට්මන් විස්තර කරයි.



එහෙත් නිරුවත් විරෝධතා ආන්දෝලනාත්මක ය.

සිල්ලර වශයෙන් භාණ්ඩ අලෙවි කරන දැවැන්තයෙකු වන ඇමසෝන් (Amazon) විසින් ඇයගේ නවතම ග්‍රන්ථය ගැන වූ දැන්වීමක් තහනම් කරනු ලැබුවේ, එහි කවරය "කාමුක අදහස් ඇති කරවනසුලු" ලෙස සැලකීමෙන් පසුව බව ඇය පැවසුවාය.

කාන්තාවන්ට තම ශරීරයේ තමන්ට අවශ්‍ය දේ කිරීමට අවසර නැත යන්න ගැන සමාජ මාධ්‍ය හරහා ඉස්මතු කළ සටනකින් පසුව එම තීරණය ආපසු හැරවීමට හැකිවූ බව ඇය සඳහන් කළාය.

ලිංගික විප්ලවය වාරණයට

jkhsdgwsබේට්මන්ගේ නවතම කෘතියේ දැන්වීම


ප්‍රශ්නගත රූපය (ඉහළින් දක්වා ඇති) ඇයගේ සම්පූර්ණ ශරීරය නොපෙන්වයි. එය ඇයගේ නිරුවත් උදරය සහ ඇයගේ පියයුරුවල රේඛා දිස්වන පරිදි විශාලනය කරන ලද ඡායාරූපයකි.

"මගේ ශරීරය ප්‍රදර්ශනය කරන එකෙන් මට කියන්න තියෙන දේවල්වල වැදගත්කම අඩු වෙනවා කියලා මම හිතන්නේ නෑ," බේට්මන් අවධාරණය කළාය.



"ඉතිහාසය අපට කියා දෙන්නේ ලිබරල්වාදයේ සෑම පිපිරීමක් ම මර්දන යුගයකින් අනතුරුව සිදු වුණා කියලා: මධ්‍යකාලීන සමාජයේ තිබුණු අශිෂ්ට බව 'මුල්' පියුරිටන්වරුන් බිහි කළා; පයෝධර මනා ලෙස ඉස්මතු වී පෙනෙන ලෙස සිර කර ඇඳුම් ඇඳි ජෝර්ජියානු යුගය, ගෙළ දක්වා ම වැසෙන පරිදි ඇඳුම් ඇඳි වික්ටෝරියානුවන්ට මග පෑදුවා; සහ, දැන්, ලිංගික විප්ලවය 21 වන සියවසේ නිර්මල සංස්කෘතියට සහ වාරණයට මග පාදලා තියෙනවා."



නිරුවතේ ආරක්ෂාව

45fgfd

එංගලන්තයේ සහ වේල්ස්හි ප්‍රසිද්ධියේ නිරුවතින් සිටීම වරදක් නොවන නමුත් කලබලයට හා කම්පනයට පත්කිරීමේ අදහසින් අදාළ පුද්ගලයා ඇඳුම් ඉවත් කළ බව ඔප්පු කළ හැකි නම් එය වරදක් බවට පත්වේ. පැමිණිලිකරු මෙය ඔප්පු කළ යුතු ය.

තම විරෝධතා සටන්කාමී නොවන බව බේට්මන් තරයේ අවධාරණය කරයි.



"මගේ අරමුණ කටයුතු කඩාකප්පල් කිරීම නෙවෙයි. ඒ වෙනුවට, ගැටලුවක් වෙත අවධානය යොමු කරවීම. ඒක ආර්ථික විද්‍යාවේ කාන්තාවන් අඩු බව, බ්‍රෙක්සිට් [එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ] හේතුවෙන් කාන්තාවන්ට අත්විඳීමට සිදුවුණු ප්‍රතිවිපාක හෝ කාන්තාවන්ගේ ශාරීරික නිදහසට එල්ල වුණු පහර දීම් වැනි දේවල් වුණත් වෙන්න පුළුවන්."



ප්‍රශ්නය ගැන මිනිසුන් අතර සංවාදයක් ඇති කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ද නිරුවත් විරෝධතා උපකාරී වන බව ඇය පවසයි.

ලොම් භාවිතයට එරෙහිව සත්ව හිමිකම් සංවිධාන දිගු කලක් තිස්සේ නිරුවත් විරෝධතාවල යෙදී ඇත. දේශගුණික විපර්යාස නැවැත්වීමට දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස බල කරන පාරිසරික කණ්ඩායම් ද නිරුවත් විරෝධතාවල නිරත වී තිබේ. එසේවුවද දේශපාලනයේ නිරුවත් විරෝධතා එතරම් සුලභ නොවේ.

කම්කරු පන්තියේ සිට අයිවි ලීගයට

46t

බේට්මන් පවසන්නේ, ඇය එංගලන්තයේ උතුරු ප්‍රදේශයේ කම්කරු පන්තියේ පවුලකට දාව උපත ලැබූ බව ය.

ඇය රජයේ පාසලක ඉගෙනුම ලැබූ අතර උපාධිය හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් වෙත ගියා ය. ඇය ඔක්ස්ෆර්ඩ් වෙතින් ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය ලබා ගෙන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස රැකියාවක් ලබා ගත්තා ය.

කුඩා කල සිට ම තමන් විනීත ඇඳුම් ඇඳීමට පුරුදු වී සිටි බව බේට්මන් පවසන නමුත් ඇය නව යොවුන් වියේදී තම වයසේ පසු වූ බොහෝ ගැහැණු ළමයින් මෙන් ඇය කොට සායවල්, උඩුකය සඳහා අඳින කුඩා ඇඳුම් සහ අඩි උස සපත්තු පැළඳ සාදවලට යාමට පටන් ගත්තා ය.

ඇයගේ අධ්‍යාපනික සාර්ථකත්වය කම්කරු පන්තියේ සිට මධ්‍යම පන්තියට යාමට උපකාරී වූ බව ඇය විශ්වාස කරන අතර ඇය පවසන්නේ, ඔවුන් [මධ්‍යම පාන්තිකයින්] නව යොවුන් වියේ සිටි බේට්මන් වැනි ශරීරයේ වැඩි කොටසක් නිරාවරණය වන පරිදි ඇඳුම් ඇඳි ගැහැණු ළමයින් පහත් කොට සැලකූ බව ය.

එම ආකල්පය බේට්මන් සිත් තැවුලට පත් කළේ ය. ඇයගේ අධ්‍යාපනික වෘත්තීය ජීවිතය ආරම්භයේදී, ඇය ද ඇයගේ වෘත්තීමය ගෞරවය රැක ගැනීම සඳහා විනීත ලෙස ඇඳුම් පැළඳුම් ඇඳීමට බොහෝ කාලය හා ශ්‍රමය වැය කළා ය.



"ඇයි මම සමහර පිරිමි අය මං ගැන හිතන දේවල්වල‍ට මාව පාලනය කරන්න ඉඩ දෙන්නේ? ඊට වඩා කරදර වෙන්න ඕනේ වැදගත් දේවල් ඕන තරම් තියෙනවා."



විනීත ඇඳුම් පැළඳුම් නිදහස නැති කරයි

xfrt54ey

ඇඳුම් ගලවා දැමීමට ඇය ගත් රැඩිකල් තීරණයට මතවාදී පදනමක් ද තිබිණි.



"කාන්තාවන් විනීත ලෙස ඇඳුම් පැළඳුම් ඇඳීම ඇත්තට ම කාන්තාවන් රිදවනවා. ඒක පිරිමින්ට කාන්තාවන්ට එහා ගිය විශාල බලයක් ද ලබා දෙනවා. මොකද ඔබ කාන්තාවකගේ වටිනාකම ඇයගේ ඇඳුමේ තියෙන විනීතභාවයෙන් මනින්න ගියා ම ඒක ඇයගේ වටිනාකම යටපත් ක‍රන්න, ඇයට අගෞරව කරන්න, සියල්ලට ම වඩා වැඩියෙන් ම විනීත බවක් තියෙනවා කියලා නොපෙනෙන කාන්තාවන්ට, අනෙක් කාන්තාවන්ට වගේ ඔබ ගරු නොකරන නිසා මස් කෑලි වගේ සලකන්න ඔබට බලය ලබා දෙනවා," ඇය බීබීසීයට පැවසුවා ය.



මෙම ආකල්ප විවිධ පීඩාවන්ට මග පාදන බවට ඇය තර්ක කරයි.

"ඒක කන්‍යාභාවය පරීක්ෂා කිරීම, ගෞරවයට හානි කිරීම සහ අසභ්‍ය දර්ශන නිකුත් කරලා පළිගැනීමේ ඉඳලා ඇෆ්ගනිස්ථානයේ පාසල්වලින් කාන්තාවන් ඉවත් කර ගැනීමේ සිට ඉරානයේ හිජාබය පැළඳීම අනිවාර්ය කිරීම දක්වා ලොව පුරා කාන්තා නිදහසට හානි කරන ප්‍රතිපත්ති සහ භාවිතයන් පෝෂණය කරනවා."

නිරුවත් නිරූපිකාව

ixjhisd

මීට වසර 10 කට පෙර, බේට්මන් තීරණය කළේ, ඇයගේ තනතුර නිසා ලද වරප්‍රසාද යම්කිසි කඩාකප්පල්කාරී දෙයක් කිරීමට යොදා ගැනීමට ය. එබැවින් ඇය තම ඇඳුම් ගලවා චිත්‍ර ශිල්පිනියන් ඉදිරියේ නිරුවතින් පෙනී සිටීමට පටන් ගත්තා ය. යම් විශ්වාසයක් ඇති වූ පසු ඇය චිත්‍ර ශිල්පීන් සමග වැඩ කිරීමට පටන් ගත්තා ය.

එම කලාත්මක සිතුවම් සහ මූර්ති වැඩි කල් නොයා ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කෙරිණි.

"ප්‍රදර්ශන ශාලාවල තිබුණු මගේ නිරුවත් චිත්‍ර දැකලා මිනිස්සු තිගැස්සෙන හැටි මම දැකලා තියෙනවා. චිත්‍රයේ ඉන්න නිරුවත් කාන්තාව ශාස්ත්‍රඥයෙක් කියල දැන ගන්න එක මිනිස්සුන්ව පුදුමයට පත් පත් කරාවි."

දේශපාලනික පණිවිඩ ලබා දීමට සහ මහජන විරෝධතා සඳහා තම ශරීරය භාවිත කිරීමට ඇය වැඩි කල් නොයා විශ්වාසය ගොඩනගා ගත්තා ය.

සුදුසුකම් ලත් ආර්ථික විද්‍යාඥවරියක ලෙස ඇයගේ විෂය ක්ෂේත්‍රය තුළ පිරිමින් ආධිපත්‍යය පතුරුවා ගෙන ඇති ආකාරය පිළිබඳව ඇය විමතියට පත් වූවා ය. උදාහරණයක් ලෙස ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගෙන ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු පමණි.

කාන්තා ආර්ථික විද්‍යාඥවරියන්ගේ හිඟකම ආර්ථික විශ්ලේෂණ පිරිමි දෘෂ්ටිකෝණයෙන් පමණක් බැලීමට හේතු වී ඇති බව ඇය පවසයි.

2018 වසරේදී, එක්සත් රාජධානියේ විශාලතම ආර්ථික විද්‍යාඥයින්ගේ හමුව අතරතුර මෙම ප්‍රශ්නය ඉස්මතු කිරීමට ඇයට අවශ්‍ය විය. ඇය ඉහළ පෙළේ ශාස්ත්‍රඥයන්ගෙන් පිරුණු කාමරයකට ගියේ මුළුමනින් ම නිරුවතිනි.



"මම ශාරීරික වශයෙන් කුඩා යි. මම ශාරීරිකව එතරම් ශක්තිමත් නැහැ. මම කාටවත් තර්ජනයක් නෙවෙයි. ඒත් ඔබ කාමරයක නිරුවතින් ඉන්නවා නම්, මොකක් හෝ හේතුවක් නිසා මිනිස්සු ඔබව දකින්නේ තර්ජනයක් විධියට."


හමුව අතර තුර ඇය තම ඉල්ලීම කෙරෙහි අවධානය දිනා ගැනීම සඳහා 'මාර්කර්' එකක් භාවිතයෙන් තම සිරුරේ "ගරු කරන්න" යනුවෙන් ලියූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණ සිටි ප්‍රභූවරුන් සමග කතාබහක නිරත වීමට ඇය සමත් වූවා ය.

කුරිරු ප්‍රතිචාරයක්

xdtr6754
බ්‍රෙක්සිට් ලෙස හැඳින්වෙන යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය ඉවත් වීමත් සමග අවසන් වූ භේදකාරී දේශපාලන ව්‍යාපාරය අතර තුර ඇය ප්‍රසිද්ධියේ නිරුවත් විරෝධතාවක නිරත වූවා ය.

බලා සිටි කිහිප දෙනෙකු ඇයගේ ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍යවල පළ කළ අතර ඊට බොහෝ නිර්දය ප්‍රතිචාර ගලා ආවේ ය. ඇතැම් පිරිමි පුද්ගලයෝ ඇගේ පියයුරු සහ ලිංගික ප්‍රදේශයේ ඇති රෝම ගැන ප්‍රතිචාර දැක්වූහ. තවත් අයෙක් ඇය තම ආචාර්යවරුන් සමග යහන්ගත වීමෙන් ඇයගේ අධ්‍යාපනික සුදුසුකම් ලබා ගන්නට ඇතැයි අනුමාන කරමින් ප්‍රතිචාර දැක්වූහ.

එහි ප්‍රතිඵලයක් ලෙස බේට්මන්ට අනතුරු ඇඟවූයේ, ඇය තම ශරීරය ලොවට පෙන්වමින් ඇයගේ අධ්‍යාපනික ජයග්‍රහණ විනාශ කර ගන්නා බව ය.



"ඒත් මට එල්ල වුණු දරුණුතම සහ කුරිරු ප්‍රහාර එල්ල වුණේ කාන්තාවන්ගෙන්. සමාජ මාධ්‍යවල බ්‍රිතාන්‍ය කාන්තාවක් හිටියා, මම ස්ත්‍රීවාදය සියවසකින් ආපස්සට හරවනවා කියපු."



ඇයගේ හැසිරීම පිළිකුල්සහගත ලෙස දුටු ඇතැම් අය සමග ඇය සම්බන්ධ වූ අතර තම යටි අරමුණ පැහැදිලි කිරීමට ඇය උත්සහ කළා ය.

ඇයගේ නව ග්‍රන්ථය වන 'Naked Feminism - Breaking the Cult of Female Modesty' හරහා ඇය මෙම ඍණාත්මක ප්‍රතිචාර බොහොමයක් සඳහා ප්‍රතිචාර දක්වයි.

"සියලු කාන්තාවන්ට ඔවුන්ගේ ශාරීරික විනීතභාවය නොතකා, වටිනාකමකින් සහ ගෞරවයකින් සැලකීම සුදුසු බවට මම තර්ක කරනවා."

නිදහස

sw4636t
ඇය විශ්වාස කරන්නේ, අපගේ ශරීරය කොපමණ ප්‍රමාණයක් දෘශ්‍යමාන හෝ ආවරණය වී තිබේ ද යන්න මත පදනම්ව විවිධ උපකල්පනවලට එළඹීම අප සියල්ලන් ම නතර කළහොත් බොහෝ කාන්තාවන්ගේ ජීවිත විශාල වෙනස්කම්වලට භාජනය වනු ඇති බව ය. ඇය ලිංගික ශ්‍රමිකයන් ඇසුරෙන් උදාහරණ දක්වයි.

"ලැජ්ජාවට පත් වේවි කියලා ඒ අය ගැන අපි ප්‍රසිද්ධියේ කතා කරන්නේ නෑ. අපි එයාලව ලේබල් කරනවා. කියන්න පුළුවන් හැම විධියේ ම නරක නම්වලින් අපි එයාලට කතා කරලා, එයාල කරන්නේ මොනව ද කියලා එයාලා දන්නේ නෑ කියන මතය ඔළුවට දාගන්නවා. ඒ වගේ ම එයාලට හරි දේ මොකක්ද කියලා අපිට හොඳට විනිශ්චය කරන්න පුළුවන්."

ඇය මෙම ආකල්පය අසාමාන්‍ය උද්ධච්ච සහ ප්‍රභූ පිරිස් තුළ දක්නට ලැබෙන මාන්නය ලෙස දකියි.



"අප සිතන ආකාරය වෙනස් කරන්න නම් අපට තව බොහෝ දුර යන්න සිද්ධ වෙනවා."



ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම, ආහාර හෝ ජලය ගෙන ඒම සහ දරුවන් සහ වැඩිහිටියන් රැකබලා ගැනීම ඇතුළු වැටුප් නොලබන වැඩවලින් වැඩි ගණනක් කරන්නේ කාන්තාවන් ය. බ්‍රිතාන්‍ය පුණ්‍යායතනයක් වන ඔක්ස්ෆෑම් පවසන්නේ, එවැනි වැඩ සඳහා කාන්තාවන්ට අවම වැටුප හෝ ගෙවන්නේ නම් එහි වටිනාකම ඩොලර් ට්‍රිලියන 10 ඉක්මවනු ඇති බව ය. නමුත් මේ ගැන සංවාදයක් නොමැති තරම් ය.

බලගතු පිරිමින්ට සහ ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට එරෙහිව නිරුවතින් නැගී සිටන සෑම අවස්ථාවක් ම තමන් අගය කරන බව බේට්මන් පවසයි. ඇය දේශන පවත්වන්නේ ද සාහිත්‍ය උත්සවවලට සහභාගි වන්නේ ද ඇඳුම් ඇඳීමෙන් තොරව ය.

ඇයගේ ක්‍රියාව පන්ති කාමරයට බලපා නැති අතර ඇත්ත වශයෙන් ම, තම ශිෂ්‍යයන් වෙන කවරදාට ත් වඩා ස්ත්‍රීවාදය, කාන්තාවන් සහ ආර්ථිකය ගැන ඇයගෙන් ප්‍රශ්න කිරීම ඉහළ ගොස් ඇති බව ඇය පවසයි.



"මගේ අරමුණ සියලු ම කාන්තාවන්ට තම ශරීරයෙන් මෙන් ම මොළයෙන් තමන්ට අවශ්‍ය දේ කිරීමට නිදහස ඇති ලෝකයක් බිහි කිරීම. හිජාබය පැළඳීම අනිවාර්ය කිරීමට විරුද්ධ වන්නා සේ ම හිස් වැසුම් (headscarf) තහනමට ද මම විරුද්ධ වෙනවා. සමාජය සහ රජය කාන්තාවන් තම ශරීරයෙන් කරන්න ඕන දේ මොකක් ද කියලා නියම නොකළ යුතුයි."

 

(ස්වාමිනාදන් නටරාජන් විසිනි)
බීබීසී ලෝක සේවය

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...