The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ලෝක ප්‍රකට Emmy සම්මානයක් දිනා ලංකාවට කීර්තියක් ගෙනා ජේසන් රාජසිංහ

T

The Leader Desk

December 21, 2023 • 9:22 PM

ලෝක ප්‍රකට Emmy සම්මානයක් දිනා ලංකාවට කීර්තියක් ගෙනා ජේසන් රාජසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මාන උලෙළේ දී (Emmy Awards) සම්මානයක් දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු වන ජේසන් රාජසිංහ පසුගිය දා සමත්විය.
  • ජේසන් රාජසිංහ එම කතාංගය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේ, ඇමෙරිකාවේ පැවති 2023 චිකාගෝ මිඩ්වෙස්ට් එමී සම්මාන උලෙළේ දී ය.
  • ශ්‍රී ලංකාව තුළ සිනමා කර්මාන්තයක් ස්ථාපනය කරන්න අපේ ජනතාව තුළ ඇති හැකියාව ගැන මෙමඟින් පණිවුඩයක් ලැබේවි.
  • මේ වැඩේ සාර්ථක කර ගන්න ඇමෙරිකාවේ දී මට මෙවැනි කණ්ඩායමක් ලැබීම ඇත්තට ම ආශිර්වාදයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්මාන උලෙළේ දී (Emmy Awards) සම්මානයක් දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු වන ජේසන් රාජසිංහ පසුගිය දා සමත්විය.

ඒ, ඔහු ඩිස්කවර් මීඩියාවර්ක්ස් සමාගම වෙනුවෙන් නිර්මාණය කරන Uniquely Wisconsin නමැති වැඩසටහන් මාලාවේ “Farm to table pizzas: The little red barn” නමැති කතාංගය වෙනුවෙනි.

ජේසන් රාජසිංහ එම කතාංගය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේ, ඇමෙරිකාවේ පැවති 2023 චිකාගෝ මිඩ්වෙස්ට් එමී සම්මාන උලෙළේ දී ය.

Outstanding Achievement for Lifestyle අංශයෙන් ඔහුට මෙම සම්මානය හිමිවිය.

 


"මේ සම්මානය හරහා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට යම් උත්තේජනයක් ලැබේවි කියා මම හිතනවා. ශ්‍රී ලංකාව තුළ සිනමා කර්මාන්තයක් ස්ථාපනය කරන්න අපේ ජනතාව තුළ ඇති හැකියාව ගැන මෙමඟින් පණිවුඩයක් ලැබේවි. මේ වැඩේ සාර්ථක කර ගන්න ඇමෙරිකාවේ දී මට මෙවැනි කණ්ඩායමක් ලැබීම ඇත්තට ම ආශිර්වාදයක්. මම මගේ කැමැත්ත වැඩදායක දෙයක් කරන්න උත්සහ කළා," සම්මානය ලැබීම ගැන සතුට පළ කරමින් ජේසන් රාජසිංහ පැවසීය.

2011 වසරේ දී ආරම්භ කළ IFILMSRILANKA නමින් යුත් ඔහුගේ සමාගම හරහා ඔහු ශ්‍රී ලංකාවට ආවේණික සිනමා කලාවක් වර්ධනය කිරීමේ උත්සහයක නිරතව සිටියි.

ඊට අමතරව, ඔහු RAD PRODUCTIONS USA නමින් ඇමෙරිකාවේ දී තවත් සිනමා සමාගමක් ස්ථාපනය කර තිබේ.

එම සමාගම හරහා ඔහු ORIGIN නමැති වැඩසටහනක් නිෂ්පාදනය කරමින් සිටින අතර, එය විවිධ රටවල ආහාරවල සම්භවය සහ ඉතිහාසය සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණාත්මක වැඩසටහනකි.

එහි එක් වැඩසටහනක් 2024 වසරේදී ශ්‍රී ලංකාවේ දී රූගත කිරීමට සැලසුම් කර තිබේ.

කවුද මේ ජේසන්?

2010 වසරේ දී රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසි ජේසන් රාජසිංහ, පළමුවෙන් ම PRIME TV ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස වෘත්තිය ආරම්භ කළේ ය.

ඔහු, 2010 වසරේ සිට 2012 වසර දක්වා Creative House ආයතනයේ සේවය කළ අතර, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ගේ චිත්‍රපට නිර්මාණවලට දායක වී තිබේ.

2011 වසරේ දී ඔහු CSN (Carlton Sports Network) රූපවාහිනී සේවයේ රැකියාව කළ අතර, රථවාහන සම්බන්ධ වැඩසටහන් මාලාවක් වූ MoTORQUEහි අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේ ය.

2017 වසරේ දී ඔහු හෝප් රාජසිංහ සමග විවාහවිය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...