The Leader News
BREAKING
Top Ad
පුවත්

EPF පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි

T

The Leader Desk

January 11, 2020 • 11:43 AM

EPF පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී විශාල පාඩුවක් ඇති බව මහබැංකු බැදුම්කර පිළිබඳව සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාවල (Forensic Audit Report) සඳහන්ව ඇති බවත්, වෝහාරික විගණන වාර්තා ප්‍රසිද්ධ කිරීමට ආණ්ඩුව උනන්දුවක් නොදක්වන එක් හේතුවක් වන්නේ එය බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.
  • මේ වනවිට වාර්තාව මාධ්‍යවලට විවෘත කර නොමැති අතර වාර්තාව දැක ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතුන් ඇතුළු ඉතා සුළුතර පිරිසක් බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
  • එම ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට සේවක අර්තසාධක අරමුදලේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමේදී අඩු කොටස් වටිනාකමක් ඇති සමාගම්වලට මුදල් පොම්ප කර එම සමාලම්වල කොටස්වල අගය කෘත්‍රිමව ඉහළ නංවමින් එම පෞද්ගලික සමාගම්වලට වාසිකායක ලෙස කටයුතු කිරීම එම පාඩු සඳහා හේතු වී තිබේ.
  • එම ජාවාරම පිළිබඳව මීට පෙර විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ 2012 සහ 2013 වර්ෂවලට අදාල වාර්තා දෙකකින් කරුණු හෙළිදරව් කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී විශාල පාඩුවක් ඇති බව මහබැංකු බැදුම්කර පිළිබඳව සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාවල (Forensic Audit Report) සඳහන්ව ඇති බවත්, වෝහාරික විගණන වාර්තා ප්‍රසිද්ධ කිරීමට ආණ්ඩුව උනන්දුවක් නොදක්වන එක් හේතුවක් වන්නේ එය බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට වාර්තාව මාධ්‍යවලට විවෘත කර නොමැති අතර වාර්තාව දැක ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතුන් ඇතුළු  ඉතා සුළුතර පිරිසක් බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

එම ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට සේවක අර්තසාධක අරමුදලේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමේදී අඩු කොටස් වටිනාකමක් ඇති සමාගම්වලට මුදල් පොම්ප කර එම සමාලම්වල කොටස්වල අගය කෘත්‍රිමව ඉහළ නංවමින් එම පෞද්ගලික සමාගම්වලට වාසිකායක ලෙස කටයුතු කිරීම එම පාඩු සඳහා හේතු වී තිබේ.

එම ජාවාරම පිළිබඳව මීට පෙර විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ 2012 සහ 2013 වර්ෂවලට අදාල වාර්තා දෙකකින් කරුණු හෙළිදරව් කර තිබුණි.

 

'සන්ඩේ මෝනින්' අනාවරණය : ඩොලර් බිලියන  09ක පාඩුවක් !

වත්මන් ආණ්ඩුවේ හිතවතෙකු ලෙස සැලකෙන දිලිත් ජයවීරට අයත් 'සන්ඩේ මෝනින්' පුවත්පතේ ජනවාරි 05 දිනැති කලාපයේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණේ 2010- 2012 කාලසීමාවේදී එම ජාවාරමෙන් වැඩිම පාඩුවක් සිදුව ඇති බව වෝහාරික විගණන වාර්තා අතරින් එකක සඳහන් වන බවයි. ඇමෙරිකානු ඩොලර් බිලියන  09ක පාඩුවක් එම කාලසීමාවේදී සිදුවි ඇතැයි වාර්තාවේ සඳහන් වන බව එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය.

සේවක අත්ථසාධක අරමුදල කොටස් වෙළඳපොලෙහි ආයෝජනවලින් රුපියල් බිලියන 11ක වටිනාකමක් අඩුවී තිබෙන බව විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ 2012 වර්ෂයට අදාල වාර්තාවෙහි සඳහන්ව තිබුණි. සේවක අර්ථසාධක අරමුදල පෞද්ගලික සමාගම් ගණනාවක අයෝජනය කොට ලාභ ලබා නොමැති බව එම වාර්තාවෙහි සඳහන් කර තිබුණි.

ඒ අතර 2010 ජුලි මාසයේදී ගුවන් සමාගමක කරන ලද රුපියල් මිලියන 500ක ආයෝජනයක්, විදුලිබල සමාගමක කරන ලද රුපියල් මිලියන 2975 අයෝජනයක් , මූල්‍ය සමාගමක කර ඇති රුපියල් මිලියන 205 ක ආයෝජනයක් හා සන්නිවේදන සමාගමක කර ඇති රුපියල් මිලියන 680ක ආයෝජනයක් පිළිබඳව එම වාර්තාවෙහි සඳහන් කර තිබේ.

2011 දෙසැම්බර් 31 න් අවසන් වූ වර්ෂයේදී කොටස් වෙළඳපොලේ සමාගම් 11ක සිදුකර තිබුණු රුපියල් මිලියන 3555 ක ආයෝජනයෙන් කිසිදු ආදායමක් ලැබී නොතිබුණු බවද එම විගණකාධිපති වාර්තාවේ සඳහන්ව තිබුණි.

(තරිඳු උඩුවරගෙදර - 'අනිද්දා' පුවත්පතින් උපුටා ගන්න ලදී )

 

සබැඳි පුවත් :

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව: 'කතානායකගේ ලැජ්ජා සහගත වැඩක්' -කුසල් පෙරේරා

නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ බැඳුම්කර වෝහාරික වාර්තාව ගැන කතානායකගේ ස්ථාවරය මෙන්න !

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...