The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

EPF සහ ETF කප්පාදුවට එරෙහිව පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

T

The Leader Desk

August 10, 2023 • 5:09 AM

EPF සහ ETF කප්පාදුවට එරෙහිව පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) තීරණය කළේ ය.
  • එස්.තුරයි රාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
  • මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා අධිකරණයෙන් කරුණු දක්වමින් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බව කියා සිටියේය.
  • එම මූලික විරෝධතාවලින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) තීරණය කළේ ය.

ඒ, දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි.

එස්.තුරයි රාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා අධිකරණයෙන් කරුණු දක්වමින් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බව කියා සිටියේය.

එම මූලික විරෝධතාවලින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ යෝජනාව ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට යොමු කෙරුණු බව ඇය සදහන් කළාය. පාර්ලිමේන්තුව ද එම යෝජනාව විධිමත් ආකාරයෙන් සම්මත කර ඇතැයි පෙන්වා දුන්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය, ඒ අනුව ව්‍යවස්ථාදායකය හමුවේ පැවැති කරුණක් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් කියා සිටියාය.

 

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය කියා සිටියේ,  මෙම  පෙත්සමෙන් ඉල්ලා තිබෙන ඉල්ලීම් තහවුරු කිරීමට අවශ්‍ය වන ලේඛන පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවයි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ගොනු කරන අවස්ථාව වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොතිබූ බව සඳහන් කළේය.

එම අවස්ථාව වන විට  පැවැති ලේඛන පදනම් කරගෙන මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කිරීමට පෙත්සම්කරු කටයුතු කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අන්තර් සමාගම් සේවක සංගමය එහි ලේකම් වසන්ත සමරසිංහ ඇතුළු හය දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණ.


 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...