The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මන්දපෝෂිත නැටිලි - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 12, 2022 • 11:28 AM

මන්දපෝෂිත නැටිලි - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමුක්තිකාමීන්ට නම් මෙය ප්‍රශ්නයක් නොවනු ඇත.
  • මෙය අනුකාරකවාදී බොළඳ සිංහල ගීතය සහ ග්‍රාම්‍ය සිංහල සංස්කෘතිය විදහා පාන්නක් බව ඔවුන් සෝපාහාසයෙන් කියනු ඇත.
  • “අනික මුන්ට හරියට නැටුමක්වත් නටාගන්න බැහැ” කියමින් එම ගුරුවරුන්ගේ ප්‍රාසාංගික දුප්පත්කමට කාරදෑසියානු ප්‍රියසාද්ලා සරදම් කරනු ඇත.
  • අනෙක් අතට මේ වනාහී අරගලයේම පිළිඹිබුවකැයි නිර්මාල් දේවසිරියන් නොකියනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විමුක්තිකාමීන්ට නම් මෙය ප්‍රශ්නයක් නොවනු ඇත. නාත්තන්ඩිය වැනි පිටිසර ගමක පාසලක ගැමි දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වන රජයේ විශ්වවිද්‍යාලයක නොමිලේ උගෙන රැකියා විරහිතව සිට ගුරු පත්වීම් ලත් උප-සංස්කෘතියට අනුගත පිරිමින් අතින් හෝ උපාධියක් නොමැති පුහුණු පිරිමින් අතින් හෝ මේ ආකාරයෙන් කාන්තාව ආන්තික උපහාසයට ලක්කිරීම ඉන්ස්ටග්‍රාම ෂීරාලාට මහත් විනෝදයක් ගෙන දෙනු නිසැකය.


කොළඹ තරු පහේ අඳුරු ආලින්දවල මධුවිත තොලගාමින් තම අයිපෝනයෙන් මේ විපරීත නච්ච බලා කොක් හඬලා සිනාසෙන රසික ජයකොඩිතුමා වැනි අර්ධ නාගරික ප්‍රභූන්ට නම් මෙය කිසිසේත්ම ප්‍රශ්නයක් නොවේ. මෙය අනුකාරකවාදී බොළඳ සිංහල ගීතය සහ ග්‍රාම්‍ය සිංහල සංස්කෘතිය විදහා පාන්නක් බව ඔවුන් සෝපාහාසයෙන් කියනු ඇත. “අනික මුන්ට හරියට නැටුමක්වත් නටාගන්න බැහැ” කියමින් එම ගුරුවරුන්ගේ ප්‍රාසාංගික දුප්පත්කමට කාරදෑසියානු ප්‍රියසාද්ලා සරදම් කරනු ඇත.


අනෙක් අතට මේ වනාහී අරගලයේම පිළිඹිබුවකැයි නිර්මාල් දේවසිරියන් නොකියනු ඇත. කොරෝනා වසංගතය කල දරුවන්ට ඉගැන්වීම වර්ජනය කර පඩි වැඩි කරගත් ගුරු උතුමන් නිසා ගෙවල් තුළ හිරවී සිටි දරුවන්ගේ ආතතිය පිට කිරීමට කළ ගෝල්ෆේස් අරගලයේම ප්‍රාථමික දිගුවක් බවට විදර්ශන කන්නන්ගරයන් ව්‍යුහවාදීව තර්ක නොකරනු ඇත. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියා නිර්මාල් දේවසිරියන් ප්‍රකාශ කළ පසු මොකා මොක නටාගත්තත් ඒ ගැන කිසිවෙකුට ප්‍රශ්න කළ හැකිද!


දේවසිරියන් තවදුරටත් වදාළ ආකාරයට අරගලකරුවන් විසින් “සුසමාදර්ශී දේශපාලන සංස්කෘතියක්” නිර්මාණය කර තිබේ. ලාංකේය “සුස්මාදර්ශයේ” සීමා නිර්ණක තීරක තැන්පත් නිර්මාල් දේවසිරියන් නූතන සමාජයට එසේ දේව විනිශ්චය දෙද්දී ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ මුඛ පූට්ටු වී ඇත්තේ ජාතියේ පංචායුධය විමල් වීරවංශයන් කට ගොන්නක් බීගෙන ජැක්සානියානු තිරිංගයන්ගෙන්ද අනූනව මෙයට නොදෙවෙනි ප්‍රසංගයක් පා ජාතිකවාදීන් කුල්මත් කර සතියක්වත් ඉක්ම ගොස් නැති නිසාය.


උමන්දාවේ භද්‍රයන් වුවත් මේ නැටුමට කිසිවක් නොකියන්නේ උන්වහන්සේ නිතර අනුශාසනා කරන පරිදි නැති සිල් බොරුවට පෙන්විය යුතු නැති නිසාය. “මෙසේ නැටීම සැබැවින්ම හොඳ වන්නේ එයින් ඔය දිය රෙදි ඇඳගෙන නාන ගොඩේ ගැහැණුන් සමග ප්‍රේමාලිංගන දැමීම නෝන්ඩි වැඩක් කියා අනාගත පරම්පරාවට ඒත්තු යන නිසාය” කියා සාධාරණය කිරීම බුදුන්ට ඌරු මස් කවා තමන්ගේ මස් පෙරේතකම සාධාරණය කර ගන්නවාට වඩා පහසුය.



අනෙක් අතට රෙදි කඩාගෙන නටන මේ පිරිමි සර්ලා ටික ඇත්තටම රෙදි කඩා දමන්නේ “අනේ අපොයි අපේ දුප්පත් පාසල් ළමුන් කන්න නැතිව සිහිසුන්ව වැටෙනවා” කියමින් රෙදි උස්සගෙන නටන ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන්ගේය. මේ දිනවල දිගට හරහට එළියට එන පාසල් ඩීජේ නැටුම් වීඩියෝ පුවත් අර මන්දපෝෂණ මුසාවට එරෙහිව දියත් කළ “ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියා කපන මාධ්‍ය ව්‍යාපෘතියක් නොවේ” යැයි සම්මානනීය මාධ්‍යවේදී අලව්හිසි චතුරයා උදේට නොකියනු ඇත.

“උගැන්ඩාවට ඩොලර් ට්‍රිලියනයක් පැටවූ නිසා රට බංකොලොත් වෙලා අපිට පාන් කියාගන්න බැහැ” කියන නමුත් මහා කෝපයෙන් පරුෂ වදන් කීමට පණැති ෆේස්බුක් හී අරගල කරන ලකේ ආර්ථික ඔස්තාර්ලා පවා මේ නැටුම නොදැක්කා සේ සිටිනු ඇත. “රටම බංකොලොත් වී තිබෙද්දී තබා අප කුඩා කළ චන්ද්‍රිකා සිරිමැතිනියන්ගේ ආනුභාවයෙන්  පාන් ගෙඩිය තුනයි පනහට දෙද්දීවත් පාසල් ගුරුවරු සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහෙම පාඨ සාලා ආතල් ගත්තේ නැහැනේ” කියා ඔවුන් යටි සිතින් සිතනු ඇත.

සංස්කෘතියේ කෑලි එකින් එක කඩා බලන්නට ගිය ඉරාජ් වීරරත්නයන්ටත් මෙය හොඳ පාඩමකි. ඔක්කොම කැඩිය යුතුය. බෞද්ධ සිංහල ශිෂ්ටාචාරය සහස්‍ර දෙකක් තිස්සේ ඉතා අමාරුවෙන් උගත් සියලු පාඩම් පොත් රාක්ක පිටින් පුළුස්සා දැමූ පසු කිසිදු චින්තන පදනමක් නැති ගුරුගෝල පරම්පරාවක් දැන් හැදී තිබේ. මා පුල පුලා බලා සිටින්නේ මේ රෝන්ග් ජෙනරේටර් වීර දූ පුතුන් අනුර කුමාර අධිරාජයන් සමග මේ රට ශිෂ්ටාචාරයෙන් මුසපත් කරන තෙක්ය.


ධර්මය අපට මග වේවා!


ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 ඔක්තෝබර් 12  

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...