The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දැන ගත්තා!!! දැන ගත්තා!!! - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 17, 2022 • 5:07 AM

දැන ගත්තා!!! දැන ගත්තා!!! - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩවුන් කරන්න යොදාගන්න දෘෂ්ටියක්.
  • මේ දෘෂ්ටිය සැබැවින්ම ලාංකික බෞද්ධයාට විශේෂ වූවක් නොවන බව තේරුම් යන්නේ “විද්‍යාව සහ ආගම්” අතර තිබෙන ගෝලීය කතිකාව ගැන දැනුවත් වීමත් සමගයි.
  • සියවස්වල එකල යුරෝපයෙන් ඇරඹෙන ඊනියා විද්‍යා පුනරුදය සහ පල්ලියේ ආගම අතර ඇතිවන අර්බුදය විසින් මේ දෘෂ්ටිය නිර්මාණය වූ බව පේනවා.
  • යටත් විජිත යුගයේ එම දෘෂ්ටිය එකල ලංකාවට පැමිණෙන්නට ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඩවුන් කරන්න යොදාගන්න දෘෂ්ටියක්. උච්ඡෙද දෘෂ්ටි සස්සත දෘෂ්ටි වගේම සත්‍යය මාර්ගය වහන දෘෂ්ටියක්.


මේ දෘෂ්ටිය ලාංකික බෞද්ධයා තුළ මෑත කාලයේ ප්‍රචලිත කිරීමට සෑහෙන්න දායක වූ අයෙක් තමයි නලින් ද සිල්වා මහතා. ඉලෙක්ට්‍රෝන සහ කාක්ෂික වැනි අදහස් ඇසුරෙන් එතුමා සිදු කළ පුවත්පත් වාද මා කුඩා කල මහත් උනන්දුවෙන් කියවා තිබෙනවා. බුදුදහම සහ විද්‍යාව සම විසම වන අයුරු පිළිබඳව පාසල් දහම්පාසල් විවාදවල මා වාද කර තිබෙනවා. ඒවා බොළඳ කතා.


මේ දෘෂ්ටිය සැබැවින්ම ලාංකික බෞද්ධයාට විශේෂ වූවක් නොවන බව තේරුම් යන්නේ “විද්‍යාව සහ ආගම්” අතර තිබෙන ගෝලීය කතිකාව ගැන දැනුවත් වීමත් සමගයි. “විද්‍යාවෙන් දෙවියන්වහන්සේ පැහැදිලි කරන්නට බැරිය” යන දෘෂ්ටිය ඉතාම දැඩිව තිබෙන්නේ කතෝලික ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික කලාපයේ යැයි කීම නිවැරදියි. වෙනත් විදිහකින් කිව්වොත් මේ දෘෂ්ටිය ඊනියා “බටහිර” සංකල්පයක්.

 

16-17 සියවස්වල එකල යුරෝපයෙන් ඇරඹෙන ඊනියා විද්‍යා පුනරුදය සහ පල්ලියේ ආගම අතර ඇතිවන අර්බුදය විසින් මේ දෘෂ්ටිය නිර්මාණය වූ බව පේනවා. යටත් විජිත යුගයේ එම දෘෂ්ටිය එකල ලංකාවට පැමිණෙන්නට ඇති. එයම පසුව බුදුදහමටත් යොදාගත් බව පේනවා.

 

දෘෂ්ටියක් කියන්නේ දැඩි විශ්වාසයක්. බොහෝ විට පදනමක් නැති විශ්වාසයක්. පුද්ගලික මතයක්. අනුමාන අදහසක්. කවුරුහරි කියපු නිසා හෝ පොතක ලියා තිබූ නිසා හෝ ඇති කරගත් ඇදහීමක්. උදාහරණයක් ලෙස “මරණින් මතු පවතින ආත්මයක් ඇත” යන්න එවැනි දෘෂ්ටියක්. ඒ වගේම එවැනි “ආත්මයක් නැත” යන්නත් එවැනිම දෘෂ්ටියක්. ඒ දෙකටම කිසිදු පදනමක් නැහැ. ඔබ දන්නේ නැහැ එහෙම තියෙනවද නැද්ද කියා. ඒ නිසා ඒවා නොදැන ගන්න දෘෂ්ටි.


මේ දෘෂ්ටිය විසින් ලාංකික බෞද්ධයාට කිසියම් අස්වැසිල්ලක් ලැබෙනවා. බොහෝ ලාංකික බෞද්ධයන් බුද්ධ ධර්මය ලෙස ගන්නේ පාසලේ හෝ දහම්පාසලේ උගන්වන ටික පමණයි. එහෙම නැත්නම් රේඩියෝ රූපවාහිනී වැඩසටහන්වල කියන බණ. එහෙමත් නැත්නම් කිසියම් අයෙකු විසින් “ධර්මය මේ” යැයි ලියන ලද ජනප්‍රිය පොතක්. බොහෝ දෙනා ත්‍රිපිටකය කියවාවත් නැහැ. බොහෝ කතෝලිකයන් වුණත් බයිබලය කියවා නැහැ. බොහෝ මුසල්මානුවන් වුණත් කුරානය කියවා නැහැ.


Students engaged in practical exercises in the laboratory of the Hakmana Methodist Central College, Tuesday, 2 September, 2014. The Hakmana Methodist Central College main building with laboratories, a library, administrative areas, a water tank, the main entrance and renovated buildings is an ADB supported project that serves more than 5000 students in Hakmana, Sri Lanka.


අනෙක් පැත්තෙන් බොහෝ ලාංකිකයන් නූතන විද්‍යාත්මක දැනුමෙන් මොටයි. පාසලේ උගන්වන විද්‍යාව පවා බොහෝ ශිෂ්‍යන්ට නිවැරදිව තේරුම් ගන්න බැහැ. ජෛව පරිණාමය ගැන ඇහුවොත් කීයෙන් කී දෙනෙකුට එය පැහැදිලි කරන්න පුළුවන්ද?   ලංකාවේ විද්‍යා උපාධිදාරීන් ඉන්නේ අල්පයයි. ලෝකයේ විද්‍යා දැනුමට ලංකාවේ ඊනියා විද්‍යාඥයන්ගේ දායකත්වය නොසැලකිය හැකි තරම් කුඩායි. ඒ වුණාට ආඩම්බරකම නම් තියෙනවා මදි පාඩුවට.


ඒ නොහැකියාව වහගන්නත් ලාංකික බෞද්ධයා ඉහත දෘෂ්ටිය පළිහක් ලෙස භාවිතා කරනවා. ඒ කියන්නේ ධර්මයේ හෝ විද්‍යාවේ හෝ කිසිවක් ඔවුන්ට තේරුම් ගන්න බැරි නම් ඔවුන් “විද්‍යාවෙන් බුදු දහම පැහැදිලි කරන්නට බැරිය” කියා ඉක්මණට ගැලවෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. මොකද ප්‍රස්තුත විද්‍යාත්මක කාරණය දන්නෙත් නැහැ. එයට ධර්මයෙන් පිළිතුරක් දෙන්න දන්නෙත් නැහැ. ඉතින් මේ දෘෂ්ටිය දාලා ගැලවෙන එක පහසුයි.

 

මේ දෘෂ්ටිය විසින් ලාංකික බෞද්ධයා පමණක් නොවෙයි, අනෙකුත් ආගමිකයන් පවා ඔවුනොවුන්ගේ කොමෆර්ට් සෝන් එකක තබා තිබෙනවා. ඒ සෝන් එක ඇතුළේ ඔවුන්ට ආරක්ෂාව තිබෙනවා. මෙවැනි සමාජයක බුද්ධ ශාසනය පවත්වා ගැනීමට එය ප්‍රායෝගික ක්‍රමයක්. විස පොහොර දුන්නේ නැහැ කියා ඝාතනය කරන්න එන සමාජයට ධර්මය සහ විද්‍යාව තේරුම් කරන්නට යෑම භයානකයි. ඒ නිසා මේ දෘෂ්ටිය මේ ආකාරයට පවත්වා ගැනීම එක පැත්තකින් සාධාරණයි.

 

සැවැත්නුවරදී දවසක් බුදුන්වහන්සේ හමුවට එන භික්ෂුවක් අහනවා මෙහෙම: “ස්වාමීනී, විද්‍යා විද්‍යා කියා හැමෝම කියනවා. මොකක්ද හැබෑට ඔය විද්‍යා කියන්නේ?”


බුදුන්වහන්සේ පිළිතුරු දෙනවා මෙහෙම: “රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ කියන ඒවා පිළිබඳව දැන ගැනීම, ඒවායේ නැතිවීම පිළිබඳව දැන ගැනීම සහ ඒවා නැති කරන ප්‍රතිපදාව දැන ගැනීම තමයි විද්‍යා කියන්නේ.”


ඊනියා නූතන විද්‍යාවත් ඕකම තමයි. හැම දෙයකම “දැන ගැනීම”.


ධර්මය අපට මග වේවා!



ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...