The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රසිකොලොජි : 666 - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 13, 2022 • 9:22 AM

රසිකොලොජි : 666 - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයාගේ මේ වීඩියෝවේ එයා කියනවා එහෙම බදු අඩු කරන බවක් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ නැත කියා.
  • නමුත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 36 සහ 37 පිටුවල පැහැදිලිව මුද්‍රණය කර තිබෙනවා ඒ සිදු කළ බදු සංශෝධන එකින් එක.
  • දැන් මේකෙන් ඔප්පු වෙන්නේ එක්කෝ රසික ජයකොඩිතුමා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා නැහැ.
  • ඒකට හේතුව තමයි ඒ වෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය 2% ට වැටී තිබීම.
අකුරු ප්‍රමාණය (Font Size):

ජයකොඩිතුමා. එයාගේ මේ වීඩියෝවේ එයා කියනවා එහෙම බදු අඩු කරන බවක් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ නැත කියා. නමුත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 36 සහ 37 පිටුවල පැහැදිලිව මුද්‍රණය කර තිබෙනවා ඒ සිදු කළ බදු සංශෝධන එකින් එක.

 



දැන් මේකෙන් ඔප්පු වෙන්නේ එක්කෝ රසික ජයකොඩිතුමා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා නැහැ. එහෙම නැත්නම් එය කියවා දැන දැනම බොරු කියා තිබෙනවා. ඒ දෙකෙන් මොක වුණත් එයා කළේ මේ රටේ ජනතාව නොමග යැවීමයි. විශේෂයෙන්ම එයාගේ කතා අහන බොළඳ තරුණයන්ව ඔහු ලස්සනට අන්දලා තිබෙනවා.

බදු අඩු කරන්න කියා කවුරුවත් කිව්වේ නැහැ කියා රසික කියනවා. එයාට කවුරුවත් කියන්නේ නැහැ තමයි. බදු අඩු කරන්න කියා කිව්වේ ගෝඨාභයටයි. දේශීය ව්‍යවසායකයන්, වෘත්තිකයන් සහ මහජනතාව බදු අඩු කරන්න කියා ඉල්ලුවේ ගෝඨාභයගෙන්. ඒකට හේතුව තමයි ඒ වෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය 2% ට වැටී තිබීම. ඔවුන් ඉල්ලා සිටියේ බදු අඩු කරලා දේශීය ආර්ථිකයට ඉක්මන් බූස්ට් එකක් දීලා රටේ ආදායම වැඩි කරගනිමු කියලයි. ඒ ඉල්ලීම තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ. මේ රටේ ලක්ෂ හැටනවයක් මිනිස්සු ඡන්දය දුන්නේ බදු අඩු කරන්න තමයි.

 

ඒ අනුව රසික ජයකොඩිතුමා ඔබට කියා තිබෙන්නේ පට්ටපල් බොරුවක්. ඔබ එයට රැවටිලා ඔබ වෙනුවෙන් බදු අඩු කරපු මනුස්සයට ගෙදර යන්න කිව්වා. දැන් රසිකට ඕන දේ වෙලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන විදිහට ඔන්න බදු ගහනවා. ඒ අනුව භාණ්ඩ මිල වැඩිවෙලා. දැන් ඔන්න ඔබේ වැටුපටත් හොඳ බද්දක් ගහනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ සියල්ල අරගලයේ ජයග්‍රහණ. ඔය ලක්ෂ ගණන් පඩි ගත්ත මධ්‍යම පාන්තික අරගලකරුවන්ගේ දෙමව්පියන් මේවට පළි නැහැ!

 

ආර්ථික අර්බුදය ආවේ බදු අඩු කළ නිසා නොවෙයි. 2020 ආණ්ඩුව සැලසුම් කළ බදු ආදායම ඉපැයුවා. රසික කියන ගණන් හිලව් ඔක්කොම බොරු. අපිට තිබුණේ "විදේශ විනිමය" හිඟයක්. ඒකට හේතුව තමයි වසංගතය තිබුණු වසර දෙකේ ඩොලර් බිලියන 9 කට වැඩි විදෙස් සංචාරක ආදායම සම්පූර්ණයෙන්ම අහිමිවීම සහ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ රැකියා අහිමිවීම නිසා ප්‍රේෂණ අඩුවීම. ඒ අතර “ඩොලර් එවන්න එපා” කියලා ජවිපෙ කරපු දේශපාලන ප්‍රොපගැන්ඩා එකත් බලපෑවා.

ඒ නිසා තමයි පිටරටින් ආනයනය කළ යුතු ගෑස් සහ තෙල් ඉන්ධන හිඟයක් ආවේ. දැන් මොකක්ද මේකට විසඳුම? ලිං කටින් වැටිච්ච මිනිහා ගොඩ එන්න ඕනා ලිං කටින්මයි. විසඳුම තමයි කොහොමහරි නැවත අපේ සංචාරක ආදායම ඉක්මණින් උපරිමයට ගේන එකත් අපේ ආනයන වියදම් පුළුවන් තරම් අඩු කරන එකත්. ඒක තමයි ගෝඨාභය-බැසිල්-කබ්‍රාල් කළේ. තාවකාලික කටුවක් කාලා අසල්වැසි රටවලින් කෙටිකාලීන සහනාධාර අරගෙන නැවත ආර්ථිකය යථා තත්ත්වයට ගේන එක තමයි සැලසුම වුණේ. ඒ සැලසුමට අනුව ගියා නම් මෙලහකට විදේශ විනිමය අර්බුදය විසඳිලා.

ඒත් මේ රසිකලා හර්ෂලා ධනනාත්ලා සමරජීවලා වගේ ආන්තික ධනවාදී ධනපති අතකොළු මොකද කළේ? ඒ සැලසුම එහෙම් පිටින්ම කඩාකප්පල් කළා. බේබදු විමල්, ගම්මන්පිළ, වාසු ගෙවිඳු කල්ලිය ආණ්ඩුව කඩලා දේශපාලනිකව අස්ථාවර කළා. අරගලකාරයෝ රට ගිනිතියලා යන්තම් ඔළුව උස්සපු සංචාරක කර්මාන්තය නැවත බිමටම වැට්ටුවා. අපිට රටක් හැටියට දෙපයින් නැගිටින්න තිබුණු අවස්ථාව මේ රසික වගේ කුහක අවස්ථාවාදීන් විසින් නැති කළා.

රසික මුලින් හිටියේ මහින්ද රාජපක්ෂ කඳවුරේ. දේශීයත්වය ජාතිකත්වය වෙනුවෙන් ඒ කාලේ මාර කතා කීවා. පස්සේ රනිල්ට එකතු වෙලා ලිබරල් සළු ඇඳගත්තා. ඊට පස්සේ සජිත්ට එකතු වෙලා නොමිනේෂන් ගන්න හැදුවා. බැරි වුණාට පස්සේ දැන් අරගලයේ නායකයන් ටිකට බෝලේ බස්සලා දැලේ දාගෙන ඩයස්පෝරා සල්ලිවලට විකිණෙන ලිබරල් ප්‍රජාතන්ත්‍ර පක්ෂයකින් ඡන්දෙ ඉල්ලන්න හදනවා.

මම නම් කියන්නේ රසිකලා වගේ අයම තමයි පාර්ලිමේන්තු එන්න ඕනා. මොකද මේ රටේ තරුණයන්ව අන්දන්න පුළුවන් හැකියාව තියෙන්නේ රසිකලාට තමයි. කිසිම ප්‍රතිපත්තියක් නැතිව හැරෙන හැරෙන පැත්තට බොරු කියලා තරුණයන්ව නොමග යවලා තියාගන්න පුළුවන් ඔය රසිකලාට තමයි. දත්ත සහ තොරතුරු මත දේවල් තේරුම් ගන්න විභවයක් මේ රටේ තරුණයන්ට නැති බව රසික මට කියලා හිනාවෙලා තිබෙනවා. ඒ තරුණයන්ගෙන් දැන් මම අහනවා “තාමත් මම වැරදිද බ්‍රෝ?” ?


ධර්මය අපට මග වේවා!


ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 ඔක්තෝබර් 13

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...