The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

හුස්ම හිරවෙන ප්‍රේමය – Exit Bag

T

The Leader Desk

December 5, 2021 • 6:17 AM

 හුස්ම හිරවෙන ප්‍රේමය – Exit Bag

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Exit Bag ෆිල්ම් එක ගැන පෝස්ටර් එක දැක්කට ඒක බලන එක පස්සට දදා හිටියෙ ජෝ දිසානායකගෙ කලින් වැඩේ moment මගේ බලාපොරොත්තු කඩකරපු හින්ද.
  • ජීවිතේ අල්ලන නාඩියෙ දුරස් බවකුත් දැනුනා.
  • ඒ හින්දා දෙවෙනි එක බලන්න ඒ තරං උනන්දුවක් ඇතිවුනේ නෑ.
  • අපි දන්නෙ උමතු පිරිමියා කියන සෙක්ස් කතාව විතරයි), තමන් දැන් විඳින ජීවිතය ගැනත්, ඒ වගේම දැන් නරුමයෙක් බවට පත්ව සිටින පෙරදී තමන් බෙහෙවින් ආදරය කළ පෙම්වතා ගැනත් දුක්වෙන හැඟුම්බර ගැහැණියක්.
අකුරු ප්‍රමාණය (Font Size):


හුදු රූපමය සෞන්දර්යයකට සහ තාක්ෂණික හැකියාවකින් ඔබ්බට කතාවක් හරියට කියාගන්න බැරි ගතියක් ඒකෙ තිබුන. ජීවිතේ අල්ලන නාඩියෙ දුරස් බවකුත් දැනුනා. ඒ හින්දා දෙවෙනි එක බලන්න ඒ තරං උනන්දුවක් ඇතිවුනේ නෑ.

ඒත් ෂා, සමනලී මට මේ ෆිල්ම් එකේ ලින්ක් එක එව්වා.


‘මේක බලලා කතා කරන්න දෙයක් තියෙනවා කියල හිතනවා නම් විතරක් ලියන්න..’ එයා මට කිව්වා.

මං ‘හා’ කිව්වා.

Exit Bag මාව පුදුමයට පත් කළා. ඒ වගේ ෆිල්ම් එකක් ලංකාවේ නිර්මාණය වීම ගැන පවා මං ආඩම්බර වෙනවා. ඒක පරිපූර්ණ විශිෂ්ට නිර්මාණයක්.

ෆිල්ම් එක තියෙන්නෙ රිවෙන්ජ් නැත්නම් පලිගැනීමක් ගැන.

මෙතනින් එහා ටික කියෙව්වොත් ෆිල්ම් එක බලන ආතල් එක නැති වෙනවා. ඒ හින්දා ඒක බලලා තියෙන අය විතරක් මෙතනින් පහලට කියවන්න.

ඒක අනිවාර්යයෙන්ම දෙපාරක් බලන්න ඕන ෆිල්ම් එකක්. පලවෙනි පාර කතාවෙ කෙලවරදි තේරුම් ගන්න දේවල් එක්ක ආපහු කතාවෙ මුල ඉඳන් ඩීටේල් කියවන්න ඕන. එතකොටයි ඒක පූර්ණව විඳින්න හම්බුවෙන්නෙ.

මට Exit Bag කියන්නෙ රිවෙන්ජ් පෝර්න් එකක්.

තමන්ගේ බිරිඳ තමන්ගේ නිවසේම වෙන කවුරුන් හෝ සමග රමණය කළ වීඩියෝවක් සැමියා අතේ තියෙනවා. ඒ සිදුවීම ගැන දරුණු වේදනාවකින් සහ පලිගැනීමේ ආස්වාදයකින් සැමියා පෙළෙනවා. තමන් දැඩිව ආදරය කළ ගැහැණිය සහ තමන්ව අමු අමුවේ පාවාදුන් ගැහැණිය (සම්මත මිම්ම අනුව) එකම ශරීරයක පිහිටීමේ දරාගත නොහැකි ට්‍රෝමැටික අත්දැකීමක ඔහු ආතුරව ඉන්නවා.

මේ අතර ගැහැණියගේ සංකීර්ණ මනෝභාවයන් අතර චාරිකාවක අපිව අරන් යනවා. මේ සැමියා කතා කරන වල් ගැහැණිය අපිට චිත්‍රපටියෙ මුනගැහෙන්නෙ නෑ. අපි දකින්නෙ තමන් කළ වරද ගැනත් (ඒ ගැන කිසි දෙයක් අපි දන්නෙ නෑ. අපි දන්නෙ උමතු පිරිමියා කියන සෙක්ස් කතාව විතරයි), තමන් දැන් විඳින ජීවිතය ගැනත්, ඒ වගේම දැන් නරුමයෙක් බවට පත්ව සිටින පෙරදී තමන් බෙහෙවින් ආදරය කළ පෙම්වතා ගැනත් දුක්වෙන හැඟුම්බර ගැහැණියක්.


Samana123 1

 


කතාව පටන් ගන්නෙම ඇගේ ජීවිතය කොයිවගේද කියන එක අපිට සජීවීව විඳින්න පුළුවන් තරමෙ රූප රාමුවකින්. ඇගේ මුහුනට පොලිතින් බෑග් එකක් දාලා හුස්ම හිරකිරීමකින්. එතකොට අපි දකිනවා පූස් පැටියෙක් වගේ ගුලිවෙලා නිදන සැමියෙක්.

කතාව එලිදරව් වෙන්නෙ ටිකෙන් ටික. අපි දකින ලෝකය වෙනස් වෙන්නෙ අපිට නොදැනීම. අන්තිමට බලද්දි අපි මේ බලන් ඉන්නෙ වධකාගාරයක් දිහා. ගැහැණියක් තමන්ගේ කැමැත්තෙන් කළ රමණයක වරදට පිරිමියෙක් විසින් ඇයව ජීවිතාන්තය දක්වා වධයට නියම කරලා තියෙනවා.

ඒත් ෆිල්ම් එක යන්නෙ තියරි උඩ නෙමෙයි. ඒ වෙනුවට නිශ්චිත නැති, වරින්වර මාරුවෙන, හැඟීම් කුනාටු අතර ඉන්න මිනිස්සු දෙන්නෙක් අතර.

සමනලීගේ සහ රන්දිකගෙ රංගනය අතිවිශිෂ්ටයි. ඒ සංකීර්ණ සියුම් හැඟීම් ප්‍රකාශ කිරීම් මයිල් කෙලින් කරනසුලුයි. ඒ චරිතවලට කළ හැකි උපරිම සාධාරණයක් මේ නළුනිළි දෙපල විසින් කරනවා. ඕන නම් ලේයර්වලට ගලවමින් කතා කරන්න පුළුවන් තරමෙ බඩු ඒ චරිත තුල පේනවා.

අනික කැමරාව. රූප රාමු අනායාසයෙන්ම භාවය විසින් ඉල්ලන තැන පිහිටනවා. බොරු ආයිත්තම් නෑ. වර්ණ හැඩතල, රාමුවේ ප්‍රමාණය, චලනය හැමදෙයක්ම කතාවේ කොටසක්.

ෆිල්ම් එකේ සංගීතය පාවිච්චි වෙන්නෙ අවසාන දර්ශනයෙදි විතරයි . එතකල් අපි ඉන්නෙ හිස්කම සහ සද්ද බද්ද එක්ක. සංගීතය නිකංම රසකාරකයක් විදිහට පාවිච්චි වෙනවා වෙනුවට තවත් යටිපෙල වියමනක් හැටියට මෙහෙයවෙනවා. ඒකෙන් ෆිල්ම් එක විශාල වෙනවා.

බිරිඳ ෆිල්ම් එකේ අන්තිමට විතරක් හිනාවෙනවා. එතෙක් ඇය සිරකොට ගසා ඇති බඳු කම්බි දැල ඈ වීණාවක් වගේ වයනවා.

Chintha 12 1
මේ ලිංගික ඊර්ෂ්‍යාව ගැන කතාව මාව කම්පනය කරපු ලංකාවේ රිවෙන්ජ් පෝර්න් එකක් එක්ක මාව ගැටගහනවා. ඒ පසුබිම් කතාවත් මේකමයි.

පෙම්වතා විසින්ම ලීක් කරන්න ඇතැයි හිතන්න පුළුවන් ඒ පෝර්න් එක මාව තිගැස්මකට ලක් කළා. ඒ කවුරු හෝ හරි හෝ වැරදි කියන අදහසින් නෙමෙයි . ඒ පෝර්න් එක ඇතුලෙ මං දැකපු මිනිස් හැගීම් පොදිය හින්ද. ඒ චරිතවලට වෙන හානිය නොවේනම් ඒ ක්ලිප් එක ඉදිරියෙන් සහ පසුපසින් ටයිට්ල් කීපයක් දැමීමෙන් විශිෂ්ට කෙටි චිත්‍රපටයක් කරන්න තිබුන. ඒ තරම් සංකිර්ණ මිනිස් භාවයන් අපිට ලියලා රූගත කරලා අල්ලන්න බෑ කියලයි මට හිතුනෙ. Exit Bag ඒ අත්දැකීම ඊට වඩා ගැඹුරු සෞන්දර්යාත්මක අත්දැකීමකට ගෙනියනවා කියලයි මට දැනුනෙ.


ප.ලි – සැමියා විසින් බිරිඳට පහරදෙන සීන් එක ගැන යමක් නොලියා අවසන් කිරීම අසාධාරණයක්. ඒක ලංකාවේ මං චිත්‍රපටයක මෙතෙක් දැකපු දරුණුම ප්‍රචණ්ඩ දර්ශනය වග කියන්න ඕන. ඒක බලන්න අමාරු තරම් රිදෙන්න කරලා තියෙනවා.


Chinthana D


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
(උපුටා ගැනීම - facultyofsex.com)

 

THE  LEADER  TV
 
 

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

පිස්සුකුට්ටයා පිටුපස ඉන්න පිස්සා මැදමුලනේ !| මොණරවිලගේ ලියමන  

 

 
ස' Tool මාරු කරයි! ගොඩයයිද?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...