The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

FactCheck.lk ගෙන එන Budget Check 2023

T

The Leader Desk

November 17, 2022 • 4:13 PM

FactCheck.lk ගෙන එන Budget Check 2023

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර තෙවැනි වතාවටත් අයවැය කතාවෙහි ඇතුළත් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කරන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 2023 අයවැය කතාවට අදාළව කරුණු පිරික්සීම් ඉදිරිපත් කරමිනි.
  • FactCheck.lk විසින් අයවැය කතාවෙහි ඇතුළත්ව තිබූ ප්‍රකාශයන් හතක් වෙනුවෙන් කරුණු පිරික්සීම් සිදු කරන ලදි.
  • ඒ අනුව, මින් ප්‍රකාශයන් 4 ක් නිවැරදි බවත්, ඉතිරි ප්‍රකාශයන් 3 තරමක් නිවැරදි බවත් හඳුනා ගන්නා ලදි.
  • Budget Check 1: ප්‍රකාශය: අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ බදු මගින් ලැබෙන රාජ්‍ය ආදායම ඉතා අඩු අගයක් ගන්නා බැවින් සෞඛ්‍ය, අධ්‍යාපන හා අනෙකුත් වැදගත් ක්ෂේත්‍ර වෙත සම්පත් වෙන් කිරීම දුෂ්කර වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙවර තෙවැනි වතාවටත් අයවැය කතාවෙහි ඇතුළත් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කරන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 2023 අයවැය කතාවට අදාළව කරුණු පිරික්සීම් ඉදිරිපත් කරමිනි.

FactCheck.lk විසින් අයවැය කතාවෙහි ඇතුළත්ව තිබූ ප්‍රකාශයන් හතක් වෙනුවෙන් කරුණු පිරික්සීම් සිදු කරන ලදි. ඒ අනුව, මින් ප්‍රකාශයන් 4 ක් නිවැරදි බවත්, ඉතිරි ප්‍රකාශයන් 3 තරමක් නිවැරදි බවත් හඳුනා ගන්නා ලදි.

Budget Check 1:

ප්‍රකාශය: අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ බදු මගින් ලැබෙන රාජ්‍ය ආදායම ඉතා අඩු අගයක් ගන්නා බැවින් සෞඛ්‍ය, අධ්‍යාපන හා අනෙකුත් වැදගත් ක්ෂේත්‍ර වෙත සම්පත් වෙන් කිරීම දුෂ්කර වී ඇත.

කරුණු පිරික්සීම: සෞඛ්‍ය හා අධ්‍යාපන යන අංශයන් වෙනුවෙන් සිදු කරන ලද වියදමට සාපේක්ෂව වැඩි මුදලක් ආරක්ෂක සහ මහාමාර්ග යන අංශයන් වෙනුවෙන් මධ්‍යම රජය විසින් වියදම් කර ඇත. එබැවින්, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන අංශයන් වෙනුවෙන් වඩා අඩු මුදලක් වියදම් කිරීම මගින් පිළිබිඹු වනුයේ ප්‍රතිපත්තිමය වශයෙන් ඒ වෙත ලබා දෙන අඩු ප්‍රමුඛතාව වන අතර, එය අඩු ආදායමට පමණක් බැර කළ නොහැක.

නිගමනය: තරමක් නිවැරදියි

අංක 1 ප්‍රදර්ශිතය: දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස සෞඛ්‍ය, ආරක්ෂක සහ අධ්‍යාපන අංශ වෙනුවෙන් සිදු කරන ලද වියදම්

chek1



Budget Check 2:

ප්‍රකාශය: ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය එ. ජ. ඩොලර් බිලියන 3.1 යි.

කරුණු පිරික්සීම: 2021 අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත එ.ජ.‌ ඩොලර් බිලියන 3.1 ක් ලෙසත් 2022 ඔක්තෝබර් අවසානය වනවිට එ.ජ.‌ඩොලර් බිලියන 1.7 ක් ලෙසත් වාර්තා විය. එය එසේ වුවත්, මීට පෙර සිටම පැවති, නැවත වර්ගීකරණය කරන ලද එ.ජ.‌ ඩොලර් බිලියන 1.4 ක (¥ බිලියන 10 ක) චීන යුවාන් මත පදනම් වූ මුදල් හුවමාරු පහසුකමක් ද මෙම වාර්තාකරණයට ඇතුළත් කර ඇති නමුදු එය සංචිත සඳහා වන ජාත්‍යන්තරව පිළිගත් නිර්වචනය හා නොගැලපේ.


නිගමනය: තරමක් නිවැරදියි

මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා

 

Budget Check 3:

ප්‍රකාශය: මේ වෙද්දි අපි රාජ්‍ය ආයතන හා ව්‍යවසායයන් 420ක් නඩත්තු කරනවා. ‌ මෙයින් ප්‍රධාන ව්‍යවසායයන් 52 ක වසරක පාඩුව රුපියල් බිලියන 86 ක්.

කරුණු පිරික්සීම: 2021 වසරේදී, රජය සතු ප්‍රධාන ව්‍යවසායයන් 52 ක ශුද්ධ පාඩුව රුපියල් බිලියන 86 ක් විය. 2019 සහ 2020 වසරවල දී, මෙම රජය සතු ව්‍යවසායයන් හි ශුද්ධ ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 4 ක් සහ රුපියල් බිලියන 34 ක් ලෙස වාර්තා විය. 2022 වසරේ පළමු මාස හතර තුළ මෙම ව්‍යවසායයන්ගේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 859 ක් විය.


නිගමනය: නිවැරදියි

අංක 1 වගුව: ප්‍රධාන රජයේ ව්‍යවසායයන් 52 ක ශුද්ධ ලාභය/(අලාභය). (රුපියල් බිලියන)

chek2.png

මූලාශ්‍ර: මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා, මුදල් අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2022




Budget Check 4:

ප්‍රකාශය: 2021 වසරේදී ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3% දක්වා විශාල ලෙස අඩු වී තිබෙන අතර එය ලෝකයේ අඩුම අගයන්ගෙන් එකක් වෙනවා.

කරුණු පිරික්සීම: ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාවේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 8.7% ක් විය. එසේ වුව ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවන්ට අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාව, රටවල් 190ක් අතුරින් අඩුම ආදායමක් වාර්තා කළ රටවල්වලින් සත් වැනි තැන පසු විය.


නිගමනය: තරමක් නිවැරදියි

අංක 1 වගුව: රජයේ ආදායම ද්.දේ.නි. ප්‍රතිශතයක් ලෙස

chek4 මූලාශ්‍රය: වර්ල්ඩ් ඉකනොමික් අවුට්ලුක් (ලෝක ආර්ථික පුරෝකථනය, World Economic Outlook), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

 

  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා ඇස්තමේන්තු ඇතුළත් වේ.

 

Budget Check 5:

ප්‍රකාශය: එම නිසා රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් ඔවුන්ගේ (රාජ්‍ය සේවකයන්) වැටුප් හා වේතන වෙනුවෙන් වැය කළ යුතු වෙනවා.

කරුණු පිරික්සීම: මුළු රාජ්‍ය ආදායමයෙන් සහ ප්‍රදානයන්වලින් වැඩි කොටසක් රජයේ වැටුප් හා වේතන වෙනුවෙන් වැය වී ඇත: 2021 දී එය 57.8% ක් වූ අතර, 2022 දී 47.5% ක් ලෙස පුරෝකථනය කර ඇත.

නිගමනය: නිවැරදියි

මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව

 

Budget Check 6:

ප්‍රකාශය: කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමට අප වෙහෙස මහන්සි වී වැඩ කළත්, නිසි ලෙස ගබඩා නොකිරීම සහ ප්‍රවාහනය කිරීමේ ප්‍රශ්න වැනි විවිධ ප්‍රශ්න නිසා අපගේ නිෂ්පාදනයෙන් 30% කට වඩා අහිමි වේ.

කරුණු පිරික්සීම: පළතුරු සහ එළවළු හා සම්බන්ධ පසු-අස්වනු වගා හානිය 30-35% අතර වන බව දැනට පවතින දත්ත අනුව පෙනී යයි (2019). මේ සඳහා ප්‍රධානතම් හේතුව ලෙස ප්‍රවාහනයේදී සුදුසු අයුරින් පළතුරු සහ එළවළු අසුරා නොතිබීම යන්න හඳුනා ගෙන ඇත.


නිගමනය: නිවැරදියි

මූලාශ්‍රය: ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව - 2019



Budget Check 7:

ප්‍රකාශය: දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාරයන්හි අනුමත ධාරිතාවය 13,241 ක් වේ. එහෙත් දැනට සිටින සමස්ත රැඳවියන් ප්‍රමාණය (සැකකරුවන් ද ඇතුළුව) 25,162 කි.

කරුණු පිරික්සීම: අයවැය කතාවෙහි උපුටා දක්වා ඇති සංඛ්‍යාලේඛන 2020 වසරට අදාළ වන අතර (බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නවතම දත්ත), ඒ අනුව බන්ධනාගාරයන්හි මුළු ධාරිතාව 13,241 ක් විය. එමෙන්ම, වරදකරුවන් වූ + මෙතෙක් වරදකරුවන් නොවූ පුද්ගලයින්ගේ දෛනික ජනගහනයේ සාමාන්‍යය 25,991 ක් විය.


නිගමනය: නිවැරදියි

අංක 3 වගුව: බන්ධනාගාරයන්හි ධාරිතාව සහ දෛනික ජනගහනයේ සාමාන්‍යය (2016-2020)



chek7මූලාශ්‍රය: ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සංඛ්‍යාලේඛන, වෙළුම. 40 - වසර 2021


FactCheck.lk වෙරිටේ රිසර්ච් පර්යේෂණාතනය විසින් පවත්වා ගෙන යනු ලබන පර්යන්තයකි.

මෙවැනිම තවත් කරුණු පිරික්සීම් කියැවීම සඳහා www.factcheck.lk ඔස්සේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...