The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පියුමිව අල්ලන්න ආසද? - Faculty of Sex

T

The Leader Desk

June 2, 2021 • 4:50 PM

පියුමිව අල්ලන්න ආසද? - Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහුගිය දවසක කොරොනා මැද චන්දිමාල්ගෙ අර මහා බර්ත්ඩේ පාටිය ටිකක් පොඩියට සමරපු සිද්ධියක් එලියට ආවා.
  • ඒක නිසා පියුමි යන පාටියක්, පියුමිගෙ අලුත් ෆොටෝ එකක් කියන්නෙ මාත් ඇතුලුව රටක්ම ආස්වාදය ලබන දේවල්.
  • පියුමිව පනිෂ් කරන්න ඕන හින්ද.    ඒ පෝස්ට් හදන, චෝදනා කරන හැමෝම මටත් වඩා පියුමිට ආශාවෙන් මත්වුනු අය.
  • ඒක ගෞරවය ආදරය ඇතුලෙන් එන රාගයක් නෙමෙයි.      යමක් ෆැන්ටසියක් ඇතුලට අරගෙන ඒක රසවිඳින්න දන්නෙ නැති ප්‍රාථමිත මිනිස් මනසක ඇතිවෙන සාපරාධී කාමුකත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඒ ගැන චන්දිමාල් එක්ක පියුමි හංසමාලිව අත්අඩංගුවට අරන් රුපියල් මිලියනයක් වගේ ගානක ඇප මත මුදාහැරියා කියල ප්‍රවෘත්ති පලවුනා.
 
 ඔන්න ඊට පස්සෙ ෆේස්බුක් එකේ පියුමි අල්ලන රැල්ලක් හැදුනා. පියුමිව නිදහස් කරපු එක කොරොනා මැද්දෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ වුනා. කොහොමද මේක වුනේ?
 
මුලින්ම කියන්න ඕන නිරෝධායන නීති කැඩුවා කියල මිනිස්සු හිරේ දානවට මං විරුද්ධයි. දඩයක් වගේ දේකින් ඒක ඉවර වෙන්න ඕන. 
 
සම්පූර්ණයෙන්ම අසාර්ථක රජයක් යටතේ මිනිස්සුන්ට කන්න වෙලා තියෙන පරිප්පුවට ආයිමත් උන්වම වැරදිකාරයො කරන එක රටක යුක්තියක් නෙමෙයි. ලොක්ඩවුන් කියන්නෙ හැම මිනිහෙකුටම සනීපෙන් ගෙදර ඉන්න පුළුවන් තත්වයක් නෙමෙයි.
  
ඉතින් මං නිරෝධායන නීති කැඩුවයි කියල මිනිස්සුන්ව කරන හැම බලහත්කාරයකටම විරුද්ධයි. පියුමි හිරේ දැම්මා නං ඊටත් වඩා විරුද්ධයි.
 
පියුමි හංසමාලි කියන්නෙ මං ලංකාවෙ ආදරේම කරන ගැහැණියක්. ලංකාවෙ ඉන්න එකම සරාගී නිළිය පියුමි. 
 
dfsdtr4h
සුමනා ගෝමස් - පියුමි හංසමාලි
 
 
සුමනා ගෝමස්ට පස්සෙ අපේ රටට එහෙම ශෘංගාර ගැහැණියක් හිටියෙ නෑ. ඒක නිසා පියුමි යන පාටියක්, පියුමිගෙ අලුත් ෆොටෝ එකක් කියන්නෙ මාත් ඇතුලුව රටක්ම ආස්වාදය ලබන දේවල්. ඉතින් ඒ ශෘංගාරය නිර්මාණය කරන ගැහැණිය ගැන මට තියෙනවා ගෞරවයක්.
 
fgghv හරි නම් ඇඟිල්ල දික්වෙන්න ඕන ඒ පාටිය තිබ්බ තරු හතේ ෂංග්‍රිල්ලා හෝටලයට 
 
 
මේ වරදට හරි නම් ඇඟිල්ල දික්වෙන්න කොතනටද? ඒ පාටිය තිබ්බා කියන හෝටලේට. මිනිස්සුන්ට වඩා ආයතන නීතිය රකින්න බැඳිලා ඉන්නවා. ඒත් කිසි පෝස්ට් එකක් ඒ ගැන මං දැක්කෙ නෑ. ඊට පස්සෙ එතන චන්දිමාලුත් ඉන්නවා. ඒත් චන්දිමාල් මාතෘකාවක් වෙන්නෙත් නෑ. 
 
Screenshot 228x495පියුමි සහ පියුමිගේ තන් තමයි වැරැදිකාර වෙන්නෙ.
 
ඇයි පියුමිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියල කියන්නෙ? පියුමිව පනිෂ් කරන්න ඕන හින්ද. 
 
ඒ පෝස්ට් හදන, චෝදනා කරන හැමෝම මටත් වඩා පියුමිට ආශාවෙන් මත්වුනු අය. හැබැයි ඒ ගොල්ලො සතුටු වෙන්නෙ තමන්ගේ ආශා වස්තුවට ප්‍රසිද්ධියේ අපහාස කරලා. 
 
මේක ඉරොතින් හියුමිලියේෂන් නෙමෙයි, පබ්ලික් හියුමිලියේෂන්. ඒ ආශා වස්තුව ප්‍රසිද්ධියේ නිරුවත් කරලා.
 
අර ජේසුගෙ ප්‍රසිද්ද කතාවක් තියෙනවනෙ ගණිකාවකට ගල්ගැසීමක් ගැන. එතනදි ඒ ගැහැණිය එක්ක රමණය කළ උන්ම තමයි ගල් ගහන්න අත් උස්සන්නෙ. ඒක සදාචාරය කින්ක් එකක් විදිහට පාවිච්චි කරන අහිතකර කාම තෘප්තියක්.
 
ඇයි ඒක අහිතකර? ඒකෙන් තව මනුස්සයෙකුගෙ ජීවිතයට බලපෑමක් සිද්ද වෙනවා. ඒක ගෞරවය ආදරය ඇතුලෙන් එන රාගයක් නෙමෙයි. 
 
 
යමක් ෆැන්ටසියක් ඇතුලට අරගෙන ඒක රසවිඳින්න දන්නෙ නැති ප්‍රාථමිත මිනිස් මනසක ඇතිවෙන සාපරාධී කාමුකත්වයක්. ඒවට අපි කියනවා අශිෂ්ට ආශාවන් කියල. 
 
ඒකෙන් කිසි දෙයක් ලස්සන වෙන්නෙ නෑ. බියුටි කියන වචනෙ ලස්සන කියන සිංහල වචනෙන් කැටි කරන්න අමාරුයි. බියුටි නැත්තං එතන ඉරොටික්ස් නෑ.
 
 
ඒක නිසා පියුමි ගැන කතා කරන මේ සාපරාධී කාම රැල්ල හරියට තේරුම් ගන්න ඕන. ඒක එක පැත්තකින් කාව හරි වධයකට බන්ධනයකට ලක්කිරීමෙන් තෘප්තිමත් වෙන එකක්. අනෙක් පැත්තෙන් පියුමි කියන ශෘංගාර වස්තුව ප්‍රසිද්ධියේ කෙළෙසීමෙන් තෘප්තිමත් වෙන එකක්. මේ දෙකම නොමිනිස් කාණ්ඩයේ ආශාවන්.
 
 
ඒක හින්ද පියුමිගේ පෝස්ට් එකක් දැක්කම පියුමිට වඩා බලන්න ඕන පෝස්ට් එක ෂෙයාර් කරපු කෙනා දිහා. ඔයාට එන්නෙ පබ්ලික් හියුමිලියේෂන් එකකට ආරාධනාවක්, ෂෙයාර් බොත්තම ඔබනවා කියන්නෙ ඔයා ඒ හිංසනයෙන් සතුටුවෙනවා කියන එක.
 
ඉරොටික්ස් දන්න කෙනෙක් එහෙම කරන්නෙ නෑ.
 
 
 
Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(facultyofsex.com)

 

 

 


 

THE LEADER TV 
 
 

මේරි කොම් පරදී : නාමල් අගමැති!

 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...