The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැයි දෙසැම්බර් ප්‍රේමය - Faculty of Sex

T

The Leader Desk

June 17, 2021 • 12:33 PM

මැයි දෙසැම්බර් ප්‍රේමය - Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ප්‍රවෘත්තිය දැක්කෙ අහම්බෙන්. අවුරුදු අසූවක පිරිමියෙක් එක්ක අවුරුදු 29ක ගැහැණියකගේ විවාහය.
  •   මෑතක කරපු පර්යේෂණයකින් එලිදරව් වෙනවා අවුරුදු 65 – 80 දක්වා කියන්නෙත් ලිංගිකව සක්‍රීය වයසක් කියල.
  • ඒ වගේම ඒ අය බොහොමයක් කියනවා තමන් ලිංගිකව තෘප්තිමත් බවත්.    40%ක් මේ වයස් කාණ්ඩයේ වැඩිහිටියන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනවා.
  •     එතකොට මේ කාන්තාව අසූවියැති පෙම්වතා සමග විවාහ වෙන්න හේතු වෙන්න ඇත්තෙ මොනවද?
අකුරු ප්‍රමාණය (Font Size):
ඒක රූපවාහිනී ප්‍රවෘත්තියක් වෙනවා.
 
එහෙම ප්‍රවෘත්තියක් වීම එක විදිහකට වැදගත්. මේක තෝරගන්න මූලික වෙන හේතුව නරඹන ජනතාවගේ ‘අනේ බලන්නකෝ නාකි කෝලම්’ ‘ඊයා නේද තාත්තටත් වඩා වයසයි’ ආකාරයේ සාමූහික ජාගර උපහාස රසයක් ඇතිකිරීම බව පැහැදිලියි. 
 
ඒත් අනිත් පැත්තෙන් අපි දන්නෙම නැතුව අපේ ආදර ලෝකෙ වයස් සීමාව තරමක් හරි පළල් කරන්නත් මේක හේතුවක් වෙනවා. 
 
ඊළඟට අවුරුදු 75ක ප්‍රේමවන්තයෙක් දැක්කට ඒ තරම් අපේ අපහාස උපහාස රසය ඇවිස්සෙන්නෙ නෑ.
 
වැදගත්ම දෙයක් තමයි මේ වගේ ප්‍රවෘත්තියකට වැටෙන කමෙන්ට් දිහා පරීක්ෂාවෙන් බලන එක. 
 
සාමාන්‍යයෙන් කමෙන්ට් එකක් දාන්නෙ ළඟ ඉන්න කෙනෙක් එක්ක ජුගුප්සාව පළකිරීමෙනුත් තෘප්තිමත් කරගන්න බැරි තරමෙ ආශාවක් තිබුනම. ඒක එක්තරා විදිහකට සමාජයේ අවංකම අවුලක් ප්‍රදර්ශනය කරනවා.
 
 Commnet Screenshot 425x840
 
 
 
මේ කමෙන්ට්වල වැඩිහරියක් උපහාසයට නගන්නෙ මේ අසූ වියැති පෙම්වතා සමග මේ කාන්තාවගේ සංවාස අභ්‍යාසයි. 
 
මෙතනදි මෙවන් තරුණියකගේ පහස ලැබීමේ වාසනාව ගැනත් කතා වෙනවා. ප්‍රශංසාත්මකව හෝ ආස්වාදනීය ආකාරයකින් නෙමෙයි. හියුමිලියේෂන් ආස්වාදයකට.
 
මෑතක කරපු පර්යේෂණයකින් එලිදරව් වෙනවා අවුරුදු 65 – 80 දක්වා කියන්නෙත් ලිංගිකව සක්‍රීය වයසක් කියල. ඒ වගේම ඒ අය බොහොමයක් කියනවා තමන් ලිංගිකව තෘප්තිමත් බවත්. 
 
40%ක් මේ වයස් කාණ්ඩයේ වැඩිහිටියන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඒ වගේම මේ වයස් කාණ්ඩයෙන් අඩකටත් වඩා කියනවා සෙක්ස් කියන එක තමන්ගේ ජීවිතයේ ගුණාත්මක තත්වය පවත්වාගෙන යන්න වැදගත් කියල.
 
එතකොට වයස එක්ක සෙක්ස් ගැලපීමෙන් නගන හාස්‍යය අපේ පරණ හණමිටි දැනුමක් එක්ක ගැටගැහෙනවා.
 
ඒ වයස කියන්නෙ පන්සලක පල්ලියක පරලොවක් වෙනුවෙන් වැඩ කළ යුතු කාලයක් කියන ඇදහිල්ලයි මේ උපහාසය පිටිපස්සෙ තියෙන්නෙ.
 
ඒ අයට තමන්ගේ ශරීරය සහ ලිංගිකත්වය ආස්වාද කිරීමේ අයිතිය සමාජ සදාචාර මුහුණවරකින් අධෛර්ය කිරීමක් තමයි මේ කමෙන්ට්වල තියෙන්නෙ.
 
 
 
the kiss 
මනෝ විද්‍යාත්මක ගැහැණු වඩා වයස්ගත පිරිමින්ට ආශක්ත වීමේ විභවයක් තියෙනවා. මේක තමන්ගේ පියා සම්බන්ධ අවිඥානක තත්වයක් විදිහට ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය ඇතුලෙ පැහැදිලි කරනවා. 
 
 
සංඛ්‍යාත්මක දත්ත එක්ක ගත්තත් ගැහැණු තමන්ගේ පියාගේ හිසකෙස් වර්ණය, ඇස්වල වර්ණය, සමාන ලක්ෂණ හිමි පිරිමින්ට ආකර්ශනය වීම සනාථ වෙලා තියෙනවා. 
 
ඒ වගේම වඩා වයස්ගත දෙමව්පියන් එක්ක ඉන්න කාන්තාවක් වැඩිහිටි පිරිමියෙක් විවාහ කරගැනීමේ හැකියාව වැඩි බවත් කියනවා. 
 
නමුත් මේක අවිඥානක පෙළඹවීමක් මිස සවිඥානක වුනා නම් ඒ අය කරන තෝරාගැනීමක් නෙමෙයි.
 
 
එතකොට මේ කාන්තාව අසූවියැති පෙම්වතා සමග විවාහ වෙන්න හේතු වෙන්න ඇත්තෙ මොනවද? මුලින්ම අපේ දුප්පත් මානසිකත්වය විසින් දෙන තාර්කික හේතුව තමයි ධනය හෝ බලය කියන එක. ඒක ඒ තරම්ම මතුපිටින් නොවුනත් ස්ථාවරත්වය, ආරක්ෂාව, සුවපහසුව පැත්තෙන් කාන්තාවකගේ ආකර්ශනය වැඩිහිටි පිරිමියෙක් කරා ගෙනියන කාරණයක් වෙන්න පුළුවන්.
 
 
මෙතනදි අපහාස උපහාස කරන බහුතරයක් පටලවා ගන්න කාරණයක් තමයි විවාහය සහ ලිංගික හැසිරීම එකම දෙයක් විදිහට සැලකීම. 
 
ඒ කියන්නෙ විවාහක පිරිමියා සමගම පමණක් ලිංගිකව හැසිරීමේ විශ්වාසය තියාගෙනයි මේ බහුතරයා මේ ප්‍රවෘත්තියට එබෙන්නෙ. 
 
ඇයට පුළුවන් ඔහු සමග විවාහ වෙන්න. ඔහුගේ ආදරය ලබන්න. ලිංගිකව හෝ ප්‍රේමනීයව හෝ තවත් පිරිමින් සමග බැඳෙන්න. ඔවුන් ඉන්නෙ විවෘත විවාහ ජීවිතයකද, සංවෘත විවාහ ජීවිතයකද යන්න ගැන ප්‍රවෘත්තියේ කිසිදෙයක් නෑ.
 
අනෙක් අතට ඇය ඒසෙක්ෂුවල් වෙන්න පුළුවන්. ඇයට ලිංගික ආස්වාදයක් උවමනාම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයකදි ඇයට වඩාත් ගැලපෙන ප්‍රේමය මේ පෙම්වතා සතුවෙන්න පුළුවන්. 
 
ඇඳ උඩ ලිංගික ජවනිකාවෙන්ම මේ ජීවිතවලට එබෙන අයට දැනෙන ලිංගික අතෘප්තියක් විතරක්ම මේ ප්‍රතිචාර ඇතුලෙ පේනවා වෙන්න පුළුවන්. 
 
විවිධාකාර ලිංගිකත්වයන් සහිත පිරිස් අපේ සමාජයේ ජීවත් වෙනවා කියන එක අපි නිතර අමතක කරනවා. 
 
සියල්ල දිගුවෙන්නෙ විෂම ලිංගික මොනොගමික සාම්ප්‍රදායික ලිංගික පවුල් ආස්වාදයට විතරයි. 
 
  
A.N. Wilson book Lesbians
 
 
සමහර විට ඇය සමලිංගික වෙන්නත් පුළුවන්. සමලිංගික විවාහයකට අවසර නැති රටක ඇයට ඇති වඩා තේරුම් ගන්නාසුලු, පහසු මාර්ගය මේ විවාහය වෙන්න පුළුවන්. ඒ විවාහය ඇතුලෙ ඇගේ සමලිංගික ප්‍රේමයකට අවසර තියෙන්න පුළුවන්. 
 
එය ඉතාම ඉහලින් අගය කළ යුතු මානුෂීය සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්.
 
තව විදිහකින් මේ දෙන්නා අතර ඉතාම අනුරාගී සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. ඇය වයස්ගත පිරිමියෙකුගේ ඇසුරක අන් කිසි තැනක නොලබන තෘප්තියක් ආස්වාදයක් ලබනවා විය හැකියි. 
 
අපේ ලිංගික ආස්වාදය කියන එක අපේ පුද්ගලික ගැඹුරු මනසේ පෙළඹවීම් එක්ක සම්බන්ධයි. ඒක හුදු සම්මතයෙන් පිලිගත් වයස් කාණ්ඩයන් හෝ ලිංග කාණ්ඩයන් අතරම හැසිරෙන එකක් නෙමෙයි. 
 
ඒ විස්තෘතත්වය බාරගැනීම සහ අගය කිරීම කියන්නෙ අපේ පරිණතබව. ඒකට අපහාස උපහාස කිරීම කියන්නෙ අපේ නොමේරූ බව. වෙනස් විදිහක ශෘංගාර තෝරාගැනීමක් කියන්නෙ සෞන්දර්යයක්.
 
තව පැත්තකින් මේක හුදු ලිංගික කාරණයක් නම් ඔවුන්ට විවාහය වැදගත් නොවෙන්න තිබුණ. මේ ප්‍රසිද්ධිය වැදගත් නොවෙන්න තිබුණ. ඕනම කෙනෙකුට විවාහ නොවී වුනත් ලිංගිකව එක්ව ජීවත්වීමේ හැකියාව තියෙනවා. 
 
ඒ නිසා මේ විවාහය කියන්නෙම ඔවුන්ට සමාජය පැත්තෙන් දිය යුතු පණිවුඩයක් බව නිශ්චිතයි. 
 
ඒක එක්කො කෙනෙකුගේ ස්ථාවරත්වය ගැන, රැකබලාගැනීම සහ ආරක්ෂාව ගැන සහතික කිරීමක්. නැත්තම් ආදරය, විශ්වාසය සහ නිදහස ගැන සහතික කිරීමක්. මේ දෙපැත්තම කියන්නෙ හොඳ මානුෂීය ගනුදෙනුවක කතාවක්.
 
නිර්මානුෂීය කතාව තියෙන්නෙ අපේ පැත්තෙ.
 
 
chinthana
 
 
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
 
 
 
 
###########
THE LEADER TV 
 
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?
 
 
බැසිල් ජනපති-අගමැති එක්ක ගේමකට එන්නේ ඇයි? 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...