The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පක්ෂ ලකුණයි ආස විදිහයි -Faculty of Sex

T

The Leader Desk

July 10, 2021 • 5:11 PM

පක්ෂ ලකුණයි ආස විදිහයි -Faculty of Sex  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි දරන දේශපාලන මතවාද දිහා බලලා අපේ ලිංගික නැඹුරුව ගැන දේවල් කියන්න පුළුවන් වුනොත් කොහොමද? ඇත්තටම මේ ගැන පර්යේෂණ සිද්ද වෙලා තියෙනවා.
  • මේ පොත ලියන්න යද්දි ඒ අය හිතුවෙ කන්සවටිව් නැත්තං සාම්ප්‍රදායික අදහස් දරන අය සෙක්ස්වලදිත් සාම්ප්‍රදායික ඇති කියලයි.
  •   මේ කන්සවටිව් කියන්නෙ ඇමරිකාවෙ 1940-50 කාලෙදි ලිංගිකත්වය සම්බන්ධයෙන් සුවිශේෂ දේශපාලන මතවාද දරපු පිරිසක්.
  •   කන්සවටිව් දේශපාලනය ඇතුලෙ ගබ්සාවට ඒ ගොල්ලො විරුද්ධයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
coll1අපේ දේශපාලනය සහ අපේ සෙක්ස් අතර සම්බන්ධයක් තියෙනවා. ඒත් ඒක අපි හිතන තරම් කෙලින් එකක් නෙමෙයි.
 
මැල්කම් සහ සිමොන් කොලින්ස් කියන දෙන්නා මේ ගැන පර්යේෂණයක් කරනවා. ප්‍රැග්මටිසට් ගයිඩ් ටු සෙක්ෂුයැලිටි කියල ඒ ගැන පොතක් ලියනවා. මේ පොත ලියන්න යද්දි ඒ අය හිතුවෙ කන්සවටිව් නැත්තං සාම්ප්‍රදායික අදහස් දරන අය සෙක්ස්වලදිත් සාම්ප්‍රදායික ඇති කියලයි.
 
මේ කන්සවටිව් කියන්නෙ ඇමරිකාවෙ 1940-50 කාලෙදි ලිංගිකත්වය සම්බන්ධයෙන් සුවිශේෂ දේශපාලන මතවාද දරපු පිරිසක්. මේ අදහස් රාමුව දිහා බැලුවම අපිට හිතාගන්න පුළුවන් ලංකාවෙදි මේ කොයිවගේ පිරිසක්ද කියන එක.
 
කන්සවටිව් දේශපාලනය ඇතුලෙ ගබ්සාවට ඒ ගොල්ලො විරුද්ධයි. සමලිංගික සම්බන්ධතාවලට විරුද්ධයි. කසාදෙට කලින් සෙක්ස් කරන එකට, ලිංගික අධ්‍යාපනයට, උපත්පාලනයට මේ අය දරුණුවට විරුද්ධයි. මේ වගේ දේවල්වලින් ජාතිය විනාශ කරනවා කියලයි ඒ ගොල්ලො කියන්නෙ. ලංකාවෙත් හැම පක්ෂෙකම වගේ කන්සවටිව් මතවාද දරන අය ඉන්නවා. හැබැයි ඒ මතවාදය තමන්ගේ ප්‍රධාන බලවේගය කරගත්ත පක්ෂය තමයි පොහොට්ටුව.
  
කොලින්ස්ලගෙ පර්යේෂණයෙදි ඒ ගොල්ලො දැක්කා මේ කන්සවටිව් පිරිස්වල ලිංගික ආශාව ලිබරල් අයට වඩා වැඩියි කියල. 2020දි මේ අයගෙ පර්යේෂණය අනුව ලිබරල් මතවාද දරන පිරිස වගේ දෙගුණයක් කන්සවටිව් මතධාරීන් හුස්ම හිරකිරීමෙන්, පහරදීමෙන් ලිංගික ප්‍රාණවත්වීම ලබනවා. 
 
ලිබරල් පිරිස් වැඩිපුර නැඹුරුවක් දැක්වුවෙ මේ පීඩාවට ලක්වන පාර්ශ්වය වෙන්නයි. කන්සවටිව් මතධාරී කාන්තාවන්ද ලිබරල් කාන්තාවන්ගේ ප්‍රමාණයෙන් දෙගුණයක් තමන්ගේ හුස්ම හිරකිරීමෙන් වගේම සහකරුවාට පහරදීමෙනුත් තෘප්තිය ලැබුවා. (මේකෙ අදහස එයින් තෘප්තිය ලැබු ලිබරල් කාන්තාවන් වගේ දෙගුණයක කන්සවටිව් කාන්තා පිරිසක් මේ තෘප්තිය ප්‍රිය කළා කියන එක)
 
කන්සවටිව් පිරිමි ගැහැණු දෙපිරිසම වැඩිපුර කින්ක්, ස්නෆ්, නෙක්‍රොෆීලියා, සපාකෑම්, ඇබ්සෝප්ෂන් හෙවත් ලිංගික ක්‍රියාව අතරදී ට්‍රාන්ස් එකකට යාම වගේ දේවල්වලට නැඹුරු බව පෙනුනා. 
  
මේක 2017දි neuropsychiatry and clinical neurosciences ජරනල් එකේ පළවුනු දේශපාලනයේ සාම්ප්‍රදායික අදහස් දරන අය වැඩි පිරිසක් පීඩාකාරී දෙයින් ලිංගික උද්දීපනය ලබනවා කියන සොයාගැනීම හා සමපාත වෙනවා.
 
  sadis255 495x495 
 
රේප් ෆැන්ටසිවලිනුත් කන්සවටිව් අය ඉතා ඉහළ ප්‍රතිශතයක කැමැත්තක් පෙන්නුවා. ලිබරල් පිරිමි 8ට කන්සවටිව් පිරිමි 38ක් රේප් ෆැන්ටසිවලට ආශක්ත වුනා. ඒක ගැහැණු පාර්ශ්වයෙන් ලිබරල් 16ට කන්සවටිව් 38ක් වුනා.
 
ඇත්ත රේප් එකක් ගැන අදහසකින් උත්තේජනය ලැබීම කියන කාරණයෙදිත් කන්සවටිව් මතධාරීන් මාර ඉදිරියෙන් හිටියා. පිරිමි ලිබරල් 2ට කන්සවටිව් 25ක්. කාන්තා ලිබරල් 5ට කන්සවටිව් 23ක්. ආචාර්ය ලෝගන් ලෙව්කොෆ් කියන ලිංගික අධ්‍යාපනවේදියා පැහැදිලි කරන විදිහට කෙනෙකුගේ ප්‍රසිද්ධ දේශපාලනය එක්ක එයාගෙ නිදන කාමරයේ චර්යාව හරියට සමපාත වෙන්නෙ නෑ.
 
  
කසාදය සහ ලිංගිකත්වය ගැන සදාචාරවාදී දේශපාලන කතා ප්‍රසිද්ධියෙ කියන අය පුද්ගලික රහස්‍ය ජීවිතේදි වැඩිපුරම පිහිටන්නෙ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙ. 
61arDBVA2kL 
ජස්ටින් ලෙ(හ්)මිලර් කියන කින්සි ඉන්ස්ටිටියුට් එකේ සමාජ මනෝවිද්‍යාඥයා කියන විදිහට අපිව ලිංගිකව වඩාත් උද්දීපනය කරන්නෙ අපි ප්‍රසිද්ධියෙ දේශපාලනිකව පෙනී සිටින දේහි අනිත් පැත්ත විසින්. එයා මේ ගැන පොතක් ලියනවා Tell Me What You Want කියල.
 
අපි විරුද්ධව පෙනී සිටින දේ අපි හුදකලාවන මොහොතේදී අපිට විරුද්ධව නැගී සිටිනවා. අපි යටපත් කරන හැඟීම් රහසින් අපි වඩාත් ආශා කරන හැඟීම් වෙනවා. දෙයක් නොහිතා ඉන්න උත්සාහ කරද්දි ඒ දේ වැඩියෙන් අපිට හිතෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වරද කෙරෙනවා.
 
දැඩි විනය ගැන කියන කන්සවටිව් මතධාරියෙක් මේක මාස්ටර්බේට් කරලා පාලනය කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම එතනින් එහාට ගිහින් සමලිංගික ආශාවන්ට, අනියම් ලිංගික ඇසුරන්ට හෝ සාම්ප්‍රදායික වටිනාකම් කෙළෙසන වෙනත් අපචාරී චර්යාවන්ට ගොදුරු වෙන්නත් පුළුවන්. ඔයා ආශා කරන, ඒ නිසාම විරුද්ධ වෙන දේට පුළුවන් ඔයාව ඕනම වෙලාවක අවදානමේ දාන්න.
 
කන්සවටිව් අය ලිබරල් අයට වඩා පෝර්න් බලනවත් වැඩියි. 2020 මේ ගැන කරපු පර්යේෂණයකින් හෙලිවුනා ඇමරිකාවෙ දැඩි කන්සවටිව් මතධාරී ප්‍රාන්තවල ඉවැන්ජලික් ප්‍රොතෙස්තන්ත පිරිස් අතර පෝර්න් පරිභෝජනය ඉතා ඉහළ බව.
  
මේ ටැබූමය ගතිය විසින් කන්සවටිව් මතධාරීන්ව අවුස්සනවා. ගොඩක් වෙලාවට ඒකයි සෙක්ස් කියන දේ ප්‍රසිද්ධියෙ කතා නොකළ යුතුයි කියල මේ අය කියන්නෙ. ඒක රහසක් වුනාමයි රහ තියෙන්නෙ කියල පිළිගන්නෙ. 
 
සෙක්ස් ගැන දැඩි සීමා පනවාගෙන ඉන්න ඇමරිකානු රිපබ්ලකන් පාක්ෂිකයන්ට මොනොගමි සම්බන්ධයක් කැඩීම වඩාත් අනුරාගී වෙනවා. මේ අයගෙ BDSM ලැදියාව ගත්තොත් ඒක ජීවිතේ ගැඹුරෙ තියෙන වේදනාවට ඇති බැඳීයාව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව පුරුදු වෙලා අභ්‍යාසයක් විදිහට BDSM කරන අයත් ඉන්නවා.
 
කන්සවටිව් අය BDSMවලදි ඩොමිනන්ට් චරිතයට වැඩිපුර ආශා කරන බව පෙනුනා. අනෙකාව පාලනය කිරීමෙන් ඒ අය තෘප්තියක් ලැබුවා. ලිබරල් අය වඩා නම්‍යශීලී, විවෘත ලිංගික ආශ්‍රයන්ට කැමති වුනා. මේ අය ගොඩක් වෙලාවට සබ්මිසිව් චරිතයට ආශා කළා. 2017දි මේ ගැන political ideology and personality කියල පර්යේෂණයක් කෙරුනා.
 
කෙනෙකුගේ දේශපාලන මතවාදයයි ලිංගික නැඹුරුවයි දෙකම එකම කාරණයකින් නිර්මාණය වෙලා තිබුනත් මේ අතර පැහැදිලි සම්බන්දයක් ගොඩනැගීම සංකීර්ණයි කියලා ලෙව්කොෆ් කියනවා. ඒක සම්බන්දයෙන් සම්බන්දයට සහකරුවන් අනුව වගේම අපේ ජීවිත පරිච්ඡේදය අනුවත් වෙනස් වෙන්න පුළුවන්. එකම දේ කෙනෙක් ප්‍රසිද්දියෙ පෙනී ඉන්න දේශපාලනය නෙමෙයි එයාගෙ ලිංගික දේශපාලනය කියන එකයි.
 
හැබැයි ඔයා චන්දෙ දෙන කෙනා අනුව ඔයා ඇඳේ ඉන්න විදිහ ගැන යම් අදහසක් ඇති කරගන්න කෙනෙකුට පුළුවන්.
 
 
Chintha 21(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(facultyofsex.com)

 

 


 

THE LEADER TV
 
 

ගෝඨා සේරම දමල ගහල යයි ද?

 
 
මාස තුනකින් වැටෙන හැටි මංගල පහදයි! - බැසිල්ට ලිපියක්!
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...