The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලිස්ට් එකේ නම නැද්ද? - Faculty of Sex

T

The Leader Desk

July 14, 2021 • 6:00 AM

ලිස්ට් එකේ නම නැද්ද? - Faculty of Sex  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුදු 15 දැරිය එක්ක ලිංගිකව හිටියා කියල හතලිහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඉලක්කම් තුනේ ගානක ලිස්ට් එකක් තියෙනවා කිව්වා.
  • අපි ලොකු ගැන්ග් බැන්ග් එකක් රස විඳින්න පටන් ගත්තා.    අවුරුදු පහලොවක දැරියකගේ යෝනිය ඇතුලෙ අපේ සියලු සදාචාරයන් පුපුරා ගොසින් ඕජස් ලෙස පිටතට වැගිරෙන්න ගත්තා.
  • ඔන්න ඔතනින් පස්සෙ මේ අවුරුදු 15 දැරිය සම්බන්ධ සිද්ධිය වෙනස්ම ටර්න් එකක් ගන්නවා.
  •     මේකෙ අරමුණ වෙන්නෙ මේ සම්බන්ධයෙන් චෝදනා ලබන, ඊළඟට ඉන්න ඇත්ත නාමයන්ගේ අපවාදය හෑල්ලු කිරීම වෙන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අනිවාර්යෙන්ම ඔය ලැයිස්තුවට මේ රටේ හැම වෘත්තියකම, තත්වයකම කෙනෙක් ඇතුලත් වෙනවා. සඟ වෙද ගුරු ගොවි කම්කරු හැම පාර්ශ්වයකම නියෝජනයක් ඔතන තියෙනවා.
 
මේක දූෂනයක් විදිහට හඳුන්වමින් කරගෙන යන්නෙ ලිංගික අලෙවියක්. නීතිමය තත්ව යටතේ බාලවයස්කාරියක නිසා ඇගේ කැමැත්ත මත ලිංගිකව හැසිරුනත් එය දූෂනයක් හැටියෙන් සැලකීමක් තමයි මෙතන තියෙන්නෙ. 
 
බලහත්කාරී ප්‍රචණ්ඩ දූෂනයක් නෙමෙයි. ඇය කරගෙන ගිහින් තියෙන්නෙ වෘත්තියක්. ඒත් ඒක නීතියෙන් වරදක්.
 
 
mumbai red light area sonapur kamathipura sex worker longreads jov30 
  
නමුත් මේ සිද්ධිය හරහා මාධ්‍ය විශාල ලිංගික පුවත් වියමනක් නිමවමින් හිටියා. එක එක සැකකරුවා බැගින් හඳුන්වාදෙමින් රටේම ජනතාවට අපචාරී ලිංගික රසයක් විකුණන්න ගත්තා.
 
 
මේ සිද්ධිය පිටිපස්සෙ තිබුනු සාකච්ඡාවට ගත යුතු ආර්ථික දුෂ්කරතා, පවුල සහ විවාහය, අපේ ලිංගික ආතතිය, කුහක සදාචාරය ආදී සංකීර්ණ ප්‍රශ්න කිසි තැනක කතාවට ගැනුනෙ නෑ. මේක සෙක්සි ස්කෝර් එකක් වුනා. අපි ලොකු ගැන්ග් බැන්ග් එකක් රස විඳින්න පටන් ගත්තා. 
 
අවුරුදු පහලොවක දැරියකගේ යෝනිය ඇතුලෙ අපේ සියලු සදාචාරයන් පුපුරා ගොසින් ඕජස් ලෙස පිටතට වැගිරෙන්න ගත්තා.
 
  
මේ නම් ලැයිස්තුව කොටුවෙ එක නමක් ළඟ ඇවිත් නැවතුනා. ජනාධිපතිට ගිය කෝල්, සාසනය බිඳ වැටීම ගැන බය සංකා ගොසිප් විදිහට ආවා. කොටුවෙ නම මේ වෙනුවෙන් නීතිය ඉදිරියට ගියා. ඔන්න ඔතනින් පස්සෙ මේ අවුරුදු 15 දැරිය සම්බන්ධ සිද්ධිය වෙනස්ම ටර්න් එකක් ගන්නවා.
 
 
එකපාරට රාවණ ඇල්ලෙන් රාවණාගේ මූන මතු වෙනවා. ඒත් එක්කම කිසිම තේරුමක් නැති නම් ලැයිස්තුවක් මේ ලිංගික වරදේ චෝදනා ලැබුවන් විදිහට මුදාහරිනවා. ඒ අපචාරය සම්පූර්ණයෙන් විහිළුවක් කරනවා. පණිවුඩය ඩිස්ටෝර්ට් කරනවා.
 
 
මේකෙ අරමුණ ?
 
 
මේකෙ අරමුණ වෙන්නෙ මේ සම්බන්ධයෙන් චෝදනා ලබන, ඊළඟට ඉන්න ඇත්ත නාමයන්ගේ අපවාදය හෑල්ලු කිරීම වෙන්න පුළුවන්. හැමෝටම චෝදනා එල්ල වුනාම ඒ චෝදනාව ජෝක් වෙනවා. සමහර විට ඊටත් වඩා දුර ගිහින් මේ සම්පූර්ණ නඩු සිද්ධියම වසා දැමීමක් වෙන්නත් පුළුවන්.
 
ඒ දෙකෙන් මොකක් වුනත් අපි කැමතියි. මේ දැරියව දිගින් දිගටම අපචාරී විදිහට කෙලෙසීම හැරුනු කොට එයින් සමාජයට යහපතක් අත්වෙමින් තිබුනෙ නෑ. 
 
සදාචාරවාදියො තමන්ගේ සදාචාරය තවත් පුම්බාගනිමින් කුණු රස විඳිමින් ස්වයං වින්දනයෙ යෙදුනා. 
 
ලිංගික සතුට අහිමිව පීඩා විඳින කාන්තාවන්ගෙ කණස්සල්ල දැරිය එල්ලා මරන්න යෝජනා කරන තරමට ප්‍රචණ්ඩ වුනා. 
 
ළමා අපචාර, දූෂන සම්බන්ධව රටේ බරපතල තත්වය නම් ලැයිස්තුවක විනෝදයක් වුනා. ඊළඟට ලිස්ට් එකේ ඉන්නෙ කවුද කියන එක මිස ප්‍රශ්නය තියෙන තැන අමතක වුනා.
 
 
ප්‍රශ්න යට ගැසීමේ මාධ්‍ය ප්‍රවණතාව හරි ඉන්ටරෙස්ටින් එකක්..
 
 
 
piyumi 2021.06.14 
 
 
හැබැයි මේ ප්‍රශ්න යට ගැසීමේ මාධ්‍ය ප්‍රවණතාව හරි ඉන්ටරෙස්ටින් එකක්. එක්ස්ප්‍රස් පර්ල් නැව ඇවිලිලා යද්දි පියුමිව උස්සලා ගන්නවා. නැව ගැන කතාව සම්පූර්ණයෙන්ම අවතැන් කරනවා. එතනදි නැවක් වහන්න ලිංගිකත්වය පාවිච්චි කරනවා. 
 
රටක් ඉස්සරහ ඇවිලෙන මහා නැවක් නොපෙනී යන තරමට අපේ යටපත් ලිංගික ආශාවන්ගේ ආතතිය විශාල වෙනවා. කතා කළේ පියුමි ගැන. කතා නොකර මගහැරියෙ අපි සෙක්ස්වලින් කොයිතරම් දුප්පත් තැනකද ඉන්නෙ කියන එක ගැන.
 
මෙතනදි ප්‍රශ්නෙ ආවෙම දරුණු ලිංගික අපචාර රසයක් එක්ක. ඒ ලිංගික අපචාරීබව සමාජය පුරා උඩුදුවපු පිළිකාවක් වගේ නිරාවරණය වුනා. දවසින් දවස ප්‍රතිරූපයෙන් ප්‍රතිරූපය සමාජය ඉස්සරහ නිරුවත් වෙන්න පටන් ගත්තා. 
 
 
එක් දැරියකගේ යෝනියක් නිරුවත් වීමෙන් මොහොතකින් රටේ ඉහල සිට පහලටම රෙදි ගැලවුනා. 2500ක අතීතයේ හිලක් පේන්න ගත්තා. ප්‍රශ්නෙ කොටුවට යනකල් ආවා. ඊට පස්සෙ බෝගහේ හැපුනා.
 
 
මෙතනදි මේ ලිංගික පුවත වහන්න තරමෙ පුවතක් හොයාගන්න පුළුවන්කමක් නෑ. පියුමි නෙමෙයි කාව දැම්මත් මේ අපචාරී රසය එක්ක කරටකර හැප්පෙන්න බෑ. ඉතින් කරන්න තියෙන එකම විදිහ වෙන්නෙ හැමෝම අපචාර ලැයිස්තුවට දාන එක. 
 
වෙන විදිහකින් කිව්වොත් තමන්ගේ ප්‍රතිවාදියාත් ඇතුලත් කරන එක. 
 
එතකොට මේ අපචාරය තමන් දරන මතවාදය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ගේ ලිංගික කුහකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් පැත්තෙන් මේ අවුරුදු පහලොවේ දැරිය එක්ක යහන්ගත වීම මුලු රටම කරපු දෙයක් බවට පත්වෙනවා. 
 
මේ අලුත් ලැයිස්තුවෙ ලිංගිකත්වය ගැන විවෘත අදහස් දරන ප්‍රගතිශීලී පිරිස් පවා මේ මඩේ ගිල්වීමේ උවමනාව පැහැදිලිව පේනවා.
 
 
හරියටම ගැලපෙන ස්ට්‍රැටජියක්:
 
ඒක හරියටම ගැලපෙන ස්ට්‍රැටජියක්. ලිංගික ප්‍රවෘත්තියක යටපත් කළ නොහැකි බලය ගැන දැනීමෙන්ම කරපු වැඩක්. සංකේතාත්මකව කිව්වොත් අවුරුදු පහලොවේ දැරිය අපහරණය කිරීමේ වගකීම එය කළ නොකළ හැමෝටම බාරගන්න වෙනවා.
 
 
නමුත් මේ බොරු ලැයිස්තුව වෙනුවට නිවැරදි ලැයිස්තුව හරියට පරීක්ෂා කළොත් අපේ රටේ සමාජ මනෝවිද්‍යාත්මක කාරණා සමූහයක් තේරුම් ගන්න පුළුවන්. 
 
දැනටමත් නඩු විස්තරවල කියවෙන හැටියට මේ හැම දුරකථන ඇමතුමක්ම නිමා වෙන්නෙ බුදු සරණයි කියන වචනෙන්. මීට සම්බන්ධ පුද්ගලයන් හැමෝම වගේ ලිංගිකව සහ සංස්කෘතිකව ඉතාම පටු සීමාවන්ගේ පිහිටන අය. 
 
දැනට හෙලිදරව් වෙන හාමුදුරු, පොලිසි, වෛද්‍ය සහ දේශපාලන චරිත රටේ ගණිකා වෘත්තිය, සමලිංගික අයිතිය, ලිංගික අධ්‍යාපනය, ගබ්සාව ආදිය ගැන පෙනී සිටින තැන් අපි අත්දැකීමෙන් දන්නවා. 
 
wallpaperflare.com wallpaper 9 1024x576  
 
මේ ලිංගිකත්වය සහ සංස්කෘතිය වාරණය කිරීම තහනම් කිරීම පිළිගන්නා පිරිස්ම තමයි අපචාරී ලිංගික ක්‍රියාවන්ගෙන් වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නෙත්. ඒ අයගේ අපචාරය තෘප්තිමත් කරන්න සදාචාරය පවතින්න ඕන වෙනවා. 
 
සෙක්ස් එලිපිට කතා කරන්න ඕන දෙයක් නෙමෙයි කියන යෝජනාව පිටිපස්සෙ තියෙන ඇත්ත කතාව ඒක.
 
යම් තැනක තමන්ගේ දෙබිඩිකම ප්‍රශ්නයට මැදිවෙද්දි ඒ අය වහාම ලිංගිකව විවෘත ප්‍රගතිශීලී අදහස් දරන අයටත් චෝදනා කරන්න පටන් ගන්නවා. ඒක මතුපිටින් හුදු ගැලවීමේ ප්‍රයෝගයක් වුනත් ඊට යටින් තමන් පෙළෙන ලිංගික අසහනය වසන් කිරීමේ උවමනාවක්. 
 
වෙන විදිහකින් කිව්වොත් තමන්ගේ කුහක, බෙදුනු පැවැත්ම ආරක්ෂා කරගැනීමේ යාන්ත්‍රණයක්. තමන්ගේ ලිංගික තෘප්තිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කරන ආවරණයක්. ඒ දෙබිඩිබව එලිවීම කියන්නෙ තෘප්තිය අහිමි වීම.
 
 
මේ අලුතෙන් නිර්මාණය කරන ලැයිස්තු හරහා සිද්ද වෙන්නෙ මේ රටේ ලිංගික අපචාරයන්ට සදාචාරයේ සහ සංස්කෘතියේ පටු සීමාවන් එක්ක ඇති ඍජු සම්බන්ධය වසන් කිරීමයි. අන්න ඒකට අපි විරුද්ධයි. අපචාරය අපහරණය කියන්නෙම අපේ සදාචාරයේ නිර්මාණයක්.
 
 
 
chinthana(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
 
 
 
 
THE LEADER TV 
බැසිල් දැල එලයි - කැටගොඩ අවුලක 
 

ආණ්ඩුවට හිරු පත්තරේ විස්තරේ විෂ වෙලා!
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...