The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හතේ අපේ පොත - Faculty of Sex

T

The Leader Desk

July 17, 2021 • 5:16 PM

හතේ අපේ පොත - Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හතේ අපේ පොත මුල්කරගෙන කෞෂාල් රණසිංහ සමීක්ෂණයක් කරලා තිබුන. ඒ ලංකාවෙ ලිංගික අධ්‍යාපනය ගැන.
  • අවුරුදු පහට ස්ත්‍රී දූෂණ 10,500ට වඩා සිද්ද වෙලා තියෙනවා.
  •   මේ වාර්තාවෙ ඊළඟට දැක්වෙනවා අවුරුදු 16ට අඩු ගැහැණු ළමයින් සමග කැමැත්තෙන් ලිංගිකව සම්බන්ධතා පැවැත්වීම් ගැන.
  • දැන් අවුරුදු 15 දැරියගෙ සිද්ධිය හා සමාන සිදුවීම්.
අකුරු ප්‍රමාණය (Font Size):
ඊට කලින් කෞෂාල් 2010-2015 අවුරුදු අතර ලංකාවෙ කාන්තා හිංසනය ගැන ළමා හා කාන්තා කාර්යාංශයේ වාර්තාවක් ඉදිරිපත් කරනවා. 
 
ඒ අනුව අවුරුද්දට සාමාන්‍යයෙන් කාන්තා දූෂණ 1750ක් විතර මේ රටේ සිද්ද වෙනවා. අවුරුදු පහට ස්ත්‍රී දූෂණ 10,500ට වඩා සිද්ද වෙලා තියෙනවා. මේ දූෂන කියන්නෙ වාර්තා වෙන ඒවා විතරක්. 
 
අනිවාර්යෙන්ම වාර්තා නොවෙන දූෂන ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්න ඕන. මොකද ඒ නිසා මුහුණදීමට සිදුවෙන අපවාදය, සමහර විට බලහත්කාරය, බය, නොදැනුවත්කම හින්ද අපේ වගේ රටක දූෂනයක් වාර්තා වෙන්නෙ අඩුවෙන්. 
 
කසාදය තුල සිදුවන දූෂන බොහෝ විට සාමාන්‍යයක් වශයෙන් බාරගන්න තත්වයකුයි තියෙන්නෙ.
 
මේ වාර්තාවෙ ඊළඟට දැක්වෙනවා අවුරුදු 16ට අඩු ගැහැණු ළමයින් සමග කැමැත්තෙන් ලිංගිකව සම්බන්ධතා පැවැත්වීම් ගැන. ඒ කියන්නෙ ව්‍යවස්ථාපිත දූෂන. දැන් අවුරුදු 15 දැරියගෙ සිද්ධිය හා සමාන සිදුවීම්. මේ කාල පරිච්ඡේදය ඇතුලෙ ඒ වගේ සිදුවීම් 7891ක් සිද්ද වෙලා, වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් අවුරුද්දකට අවුරුදු 16ට අඩු දැරියන් 1300ක් විතර මේ ව්‍යවස්ථාපිත දූෂනයට ලක්වෙනවා.
  
ඊට පස්සෙ වයස අනුව මේ අතවරයට ලක්වෙන ගැහැණු ළමයින් දක්වලා තියෙනවා. අවුරුදු 15-16 වයසෙ ළමයින් 600ක් විතර අවුරුද්දට ව්‍යවස්ථාපිත දූෂනයට ලක්වෙනවා. 
 
15-14 අතර 500ට ආසන්න ප්‍රමාණයකුත් අවුරුදු 13-14 ගැහැණු ළමයින් 200ට ආසන්න ප්‍රමාණයකුත් මේ විදිහට වාර්තා වෙලා තියෙනවා.
 
 වාසනාවකට මේ තත්වය වයස සීමාව පහළ බැසීමත් එක්ක පහත වැටෙනවා වුනත් අවුරුදු 10ට අඩු දැරිවියන් පවා 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් රටේ අවුරුද්දට දූෂණය වෙනවා.
 
ස්ත්‍රී දූෂන සහ ව්‍යවස්ථාපිත දූෂන කියන අංශ දෙකෙන්ම වැඩිවීමේ ප්‍රවණතාවයක් තමයි 2010-2015 අවුරුදු වල පේන්න තියෙන්නෙ. 
 
මේ සිද්ධීන් පිළිබඳ සළකා බැලීමෙන් පස්සෙ 2015දි තීරණය කරනවා හතේ අපේ පොත ළමයින්ට ලබා දෙන්න.
 
7
අපේ පොත ළමයින්ට :ප්‍රගතිශීලී වැඩක්.
 
 
 
මේක ලංකාවෙ රජයකින් කරයි කියල කීයටවත් හිතාගන්න බැරි තරමෙ දියුණු වැඩක්. ප්‍රගතිශීලී වැඩක්. ලිංගික සෞඛ්‍යය පිළිබඳව පාඩමක් පොතට දැම්මා කියල කීයටවත් ඉස්කෝලෙ ගුරුවරියක් ඔය පාඩම විස්තරාත්මකව ළමයින්ට උගන්වන්නෙ නෑ. 
 
අපේ කාලෙදි නං ප්‍රජනනය පාඩම ඔයගොල්ලො ගෙදරදි කියවගන්න කියල ටීචර් නිකං හිටියා. 
 
මේ හින්දම හතේ අපේ පොත නිර්මාණය වෙන්නෙ ළමයි උනන්දුවෙන් කියවන රසයක් එක්ක. අපි පවා හොරෙන් වැඩිහිටි සඟරා හොයන් බලන මේ ගැටවර වයසෙදි හතේ අපේ පොත ඒ කුතුහලයට කතා කරනවා. ඒ කුතුහලය ඇතුලෙන් ලබා දිය යුතු දැනුම දෙනවා. 
  
වැදගත්ම කාරණය පොත පුරාම දකින්න තියෙන සෙක්ස් පොසිටිව් ඇටිටියුඩ් එක. කිසිම තැනක ඒක වරදකාරීබවක හෝ අධෛර්ය කළ යුතු පිළිවෙතක පිහිටුවා නැතිකම. 
 
ඒ පොත කියවද්දි ලංකාවෙ මේ විදිහට හිතන්න පුළුවන් අතලොස්සක් හෝ අධ්‍යාපනවේදීන් සිටීම ගැන ආඩම්බරයක් ඇතිවුනා.
 
මේ පොත නව යොවුන් දරුවන්ට රාජිතයි, අඛිලයි, දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තෑග්ගක් විදිහට දුන්නා කියලයි පොතේ මුල් පිටුවෙ තියෙන්නෙ. ඒත් මේ පොත සම්පාදනය කිරීම පිටිපස්සෙ ඉන්න දැනුම බෙදන නිර්මාණශීලී පිරිසටයි වැඩි ගෞරවය හිමිවෙන්න ඕන.
 
ඒ පිරිසගෙ නම් අන්තිම පිටුවෙ දාලා තියෙනවා. විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන සහ අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යක්‍ෂිකා රේනුකා පීරිස් කියන කාන්තාවන් දෙන්නා තමයි මගපෙන්වීම කරලා තියෙන්නෙ. 
 
ඒ අනුව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍රනාන්දු බලපිටිය, වෛද්‍ය එස් වී ඒ ගාමිනී සමරවික්‍රම, වෛද්‍ය ජීවරංග ගුණසේකර කියන අය තමයි මේක ලියලා තියෙන්නෙ. මේ නිර්මාණශීලී මෙහෙවරට අදාල තවත් නම් ලැයිස්තුවක්ම එතන තියෙනවා.
 
 dfdfrbj
 
 
පොත පටන් ගන්නෙම මල්කි ඇවිත් හසුන්ට මේ පොත ගැන කියන තැනින්.
 
“හසුන් අපිට මරු පොතක් හම්බුනානෙ.
 
ඒ මොකක්ද?
 
කියවලම බලන්නකො.. මං නං එක හුස්මට කියෙව්වා..”
 
පොත පිරිමි ළමයෙකුට හඳුන්වා දෙන්නෙ ගැහැණු ළමයෙක් විසින්. 
ලිංගික විෂය ගැන කතා කිරීම තව දුරටත් පිරිමි ළමයින්ගෙ විතරක් වැඩක් නෙමෙයි. ඒවා ගැන දැනගන්න ගැහැණු ළමයිනුත් උනන්දුයි. 
 
දැනගෙන අනිත් ගෑණු ළමයි එක්ක රහස් කිය කිය ඉන්න නෙමෙයි. ඒ ගැන පිරිමි ළමයි එක්ක කතා කරන්නත් උනන්දුයි.
 
මේ ඇටිටියුඩ් වෙනස යෝජනා කිරීමම යෝද පියවරක්. ගැහැණු පිරිමි අතර අනාගත ලෙඩ කන්දරාවක් ඉවර කරන එළඹුමක්.
   
ඊට පස්සෙ හරිම ලස්සන පණිවුඩයක් අරන් එනවා.
 
“දැන් අපි හතවසරෙ. ගතයි සිතයි දෙකම වෙනස් වෙලා. අපි නව යොවුන් වියට පත්වෙලා. අලුත් හැඟීම් ඇතිවෙන්න පටන් අරන් අපි දන්නෙම නැතුව. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නත්, නිර්මාණශීලීව හිතන්නත්, අත්හදා බලන්නත් හිතෙනවා. මේක අපිට හරිම අභියෝගයක්. මේ වෙනස්කම මොනවද කියල දැනගෙන ඒ අභියෝගවලට මුහුණ දුන්නොත් අපේ අනාගතේ සුන්දර ලස්සන එකක් වෙයි..”
 
ලිංගිකත්වය හරිම ධනාත්මකව අනාගතය ලස්සන කරන දෙයක් විදිහට ළමයින්ගෙ අතරට අරන් යනවා. හරිනම් සම්මාන දිය යුතු නිර්මාණ කාර්යයක්. 
 
 
ඒත් මැදගොඩ අබේතිස්ස මේක අරන් පාරට බැස්සෙ හරියට වැල පත්තරයක් අතට ගත්තා වගේ ලිංගික ආතතියකින්. 
 
ඒ බොරු සදාචාරයට හරිම ලේසියෙන් මේ රටේ බහුතරයක් දෙමව්පියන් බය කරන්න පුළුවන්. ඒකෙන් මේ රටේ එක පරපුරක ලිංගික ප්‍රශ්න තොගයක් විසඳෙන්න තිබුනු ඉඩ අර අබේතිස්ස විසින් ජනතාවට අහිමි කරනවා. 2019 මේ පොත මුද්‍රණය කිරීම නතර කරනවා.
 
 bull
මැදගොඩ අබේතිස්ස හිමි 
 
 
මේ නිසයි කෞෂාල් ලිංගික අධ්‍යාපනය ගැන වැඩිදුර සමීක්ෂණයක් කරන්නෙ. ඒකට 350ක විතර පිරිසක් සම්බන්ධ කරගන්නවා. 60%ක් පිරිමි, 38%ක් ගැහැණු සහ තව 2%ක් වෙනත් ලිංගිකත්වයන් ඇති අය මෙතන ඉන්නවා.
 
#  මේ සමීක්ෂණයට අනුව 98%ක් පිරිසක් කියන්නෙ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතුයි කියලයි. 
#  ඒ වගේම මේ අයගෙන් 52%ක පිරිසකට ඒ අධ්‍යාපනය තමන්ගේ පාසැලෙන් ලැබිලා නෑ. පොත්පත්වලින් ලිංගික අධ්‍යාපනය ලබපු අය ඉන්නෙ 1.7%ක් විතර.
#  26%ක් ඒ කියන්නෙ වැඩි කොටසක් ලිංගික අධ්‍යාපනය ලබලා තියෙන්නෙ නිකංම. ඒක හරි අපැහැදිලි තත්වයක්. එක්කො නිකංම සෙක්ස් ඉගෙන ගත්ත අයගෙ ලිංගික හැසිරීම් ගැන අපි අධ්‍යනයක් කරන්න ඕන, නැත්තං මේ නිකංම යනු පෝර්න් හෝ වෙන මොකක් හරි අඥාත කාරණයක්ද කියල හොයන්න ඕන. 
#  24%ක් සෙක්ස් ගැන යමක් ඉගෙන ගෙන තියෙන්නෙ යාලුවන්ගෙන්. ඊට පස්සෙ 16%ක් ගුරුවරුන්ගෙන්. 8%ක් තමන්ගෙ දෙමව්පියන්ගෙන්. 
#  නමුත් ඉන්ටර්නෙට් එකෙන් කියල සඳහන් වෙන්නෙ නොසලකා හැරිය හැකි තරම් ප්‍රමාණයක්. ලෝකෙ සෙක්ස් හොයලා අංක එකට ආපු අපි ඉන්ටර්නෙට් එකෙන් සෙක්ස් ඉගෙන ගෙන නෑ කිව්වම ටිකක් පිළිගන්න අමාරු තත්වයක්. හැබැයි ලිංගික අධ්‍යාපනය කියන එකට පෝර්න් පවා අදාල කර ගැනෙන තරමෙ පුළුල් විමසීමක් මේ සමීක්ෂණයෙ වුනාද කියන එක අපැහැදිලියි.
#  ඒ අය ලිංගික අධ්‍යාපනය හැටියට ඉගෙන ගත්ත කාරණා විමසීමේදී නම් පිළිවෙලින්, ප්‍රජනන සෞඛ්‍ය, ලිංගිකව බෝවන රෝග, අතවරයකින් ගැලවෙන ආකාරය සහ ලිංගිකත්වය තේරුම් ගැනීම කියන කාරණා මතුවෙලා තිබුන. ඒක හොඳ තත්වයක්. නමුත් ආරක්ෂක ලිංගික ක්‍රම වගේ දේවල් ගැන අධ්‍යාපනය තිබුනෙ ඉතා අඩු මට්ටමක.
# වැදගත්ම කාරණය මේ ලිංගික අධ්‍යාපනය නොලැබීම නිසා තමන් ජීවිතයේ ප්‍රශ්නවලට මැදිවුනු බව 40%ක් දෙනා කියනවා. 54%ක් එහෙම අධ්‍යාපනය නැතිවීමෙන් කිසි අවුලකට මුහුණ දීලා නෑ. නමුත් 40%ක් කියන්නෙ පොඩි පිරිසක් නෙමෙයි. අනෙක අවුලකට මුහුණ නොදුන්නා කියන්නෙ අවුල් නෑ කියන එකත් නෙමෙයි.
 
 fdfdrb 
 
 
මෙතනදි ඒ සහභාගි වුනු අය තමන් මුහුණ දුන් ප්‍රශ්න කීපයක් සඳහන් කරනවා. 
 
 
#  පොදු ප්‍රවාහනවල සිදුවන අතවර, 
 
 
# හොඳ සහ නරක ස්පර්ශ නිවැරදිව තෝරාගත නොහැකි වීමේ තත්වයන්,  
 
 
# අතවරයක් යනු කුමක්දැයි නොදැන සිටීම,
 
 
#  තමන්ගේ ආර්තවය පිළිබඳ නිසි කරුණු නොදැනීම, 
 
 
# නව යොවුන් වියේ තමන්ගේ කායික මානසික වෙනස්කම් තේරුම් ගත නොහැකි වීම, 
 
 
# ප්‍රවේශම්කාරී ලිංගික හැසිරීම් ගැන නොදැනීම, 
 
 
# පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ආදිය එතන තියෙනවා.
 
හතේ අපේ පොත මුද්‍රණය කරන්නෙම මේ කාරණා පිළිබඳ ළමයින් දැනුවත් කරන්නයි. ඒක දරුවන් නොමග යවන පොතක් හැටියෙන් හුවා දක්වමින් එය යමෙක් වර්ජනය කරන්නේ නම් ඒකෙන් සිද්ද වෙන්නෙ ඒ අතවරයන්, අපචාරයන් ආරක්ෂා කිරීමයි. 
  
තමන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව වත් නොදන්නා, අඩු වයසින් මව්වරුන් බවට පත්වන අනාගත පරම්පරාවක් පවත්වාගැනීමයි. වෙන විදිහකින් කිව්වොත් ළමයින්ගේ ලිංගික අධ්‍යාපනය නිසා වෙන්නෙ අතවර අපචාර අවම වූ තමන්ගේ ලිංගිකත්වය පිළිබඳ ආත්ම විශ්වාසයක් ඇති පරපුරක් බිහිවීමයි. 
 
එය නතර කර දැමීමේ අදහස අවුරුදු පහලොවේ දැරිය බඳු මේ ක්‍රමයට ගොදුරු වන තවත් බොහොමයක් දෙනා නිර්මාණය කිරීමයි.
 
Chintha 21(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(facultyofsex.com)

 

 

 

 


 

 

THE LEADER TV
 
 
ඩයලොග් එකට ඩයනාගෙන් බාල්දියක් ? 
 
 
 
විමල් යට යද්දි SB ෆෝම් කළේ කවුද? 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...