The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඔලිම්පික් සෙක්ස් භීතිකාව - Faculty of Sex

T

The Leader Desk

July 20, 2021 • 8:01 AM

ඔලිම්පික් සෙක්ස් භීතිකාව - Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉස්සර HIV ආවම ඒක පාවිච්චි වුනේ සෙක්ස් සීමා කිරීමේ යාන්ත්‍රණයක් විදිහට. හරියට දැන් නිරෝධායන නීතිය විරෝධතා මැඩලන්න පාවිච්චි කරනවා වගේම.
  •         හැබැයි සෙක්ස් සීමා කිරීමේ කතාව ඇත්තක්.
  •   දැන් මේ ඔලිම්පික් ක්‍රිඩා පවත්වන්නෙ ආරක්ෂිත බුබුළක් ඇතුලෙ.
  • එතකොට ඒ අය අතර ලිංගික සම්බන්ධතා ඇතිවීමේ අවුල කොවිඩ් අවදානමක් වෙන්නෙ කොහොමද?    මේ උත්සාහය තනිකරම මිනිස්සු අතර ලිංගික සම්බන්ධතා සීමා කිරීමේ නොදියුණු උත්සාහයක් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒත් HIV සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම නිර්මාණය වීමත්, කොන්ඩමයේ ආශ්චර්යයත් නිසා මේ කාලයේ පනවපු එක් විශ්වාසවන්ත සහකරුවෙකුට සෙක්ස් සීමා කිරීමේ කොන්දේසිය අවලංගු වෙලා ගියා. 
 
ඒත් ලෝකෙ හැමදාම මේ විදිහට සෙක්ස්වලට විරුද්ධ නැත්තං සෙක්ස් අධෛර්ය කිරීමේ උත්සාහයන් විවිධ දේවල්වලට මුවාවෙලා කරගෙන ගියා.
 
 
දැන් ටෝකියො ඔලිම්පික් ගම්මානෙ මලල ක්‍රීඩකයන් සෙක්ස් කිරීමෙන් වළක්වන්න ඒ අයට කාඩ්බෝඩ් ඇඳන් දීලා තියෙනවා. මේවට කියන්නෙ සෙක්ස් විරෝධී ඇඳන් කියල. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන්නත් ඒ නිසාම දෙන්නෙක් අතර ලිංගික සම්බන්ධතා ඇතිවීම අවම කරන්නත් තමයි මේ උත්සාහය අරගෙන තියෙන්නෙ. 
 
 
මේ ගැන ට්වීට් කරපු ක්‍රීඩකයො මුලින් කිව්වෙ මේ ඇඳ කිලෝ 200ට වැඩි බරක් ආවොත් කැඩිලා යන විදිහටයි හදලා තියෙන්නෙ කියල. පස්සෙ තරග සංවිධායකයො මේ ඇඳන් උඩ නැගලා, උඩ පැනලා ඒක එහෙම නෙමෙයි කිව්වා.
 
 
ssss 1 
 
හැබැයි සෙක්ස් සීමා කිරීමේ කතාව ඇත්තක්. කාඩ්බෝඩ් ඇඳන් කැම්පේන් එක එන්නෙ ඒකට.
 
දැන් මේ ඔලිම්පික් ක්‍රිඩා පවත්වන්නෙ ආරක්ෂිත බුබුළක් ඇතුලෙ. ඒකට එන හැම කෙනෙක්මත් පීසීආර් පරීක්ෂාවට ලක්වෙනවා. එතකොට ඒ අය අතර ලිංගික සම්බන්ධතා ඇතිවීමේ අවුල කොවිඩ් අවදානමක් වෙන්නෙ කොහොමද? 
 
මේ උත්සාහය තනිකරම මිනිස්සු අතර ලිංගික සම්බන්ධතා සීමා කිරීමේ නොදියුණු උත්සාහයක් වෙනවා.
 
එක අතකින් මේ අදහස අරන් එන අය කල්පනා කරනවා මිනිස්සු සෙක්ස් කරන්නෙ ඇඳන් උඩමයි කියල. 
 
හිටගෙන, හේත්තු වෙලා, බිම දිගාවෙලා, ඕන නං ඇවිදින ගමන් වුනත් සෙක්ස් කරන්න පුළුවන් කියන එක ඒ අය අමතක කරනවා. නැත්තං ඒ ගතානුගතික සෙක්ස් විරෝධීන් ඒක දන්නෙ නෑ.
 
  
 මූලිකවම ඇඳ උඩ සෙක්ස් කරන පටු සාම්ප්‍රදායික අදහසකින් තමයි මේ අය දුරස්ථකරණයටත් බැහැලා තියෙන්නෙ.
 
 
 
අනිත් පැත්තෙන් මේ සීමා කිරීම අදහසක් විදිහටමත් වැරදියි. ඔලිම්පික් කියන්නෙ ක්‍රීඩා උළෙලක්. ක්‍රීඩාවෙ අරමුණ වෙන්නෙම මිනිස්සු සාමූහික කිරීම. ශරීරයන් අතර සම්බන්ධය ගොඩනැංවීම. 
 
ක්‍රීඩාව කියන්නෙ මිනිස්සු දුරස්කිරීමේ අරමුණක් ඇතුව ක්‍රියාත්මක කළ හැකි දෙයක් නෙමෙයි. නියම ක්‍රීඩා අරමුණක් ගමන් කළ යුත්තේ ආරක්ෂාකාරී විදිහට මිනිස්සුන්ගෙ ශරීර අතර සම්බන්ධය වැඩිදියුණු කරන්නයි. 
 
අපේ ශරීරයේ මූලිකම ශක්තියක් වන ලිංගික ශක්තිය වාරණය කරමින් ක්‍රීඩාවක් උත්කර්ෂයට නංවන්න බෑ.
 
 
sss 
 
ඒ මදිවට මේ උළෙලට එන ක්‍රීඩකයන් අතර 160.000ක් කොන්ඩම් බෙදාදීමකුත් කරලා. ඒ කොන්ඩම් ක්‍රීඩා උළෙල තුල පාවිච්චියට නෙමෙයි, තමන්ගේ රටවලට ගිහින් ආරක්ෂිතව සෙක්ස් කරන්න කියන පණිවුඩය වෙනුවෙන් ලබා දුන්නා කියලයි සංවිධායකයන් කියන්නෙ. 
 
මේක ඔලිම්පික් ලිංගික භීතිකාව කියල නම් කරන්න තරමට බරපතල රෝගයක්.
 
මේ අය අතර ලිංගික සම්බන්ධතා ඇතිවිය හැකි නම් ඒ සඳහා හැකි උපරිම ආරක්ෂාව සැලසීමයි තරගය සංවිධානය කරන්නන්ගෙන් විය යුතුව තිබුනෙ.
 
 ඒ වෙනුවට කාඩ්බෝඩ් ඇඳන් ලබා දෙමින් මෙහි ලිංගික හැසිරීම් වරදකාරී කරන ආකාරයේ පණිවුඩ දෙන්න යන්නෙ මොන එහෙකටද?
 
  
ඒක පැහැදිලිවම කොවිඩ්වලට මුවාවෙලා ලිංගිකත්වය යටපත් කිරීමේ පුහු සදාචාරයේම තවත් දිගුවක්. ඒකට නිව්යෝර්ක්ද ටෝකියෝද අගුනකොලපැලැස්සද කියන එක අදාල නෑ. එකම වික්ටෝරියානු සදාචාර වාරණයයි හැමතැනම ක්‍රියාත්මක වෙන්නෙ.
 
 
 
ලිංගික විවෘතභාවය සහ නිදහස අගය කරන පිරිස් මේ ආකාරයේ ගතානුගතික කැම්පේන් ජෝක් කරන්න ඕන. ඒවා නැවත සෙක්ස් ගැන වැඩි අවධානයක් සහ දැනුවත්භාවයක් ඇතිකිරීම වෙනුවෙන් පාවිච්චි කරන්න ඕන.
 
 උදාහරණ විදිහට සෙක්ස් කරන්න ඇඳක් ඕනමද කියන වර්ගයේ කවුන්ටර් කැම්පේන් එකක් මේ ඔලිම්පික් සෙක්ස් භීතිකාවට එරෙහිව අරන් එන්න වටිනවා.
 
 
sexn 
 
 
Be Sporty- Have Sex Beyond the Bed
 
 
මොනවා වුනත් මේ සෙක්ස් භීතිකාව ජෝක් කරමින් දැනටමත් ක්‍රීඩකයො මේ වාරණ වෑයම තමන්ගේ මට්ටමින් සමච්චලයට ලක්කරනවා.
 
 
sexmm 
 
 
 
 

THE LEADER TV 
 

කප්පම් සනා ස'ටත් කොකා පෙන්නලා ! 

 
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඉරි තුනේ දැනුම්දීමක් ! 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...