The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කමලා දාස් -Faculty of Sex

T

The Leader Desk

August 8, 2021 • 5:24 AM

කමලා දාස් -Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කමලා දාස්ව මට මුලින්ම කියවන්න හම්බුවෙන්නෙ අනුරාගයේ මුල්පොත කියන පොතෙන්. ඩබ් ඒ අබේසිංහ ඒ පොත පරිවර්තනය කරන්නෙ ද ඇල්ෆබට් ඔෆ්
  •   කමලාදාස් ඉපදන්නෙ 1934.
  • කමලා ඉංග්‍රීසියෙන් ලියන්නෙත් තමන්ගේ භාෂාව ඇතුලෙ තමන්ට පැනවුනු සීමාවන් එක්ක තරහට.
  •   එයා අවුරුදු 43දි මගේ කතාව නමින් තමන්ගේ ජීවිත කතාව ලියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ලස්ට් කියන ඉංග්‍රීසි පොතෙන්. 
 
දහය වසරෙ විතර හිටපු මට ගැහැණියක් විසින් ලියපු ඒ පොත අමුතු හැඟීමක් දුන්නා. අනුරාගයට එහා ගිහින් කමලා දාස් කියන්නෙ මගේ ලෝකෙ වීරයෙක් වුනා.
 
කමලාදාස් ඉපදන්නෙ 1934. එයාගෙ කසාද නම තමයි කමලා දාස් කියන්නෙ. මාධවීකුට්ටි කියන්නෙ එයාගෙ ගෙදරට කියන නම. එයා ඉපදෙන්නෙ කේරලේ. එයාට මලයාලම් භාෂාවෙන් වගේම ඉංග්‍රීසියෙනුත් හොඳට ලියන්න පුළුවන්. 
 
එයා ලියපු හැමදෙයක්ම වගේ ලිව්වෙ එයාගෙ ජීවිතේ ගැන. ගැහැණියක් විදිහට බය නැතුව දැනෙන දේ ලියන්න, හිතෙන විදිහට ජීවත් වෙන්න කමලා දාස් උත්සාහ කළා. එයාගෙ තාත්තා ඉංග්‍රීසි ආන්ඩුවෙ හොඳ රස්සාවක් කළා. අම්මටත් හොඳට ලියන්න පුළුවන්. නලපත් නාරායන කියන එයාගෙ මාමාත් ප්‍රසිද්ධ ලේඛකයෙක්.
 
කමලා අවුරුදු පහලොවේදි අම්මලාගෙ උවමනාවට කසාද බඳිනවා. ඒ තමයි මාධව් දාස්. කමලා ලියන හැඳින්වීමක් කියන කවියෙදි මේ කසාදය ගැන කියනවා. අවුරුදු පහලොවක කෙල්ලෙක් විදිහට එයාට දැනුන තරහ ලියනවා. ඒත් මාධව් කමලාට ගොඩක් ආදරේ කරනවා. එයාව ලියන්න උනන්දු කරනවා. 
 
කමලාගේ විරෝධාකල්පික ජීවිතය දරාගෙන එයා එක්ක හැමදාම ආදරෙන් ඉන්නවා. කමලා ඉංග්‍රීසියෙන් ලියන්නෙත් තමන්ගේ භාෂාව ඇතුලෙ තමන්ට පැනවුනු සීමාවන් එක්ක තරහට. එයාගෙ සටන වෙන්නෙම ගැහැණුකම නිදහස් කරගැනීම.
 
එයා අවුරුදු 43දි මගේ කතාව නමින් තමන්ගේ ජීවිත කතාව ලියනවා. ඒක අතිශය ආන්දෝලනාත්මක කතාවක්. මේ විදිහට නිරුවත්ව ලියන්න එපා කියල ගොඩක් අය එයාට අවවාද කරනවා.
 
කමලා ඒ ගැන මෙහෙම කියනවා.
 
සමහරු මට කියනවා මේ විදිහට කිසිවක් නොසඟවා උපරිම අවංකව ලියන එක හරියට ප්‍රසිද්ධියෙ ඇඳුම් උනාදැමීමක් වගේ කියල. ඇත්ත. මං මුලින්ම මගේ ඇඳුම් සහ පළඳනා උනා දමන්නම්. ඊට පස්සෙ මගේ තද දුඹුරු හම පලා ඇටකටු බිඳින්නම්. අන්තිමට ඔබ දකීවි මගේ අසරණ අනාථ අතිශය සුන්දර ආත්මය. ඇටකටුවලට පතුලෙන් හතරවෙනි මානයේ සැරිසරන….
 
 
හැඳින්වීමක් – කමලා දාස්
 
 
Kamaladas 
 
මං දේශපාලනය දන්නෙ නෑ.
 
ඒත් මං දන්නවා බලයෙ හිටපු අයගෙ නම්,
නේරුගෙන් පටන්ගෙන එකදිගට කියන්න පුළුවන්
හරියට සතියෙ දවස් ටික වගේ, නැත්තං මාස ටික වගේ.
 
මං ඉන්දියානුවෙක්, තද දුඹුරු පාට. මලබාරයේ ඉපදුනු
මං භාෂා තුනක් කතා කරනවා, දෙකකින් ලියනවා,
එකකින් හීන දකිනවා.
 
ලියන්නෙපා ඉංග්‍රීසියෙන්, ඒ ගොල්ලො කියනවා.
ඉංග්‍රීසි ඔයාගෙ මව්බස නෙමෙයි.
 
ඇයි මට පාඩුවෙ ඉන්නෙ නොදෙන්නෙ?
විචාරකයො, යාළුවො, යන එන නෑදෑ සොහොයුරො
ඔය හැමෝම.
 
ඇයි මං කැමති භාෂාවකින් කතා කරන්න නොදෙන්නෙ?
මං කතා කරන භාෂාව මගේ. ඒකෙ ඇදපළුදු, අමුතුකම් මගේ. මගේ විතරමයි.
 
ඒක බාගෙට ඉංග්‍රීසි, බාගෙට ඉන්දියානු, සමහර විට අමුතු නමුත් හරි අවංක.
 
ඒක මනුස්සයි මං වගේම. පේන්නෙ නැද්ද ඔයාට? ඒ හඬ මගේ සතුට, මගේ බලාසිටීම, මගේ ප්‍රාර්ථනාව
කපුටෙකුට උගේ කැරැව්ව වගේම සිංහයෙකුට උගේ ගෙරවිල්ල වගේම ඒක මනුස්ස භාෂාවක්.
 
ඒක මනසක භාෂාවක් එතන නෙමෙයි මෙතන. දකින, ඇහෙන, දැනෙන මනසක.
 
හුළඟට අහුවුනු අඳබිහිරි ගස්වල භාෂාව නෙමෙයි. මෝසම් වළකුලු හෝ වැස්සේ හෝ
ඇවිලෙන දරසෑයෙ අපැහැදිලි මිමිනිල්ල නෙමෙයි.
 
මං පොඩි එකෙක්. පස්සෙ ඒ ගොල්ලො කිව්වා මං ලොකුවෙලා කියල. මං උසගිහින්, කකුල් මහත් වෙලා, තැනක දෙකක මයිල් වැවුන හින්ද.
 
වෙන ඉල්ලන්න දෙයක් නොදැන මං ආදරේ ඉල්ලුවම
ඔහු අවුරුදු දාසයක මාව කාමරේට දාගෙන දොරවැහුවා
මට ගැහුවෙ නෑ. ඒත් මගේ දුක්මුසු ගැහැණු ශරීරය හොඳටම තැලුම්කෑවා.
 
මගේ පියයුරුවල සහ ගර්භාෂයේ බරින් මාව අසරණව ඇකිලුනා.
 
ඊට පස්සෙ මං මගේ සොයුරාගෙ ෂර්ට් කලිසම් ඇන්දා
 
කොටට කොන්ඩෙ කපලා ගැහැණුකම අමතක කළා
 
සාරි අඳින්න, ගැහැණියක් වෙන්න, බිරිඳක් වෙන්න ඒ ගොල්ලො කිව්වා
එම්බ්‍රොයිඩර් කරන්න, උයන්න, වැඩකරන අය එක්ක රන්ඩුවෙන්න.
 
හැඩගැහෙන්න. හරියට හැදෙන්න. බෙදා කාන්ඩ කරන අය කෑගැහුවා.
 
තාප්ප උඩ ඉන්න එපා, ජනෙල්තිරවලින් එබෙන්නෙපා
ඒමි වෙන්න, නැත්තං කමලා, මාධවීකුට්ටි නං වැඩිය හොඳයි
නමක් තෝරගන්න, චරිතයක් තෝරගන්න.
 
බොරු රැවටිලි සෙල්ලං කරන්න එපා.
 
පිස්සියෙක් හෝ වල් ගෑනියෙක් වෙන්න එපා.
 
ආදරෙන් පැරදුනාම ලැජ්ජ හිතෙන තරමට කෑ ගහලා අඬන්න එපා.
 
මට පිරිමියෙක් හම්බුනා. මං ආදරේ කළා.
 
නමෙන් ඇති වැඩක් නෑ. හැම පිරිමියෙක් වගේම එයාට ඕන වුනේ ගෑනියෙක්.
 
හැම ගැහැනියක් වගේම මට ඕන වුනේ ආදරයක්.
 
එයා තුල ගැලුවෙ කලබලකාරී ගඟක්
මං තුල තිබුනෙ මුහුදක්. ඉවරයක් නැති බලාහිඳීමක්.
 
ඔයා කවුද? මං එක එක්කෙනාගෙන් ඇහුවා
මම කියන එකයි උත්තරේ
ඕනම තැනක මේ ලෝකෙ පිරිමියෙක් කියනවා ඒ මම කියල.
 
ඒක කොපුවක ලූ කඩුවක් වගේම තදින් බැඳිලා තිබුනෙ පිරිමින්ට.
 
ඒ මම තමයි
 
නාඳුනන නගරවල හෝටල්වල
රෑ දොළහටත් තනියම බොන්නෙ.
 
ඒ මම තමයි හිනාවෙන්නෙ, රමණය කරන්නෙ
ලැජ්ජා වෙන්නෙ. ඒ මම තමයි මැරෙන්න වැටිලා උගුරෙ හිරවුනු ගොර ගොරයත් එක්ක ඉන්නෙ.
 
මම පව්කාරියක්. මම සාන්තුවරියක්
 
මම පෙම්වතියක් වගේම පාවා දෙනු ලබන්නෙත් මාවයි
 
මගේ සතුටත් ඔබේ වගේමයි. මගේ වේදනාවත් ඔබේ වගේමයි
මාත් මට කතා කරන්නෙ මම කියලයි.
 
පරිවර්තනය – 
 
chinthana(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(facultyofsex.com)
 
 
 
 
 
 
 
THE LEADER TV 
 
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි! 
 
 
බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කමලා දාස් -Faculty of Sex | The Leader