The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රස්තියාදු පදනම අසභ්‍ය ද? - Faculty of Sex

T

The Leader Desk

August 12, 2021 • 12:18 PM

රස්තියාදු පදනම අසභ්‍ය ද? - Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලින්ම කියන්න ඕන මං රස්තියාදු පදනමේ රසිකයෙක් නෙමෙයි.
  •   උදා හැටියට හුත්තී යනු සුත්තී හෙවත් සුතන් ඇත්තී කියන එක.
  • ඒ කියන්නෙ යහපත් වූ තන් ඇත්තී, වෙන කවුරුවත් නෙමෙයි අම්මා කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):
ඊටත් වඩා රස්තියාදු සිංදු ඇහුවත් පදනමේ සිංදුවල රහ මට තාම සෙට් වුනේ නෑ. ඒත් කොල්ලො ටිකක් මෙහෙම එකතු වෙලා මොකක් නිර්මාණයක් කරනවා කියන එක මට වටින දෙයක්. 
 
ඒකෙන් කාටවත් හානියක් හෝ අපහාසයක් නොවෙනවා නම් ඒක සභ්‍ය දෙයක්. 
 
  
ඒ වචන, සංගීත භාවිතය, සංස්කෘතිය වගේ දේවල් සමාජයක සංවාදයට බඳුන්වෙනවා මිස නීතියෙන් විනිශ්චය කරන්න යන එක සභ්‍ය දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම පොලිසිය විසින් තීරණය කරන එක අසභ්‍යම තත්වයක්.
 
 
රස්තියාදු පදනමේ අවුරුදු කීපයක් පරණ සිංදුවක් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙහෙම අසභ්‍යයි කියල විනිශ්චය කරලා ඒ අයව අත්අඩංගුවට ගත්තා. ඊයේ අලුත්කඩේදී මේ ගීතය වහාම ඉවත් කරගන්න කියල මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරලා මේ අයට ඇප ලබා දුන්නා. 
 
එතනදි මහේස්ත්‍රාත්වරිය විසින් කියල තිබුනෙ පාසැල් දරුවන් මේ දවස්වල ඔන්ලයින් අධ්‍යාපනය ලබන නිසා මේවගේ දේවල් වලින් ඒ අයගේ මනස් දූෂණය වෙනවා කියල.
 
  
ඒ අනුව දැන් යූටියුබ් නාලිකා හැමදෙයක්ම කරන්න ඕන දරුවන්ට සුදුසුද කියන දර්ශකය අනුවයි. සිනමාව, රූපවාහිනිය, යූටියුබ් ඇතුළු සියලු සමාජ මාධ්‍යයන් දරුවන් වෙනුවෙන් වෙන් කරලා වැඩිහිටි සමාජයක් රටේ ජීවත් වෙනවා කියන එක අමතක කරපු යුගයකයි අපි ජීවත් වෙන්නෙ. 
 
 
තමන්ගේ දරුවන් නරඹන්නේ මොනවද කියන එක ගැන වගකීමක් ගන්න අපොහොසත් දෙමව්පියන් නිසා ඒ ගැන තීන්දු තීරණ ගන්න වෙලා තියෙන්නෙ උසාවියට. 
 
මේ කියන ප්‍රවෘත්තියේ හැටියට දෙමව්පියන් පිරිසක් විසින් තමන්ගේ දරුවන් මේවා නරඹනවා කියල පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. 
 
 
මොකක්ද මේ සදාචාරය?
 
morality illo 
 
තමන්ගේ දරුවන් හදාගැනීමේ වගකීමක් තමන්ට නැද්ද කියල අහන්න තරම් දැනුමක් නැති පොලිසිය විසින් අර නිර්මාණය කරපු පිරිස අත්අඩංගුවට ගන්නවා. මොකක්ද මේ සදාචාරය?
 
මෙතනදි රස්තියාදු පදනමේ සිංදුවට වඩා ඉරාජ්ගේ ෆිල්ටිගෙ සිංදු අසභ්‍යයි. ඒවායින් විවිධ පුද්ගලයන්ට අපහාස කරනවා. ඒ අපහාස පිණිස ලිංගික අර්ථයන් පාවිච්චි කරනවා. ඒත් ඒ වගේ සිංදු ගැන පොලිසියට පැමිණිලි එන්නෙ නෑ.
 
 
මෙතන අනියමින් ක්‍රියාත්මක වෙන්නෙ සමාජ මාධ්‍ය පාලනය කිරීමේ නීති ගෙනඒමේ උවමනාව වග පැහැදිලියි. 
 
ඒ හරහා පුරවැසි සමාජයක් ළමා සමාජයක් ලෙස පවත්වාගෙන යාමේ උවමනාව සුපැහැදිලියි. 
 
අපි අද කුණුහරුප විදිහට හඳුන්වන හැම වචනයක්ම ඉතාම හොඳ සිංහල වචන ලෙස පැවතුනු ඒවා වග ඒ බස හසුරුවන ජාතියම නොදැන සිටීම ලැජ්ජාවක් වගේම දුකක්.
 
උදා හැටියට හුත්තී යනු සුත්තී හෙවත් සුතන් ඇත්තී කියන එක. ඒ කියන්නෙ යහපත් වූ තන් ඇත්තී, වෙන කවුරුවත් නෙමෙයි අම්මා කියන එක. ඒ වගේම හුකනවා කියන්නෙ සුඛ නැත්තං සුකනවා, සැප ලබනවා කියන එක. සිංහල නොදැන යද්දි මේවා කුණුහරුප වගේ පේනවා.
 
19dd2026d6ce278d03270f1af5f635f3 XL
 
“සිංහලේ කුණුහරුප කියල දෙයක් නෑ. දෙයක් කුණුහරුපයක් වෙන්නෙ බලන කෙනාගේ හිත කුණුහරුපයක් හින්ද. දැන් ගෑණු ළමයෙක් කොටට ඇඳන් යන එක කාටහරි අසභ්‍යයි කියල පේන්න පුළුවන්. ඒත් ඒක කොට ඇඳුමෙ අසභ්‍යකමක් නෙමෙයි බලන මිනිහගෙ හිතේ අසභ්‍යකම. ගොවියෙකුගෙ අමුඩයක් වුනත් කෙනෙකුට අසභ්‍ය ඇඳුමක් වෙන්න පුළුවන්…” - උපුල් ශාන්ත සන්නස්ගල
 
 
අසභ්‍ය කියන දේ තේරුම හරියට දැනගත්තා නම් පොලිසිය අසභ්‍ය විදිහට දරුවො හදනවා කියල අවවාද කරන්න ඕන මේ දෙමව්පියන්ට. අධිකරණය අවවාද කරන්න තිබුනෙ පොලිසියට. 
 
ඒත් මේකෙන් වෙන්නෙ හැමදෙයක්ම කුණුහරුපයක් වෙන එක. මේ සිතීම සභ්‍ය නෑ. අපි අසභ්‍ය සමාජයක් නිර්මාණය කරමින් ඉන්නවා.
 
 
chinthana
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
 
 
 
සබැඳි පුවත:
 
 

 
THE LEADER TV 
 
පවිත්‍රාදේවීට පලනොකියා පලාබෙදිල්ලක් ! 
 
 
කැබිනට් සංශෝධනයක්! ඩලස්ට කැපිල්ලක්? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රස්තියාදු පදනම අසභ්‍ය ද? - Faculty of Sex | The Leader