The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

මිහිරි ආදරය හලාහල විසක් කර නොගන්නට -(Faculty of Sex)

T

The Leader Desk

October 9, 2021 • 4:29 PM

මිහිරි ආදරය හලාහල විසක් කර නොගන්නට -(Faculty of Sex)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''…මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නෙ ආදරය කියන්නෙ හෙනම හෙන ගුප්ත, රොමෑන්ටික්, ෆට්ටන්දර විකසිත සීන් එකක් නෙමෙයි.
  •   පෙම්වතුන් අතර මිතුරන් අතර ඇති තරමේවත් මානසික බැඳීමක් නැත්තම් දෙන්නම නොදන්නව වුණාට ඒ සබඳතාවය යන්නෙ හෙනම අවුල් ට්‍රැක් එකක.
  •   එකම දේ එලෙස බලපෑම් කරන තුරු එම යාළුකම් පැවතීමට තියෙන ඉඩ අඩුයි, මොකද මේ ලෝකයේ කවුරුවත් කාවවත් පාලනය කිරීම සාර්ථක නැති නිසා.
  • සාමාන්‍ය මිතු දමක වගේම නොගැලපෙනව නම් දමා ගසා යාමට හැකි වුවත් මෙහිදී එකිනෙකා අනෙකා තුළ කර ඇති මානසික ආයෝජනය වැඩි නිසා වෙන්ව යාමෙන් ඇති වන මානසික ගැටළු වැඩියි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
සාර්ථක ප්‍රේමයක් කියන්නෙ අනිවාර්යයෙන්ම මිත්‍රත්වයේ දිගුවක්. අපි යාළුවන්ට හැම දේම කියනවා. නමුත් පෙම්වතුන් හෝ පෙම්වතියන්ගෙන් බොහෝ දේ සඟවනවා. මේක පට්ටම කුජීත වැඩක් මම හිතන්නෙ.
 
පෙම්වතුන් අතර මිතුරන් අතර ඇති තරමේවත් මානසික බැඳීමක් නැත්තම් දෙන්නම නොදන්නව වුණාට ඒ සබඳතාවය යන්නෙ හෙනම අවුල් ට්‍රැක් එකක.
 
මේ නිසා මෙම ප්‍රශ්නය අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන් සමග ක්‍රියා කරන හැටි ඇසුරෙන් විග්‍රහ කරන්ඩ පුළුවන් මම හිතන්නෙ.
 
erot5 resize
 
අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන්ට නීති දානව ද? දාන අවස්ථා අතළොස්සක් තියෙන්ඩ පුළුවන්, නමුත් බොහෝ විට මිතුරන්ගේ මූලික ස්වරූපයන් වෙනස් කිරීමට බලපාන නීති දැමීමක් සිදු වන්නෙ නෑ.
 
මගේ හොඳම මිතුරිය මට කිව්වොත් “හැම මාසෙම පන්සල් පලයන්” කියල මම අනිවා කියන්නෙ “උඹ පන්සල රෝල් කරල ඔබාගනින් ____” කියල..
 
ඒක අහලා ඇයට අවශ්‍ය නම් “මේ යාළුකම හරි යන්නෙ නෑ” කියල අත ඇරල දැම්මැහැකි. එහෙමත් නැතිනම් “මූ පන්සල් නොගියට හොඳ එකා” කියලා යාළුකම පවත්වාගත හැකි.
 
යාළුවන් සම්බන්ධයෙන් අප මේ තීරණ දෙකම ගන්නා විවිධ අවස්ථා තියෙනවා.. මේ අනුව පෙනෙන්නේ අප යාළුවන් තෝරා ගැනීමේ දී එක්කෝ සමාජයීය, මතවාදීමය හෝ වෙනත් ආකාරයේ සමානතාවයන් දැක ආසක්ත වෙනවා. සමාන නැති උන් එක්ක යාළු වෙන්නෙ නෑ.
 
එහෙමත් නැතිනම් ඒවා සම්බන්ධ වෙනස්කම් තිබියදීත් පුද්ගලික ගති ලක්ෂණ හෝ වෙනත් හේතූන් නිසා ආසක්ත වී අර වෙනස්කම් ඉවසනවා.
 
 මේ විදි දෙකෙන් කොයි එක හරි ද කියලා අපිට තීරණය කරන්ඩ බෑ. මේ සම්බන්ධව එක එක්කෙනාගේ ආකල්ප විවිධයි. නමුත් එබඳු වෙනස්කම් තිබියදී මිතුරු වී පසුව එම වෙනස්කම් දුරු කර ගැනීම සඳහා නීති දැමීම හෝ බලපෑම් කිරීම නම් අමුම කුජීතයි.
 
එකම දේ එලෙස බලපෑම් කරන තුරු එම යාළුකම් පැවතීමට තියෙන ඉඩ අඩුයි, මොකද මේ ලෝකයේ කවුරුවත් කාවවත් පාලනය කිරීම සාර්ථක නැති නිසා. එල්සේම එබඳු අවස්ථා වලදී විකල්ප යාළුවන් බොහෝ විට සිටින නිසා.
 
දැන් අපි බලන්ඩ ඕනෙ ප්ලේටොනික් සහ රොමෑන්ටික් සම්බන්ධතා අතර මහලොකු වෙනසක් තියෙනවද කියලා?
 
 
යම් වෙනස්කම් කිහිපයක් තියෙනවා. එකක් නම් ප්‍රේම සබඳතා වල සාමාන්‍ය යාළුකමකට වඩා මනෝමය සමීපතාවක් තිබීම. සාමාන්‍ය මිතු දමක වගේම නොගැලපෙනව නම් දමා ගසා යාමට හැකි වුවත් මෙහිදී එකිනෙකා අනෙකා තුළ කර ඇති මානසික ආයෝජනය වැඩි නිසා වෙන්ව යාමෙන් ඇති වන මානසික ගැටළු වැඩියි.
 
  
අනෙක් එක තමා දෙදෙනෙක් පෙම්වතුන් වූ වහාම සමාජ පෙළඹවීම වන්නේ හැකි ඉක්මනින් විවාහ වී දරුවන් සාදා මේන්ස්ට්‍රීම් එකේ ගමන් කිරීමටයි.
 
ඊට පෙර ඔවුන් වෙන් වී, වෙනත් අය සමග එක් වී, නැවත වෙන් වී, ආදී වශයෙන් සිදු වීම අප සමාජය ලොව වෙනත් විවෘත සමාජ එක්ක බලද්දි ඉවසන්නෙ අඩුවෙන්. මේ නිසා බිඳී යාමකින් යම් සමාජ පීඩනයක් ද එල්ල වෙනවා. 
 
මෙලෙස බිඳී ගියහොත් ඇති වන පීඩනය නිසා අකමැත්තෙන්, අසතුටෙන්, යටහත්කමින් ඉන්න පෙම්වතුන් හා පෙම්වතියන් අප දැක තිබෙනවා.
 
මගේ විශ්වාසය නම් එය ජාතික අපරාධයක් බවයි''
 
(බුද්ධික තාඹුගල)
 
erot2 resize
 
“…. බුද්ධික තාඹුගල කියන්නට තියෙන දෙයින් සෑහෙන කොටසක් කියල ඔහු නවත්තපු තැනින් කන්ටිනියු කරන්නම්.
 
..ආදරය කරද්දි මං හිතන විදියට එකිනෙකාගේ අනන්‍යතා සහ පෞරෂයන් තේරුම් ගන්න එක වැදගත්.
 
ඒ පුද්ගලයාව ඒ පුද්ගලයා විදියට භාර අරගෙන ඉන් එහාට තමයි මේ ආදරය කියන ගනුදෙනුව සිද්ධ වෙන්න ඕන.
 
 
නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අපේ සහකරුවාගේ/කාරියගේ අනන්‍යතාව කපලා කොටලා ඔවුන්ගේ ආසාවල් වලට කෙළවල දාලා, ඔවුන්ගේ බලාපොරොත්තු අපිට ඕන විදියට වෙනස් කරල, ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය විනාශ කරල, අපිට ඕන විදියට අපි කැමති ආකාරයේ අනන්‍යතාවයක් ඔවුන් තුළින් නිර්මාණය කරගන්න දඟලන එක.
 
  
කොටින්ම අපිට මුලින්ම මුණ ගැහෙද්දි හිටපු කෙනාව වෙනස් කරල ඌව/ඒකිව අපේ කැමැත්තට අනුව වැඩ කරන හිතන පතන රොබෝ කෙනෙක් කරන්න හදන එක.
 
තමාගේ ඔලුවේ තියෙන අයිඩියල් සහකරුවෙක්/කාරියක්ව තමන්ට හම්බුන මනුස්සයා තුළින් නිර්මාණය කරගන්න හද හද දෙන්නාම ඔය විදියට අනිත් කෙනාගෙ අනන්‍යතාවය මරල දාලා අලුත් පුද්ගලයෙක් නිර්මාණය කරගන්න කරන මේ පොරය නිසයි ගොඩක් ආදර සබඳතාවල් වලට කෙළ වෙන්නෙ. (කෙළ වෙනවා කියන්නේ අවසාන වෙනවා නෙමේ. සතුට නැති වෙලා විඳීම වෙනුවට විඳවීම ඉස්මතු වෙනවා කියන එකට)
 
ero 7 resize
 
දැන් ඔහොම ටෝක් දුන්නට තමන්ගේ කොල්ලව/කෙල්ලව වෙනස් කරන්න දඟලන්න එපාය කියල, ඇත්තටම බැලුවොත් ඕක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දි පට්ට අමාරුයි.
 
ඇයි?
 
ඇයි ඉතින් තමන්ගේ සහකරුවා/කාරිය තමන් අකමැති මලමගුල් කරද්දි ඌ එක්ක/ඒකි එක්ක ඉන්නෙ කොහොමද?
 
එතනදි තමයි අදහස් හුවමාරුව කියන පට්ටම වැදගත් පාර්ට් එක එන්නෙ.
 
තමාගේ සහකරුවා/කාරිය තුල තියෙන තමා කැමති දේ මොනවද අකමැති දේ මොනවද කියන එක ගැන ඉඳල හිටල දෙන්නට එකතු වෙලා කතා කරල ඒ ඒ දේවල් ගැන එකඟතා වලට එන එක වැදගත් දෙයක්. 
 
මේක කරන්න පට්ටම අමාරු වුනත්, මේක කරන්නම ඕන දීර්ඝ කාලයක් හොඳින් ඉන්න නම්. එකිනෙකාට සවන් දීලා, අනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීමයි මෙතනදි වෙන්න ඕන.
 
කොහොම කලත් මේ “වෙනස් කම්” කියන දේවල් නැත්තටම නැති වෙන්නෙ නං නෑ ලොවෙත්. එතනදි කරන්න වෙන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ හොඳ විදියට තමා දකින දේ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු ඉවසන එක. 
 
කතාවක් තියෙන්නෙ “අපි ආදරවන්තයා/ආදරවන්තිය විදියට තෝරගන්න ඕන අපිට ඉවසන්න පුළුවන් වැරදි තියෙන කෙනෙක්ව” කියල. ඒ මොකද අපි වැරදි/අඩුපාඩු විදියට දකින දේවල් නැති එකෙක් හොයාගන්න මේ ලෝකයේ කිසිම ජගතෙක්ට කිසිම විදියකට බෑ.
 
 
ඊළඟට, තමන්ගේ සහකරුවාට/කාරියට ඔවුන්ගේ ජීවිතය විඳින්න ඔවුන්ට තියෙන නිදහස අහිමි කරන්න තමන්ට කිසිසේත්ම අයිතියක් නැති බව නම් දෙන්නම තේරුම් ගන්න ඕනම දෙයක්. මේ නිදහස කියන එක තමා විසින් අනෙකාට “දෙන” දෙයක් නෙමේ. ඒක කොහොමත් හැමෝටම තිබිය යුතු දෙයක්.
 
  
හැම වෙලේම තමාගේ සහකරුවාට/කාරියට තමන්ගේ අදහස කියන්න. එකඟ වී හෝ නොවී තීරණය කිරීම ඔවුන්ට බාර දෙන්න. විධාන දෙන්න යන්න එපා. තමන් කියන දේට එකඟ වුනේ නෑ කියල, අවනත වුනේ නෑ කියල පළිගන්න එපා.
 
තමා කියන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ ජීවිතයේ එක කොටසක් බවත්, තමන්ගෙන් පිට ඔහුට/ඇයට තවත් ජීවිතයක් තියෙන බවත් තේරුම්ගන්න ඕන. 
 
මොකද තමන්ගේ සහකරුවා/කාරිය කියන්නේ පෙම්වතෙක් සහ පෙම්වතියක්වත් සැමියෙක් සහ බිරිඳක්වත් විතරක් නෙමේ. 
 
පුතෙක්, සහෝදරයෙක්, මිතුරෙක්, රාජකාරිකරන තැනදි සේවකයෙක්.. වගේ සෑහෙන භූමිකා රඟපාන්න වෙන ඔහුත් මනුස්සයෙක්. මේකෙ සහකාරියන්ට අදාලව අනිත් පැත්තත් එහෙමයි. 
 
ඒ නිසා තමා ගැන විතරක් තමාගේ සහකරුවා/කාරිය සිතිය යුතුය, තමාටම හැම වෙලේම මුල් තැන දිය යුතුය කියල හිතල ආත්මාර්ථකාමී මුග්ධයෙක් විදියට වැඩ කරන්න යන්න එපා.
 
 SDFSDT
 
මේ ඔක්කොම කරලත් දිගින් දිගටම තියෙන්නේ දෙන්නගේ වෙනස් කම් නම්, ඉතින් හොඳම දේ තමා අකමැත්තෙන් වුනත් එකිනෙකාට “ගුඩ් බායි” කියන එක. 
 
මොකද එකිනෙකාව රවට්ටගෙන අවුරුදු දෙකතුනක් ලව් කලත් බැඳලා මාස හය හතක් යද්දි තමන් හංගන් හිටිය තමාගේ සහකරුවා/කාරිය අකමැති පැත්ත එළියට එන එක අනිවාර්‍යයි.
 
ඊට පස්සෙ ඉතින් දෙන්නගෙම කසාද ජීවිතේට සොරි ඩොට් කොම්ම තමා”
 
අදහස් දැක්වීම අහවරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.
 
 
ප/ලි –
 
1- මේ බණ කිව්වාට අපිත් ලව් කරන රහස සොයාගත් ශාස්තෲවරුන් නොවෙමු. අපි විසින්ම සහ අපි වටේ ඉන්නා උන් කන පරිප්පු දැක දිනෙන් දින ඉගෙනගෙන අපිත් අමාරුවෙන් අනුගමනය කරන කරුණු කාරනා කිහිපයක්ය මෙතනදි කියවන අය සමඟ බෙදා ගත්තේ.
 
2- බුද්ධික තාඹුලගේ අදහස් දැක්වීම දැනට වසර කිහිපයකට පෙර බුකියේ දැක මා විසින් සේව් කරගත් අදහසකි. කාලයකට පසු සේව් කරගත් තැනින් අද එය දුටු නිසා මගේ අදහස් සමඟින් අද මෙසේ පල කලෙමි.
 
 
(ජේමිස් බණ්ඩා -facultyofsex.com)

 

 

 


 

THE LEADER TV 
 
 

මෙන්න නාලෝ....! 

 

පැන්ඩෝරා යටගහන්න හදපු අලුත්ම ප්ලෑන් එක! 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...