The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

‘ප්ලේබෝයි’ නිර්මාතෘ ‘මරණින් මතුත් – මැරිලින් සමග’ - (Faculty of Sex)

T

The Leader Desk

October 11, 2021 • 10:33 AM

‘ප්ලේබෝයි’ නිර්මාතෘ ‘මරණින් මතුත් – මැරිලින් සමග’ - (Faculty of Sex)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු වීරයෙකි. හැඟුම් විහඟුන් තටු ගසා ඉගිලෙන අඩ අඳුරු නිදන කාමරයේ සැඟවී තිබූ ‘නිරුවතේ ලාලිත්‍යය’ සාහිත්‍යයක් පත් කළ නිසාම, මේ ලෝකය තුළ
  •   වාර්තාවලට අනුව හියු හෙෆ්නර් විසින් මෙම ‘යහන’ වෙන් කර ගෙන තිබෙන්නේ 1992 වසරේදී ය.
  • මැරිලින් මොන්රෝ සුරූපිනිය මිය ගියේ 1962 වර්ෂයේ ය.
  • එදා 1953 වසරේදී ඔහු ප්ලේබෝයි මන්දිරය නිර්මාණය කරන්නේ ප්ලේබෝයි සඟරාවේ ආගමනයට සමාන්තරව ය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඔහු එක්තරා වීරයෙකි. ඔහු ලිංගිකත්වයේ කුහක බැමි ලිහා දමා එයින් විවෘත වෙළඳපොළ තුළ බලපෑම් සහගත නිදහස් සංස්කෘතියක් නිර්මාණය කළේය.
 
වයස අවුරුදු 91 දී මියගිය ‘ප්ලේබෝයි’ නිර්මාතෘ හියු හෙෆ්නර්, ලෝකයේ එදා මෙදාතුර බිහිවූ සරාගීම ගැහැනිය ලෙස සැලකෙන අති සුරූපී මැරිලින් මොන්රෝ අසලින් සැතපෙන්නට සූදානමින් සිටියි. 
 
‘අනංග සීයා’ නමින් විරුදාවලි ලබාසිටි හියු හෙෆ්නර්ගේ මරණයටත් වඩා මේ වන විට පුවත් මවමින් තිබෙන්නේ ඩොලර් හැත්තෑපන් දහසක් ක් කලින් ම ගෙවා, එනම් 1992 වසරේ පටන් හියු හෙෆ්නර් විසින් සැලසුම් කර තිබූ මේ අවසන් යහන්ගත වීමයි.
 
තම ජීවිත කාලයෙන් වැඩි කොටස ඔහු ගත කළේ ලෝකයේ සරාගීම සුරූපිනියන් පිරිවරාගෙන ප්ලේබෝයි මන්දිරයේ බඹරෙකු විලසිනි. ඇමරිකානු සංස්කෘතිය තුළ ‘ප්ලේබෝයි මන්දිරය’ (Playboy Mansion) යන්න ‘සුඛපරමවාදය’ හෙවත් ‘ආස්වාදවාදයට’ සමාන වචනයක් විය.
 
වාර්තාවලට අනුව හියු හෙෆ්නර් විසින් මෙම ‘යහන’ වෙන් කර ගෙන තිබෙන්නේ 1992 වසරේදී ය. මැරිලින් මොන්රෝ සුරූපිනිය මිය ගියේ 1962 වර්ෂයේ ය.
 
 කෙසේ නමුත් හියු හෙෆ්නර්ට මොන්රෝ අසලින් ම සැතපෙන්නට විශේෂ හේතුවක් තිබේද? ඔව්. එය එසේ ය. එදා 1953 වසරේදී ඔහු ප්ලේබෝයි මන්දිරය නිර්මාණය කරන්නේ ප්ලේබෝයි සඟරාවේ ආගමනයට සමාන්තරව ය. ඒ පළමු ප්ලේබෝයි සඟරාවේ කවරය සැරසුණේ සුරූපී සරාගිනිය මැරිලින් මොන්රෝගේ රුවෙනි.
 
 ප්ලේබෝයි සඟරාවේ තේමාව එහි කවරයේ සඳහන් වෙයි. ‘පිරිමින්ගේ සතුට සඳහා..” කවරයේ තවත් තැනෙක දැක්වෙන්නේ පළමු වතාවට මැරිලින් මොන්රෝ, සඟරාවකට ලබාදෙන නග්න ඡායාරූපවලින් ඇතුල් පිටු සමන්විත වන බවයි.
 
 hugh6 403x495‘ඇතුල් පිටු’?.. ඔව්. ඔහුගේ කතාව කියවා ගත යුත්තේ එතැනිනි. ප්ලේබෝයි කෙනෙක් වශයෙන් හෙෆ්නර්ට හෙන සදාචාරයක් තිබිණි.
 
ඉතා සරලව කියන්නේ නම් ඔහු කිසිදා ‘ගෙඩි පිටින් සංසර්ගය’ මාකට් කළේ නැත. ඔහු පහන් නිවා දැමූ නිදන කාමරයක ඇති හැකි ආත්මාර්ථකාමීන් විසින් රහසින් තලු මැරූ ස්ත්‍රී රූපය, සෞන්දර්යාත්මක ලෙසින් ආලින්දයට කැන්දාගෙන ආවේය. කාම සිත්වලට විවෘත වෙළඳපොළක් නිර්මාණය කර දුන්නේය. 
 
නමුත් සඟරා නිර්මාණකරුවෙක් වශයෙන් හියු හෙෆ්නර් ලංකාවේ බසින් කියනවා නම් පිටකොටුවේ යට ගසා විකුණන සකලවිධ ‘වැල’ සඟරා සහ පුවත්පත්වලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටියේය. අද ද එය එසේය.
 
  
හියු හෙෆ්නර් ප්ලේබෝයි සඟරාව පටන් ගන්නා අවධියේ, එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු 50 දශකයේ ඇමරිකාවේ පැවතියේ අද ලංකාවේ පවතින පසුගාමී කුහක සුචරිතයට නොදෙවෙනි තත්වයකි. 
 
 
ඒ කාලයේ සරසවි සිසුවියක් ගැබ් ගැනීම, සිය දිවි හානි කර ගැනීම සඳහා බලකරන සමාජ බලපත්‍රයක් විය. ගබ්සාව නීතිගත වී නොතිබිණි. ලිංගික අපවාද හොර රහසේ තළු මරමින් සංසරණය වෙමින් තිබිණි. විවාහය තුළ පවා මුඛ ලිංගික සංසර්ගයේ යෙදීම නීතිවිරෝධී විය!
 
නමුත් හියු හෙෆ්නර්ගේ ප්ලේබෝයි ආගමනයෙන් පසු 60 සහ 70 දශකවල ඇමරිකානු සංස්කෘතිය අති ධාවනකාරී අන්දමින් විපර්යාසයකට බඳුන් විය. 
 
ඇමරිකානු ඩොලර් මිලියන 20 ක මූලික වටිනාකමකින් යුක්ත වූ ප්ලේබෝයි අධිරාජ්‍යය ගොඩනගන විට හියු හෙෆ්නර්ගේ වයස අවුරුදු 27 කි. ඒ වන විට ඔහු ලෝකයට අවශ්‍ය භෞතික සැප සම්පත් පිළිබඳ මනා සංජානනයකින් පසු වූ තරුණයෙක් විය. 
 
සංගීතයෙන් සහ ගෘංගාර රසයෙන් පිරුණු 30 දශකයේ ඇමරිකානු චිත්‍රපටවලට ඔහු රාගාන්විත ලෙස ආදරය කරමින් සිටියේය. සැබවින්ම හියු හෙෆ්නර් කළේ තම ෆැන්ටසිය යථාර්ථයක් බවට පත් කර ගැනීමයි. 
 
එහිදී ඔහු කිසිවිටෙක පරාජිතයෙක් වූයේ නැත. ඒ මන්ද? ‘පිරිමි ලෝකයේ බහුතරයේ සතුට’ යනු කුමක්දැයි ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටි නිසා ය. එය කලාත්මක හෝ සෞන්දර්යාත්මක ලෙසින් විදාරණය කරන ආකාරය පිළිබඳ ඔහුට සාර්ථක ‘මාකටින් ප්ලෑන්’ එකක් තිබූ නිසා ය. 
 
ඒ අනුව ඔහු හොඳ විෂනරි කෙනෙක් වූ නිසා ය. 
 
  
අදටත් කෙසෙල් ගෙඩි සහ මැද්දෙන් ක්‍රීම් වැක්කෙරෙන සොසේජස් පෙන්වමින් ලිංගිකත්වය ගොන් පාට් එකෙන් මාකට් කරන්නට තැත් කරන ඉරාජ් වැනි ලංකාවේ මෝඩ පහේ තරුණයන්ට හියු හෙෆ්නර් අසලින් දණගසාගෙනවත් හිටගන්නට බැරි ඒ නිසා ය.
 
 
2008 වසරේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් (මෙය හියු හෙෆ්නර්ගේ අවසන් මාධ්‍ය හමුව ලෙස සැලකෙයි) ඔහු මෙසේ කීවේය. “මට ප්ලේබෝයි කියන්නෙ බිස්නස් එකක් විතරක් නෙවෙයි. ප්ලේබෝයි කියන්නෙ මගේ ප්‍රේමයේ ආයාසයයි. (It’s the labour of Love!) ඒ ආයාසයට ප්‍රේම කරන්නේ නැතිනම් ඔබ මෝඩයෙක්”!!
 
ජීවන ලලාසාවට පෙම් බඳින්නේ කෙසේදැයි ඔහු මැනවින් දැන සිටියේය. ගැහැනු සිරුර සයුරක් සේ විඳින අයුරු මේ පිරිමියා දැන සිටියේය.
 
hugh3 
 
මැරිලින් මොන්රෝ අසලින් සැතපෙන්නට ඔහු ගෙන තිබූ තීරණය ප්‍රකට වීමත් සමග දැන් ඉතින් සුචරිතවාදී ඊනියා ස්ත්‍රීවාදීහු කුපිත වී සිටිති. ඔවුන්ට අනුව හියු හෙෆ්නර් මේ ලෝකයේ සිටින ලොකුම කාම අපරාධකරුවා ය. 
 
හියු සමුගත් දිනයේ බීබීසී පුවත් සේවයේ ‘නිව්ස් නයිට්“ වැඩසටහන වෙත කැඳවූ හියුගේ ජීවිත කතාව සහ චිත්‍රපට තිර පිටපත ලියූ බ්‍රිජට් බර්මන් අවධාරණයෙන් කියා සිටියේ හියු කිසිවිටෙක Pornographer කෙනෙකු නොවූ බව ය. ඊට වඩා බෙහෙවින් ඔහු සිවිල් අයිතිවාසිකම් සහ මානව නිදහස අගය කළ ‘සෙක්ෂුවල් ලිබරේටර්“ කෙනෙකු බව ය. 
 
ඒ සාකච්ඡාවටම සජීවී ලෙස අදහස් ඉදිරිපත් කරන ටිපිකල් ස්ත්‍රීවාදිනියක වන නයෝමි වුල්ෆ් මේ සඳහනින් කෝප වන්නීය. ඇය එහිදී ගෙන එන එක් තර්කයක් වන්නේ ලිබරල් ධනවාදය තුළ හියු විසින් ස්ත්‍රිය තවදුරටත් ලිංගික භාණ්ඩයක් බවට පත් කිරීම සහ ලිංගික සූරාකෑමකට ඇය ලක්කිරීමයි. 
 
මේ විවාදය කොතරම් උණුසුම් වේ ද යත් නයෝමි වුල්ෆ් අතරමගදී “මට මේ සාකච්ඡාවට තවත් එකතු වෙන්න උවමනා නෑ.. සොරි..” යනුවෙන් පවසමින් ඉයර්ෆෝන් ගළවා දමා තිරයෙන් බැහැර වන්නීය.
 
  
ප්‍රාග්ධනය විසින් නිර්මාණය කළ ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රමය සූරාකෑම සහ ලිංගික සූරාකෑම යන දෙකම නොවැළැක්විය හැකි සාධකයන් ය. ලිංගික සූරාකෑම තුළ සිදුවන්නේ ද ධනවාදය තවදුරටත් ස්ථාපිත වීමයි. එසේ නම් ප්ලේබෝයි නිර්මාතෘ විසින් සිදුකර තිබෙන්නේ අලුත් අපරාධයක් නොවේ. නමුත් ඔහු ඉතා සුමට අයුරින් ප්‍රාග්ධන වෙළඳපොළ තුළ ලිංගිකත්වය සම්බන්ධයෙන් නව මානයක් නිර්මාණය කළේය. ඒ ගැන කිසිදු තර්කයක් නැත.
 
 
මෝඩ ගෑනුන්ගේ බුල්ඩෝසර් කතා මදකට පසෙකින් තැබුවහොත් හියු හෙෆ්නර්ගේ ලෝකයේ විසල් චිත්‍රය ඔබ ඉදිරියේ දිස්වනු ඇත. ඔහු සැබවින්ම කළේ Art of Nudity හෙවත් නග්නත්වයේ කලාව (නිරුවත් කලාව)ට කැමරාව හයි කිරීමයි. 
 
කාමසූත්‍රය ලියූ වාත්ස්‍යාන කීවේ රතිය, කෙළියක් (ක්‍රීඩාවක්) බව ය. නමුත් හියු, රති කෙළිය සඟරාවක් බවට පත් කරන විට වාත්ස්‍යානටත් වඩා සංයමයකින් එය කළේය. 
 
එතැනදී සම්භෝගයේ ඉරියව් එකසිය ගණනක් සිතියම් ගතකරන වාත්ස්‍යාන තරම්වත් ඔහු දුර නොගියේය. ඒ වෙනුවට ලොව පුරා ශතවර්ෂ ගණනාවක් තිස්සේ විවිධ ශිෂ්ටාචාරයන් විසින් රහසේ රස විඳි නග්නත්වයේ කලාව, අපවාද මැදින් සුගම ලෙස සමාජගත කළේය. ඉතිහාසය තුළ සංයමයෙන් සක්මන් කළේය. 
 
එනිසාම කාමසූත්‍ර සමග වාත්ස්‍යානගේ නම බැඳී තිබෙන්නේ යම් සේ ද, ප්ලේබෝයි සංස්කෘතිය සමග හියුගේ නම ඊටත් වඩා නෑකමකින් බැඳී තිබේ. එනිසා ඔහුව හැඳින්විය හැක්කේ, Pornography සහ Art of Nudity අතර වෙනස රචනා කළ ‘‘ප්‍රාග්ධනයේ මිනිසෙකු“ ලෙස ය.
 
hugh4 
හියු හෙෆ්නර් සිය මුල්ම රැකියාව වශයෙන් තෝරාගෙන තිබෙන්නේ ඇමරිකානු හමුදාවේ ලේඛකයෙකු වශයෙන් කටයුතු කිරීමයි. ඔහුට තිබෙන්නේ මනෝවිද්‍යා උපාධියකි. පසුව චිකාගෝ නුවර එස්ක්වයර් මැගසිනයේ ප්‍රවර්ධන නිලධාරියෙකු වශයෙන් කටයුතු කළේය. ළමා සඟරාවක බෙදාහැරීමේ කළමනාකරු වශයෙන් ද කටයුතු කළේය. 
 
පළමු ප්ලේබෝයි සඟරාව බිහිකරන විට ඔහු හැදී වැඩුණු චිකාගෝ නුවර පැවතියේ, මැරිලින් මොන්රෝ පිළිබඳ පුවත් අසන්නට තැපැල් කන්තෝරු සහ තැබෑරුම් අසල ජනයා පොරකමින් සිටි තත්වයකි. සියල්ලන්ටම ඇයව විඳින්නට අවශ්‍ය වී තිබිණි. නමුත් කිසිවෙක් හරිහැටි ඇයව දැක තිබුණේ නැත. 
 
“මේක මෙහෙම වෙන්න ඕනෙ නෑ.” යැයි එදා තමන් සිතූ බව හියු හෙෆ්නර් පසුව කියයි. ඔහු පළමු සඟරාව මුද්‍රණය කිරීම සඳහා ඩොලර් 8000 ක් ණයට ගත්තේය. අවසානයේ මැරිලින්ගේ කවරයෙන් සැරසුණු ප්‍රථම ප්ලේබෝයි සඟරාවේ පිටපත් 50,000 ක් ඉතා ලෙහෙසියෙන්ම අලෙවි කළේය. 
 
මැරිලින් මොන්රෝ පසුව මේ ගැන කීවේ කුමක්ද? ඇය විසින්ම පසුකලෙකදී ඒ පිළිබඳ කරන ප්‍රකාශවලට අනුව මැරිලින්, ප්‍රථම ප්ලේබෝයි සඟරාවේ කවරය සරසන්නේ ඇයට ඒ වන විට රංගනයෙන් ලැබෙන ආදායම අඩු වී තිබූ නිසා ය. මොඩ්ලින් ගාස්තුව වශයෙන් හියු හෙෆ්නර් ඩොලර් 50 ක් ඇයට ගෙව්වේය. 
 
සිය ස්වයං චරිතාපදානය වන Marilyn: Her Life in Her Own Words හි මැරිලීන් මෙසේ ලියන්නීය. “නිරුවත් මැරිලින් ගේ ඡායාරූපවලින් මිලියන ගණන් මුදල් උපයාගත් අය කිසිවිටෙක මට ‘ස්තූතියි’ යනුවෙන්වත් කියා නැත. මා පෙනී සිටි කවරය දැකබලා ගැනීම සඳහා මට ද සඟරාවක් මිලදී ගන්නට සිදුවිය.” 
 
 
නමුත් මේ කවරයෙන් පසුව මැරිලීන්ට රංගන අවස්ථා ගලා ආවේය. ඇය අවසානයේ නතර වුණේ එවකට ප්‍රබල දේශපාලනඥයෙකු වූ සහ අනාගත නායකයෙකු වූ ජෝන් එෆ් කෙනඩිගේ තුරුලේ ය. 
 
 
1993 වසරේ කවරය සැරසූ ‘ප්ලේමේට්’ ඇනා නිකොල් ස්මිත්, එම නිරූපණයෙන් අනතුරුව එක රැයින් තරුවක් බවට පත්වූ අතර, එවකට 26 හැවිරිදි වූ ඈ, 89 හැවිරිදි ධන කුවේරයෙකු සහ ඛනිජ තෙල් ව්‍යාපාරිකයෙකු වූ ජේ. හොවාඩ් මාෂල් සමග එයින් වසරකට පසු අතිනත ගත්තාය. 
 
සුරූපී මැඩෝනාගේ රුවින් 1985 සැප්තැම්බර් ප්ලේබෝයි සඟරාවේ කවරය සැරසීමෙන් අනතුරුව ඇය එක රැයින් තරුවක් බවට පත්විය. 2016 වසරේදී හියු නිවේදනය කර සිටියේ මින් ඉදිරියට කිසිදු පූර්ණ නග්න රූපයක් ප්ලේබෝයි සඟරාවල පළ නොකරන බවය. 
 
2000 වසර වන විට කේට් මොස් වැනි ලෝකයේ අංක එකේ නිරූපණ ශිල්පිනියන්, ප්ලේබෝයි සඟරාවේ කවරයට පෙනී සිටීම සිය වෘත්තීය ජීවිතයට ඉණිමගක් සහ ගෞරවයක් සේ සලකන්නට පටන් ගත්හ.
 
ct hugh hefner childhood to playboy 20170928x 
 
“මට කිසිදාක සෙක්ස් මැගසින් එකක් කරන්න උවමනා වුණේ නැහැ.” හියු හෙෆ්නර් පසුව කියයි. “මම හැමවිටම සිතුවේ ලිංගිකත්වය වැදගත් අමුද්‍රව්‍යයක් වශයෙන් යොදාගත් ලයිෆ්ස්ටයිල් සඟරාවක් නිර්මාණය කරන්නයි” ඔහු තම ජීවන ලලාසාව ‘ජීවන විලාසයක්’ (ලයිෆ් ස්ටයිල් එකක්) බවට පත් කර සමාජ ගත කරමින් සිටියේය.
 
 
මෙයට සමාන්තරව ලොව පුරා ප්ලේබෝයි සමාජ ශාලා බිහිවිය. කායික සතුට වෙනුවෙන් නිර්මාණය වූ වීදි, විසල් හුදෙකලා නගර අතික්‍රමණය කළේය. 
 
1966 වසරේ එංගලන්තයේ ප්ලේබෝයි ලන්ඩන් ක්ලබ් විවෘත කෙරුණේය. එය පළමු අන්තර්ජාතික ප්ලේබෝයි රජදහන විය. 60 සහ 70 දශකයේ එහි දැකගත හැකි වූ ලෝ ප්‍රකට මුහුණු අතර සුපිරි ජේම්ස් බොන්ඩ් නළු ෂෝන් කොනරි, ජෝන් කොලින්ස්, රොජර් මුවර්, වූඩි ඇලන්, ප්‍රකට ලේඛිකා කෙනත් ටයිනන් යනාදීහු වූහ. 
 
ඒ වන විට ලන්ඩනය අත්දකිමින් සිටි සමාජ නිදහස දළු ළමින් වැඩෙන්නට හියු හෙෆ්නර්ගේ සංස්කෘතිය තෝතැන්නක්ම විය. 1981 වසරේදී එංගලන්තය කැසිනෝ සඳහා නව නීති ගෙන ඒමත් සමග ඒ ව්‍යාපාරය යම් පසුබෑමකට ලක්වුවද අද පවා ප්ලේබෝයි ක්ලබ්ස්, ලන්ඩන් ඉතිහාසයේ සන්ධිස්ථානයකි. 
 
playboy club launch in london 130772398924
 
එංගලන්තයේ ප්ලේබෝයි ලන්ඩන් ක්ලබ්
 
පාක් ලේන් හි පිහිටි එම සමාජ ශාලාව අද වන විට සුවිසල් හෝටලයකි. 2011 වසරේදී හියු පාක් ලේන් වෙනුවට මේෆෙයර් ප්‍රදේශය තෝරාගනිමින් නැවත පණ ගසා එයි. එහි සේවය සඳහා සුරූපී තරුණියන් හෙවත් ‘බනීස්’ලා 80 දෙනෙක් සමග සේවකයන් 850 දෙනෙක් බඳවා ගනියි. 
 
සුපිරි ඉංග්‍රීසි ගායක එල්ටන් ජෝන්ගේ දීර්ඝ කාලීන සහකරු සහ පෙම්වතා වන ඩේවිඩ් ෆර්නිෂ් ද ඒ අතර වෙයි. ඔවුන් මුලින්ම හමුවන්නේ ද එහිදී ය.
 
පසුකලෙක හියු හෙෆ්නර් සමලිංගික විවාහ වෙනුවෙන් කතා කරන්නෙක් සහ පෙනී සිටින්නෙක් බවට ද පත්විය. ඒ ගැන ඔහු කීවේ මෙසේ ය. “එය අපේ සියලු අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටනක්..” හියුගේ සඟරාවේ මාතෘකා පුළුල් පරාසයක විහිදුණේය. එය ලිබරල් මත්ද්‍රව්‍ය නීති, ගබ්සා අයිතිය මෙන්ම සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද කතා කළේය. 
 
  
ඔහු මාටින් ලූතර් කිංගේ අයිතිවාසිකම් ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම මාටින් ලූතර්ගේ හොඳ මිතුරෙකු ද විය. ජෙසී ජැක්සන් ද ඔහුගේ මිතුරු ලැයිස්තුවේ සිටියේය. මාටින් ලුතර් කිං ඝාතනයට ලක්වන්නට පෙර ලියූ අවසන් ලිපිය පළ වුයේ ද ප්ලේබෝයි සඟරාවේ ය. 
 
 
කළු සම ඇති ආදරිය: 
 
images 24dහියු විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට කළු ජාතික සුරූපිනියන් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර දුන්නේය. මේ නිසා සෙක්ස් ඉල්ලන ටිපිකල් සුදු පිරිමියා විටෙක ස්නේහයෙන් වැළඳගන්නේ එතෙක් කල් පිළිකෙව් ඇසින් බැලූ, කළු සම ඇති ආදරියකි. හියුගේ දේශපාලනික නිලය අල්ලා ගැනීමට මෙයම ප්‍රමාණවත් ය.
 
70 දශකය මුල භාගය වන විට ප්ලේබෝයි සඟරාව ලොව පුරා පිටපත් මිලියන 7කට වඩා අලෙවි වී තිබුණේය. ඒ කාලයේ සිදුකෙරුණු එක් සමීක්ෂණයකින් හෙළි වූයේ ඇමරිකානු කොලීජි ශිෂ්‍යයන්ගෙන් හතරෙන් එකක්ම පුරුද්දක් වශයෙන් ප්ලේබෝයි සඟරාව මිලදී ගන්නා බවයි.
 
ප්ලේබෝයි සඟරාවට ලිපි සැපයූවන් අතර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සහ රෝලන්ඩ් ඩාල් වැනි සුප්‍රසිද්ධ සහ සම්මානීය ලේඛකයන් ද සිටි බව ඔබ දන්නවාද? 
 
ළමා ප්‍රබන්ධකරුවෙක් වශයෙන් අසිරිමත් නමක් දිනා සිටි රෝල් ඩාල් 1965-1974 අතර කාලයේදී අඳුරු ෆැන්ටසි සපිරි කතා මාලා 4 ක් ප්ලේබෝයි සඟරාවට තමන්ගේ නමින්ම ලියුවේය. ඒවා 1974 වසරේදී Switch Bitch නමින් පොතක් වශයෙන් ද පළ කෙරුණේය.
 
 ප්ලේබෝයි හි ලේඛක ලැයිස්තුව ඉතා දිගුය. එහි සඳහන් ලෝක ප්‍රකට නාමයන් අතර ජැක් කෙරෝක්, ඉයන් ෆ්ලෙමිං ආදීහු ද වෙති. සුපිරි ජේම්ස් බොන්ඩ් රචක ඉයන් ෆ්ලෙමිං On Her Majesty’s Secret Service නමැති ප්‍රකට ජේම්ස් බොන්ඩ් කතාව කොටස් වශයෙන් පළ කළේ ප්ලේබෝයි සඟරාවේ ය. එනමින් යුත් චිත්‍රපටය එළි දකින්නේ එයට සය වසරකට පසු ය. 
 
ලොලිතා ලියූ ව්ලැදිමීර් නැබකොව් ප්ලේබෝයි සඟරාවේ සම්පූර්ණ නවකතා දෙකක්ම කොටස් වශයෙන් පළ කළේය. ගේබ්‍රියෙල් ගාෂියා මාකේස් නිතර ප්ලේබෝයි වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණු අයෙකි. මායාවී මළකඳක අබිරහස සොයාගනු වස් කියන කුඩා දකුණු ඇමරිකානු ධිවර ගම්මානයක කතාව රැගත් The Handsomest Drowned Man in the World ඔහු පළ කළේ 1968 වසරේ පළ වූ ප්ලේබෝයි සඟරාවල ය. 
 
  
 
ශ්‍රී ලාංකිකයන් සදා ආඩම්බර වන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් එවකට යාවජීව ප්ලේබෝයි සම්මාදම්කරුවෙක් විය. මේ සුපිරි විද්‍යා ප්‍රබන්ධකරුවාගේ Dial F For Frankenstein කතාව වෙනුවෙන් හියු හෙෆ්නර් නොමසුරුව ප්ලේබෝයි සඟරාවේ ඉඩ වෙන් කළේය.
 
 
ප්ලේබෝයි සඟරාවේ පස්වන සංවත්සරය වන විට එහි ප්‍රින්ට් ඕඩරය හෙවත් මුද්‍රණ ඇණවුම, මසකට පිටපත් දස ලක්ෂයක් හෙවත් මිලියනයක් විය. හියු හෙෆ්නර් ඒ පුරවමින් සිටියේ රික්තකයකි. ඒ රික්තකය තුළ ඔහු ‘පණ පිටින් දිව්‍ය ලෝකයට යාම’ ඔහුගේ ආයාසයේ ප්‍රතිඵලයකි. දශක හයක් තිස්සේ ඒ දිව්‍ය ලෝකය නඩත්තු කර ගැනීමට සමත් වීම හෙවත් ‘එක්ස්පයර් නොවීම’ හෙවත් ‘කල් ඉකුත් නොවීම’ ඔහුගේ පෙර දැක්මේ ප්‍රතිඵලයකි.
 
ඔහු මෙසේ කියා ඇත.
 
“මා ව්‍යාපාරිකයෙකු නොව සෙල්ලක්කාර දාර්ශනිකයෙකි. එය ඇමරිකානු සිහිනයයි… ලිංගික මර්දනය සහ ආඥාදායකත්වය එක්ව ගමන් කරන දේ ය. ලිංගික විප්ලවයේ එක් අරමුණක් වන්නේ ලිංගිකත්වයට තාර්කිකත්වය ගෙන ඒමයි.. මේ ලෝකය ශිෂ්ට සම්පන්න කරන ප්‍රධානතම බලවේගය ලිංගිකත්වය මිස ආගම නොවේ… අනුන්ගේ සිහිනයක ජීවත් වීමට තරම් ජීවිතය කෙටි වැඩි ය…!!!”
 
 
(ක්‍රිෂාන්ති රාජපක්ෂ -facultyofsex.com) 
 
 

THE LEADER TV 
 
වඳින්නම් බෑ නං යන්න? 
 
 
වඳ වෙන ලකුණු ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘ප්ලේබෝයි’ නිර්මාතෘ ‘මරණින් මතුත් – මැරිලින් සමග’ - (Faculty of Sex) | The Leader