The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අරක්කුවලට නිදහස - Faculty of Sex

T

The Leader Desk

June 16, 2021 • 4:31 PM

අරක්කුවලට නිදහස - Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙතෙක් අරක්කු බීමට ලැබුනේ අපචාරයක සැලකිල්ලයි.
  •    මෙය රජයේ අහිමිවන ආදායම ගැන සළකා බලා ගන්නා ලද තීරණයක් වුවත් මෙය රටේ ජීවත් වන්නේ වැඩිහිටි පුරවැසියන් බව පිලිගැනීමේ තීරණයක්ද වෙයි.
  •    එයින් ආර්ථිකයට මත්පැන් වලින් ලබාදෙන ප්‍රබල දායකත්වයත්, තමන්ගේ මත්විම පිළිබඳ තීරණයක් ගැනීමේ නිදහස වැඩිහිටියන් සතු විය යුතු බවත් පැහැදිලිව ප්‍රකාශමාන වෙයි.
  •   අනෙක් සියලු ආහාර ද්‍රව්‍ය මෙන්ම තමන්ගේ අරක්කු බෝතලයද නිවසටම ගෙන්වා ගත හැකිවීම අරක්කුද අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා සමව සැලකීමකි.    එමෙන්ම මත්වීමේ අවශ්‍යතාවය පුරවැසියන්ගේ මානසික අයිතියක් හැටියෙන් බාරගැනීමකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 ඕනෑම වැදගත් දවසක තේරුමක් ඇතුව හෝ නැතුව මුලින්ම වැසී යන්නේ වයින් ස්ටෝර්ස් එකයි. 
 
රට පුරා නඩත්තු කළේ දහම් පාසැල් සමාජයකුයි. 
 
ඒ මදිවාට වැඩිහිටි වුවත් ගැහැණුන්ට අරක්කු මිළදී ගත නොහැකියි. 
 
විවාහයට පමණක් නොව ජවිපෙ ආදී පක්ෂවල තනතුරු දැරීමටත් අරක්කු නොබීම සුදුසුකමකි.
 
ඒත් දැන් ඉතිහාසෙ පළමු වරට අරක්කු ගෙදරටම ඩිලිවර් කරවා ගන්න පුළුවන්.
 
සුපිරි වෙළඳසැල්වලින් මත්පැන් නිවෙසටම ගෙන්වා ගැනීමේ නිදහස ලබාදීම වෙනුවෙන් රජයට ප්‍රශංසා කළ යුතුමය.
 
 මෙය රජයේ අහිමිවන ආදායම ගැන සළකා බලා ගන්නා ලද තීරණයක් වුවත් මෙය රටේ ජීවත් වන්නේ වැඩිහිටි පුරවැසියන් බව පිලිගැනීමේ තීරණයක්ද වෙයි.
 
 එයින් ආර්ථිකයට මත්පැන් වලින් ලබාදෙන ප්‍රබල දායකත්වයත්, තමන්ගේ මත්විම පිළිබඳ තීරණයක් ගැනීමේ නිදහස වැඩිහිටියන් සතු විය යුතු බවත් පැහැදිලිව ප්‍රකාශමාන වෙයි.
 
සුපිරි වෙළඳසැල් වලට පමණක් අවසර ලබාදීම හරහා දිනකට කාලේ තුනක් පානය කරන නිර්ධන පාංතිකයා නොසලකා හැරීමක් දකින්න තිබුනත් රජය පැත්තෙන් ගත් පළමු වැඩිහිටි පියවරක් වශයෙන් මෙය වැදගත් තීන්දුවකි. 
 
aerdf
ස්ත්‍රීන්ටද මත්වීමේ සම අයිතිය ලැබෙන අවස්ථාවක්...
 
 
බීලා සල්ලි නාස්ති කිරීම හෝ ගෘහ ප්‍රචන්ඩත්වය වැනි හේතූන් හුවා දක්වමින් දියුණු මත්වීමේ සංස්කෘතියක් නිර්මාණය වීමට අවහිර කළ අමද්‍යප සුචරිතවාදීන්ට සහ වෛද්‍යවරුන්ගේ පුහු සෞඛ්‍ය අධිකාරීමය සීමාවන්ට අභියෝග කිරීමකි. 
 
එමෙන්ම නොදැනුවත්ව වුවද ස්ත්‍රීන්ටද මත්වීමේ සම අයිතිය ලැබෙන අවස්ථාවකි.
 
අනෙක් සියලු ආහාර ද්‍රව්‍ය මෙන්ම තමන්ගේ අරක්කු බෝතලයද නිවසටම ගෙන්වා ගත හැකිවීම අරක්කුද අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා සමව සැලකීමකි. 
 
එමෙන්ම මත්වීමේ අවශ්‍යතාවය පුරවැසියන්ගේ මානසික අයිතියක් හැටියෙන් බාරගැනීමකි.
 
කොවිඩ් නිසා සිදුවුනු තවත් වැදගත්ම වෙනස්කමක් ලෙස මෙය සැලකිය හැකිය.
 
 
 
Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
 

 

 

 


 

THE LEADER TV 
 
 
 
බැසිල් ජනපති-අගමැති එක්ක ගේමකට එන්නේ ඇයි?
 
 
 
 
බැසිල්-ගම්මන්පිල ගැටුමෙන් එළියට ආ කොමිස් කතාව? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...