The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

සෙක්ස් කියන්නෙත් නිවනක් - (Faculty of Sex)

T

The Leader Desk

October 20, 2021 • 6:50 AM

සෙක්ස් කියන්නෙත් නිවනක් -  (Faculty of Sex)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද වප් පෝය දවස. පෝය කියන්නෙ හරි ලස්සන දවසක්. ඒ දවස වෙන්වෙලා තියෙන්නෙ ආධ්‍යාත්මික දේවල් ගැන හිතන්න. විශේෂයෙන්ම බෞද්ධාගමේ
  • බුද්ධාගමේ අද දකින්න තිබුනට ඇත්තටම මේක ක්‍රිස්තියානි අදහසක්.
  •      මේකට හේතුවෙන්නෙ අපේ ශරීර‍යේ ඔක්සි‍ටොසින් කියන හෝමෝනය.
  • හොඳ සංවාසයකට පස්සෙ ඇතිවෙන පාවෙනසුලු ගතිය ඇතිකරන්නෙ මේකෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):
පෝය කියන්නෙ ශීලයෙන් සමාදන් වෙන දවස.
 
මේ ආධ්‍යාත්මික හැඟීම අපි දෙන්න පුරුදු වෙලා තියෙන්නෙ සෙක්ස්වලින් වැළකීම මත. ඒ දවසෙ ඉන්ද්‍රිය පිනවීම පාලනය කරන එක තමයි ශීලයේ මූලික අදහස. බුද්ධාගමේ අද දකින්න තිබුනට ඇත්තටම මේක ක්‍රිස්තියානි අදහසක්.
 
ශාන්ත පාවුළු කියනවා මෙහෙම.
 
‘ශරීරය ආශා කරන දේ ආධ්‍යාත්මයට විරුද්ධයි. ආධ්‍යාත්මය ආශා කරන දේ ශරීරයට විරුද්ධයි’
 
මේක තමයි බෞද්ධ ක්‍රිස්තියානි ශීලයේ පදනම. ශරීරයේ ආශාව පාලනය කිරීම හරහා ආධ්‍යාත්මයට ළංවීම. ඒත් මීට පටහැණි තන්ත්‍ර වගේ බෞද්ධ සම්ප්‍රදායන් තියෙනවා. ඉන්ද්‍රිය පිනවීම හරහා මෝක්ෂය ලැබීම තන්ත්‍රවල කතා කරනවා. මේ වෙද්දි ඒක විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා.
 
one 
 
සෙක්ස් කරද්දි නිර්වාණය අවබෝධ වුනා වගේ, නැත්නම් ස්වර්ගය මොහොතකට දැකබලාගත්තා වගේ හැඟීමක් සෙක්ස් කරපු ඕනම කෙනෙකුට දැනිලා තියෙනවා. අපි මේක නිවන කියල කියන්නෙ නෑ. ඒත් ඒ ආශ්චර්යමත් මොහොතෙදි අපි මෙහෙම කියනවා.
 
‘ohh god!!’
‘Jesus Christ’
 
අපි මේ අසිරිමත් ආස්වාදය විඳින්නෙ අපේ හෝමෝනවලට පිංසිද්ද වෙන්න.
 
මේ විමුක්තිදායක හැඟීම ගැන ඩියුක් සරසවියෙන් පරීක්ෂණයක් කළා. ඒ අය මේ පර්යේෂණයෙන් හොයාගත්තා සෙක්ස් කිරීමෙදි අත්විඳින මේ ගැඹුරු තෘප්තිය ආගමික අත්දැකීමකට සමානයි කියල. ඒ කියන්නෙ අපි ධ්‍යාන, ඵල, මෝක්ෂ, විමුක්ති, ස්වර්ග කියන ස්වරූපයේ අත්දැකීමක්ම තමයි සෙක්ස්වලින් ලැබෙන්නෙත් කියන එක. සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මික මාර්ගයක් කියන එක.
 
  
මේකට හේතුවෙන්නෙ අපේ ශරීර‍යේ ඔක්සි‍ටොසින් කියන හෝමෝනය. හොඳ සංවාසයකට පස්සෙ ඇතිවෙන පාවෙනසුලු ගතිය ඇතිකරන්නෙ මේකෙන්. ඒකට කියනවා ලව් හෝමෝනය කියලත්. මේ හෝමෝනයට පුළුවන් අපිට සෙක්ස්වලට පස්සෙ ගැඹුරු ආගමික හැඟීමක් ඇතිකරන්න. අපිව දෙවියන්ට සමීප කරන්න.
 
 
කවුරු හරි ඔයාගෙ ශිෂ්නය උඩින් වාඩිවෙලා, ඒක ප්‍රාණවත් වෙලා ඔක්සිටොසින් හොඳින් ශ්‍රාවය වුනොත් ඔයාට,
 
Ohh God!!
 
කියල කියවෙන තෘප්තිමත් හැඟීම ඇතිවෙන්නෙ මෙහෙමයි. 
 
මේ ගැන කරපු පර්යේෂණයෙදි එක කණ්ඩායමකට ඔක්සිටොසින් ලබාදුන්නු අතර අනෙක් කණ්ඩායමට ප්ලෙසිබො (ව්‍යාජයක්) ලබාදුන්නා. ඔක්සිටොසින් ලබාදුන් පිරිස අධ්‍යාත්මික ගැඹුරු දේවල් ගැන කතා කරන්න පටන් ගත්තා. භාවනා කරද්දි සිද්ද වෙන්නෙත් මේ ඔක්සිටොසින් නිදහස් කරන එක. සෙක්ස් කරද්දි සිද්ද වෙන්නෙත් ඒකමයි.
 
two 
 
ආධ්‍යාත්මිකත්වය සහ භාවනාව නිරෝගී ජීවිතයකට උදව්වෙනවා කියන එක පර්යේෂණ මගින් ඔප්පු වුනු දෙයක්. 
 
ඩියුක් සරසවිය මේ පර්යේෂණය කළේ ආධ්‍යාත්මික අත්දැකීම් ලබාදෙන්න උදව්වෙන අපේ ශාරීරික පාර්ශ්වය ගැන හොයලා බලන්න. ශරීරය බැහැර කිරීම හා සමානවම ශරීරය තෘප්තිමත් කිරීමෙනුත් සමාන විමුක්තියක් ලැබිය හැකිබව පෙනී ගියේ මෙතනදි.
 
  
ඉතින් පෝයට පන්සල් යන්න බැරි අයට පුළුවන් ඇඳ පන්සලක් කරගන්න. ඉඳුරන් වන්දනාවක යෙදෙන්න. පංචේන්ද්‍රියන් විකසිත කරන්න. ආදරයෙන් අනුරාගයෙන් වෙලෙන්න. ඒ ගින්නෙන් ආත්මාර්ථය දවන්න. ඔක්සිටොසින් වැස්සක නැහැවෙන්න.
 
 
ඒ දිව්‍යමය මොහොතේ සමවත් සුවය විඳින්න. පෝය කියන්නෙ ආධ්‍යාත්මික දවසක්.
 
 
chinthana(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
 
 

 
 
THE LEADER TV 
 
දිළුම් ක්ලීනිං සර්විස් | මොණරවිලගේ ලියමන 
 
 
ඉන්දියාව බැසිල්ට මොනවා කරයිද ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...