The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

බැඳපු කෙනෙක්ව බඳින එක අවුල්ද? - (Faculty of Sex)

T

The Leader Desk

January 21, 2022 • 11:31 AM

බැඳපු කෙනෙක්ව බඳින එක අවුල්ද? - (Faculty of Sex)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කසාද බඳිනවා කියන එක මගේ ජීවිතේ කවදාවත් goal එකක් වෙලා තිබුනේ නැහැ. 30 වෙන්න කලින් බඳින්න ඕනේ, කාලය යනවා වගේ සිතිවිලි ඇත්තටම
  •   මට ඇත්තටම අදාල වෙන්නෙ, සතුටින්, සැහැල්ලුවෙන් මේ කෙනා එක්ක මට ජීවත් වෙන්න පුලුවන්ද, ජීවිතේ එන ප්‍රශ්නවලට අපි මුහුණ දෙන විදිහ මොකද්ද, අපිට මේ සම්බන්ධකම ඇතුලේ වැඩෙන්න පුලුවන්ද, මේ unit එක නිර්මාණය කිරීමෙන් ඇත්තටම අපි තෘප්තිමත් ද කියන කාරණායි.
  • ඒ කියන්නේ, මේ කසාදෙ ඇතුලෙ ඉන්න එකෙන් අපි දෙන්නා සතුටින් ඉන්නවද, අපිට ඉන්න දරුවා සතුටින් ඉන්නවද කියන කාරණායි.
  • සම්බන්ධකමක් පටන් ගන්නකොට තියෙන ආදරණීය බව, ගෞරවය සම්බන්ධකමක් ඉවර කරන කොටත් තියෙනවා නම් එහෙම සම්බන්ධකම් අසාර්ථක වෙන්නේ කොහොමද?
අකුරු ප්‍රමාණය (Font Size):

මට තිබිලා නැහැ.

 මගේ ජීවිතේ ගමන් මග මට ආවේණික නිසා මගේ ජීවිතේ තීරණත් ඒ විදිහටම ආවේණිකයි කියන දේ මම තදින් විශ්වාස කලා.

කසාද බඳින්න හේතුව වුනේ ජීවිතේ බෙදාගන්න මට කැමත්තක් හිතෙන කෙනෙක් ලැබුන නිසයි. ඒ උනාට goal එක තියෙන්නෙ එහෙම කෙනෙක් මුණගැහිලා කසාද බැඳපු එකේ නෙමෙයි, අපි මේ ගමන ගෙනියන විදිහෙයි.

මං බැන්දෙ කලින් කසාද බැඳපු කෙනෙක්.

මේ සම්බන්ධකම ගැන මිනිස්සු මගෙන් වැඩිපුරම අහපු ප්‍රශ්න තමයි,

‘අම්මලා ඕකට කැමති වුනාද?’

‘කලින් කසාද බැදපු කෙනෙක්ව බඳින්නෙ ඇයි?’

‘ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක් බදින්න ඔයාගෙ අඩුපාඩු මොනාද?’

මේ ප්‍රශ්න එකක් වත් කිසි විදිහකින් වැරැද්දක් විදිහට මට පෙනුනෙ නැහැ. හේතුව තමයි, අපේ සමාජ ක්‍රමය තුල මං ගත්ත තීරණය සාමාන්‍යය දෙයක් නෙමෙයි නිසාත්, මං වෙනුවෙන් හොඳම දේ කියලා ඒගොල්ලො හිතන දේට කලින් කසාද බැදපු කෙනෙක්, ළමයෙක් ඉන්න කෙනෙක් කියන කාරණා අඩංගු වෙන්න විදිහක් නැති නිසාත්.

මම ඒ හැම කෙනෙක්ටම පැහැදිලි කලේ මේ ලියන්න යන කාරණායි.

මගේ අම්මාටයි තාත්තාටයි හැම වෙලාවකම අදාල උනේ මම සතුටින්ද කියන එක විතරයි, ඒ දෙන්නා ජීවිතේ දිහා හරිම විවෘතව බලන දෙන්නෙක්.

ඊලගට, දුක් විඳ විඳ කසාදයක ඉන්නෙ නැතුව එතනින් අයින් වෙනවා කියන්නේ තමන් තමන්ට ආදරෙයි කියන එකයි. එහෙම කෙනෙක්ට විතරයි තව කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් කම තියෙන්නෙ.

අනිත් දේ තමයි, ළමයි කියන්නේ මම මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන පිරිස. ළමයෙක් ඉන්න කෙනෙක්ව කසාද බඳින්න කිසි අඩුපාඩුවක් තියෙන්න ඕනෙ නැහැ. මගේ බඩින් වදනවද, නැත්තන් කාගෙන් කොයි විදිහටද ළමයි මේ ලෝකෙට එන්නෙ කියන දේ මට කොයිම වෙලාවකවත් ළමයෙක්ට ආදරේ කරන්න වැදගත් වෙන්නේ නැහැ.

 

මට ඇත්තටම අදාල වෙන්නෙ, සතුටින්, සැහැල්ලුවෙන් මේ කෙනා එක්ක මට ජීවත් වෙන්න පුලුවන්ද, ජීවිතේ එන ප්‍රශ්නවලට අපි මුහුණ දෙන විදිහ මොකද්ද, අපිට මේ සම්බන්ධකම ඇතුලේ වැඩෙන්න පුලුවන්ද, මේ unit එක නිර්මාණය කිරීමෙන් ඇත්තටම අපි තෘප්තිමත් ද කියන කාරණායි.

 

අනාගතය ගැන මම කියන්න දන්නේ නැහැ. ඒක අවිනිශ්චිතයි. මම හිතන විදිහට සම්බන්ධකමක් කාලයක් පවතින්න නම්, එකිනෙකා අතර තියෙන විශ්වාසය, අවබෝධය, ආදරය, නිදහස කියන සාධක නඩත්තු වෙන්න ඕන.

මම කිසිම වෙලාවක කසාදය රකින්න උත්සහ කරන්නේ නැහැ, මම විශ්වාස කරන්නේ කසාදය විසින් අපිව රැකිය යුතුයි කියන එකයි. ඒ කියන්නේ, මේ කසාදෙ ඇතුලෙ ඉන්න එකෙන් අපි දෙන්නා සතුටින් ඉන්නවද, අපිට ඉන්න දරුවා සතුටින් ඉන්නවද කියන කාරණායි.

කසාදයේ හිඳීමෙන් ඒ දේ සිද්ධ වෙන්නේ නැත්තන්, තව දුරටත් අත්සන් කරපු කොලයක් රකින්න ඉතුරු ජීවිත කාලය දුක් විදින්න අපි දෙන්නම කිසි වෙලාවක සූදානම් නෑ.

එක ගෙදර ඉදගෙන දුකින් ඉන්න දෙමව්පියන් ළමයින්ට ලැබෙනවාට වඩා තැන් දෙකක සතුටින් ඉන්න දෙමව්පියන් ළමයින්ට ලැබෙන එක වඩාත් හොදයි.

 

ජීවිතේ විඳින්නයි මම කසාද බඳින්න තීරණය කලේ. අනිත් කෙනා එක්ක කාලය ගත කරන්න තියෙන කැමැත්ත, අත්දැකීම් බෙදාගන්න තියෙන ආසාව, එකිනෙකාගෙන් දේවල් ඉගෙන ගන්න, පවුලක් විදිහට අපේ ජීවතය විඳින්න තියෙන කැමැත්තයි ඒකට මුල්වුනේ.

 

අපි අපිව කොච්චර තේරුම් ගන්නවද කියන එක තීරණය වෙන්නේ, මම දවසක ඇවිත් කිව්වොත් මම සතුටින් නෙමෙයි ඉන්නෙ, මට වෙන්වෙන්න ඕන කියලා, අනිත් කෙනාට ඒක තේරුම් ගන්න අපහසු නැත්තන්, ඒක මහා පුදුමයක්, කලබැගෑනියක් නෙමෙයි නම්, අපේ සම්බන්ධකම සාර්ථකයි කියලයි මම හිතන්නෙ. අපිට අපිව දැනෙන්න ඕනේ සතුටෙදි විතරක් නෙමෙයි.

දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්, වෙන්වෙනවා නම් ඒක කොහොමද සාර්ථක සම්බන්ධකමක් වෙන්නෙ කියලා?

සම්බන්ධකමක් පටන් ගන්නකොට තියෙන ආදරණීය බව, ගෞරවය සම්බන්ධකමක් ඉවර කරන කොටත් තියෙනවා නම් එහෙම සම්බන්ධකම් අසාර්ථක වෙන්නේ කොහොමද?

අවුරුදු 60දිත් මම මේ කසාදෙ ඉන්නවා කියන්නේ, අද මේ මම ගත්ත තීරණය ඉතා හොඳ එකක් කියන එකයි. මගේ සතුට මෙතන රැඳිලා තියෙනවා කියන එකයි.

එහෙම නැත්තන්, වෙන් වෙලත් අතුලයි සමිතායි වගේ ආදරෙන් අපි ඉන්නවා කියන්නෙ, ඒත් අද මේ මම ගත්ත තීරණය ඉතා හොඳ එකක් කියන එකයි.

මානුෂිය ගණුදෙනු ආදරෙන් පමණක්ම විසඳීම මගේ ජීවිතේ එකම ඉලක්කයයි!




(සටහන -ශේනි විජේසුරේන්ද්‍ර)
(උපුටා ගැනීම - Faculty of Sex)




ලේඛිකාවගේ වෙනත් ලිපි :

Sex බදාගන්න නෙමෙයි බෙදාගන්න


ෆැන්ටසියට බයවෙන්න එපා! - (Faculty of Sex)

තමන්ට ආදරය කරන්න - (Faculty of Sex)


 
 
කාවන්තිස්ස ආරූඪ වූ පොලිස් ලොක්කා කවුද? | Gossip



එලවීමෙන් තොර විසඳුමක් නැත! | මොණරවිලගේ ලියමන |



கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



225ටම ඇමතිකම්! | වියත්කතා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...