The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

වික්ටෝරියාවේ ලිංගික නිදහස සහ ෆියොනා පැටන් - (Faculty of Sex)

T

The Leader Desk

February 16, 2022 • 3:35 PM

වික්ටෝරියාවේ ලිංගික නිදහස සහ ෆියොනා පැටන් - (Faculty of Sex)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022 පෙබරවාරි 10 වෙනිදා වික්ටෝරියානු පාර්ලිමේන්තුවෙ ලිංගික ශ්‍රමික වෘත්තිය අපරාධහරණය කිරීමේ පණත සම්මත වෙනවා.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික ශ්‍රමය සැපයීම සම්බන්දයෙන් 1994 වගේ කාලයක පටන්ම නීතිගත තත්වයක් පැවතුනා කියල එයා මට කිව්වා.
  • පැටන් 2009දි පක්ෂයක් පටන් ගන්නවා ඔස්ට්‍රේලියානු සෙක්ස් පක්ෂය නමින්.
  • 2017දි මේ පක්ෂයේ නම රීසන් පාර්ටි කියල වෙනස් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ අනුව විශේෂ නීති කිසිවක් නොමැතිව සාමාන්‍ය අනෙකුත් වෘත්තියක් හා සමානවම ලිංගික ශ්‍රමික වෘත්තිය සැලකිය යුතු වෙනවා.

මේ ගැන ෆේස්බුක් එකේ කතාබහ යන අතරෙ මට යාලුවෙක් මැසේජ් එකක් එවලා තිබුන. වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික ශ්‍රමය සැපයීම සම්බන්දයෙන් 1994 වගේ කාලයක පටන්ම නීතිගත තත්වයක් පැවතුනා කියල එයා මට කිව්වා.

ඒ කියන්නෙ යම් යම් සීමාවන්ට යටත්ව වුනත් මේ ගණිකා වෘත්තිය සම්බන්ද නිදහස එහේ තිබුණ කියන එක.




මෑත නීති ප්‍රතිසංස්කරණයෙන් ඒ ගොල්ලො කරන්නෙ වීදි ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්‍රමිකයන් සඳහා බලපත්‍ර දීමට අදාල සීමාවන් ඉවත් කරන එකයි.




බලපත්‍ර ලත් ගණිකා නිවාස කොහොමත් නීතිගතවයි තිබුනෙ. නමුත් ඔයා ස්වාධීන ලිංගික ශ්‍රමිකයෙක් නම් ඔයාට ඔයාගෙම ස්ථානයක් පවත්වාගෙන යාම නීතියෙන් තහනම්ව පැවතුනා. ඒ ස්ථානය සේවය ලබාගන්නා විසින් සැපයිය යුතුවයි තිබුනෙ.

මේ නීතිය මෑත සම්මත වූ පණතින් ඉවත් කළා. මේ නිදහස දිනාගැනීම පිටිපස්සෙ ඉන්න දැවැන්ත චරිතය වෙන්නෙ ෆියොනා පැටන් කියන මන්ත්‍රීවරිය.


easfෆියොනා පැටන් - රීසන් පක්ෂයෙ නායිකාව


ෆියොනා පැටන් කියන්නෙ රීසන් පක්ෂයෙ නායිකාව. පැටන් 2009දි පක්ෂයක් පටන් ගන්නවා ඔස්ට්‍රේලියානු සෙක්ස් පක්ෂය නමින්. ඒ පක්ෂය එයා පටන් ගන්නෙ ලිංගිකත්වය සම්බන්ධයෙන් එකතැන පල්වෙමින් තිබුනු වාරණය සහ සීමාවන්ට විරුද්ධව.

නිදහස වෙනුවෙන්, විවාහයේ සමානත්වය වෙනුවෙන් වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති වෙනස් කිරීම වෙනුවෙන් ඒ පක්ෂය සටන් කරනවා. ඒ වගේම යුතනේෂියා හෙවත් මරණයේ අයිතිය වෙනුවෙනුත් ඔවුන් පෙනී සිටිනවා.

2017දි මේ පක්ෂයේ නම රීසන් පාර්ටි කියල වෙනස් කරනවා.

සෙක්ස් පාර්ටි කියන නම ඉතාම ආකර්ශනීය වුනත් ඒ නම නිසා ගොඩක් අනවශ්‍ය කරදරවලට මුහුණ දෙන්න වුනා කියල ෆියොනා කියනවා. මිනිස්සු ඇවිත් මේ නම හින්ද තමන්ගෙ ළමයින්ව චන්ද මධ්‍යස්තානෙටවත් ගෙනියන්න බෑ කියල තමන්ට බැනවැදුනු බව ෆියොනා කියනවා.

‘ඒත් සෙක්ස් කියන වචනය හැම රජයේ පත්‍රිකාවකම තියෙනවා. අපේ උප්පැන්න සහතිකේ පවා තියෙනවා. ඒත් මිනිස්සුන්ට සෙක්ස් පාර්ටි කියන එක දරාගන්න අමාරු වුනා’

බහුතරයක ඉල්ලීම් සලකලා නම වෙනස් කළත් තාමත් තමන් සෙක්ස් පාර්ටි කියන නමට බැඳිලා ඉන්නවා කියලා ෆියොනා කියනවා.


‘සෙක්ස් පාර්ටි කියන නම ඕනම තැනක කැපිලා පේනවා. ඒ වගේම අපේ මැතිවරණ ව්‍යාපාරවලදි අපි ගොඩක් විනෝදාත්මක වැඩ කළා. දේශපාලනය කියන්නෙ සීරියස් දෙයක්ම වෙන්න ඕන නෑ. අපිට පුළුවන් විනෝදයත් එක්ක දේශපාලනය කරන්න. එකවතාවක් අපි ගෙනිච්ච ස්ලෝගන් එකක් වුනේ ‘හැම කෙනෙකුටම හැපි එන්ඩින් එකක්’ කියන එකයි’



පැටන් දේශපාලනයට එන්න කලින් ඔස්ට්‍රේලියාවෙ ජාතික වැඩිහිටි ආස්වාද කර්මාන්තයේ ප්‍රධාන විධායක නිලධාරී විදිහට කටයුතු කළා. ඒකට කියන්නෙ ඊරොස් ඇසොසියේෂන් කියල. වැඩිහිටි ලිංගික ආස්වාද සම්බන්ධ කර්මාන්තවල වෘත්තීය අයිතීන් වෙනුවෙන් පිහිටුවාගත්ත සංවිධානයක් ඒක.

ඒ වගේම එයා ලිංගික අයිතීන් සහ ඒඩ්ස් සම්බන්ධ දැනුවත් කිරීම් වෙනුවෙන් අවුරුදු 20ක විතර කාලයක් වැඩකරනවා.

awew

2001දි කැන්බරාහි ජාතික ඉරොතික කෞතුකාගාරය ඇති කරන්න කරන්න මුල්වෙන්නෙත් ඇයයි. ඒ කෞතුකාගාරය ඇති කරන්නෙ ඉරොතික කලාවන්, ඉතිහාසයන්, ඡායාරූප ආදිය ආරක්ෂා කරමින් මහජනයාට ප්‍රදර්ශනය කරන්නයි.

ෆියොනා ඇත්තටම ලිංගික ශ්‍රමිකයෙක් විදිහට කාලයක් කටයුතු කළ කෙනෙක්. 2010දි මේ සෙක්ස් පක්ෂෙන් ජනප්‍රිය පෝර්න් තරුවක් වුනු ඇන්ජෙලා වයිට් පවා වික්ටෝරියානු ප්‍රාන්තය වෙනුවෙන් තරග කරනවා.

ෆියොනා පැටන් තමන්ගේ සහකරුවා සමග ඕපන් රිලේෂන්ෂිප් හෙවත් විවෘත සම්බන්ධතාවයක් පවත්වාගෙන යන කෙනෙක්. ඔවුන්ගේ සම්බන්ධයට දැනට වසර 25ක්. මේ නිදහස සහ අවංකබව දෙදෙනා අතර බැ‍ඳීම තවත් ශක්තිමත් කළ බව ෆියොනා කියනවා.

ඇය තමන්ගේ අතීත ලිංගික අත්දැකීම් පොතක් වශයෙන් ලියා පළකර තියෙනවා. සෙක්ස් ඩ්‍රග්ස් ඇන්ඩ් ඉලෙක්ටෝරල් රෝල් ඒ පොතේ නමයි.

තමන් පාර්ලිමේන්තුවට ආවෙ කරන්න වැඩ ලිස්ට් එකක් අතේ තියාගෙන බවත් එකින් එකට ඒ දේවල් ජයගන්නා බවත් ෆියොනා කියනවා. ‘මං ආවෙ නිකං අයිනකට වෙලා පාර්ලිමේන්තුවෙ ඉන්න නෙමෙයි. මට තියෙනවා ජයගන්න අරමුණු ලැයිස්තුවක්. ඒවා එකින් එක ටික් කරමින් මං ඉස්සරහට යනවා’

fiona3

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(උපුටා ගැනීම -facultyofsex.com)

 

 

 

 
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...