The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

සෑම පුරවැසියෙකුටම බහු විවාහයට නිදහස! - (Faculty of Sex)

T

The Leader Desk

February 23, 2022 • 8:56 AM

සෑම පුරවැසියෙකුටම බහු විවාහයට නිදහස! - (Faculty of Sex)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් බහුවිවාහයට අවසර දෙන්නැයි අලිසබ්‍රි අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා තිබුන. ඒත් සරත් වීරසේකර, විමල් වීරවංස, උදය
  • ඇත්තටම මේ බහුවිවාහය වගේ දේකට රජය මැදිහත්වෙන්නෙ මොකටද?
  • ඇත්තටම මුස්ලිම් හෝ වෙනත් සංස්කෘතියක් වෙනුවෙන් පමණක් කියල නීති ගේන එක අන්තිම ප්‍රතිගාමී වැඩක්.
  • ඒ පොදුවීම ඇතුලෙ අර කියන සංස්කෘතීන්ගේ නිදහසත් ආරක්ෂා වෙන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):

ගම්මන්පිල මේකට විරුද්ධ වෙලා තිබුන.

ග.ගො ඥානසාරගේ කොමිසමේ වාර්තාව එනකල් මේ සංශෝධන නොකර ඉන්න ඇමති මණ්ඩලය තීරණය කරලා.

වාසුදේව විතරක් නැගිටලා වෙනම සංස්කෘතීන් සඳහා වෙනම නීතීන් බලපාන්න පුළුවන් කියල වචනයක් දාලා. හැබැයි එකගෙයි කෑම කියන්නෙත් සිංහල බහුවිවාහ ක්‍රමයක්.

ඇත්තටම මේ බහුවිවාහය වගේ දේකට රජය මැදිහත්වෙන්නෙ මොකටද? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා වෙනත් ලිංගිකයෙක් වේවා තමන් කැමති කෙනෙක් හෝ කීපදෙනෙක් සමග විවාහ වෙන්න පුළුවන් කියල පිළිගන්න බැරි වෙන්නෙ ඇයි?

ඒකෙන් කිසි කෙනෙකුට තමන්ගේ පරම එකම ප්‍රේමය පමණක් විවාහ කරගන්න තහනමක් පැනවෙන්නෙ නෑ. ඒ වගේම කැමති කෙනෙකුට දෙන්නෙක්, කැමති කෙනෙකුට පස්දෙනෙක් ආදී වශයෙන් විවාහ කරගන්න වුනත් පුළුවන්. කිසි කෙනෙකුගේ නිදහසට අවහිරයක් නොවන මේ වගේ තීරණයක් ගන්නවා වෙනුවට නෑ නෑ විවාහ වෙන්නෙ එක්කෙනත් එක්කයි වගේ තැනක රජයක් පෙනී ඉන්නෙ අහවල් කාරණයකටද?

 

මේවට තමයි කියන්නෙ මිනිස්සුන්ගේ නිදන කාමරේ ඇඳ උඩටත් ආණ්ඩුව එනවා කියල. මේවා පුද්ගලික ප්‍රශ්න. රාජ්‍ය ප්‍රශ්න හෝ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාල කාරණා නෙමෙයි.

 

තමන්ට විවාහ විය හැක්කේ කී දෙනෙක් එක්කද කියල කියන්නත් ආණ්ඩුවක් ඕන කියන ජනතාවක් කොයිතරම් මෝඩද? තමන්ගේ ජීවිතය ගැන එබඳු වගකීමක් ගන්නවත් බැරි අය විවාහයකට සුදුසුද?

ඇත්තටම මුස්ලිම් හෝ වෙනත් සංස්කෘතියක් වෙනුවෙන් පමණක් කියල නීති ගේන එක අන්තිම ප්‍රතිගාමී වැඩක්. නීතියක් රටකට පොදු වෙන්න ඕන. ඒ පොදුවීම ඇතුලෙ අර කියන සංස්කෘතීන්ගේ නිදහසත් ආරක්ෂා වෙන්න ඕන.

මුස්ලිම් සංස්කෘතිය ගැන සලකලා රටේම බහුවිවාහවලට නීතියෙන් අවසර ලබාදීමයි සිද්ද විය යුත්තෙ. නැත්තං ඒක ජාතියක් විශේෂ කොට සැලකීමක් වෙනවා.

බහු විවාහයක් අවශ්‍ය කෙනෙකුට ආගම මාරු කිරීම අනිවාර්යයක් වෙනවා. බහු විවාහයක් කරගෙන ඉන්න කෙනෙකුට ආගම මාරු කරන්න බැරි වෙනවා.

 

රජයට විවාහය අදාල වෙන්නෙ දේපොල හා උරුමයන් සම්බන්ධ නීතිමය කාරණාවලදියි. ඒ වෙනුවෙන් ඕනෑම විවාහයක් බහුවිවාහයක් හැටියෙන් සලකලා ඒ සිටින දෙන්නා හෝ තුන්දෙනා හෝ කීපදෙනා අතර ඒවා බෙදී යා යුතු සාධාරණ ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමයි කරන්න තියෙන්නෙ.

බහු විවාහය සඳහා නිදහස රටටම ලබාදෙන්න කියන එකයි ජනතා ඉල්ලීම විය යුත්තෙ.

ප.ලි – කොහොමත් ගෑස් නැතුව, ලයිට් නැතුව, කිරිපිටි නැතුව මේ රට යන අත හැටියට බහු විවාහය ආර්තික අතිනුත් ප්‍රායෝගික ක්‍රමයක්. තනි තනි පවුල් නඩත්තු වෙනවට වඩා ලොකු තනි පවුල් ඇතුලෙ සාමූහික පැවැත්ම පිරිවැය අඩු කරනවා. ජනගහනයත් අඩු කරනවා.



Chinthana D(චින්තන ධර්මදාස)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
(උපුටා ගැනීම -facultyofsex.com)
 
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...