The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

නාමල්ගේ ත්‍රීසම් එක - (Faculty of Sex)

T

The Leader Desk

February 21, 2022 • 4:15 PM

නාමල්ගේ ත්‍රීසම් එක - (Faculty of Sex)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාමල් රාජපක්ෂ ඇමතිතුමා ෂැංග්‍රිලා හෝටලේ යෙහෙළියන් දෙන්නෙක් එක්ක ත්‍රීසම් එකක් දාපු කතාවක් ලංකා ඊනිව්ස් එකේ පළවෙලා තිබුන.
  • මේ කතාව ගොසිප් එකක් හින්ද ඇත්තක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන්.
  • යම් පමණකට ඇත්ත සහ යම් පමණකට බොරු තියෙන කලවමක් වෙන්නත් පුළුවන්.
  • ඒ මවාපාන සංස්කෘතිය විසින් ලංකාවෙ බහුතරයක් තරුණයන් ආශා හිරකරගත් අසහනකාරීන්, කුහකයන් බවට පත් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


එතනට හදිස්සියේ ආපු ලිමිනි පලායමින් සිටි නාමල්ට හෑන්ඩ් බෑග් එකකින් ගැහුවා කියලත්, ඊට පස්සෙ තරහ වෙලා තමන්ගේ ගෙදර ගිය ලිමිනිව ශිරන්ති මැදිහත්වෙලා ආපහු එක්කං ආවා කියලත් ඒකෙ ලියල තිබුන.

මේ කතාව ගොසිප් එකක් හින්ද ඇත්තක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන්. යම් පමණකට ඇත්ත සහ යම් පමණකට බොරු තියෙන කලවමක් වෙන්නත් පුළුවන්.

මේ ගොසිප් එක ලංකාවෙ අපිට දකින්න පුළුවන් ඉහළම ත්‍රීසම් අවස්ථාව නිර්මාණය කරනවා. ඒක සංකේතීය වශයෙන් හරිම වැදගත්. ඒක ශරීර රමණයකට එහා ගිය දේශපාලනික රමණයක් වෙනවා.

මේක පොලිටිකල් ත්‍රීසම් එකක්. දකුනේ මහා සිංහල බෞද්ධයා චීන හෝටලයක කාමරයක බටහිර නිදහස් ලිංගික ජීවිතය විඳින මොහොතක්. සිංහල බෞද්ධයයි චීනයයි බටහිර නිදහස් සෙක්ස් ලයිෆ් එකයි එකට ඇඳ උඩ.


ඒක රූපකයක්. මුලින්ම අපි කියන්න ඕන නාමල් ත්‍රීසම් එකක් දැම්මත් ඒකට අපි චියර් කරනවා මිස ඉරිසියා කුහක කතා කියන්නෙ නෑ. ත්‍රීසම් කියන්නෙ ඉතාම ආස්වාදනීය රමණීය නිරෝගී ලිංගික හැසිරීමක්. නාමල් වගේම හැම කෙනෙක්ම ත්‍රීසම් දානවා නම් හොඳයි.


හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය නාමල් කියන චරිතය විසින් රකින බොරු සදාචාරය. රටට පෙන්නන්න හදන ධර්මිෂ්ට කොටළු තාරුණ්‍යය. ඒ මවාපාන සංස්කෘතිය විසින් ලංකාවෙ බහුතරයක් තරුණයන් ආශා හිරකරගත් අසහනකාරීන්, කුහකයන් බවට පත් කරනවා.

මේ ගොසිප් එක ඇත්තටම ලියවෙන්නෙමත් ඒ නාමල්ලා විසින් අන්දන ලද අය වෙනුවෙනුයි. ඒ ජනතා නියෝජනය තමයි ලිමිනි. දැන දැන වුනත් ඉවසන් ඉන්න, අතට අහුවෙන එකකින් දමලා ගහලා අඬලා නිකං ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නැති අර කුහක සදාචාරයේ ගොදුර.

ත්‍රීසම් කියන්නෙ විවෘත ලිංගික ඇසුරක්. ඒක විඳින්න සුදුසුකම් ලබන්නෙ විවෘත ලිංගික මිනිස්සු. බොරු සදාචාරවාදීන්ගේ ත්‍රීසම් වලින් නිර්මාණය වෙන්නෙ සතුට වෙනුවට වේදනාව සහ පීඩාව.

නාමල්ලාට අපේ යෝජනාව වෙන්නෙ විවෘත වෙන්න කියන එක. ලිමිනි/ බිරිඳ බැහැර කරපු, පිටතින් තැබූ ලිංගික විනෝදයක් පවත්වාගෙන යනවා වෙනුවට ඒ අයවත් ඒ විනෝදයේ පාර්ශ්වකරුවන් කරගන්න කියන එක. තමන්ගේ ත්‍රීසම් හෝ වෙනත් ලිංගික ආශාවන් ගැන බිරිඳ එක්ක කතාබහ කරන්න. තමන් මොන විදිහක මනුස්සයෙක්ද කියන එක ඇයට බය නැතුව කියන්න. ඒ විවෘතබව කියන්නෙ ඇයට කරන ගෞරවයක්. අන් ලිංගික ඇසුරකදී බිරිඳක් වඩාත් වේදනාවට පත්වෙන්නෙ තමන්ව රැවටීම, තමන්ට නිගරු කිරීම හින්ද.

දෙදාස් පන්සීයේ බොරු සංස්කෘතික ප්‍රවාදය පැත්තකින් තියන්න. ඔය දෙන්නගේ ආදර ව්‍යවස්ථාව ඔය දෙන්නා නිර්මාණය කරගන්න. ඒ විවෘතබව සමාජයට දෙන්න. සෙක්ස් කියන්නෙ ඉතාම හොඳ ක්‍රීඩාවක්. අනිත් හැම ක්‍රීඩාවකටම වඩා තමන්ටත් අනුන්ටත් යහපත් ප්‍රතිඵල දෙන ක්‍රීඩාවක්.

ඒ ක්‍රීඩාව කරන්න නම් ශරීරය වගේම මනසත් එතනට ගේන්න ඕන. බෙදුනු බව වෙනුවට සමස්තය ඇඳ උඩට ගේන්න ඕන. එතකොට අර හෑන්ඩ් බෑග් එක‍ වෙනුවට ආදරනීය හාද්දක් හුවමාරු කරගන්න පුළුවන්.


Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(උපුටා ගැනීම -facultyofsex.com)

 

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...