The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බිල් - මෙලින්ඩා ආදරයක විරාමය - Faculty of Sex

T

The Leader Desk

May 4, 2021 • 4:23 PM

බිල් - මෙලින්ඩා ආදරයක විරාමය - Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුදු 27ක විවාහ ජීවිතයකින් පස්සෙ බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් දික්කසාද වෙනවා.
  • එකට ගත කළ අවුරුදු 27දි අපි ඉතාම සුන්දර දරුවන් තුන්දෙනෙක් ලොකුමහත් කළා.
  •   මෙලින්ඩාට මේ වෙද්දි අවුරුදු 56ක්.
  • මොකද බිල් අවුරුදු 65දිත් දවසට පැය 16ක් වැඩකරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
එතනදි ඒ ගොල්ලො ඒකෙ හේතුව විදිහට ලස්සන කතාවක් කියනවා.
 
‘අපිට එකට වර්ධනය වෙන්න පුළුවන් කියල අපි තවදුරටත් විශ්වාස කරන්නෙ නෑ’
 
ඒ ගොල්ලො දික්කසාද වෙන්නෙ දෙන්නගෙම ජීවිතේ ඉදිරි වර්ධනයට මේ කසාදය ඵලදායී වෙනවද කියන විමසා බැලීමෙන් පස්සෙ. 
 
 
අවුරුදු 65ක් වෙලා, දැන් ළමයි තුන්දෙනත් ලොකුයි, ඉතුරු ටිකත් කොහොම හරි ඔහොම අල්ලගෙන ඉන්නවා කියන කුසීත සම්බන්ධතා ස්වරූපයෙන් මිදිලා ඒ වෙනුවට අලුත් ජීවිතයක් උත්සාහ කරන්න තරමට ඒ දෙන්නම තාම තරුණයි.
  
මෙලින්ඩා සහ බිල් කියන්නෙ ලෝකෙ ධනවත්ම යුවළ පහෙන් එකක්. ඒ දෙන්නා වෙන්වීම ගැන ට්විටර් පණිවුඩයක් දාලා තියෙනවා.
 
“ගොඩක් දුර සිතා බැලීමෙන් සහ අපේ සම්බන්ධතාවය පැත්තෙන් ගොඩක් දේ උත්සාහ කිරීමෙන් පස්සෙ අපේ විවාහය අවසන් කරන්න අපි තීරණය කළා. එකට ගත කළ අවුරුදු 27දි අපි ඉතාම සුන්දර දරුවන් තුන්දෙනෙක් ලොකුමහත් කළා. ලෝකෙ පුරා මිනිස්සුන්ට නීරෝගී ජීවිතයක් ගත කිරීමට උදව් දෙන පදනමක් ගොඩනැගුවා. අපි තවමත් ඒ මෙහෙවර විශ්වාස කරන අතර පදනමේ වැඩ දෙදෙනාම එකතු වෙලා ඉදිරියට කරගෙන යනවා. නමුත් අපේ ජීවිතේ ඊළඟ අදියරේදී අපට එක්ව වර්ධනය විය හැකි යැයි අපි විශ්වාස කරන්නේ නෑ. අපි අපේ අලුත් ජීවිත ආරම්භ කරන මේ අවස්ථාවේ අපට ඒ සඳහා අවශ්‍ය පුද්ගලිකත්වය සහ ඉඩකඩ ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා”
 
මෙලින්ඩා සහ බිල් ගේට්ස් පදනම ලෝක සෞඛ්‍ය සහ රෝග වැලැක්වීමේ මෙහෙයුම් සඳහා විශාල වශයෙන් ආධාර කරනවා. කොරොනා වයිරසය සඳහා ප්‍රතිකාර සොයාගැනීමටත් මේ පදනම විශාල දායකත්වයක් දක්වනවා.
 
 Bil
The Gates' family. Photo / via Instagram
 
 
ගේට්ස් පවුලෙ ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ජෙනෆර් අවුරුදු 25යි. රෝරි 21යි. බාලයා ෆෝබි 18යි.
 
මෙලින්ඩාට මේ වෙද්දි අවුරුදු 56ක්. එයා කියන්නෙ බිල් එක්ක විවාහ ජීවිතය ඉතාම දුෂ්කර එකක් කියල. මොකද බිල් අවුරුදු 65දිත් දවසට පැය 16ක් වැඩකරනවා. පවුලට කියල වෙලාවක් ඇත්තෙම නැති තරම්.
 
‘විශ්වාස කරන්න, අපේ විවාහ ජීවිතේ සමහර තැන් ඇවිත් තියෙනවා ‘මේක මෙහෙම කරගෙන යන්න පුළුවන්ද ’ කියල හිතෙන තරමට’ මෙලින්ඩා 25වෙනි විවාහ සංවත්සරය සමරමින් ඉන්ටවිව් එකකදි කියල තිබුන.
 
1975දි මයික්‍රොසොෆ්ට් පටන් ගන්න බිල් මෙලින්ඩාව මුනගැහෙනකොටත් බිලියනපතියෙක්. එයා අවුරුදු 31දි මෙලින්ඩා එක්ක විවාහ වෙනවා. මෙලින්ඩා කියනවා බිල් එදත් සති ගානක් තිස්සෙ බඳිනවද නැද්ද කියල කල්පනා කරමින් හිටියලු. ඒ මෙලින්ඩා සම්බන්ද ප්‍රශ්නෙකට නෙමෙයි, තමන්ගේ වැඩත් එක්ක පවුල් ජීවිතයක් ගතකරගෙන යන්න ඇත්තටම පුළුවන්ද කියල.
 
bill 2
 
‘ගේට්ස්ගෙ දික්කසාදය පවුල් ප්‍රශ්නයක් කියන තැනින් එහාට ගිහින් ලෝකෙ ව්‍යාපාර, අධ්‍යාපන, සෞඛ්‍ය, සිවිල් සමාජ සහ සහන සේවා ආදී ක්‍ෂේත්‍ර ගණනාවකට බලපාවි. ඒක එහෙම වෙන්නෙ අපේ සමාජය විසින් ධනයේ බලයෙන් රජයක් හැටියට තීරණ ගැනීමේ අවස්ථාව මිළට ගන්න පුද්ගලික පුරවැසියන්ට දීලා තියෙන හින්ද’ විනර් ටේක්ස් ඉට් ඕල්’ පොත ලියපු ආනන්ද ගිරිධාරදාස් මේ දික්කසාදය පුද්ගලික තැනකින් එහාට අරගෙන කතා කරනවා.
 
ඒ කොහොම වුනත් බිල් සහ මෙලින්ඩා දෙන්නම අවුරුදු 65ක් 55ක් වයසෙදිත් තමන්ගෙ ජීවිතේ ඉස්සරහ ගැන කල්පනා කරනවා. තම තමන්ගේ අනාගත වර්ධනයට තමන්ගේ පවුල් ජීවිතය බලපාන්නෙ කොහොමද කියල හිතනවා. තමන්ගේ ජීවිතයේ ඊළඟ පියවර වෙනුවෙන් ඵලදායී නැති තැනදි සුහදව පරිණතව කතා කරලා සම්බන්ධතාව අවසන් කරනවා. දෙන්නා අලුතෙන් ජීවිත දෙකක් පටන් ගන්නවා.
 
ඒක අභියෝගයක්. ඒත් නිදහස් තීරණයක්.
 
එකට ඉන්න එක තවදුරටත් තේරුමක් නැත්තං අනුන් වෙනුවෙන් කොහොම හරි එකට ඉන්නෙ නැතුව ගෞරවාන්විතව වෙන්වීමේ වටිනාකම ගේට්ස් යුවළ කියල දෙනවා.
  
(උපුටා ගැනීම- facultyofsex.com) 

 

 


 

THE LEADER TV 

කොවිඩ් මරණ: හේමසිරිට, පූජිත්ට බෙදන හැන්ද වත්මන් බලධාරීන්ට අදාළද?

 

 

කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද? ස‘

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...