The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාස්ටර්බේෂන් එකත් ආර්ට් එකක් -Faculty of Sex

T

The Leader Desk

May 15, 2021 • 5:52 PM

මාස්ටර්බේෂන් එකත් ආර්ට් එකක් -Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැකපු ගමන් ඔය දෙක කොහෙත්ම ගලපන්න බැරි විෂයන් දෙකක්නෙ.
  • විනාඩි පහක දහයක කාලයක් ඇතුලත අපේ මනස ඇතුලෙ නිර්මාණය වෙන සංකීර්ණ නර්තනයක් ඒක.
  • හිතුවක්කාරව වෙළුනු ලෙදර් නූල් පොටක් වෙන්න පුළුවන්, ඇය පහතට වැටෙන කණ්ණාඩිය සකසා ගත් මොහොත වෙන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ආර්ට් කියන්නෙ මිනිස් ආත්මයේ උච්චතම තැන් ස්පර්ශ කරන්න සමත් විෂයක් කියන්න පුළුවන්. ජීවිතේ අර්ථයන් ජනනය කිරීමේ සාරමය ප්‍රභවය කියන්න පුළුවන්. 
 
අනිත් අතට මාස්ටර්බේෂන් කියන්නෙ දුක හිතෙන, අසහනකාරී ආවේගයක්. මෑතක් වෙන තුරුම ආගමික පූජකවරු සහ දොස්තරලා විසින් හෙලාදුටු හැසිරීමක්. අද වුනත් වැදගත් බුද්ධිමත් අය ඉන්න තැනක කතා කරන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි.
 
 
හැබැයි, මාස්ටර්බේෂන් කියන එකත් නිර්මාණාත්මක කාර්යයක් හැටියෙන් බුහුමන් ලැබිය යුතු දෙයක්. විනාඩි පහක දහයක කාලයක් ඇතුලත අපේ මනස ඇතුලෙ නිර්මාණය වෙන සංකීර්ණ නර්තනයක් ඒක. උසස් කලාවන් බිහිකළ අපේ මානසික කලාපයන්ම ස්පර්ශ කරන ක්‍රියාවලියක්.
 
liyanadoඊසලය ඉස්සරහ ඉඳන් කරන ඇඳීම කියන ශාරීරික ක්‍රියාවට වඩා ආර්ට්වලදි අපේ මානසික නිර්මාණශීලීත්වය විසින් සිදුකරන විශාල කාර්යකොටස ගැන අවධානය යොමුකරපු කෙනෙක් ලියනාඩෝ ඩාවින්චි. 
 
ආර්ට් කියන්නෙ මානසික ක්‍රියාවක් කියල මුලින්ම කිව්වෙ ඩාවින්චි. 
 
මේ අර්ථයෙන් ගත්තම මාස්ටර්බේෂන් කියන්නෙත් කලාත්මක ක්‍රියාවක්. චිත්‍රයක් තරම්ම ආඛ්‍යාන අතින් සංකීර්ණ, අලංකාර වැඩක්. හැබැයි ඒකෙ අවසානයේ ගැලරියක එල්ලා තියන චිත්‍රයක් නිර්මාණය වෙන්නෙ නෑ.
 
 
 
සමාන වෙන එළඹුම් හතරක් :
 
අපිට ආර්ටිස්ට් කෙනෙක් සහ මාස්ටර්බේටර් කෙනෙක් සමාන වෙන එළඹුම් හතරක් අඳුරගන්න පුළුවන්. ඒත් දෙන්නගෙ අරමුණු වෙනස්. 
 
එක්කෙනෙක් මේ එළඹුම් හරහා මාර ආර්ට් එකක් කරන්න හදනවා. අනිකා මාර සුරතාන්තයක් ලබන්න හදනවා.
 
ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිස්සු පුදුම හිතන දෙයක් තමයි ආර්ටිස්ට් කෙනෙක් කොහොමද ඉන්ස්පිරේෂන් හොයාගන්නෙ කියල. අපිව තවත් පුදුම කරමින් ඒ ගොල්ලො ඒ ඉන්සිපිරේෂන් හොයාගන්නෙ එදිනෙදා ජීවිතෙන්මයි. 
 
අපි කිසි ගානක් නැතුව පහුකරන් යන දේවල් ආර්ටිස්ට් කෙනෙකුට නිර්මාණයකට වටිනා පොහොසත් අමුද්‍රව්‍ය තොගයක්. 
 
මේ විදිහටම මාස්ටර්බේටර් කෙනෙක් බස්හෝල්ට් එකේ, සුපර් මාර්කට් එකේ, හැමෝම අතරෙ ඉඳගෙන කිසිම අමුත්තක් නැතුව තමන්ගේ ඉරොතික කැන්වසයට ඕනකරන අමුද්‍රව්‍ය එකතුකරනවා. සමහර විට අතක්, කකුලක්, පස්සක්, උස හීල් එකක් මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්.
 
zdfdf
 
ආර්ට් එකක තියෙන වැදගත්ම දේ ඩීටේල්ස්. ඒ කියන්නෙ විස්තර. අතක් හැරිලා තියෙන්නෙ කොහොමද, හිනාවක් නැගිලා තියෙන්නෙ කොහොමද, ඇහැක් පියවිලා තියෙන්නෙ කොහොමද ආර්ටිස්ට් කෙනෙක් මේ පුංචි පුංචි විස්තර සාවධානව චිත්‍රයට ගේනවා. 
 
ඒ වගේමයි මාස්ටර්බේටර් කෙනෙක්. හරිම සියුම් විස්තර වලින් තමයි එයා එයාගෙ ඉරොතික චිත්‍රය සම්පූර්ණ කරගන්නෙ. සමහර විට බස් එකක තෙරපුනු පස්සක්, තැවරුණු අතක්, මගහැරුනු බැල්මක් වෙන්න පුළුවන්. හිතුවක්කාරව වෙළුනු ලෙදර් නූල් පොටක් වෙන්න පුළුවන්, ඇය පහතට වැටෙන කණ්ණාඩිය සකසා ගත් මොහොත වෙන්න පුළුවන්. මේ පුංචි විස්තර හැමදෙයක්ම මාස්ටර්බේටර් කෙනෙක් ප්‍රතිනිර්මාණය කරනවා.
 
 
 
ක්ලීෂෙවල පැටලෙන්නෙ නෑ : 
 
හොඳ ආර්ටිස්ට් කෙනෙක් වගේම හොඳ මාස්ටර්බේටර් කෙනෙක් කිසිදවසක ක්ලීෂෙවල පැටලෙන්නෙ නෑ. 
 
කවුරු හරි කියන හෝ මොකක් හරි සම්ප්‍රදායකින් පැවතෙන දෙයක් කරන්නෙ නෑ. 
 
තමන්ට ඇත්තටම දැනෙන තැන හොයාගෙන යනවා. ඒක මෙතෙක් පිලිගත් සියල්ලට වෙනස් වුනත් ඒ දේ කරනවා.
 
 ඒ ඔරිජිනලිටි එක හොඳ ආර්ටිස්ට් කෙනෙකුටත් හොඳ මාස්ටර්බේටර් කෙනෙකුටත් පොදු ලක්ෂනයක්.
 
 fgfdg
 
අනික හොඳ ආර්ටිස්ට් කෙනෙක් දන්නවා නැරටිව් හදන්න. විශිෂ්ට සිත්තමක් කියන්නෙම නැරටිව් ගොඩක එකමුතුවක්. 
 
මාස්ටර්බේෂන් එකකදිත් මේ විදිහෙ නැරටිව් හදාගන්න වෙනවා. එහෙම නැරටිව් හදාගන්න අසමත් කෙනෙකුට බෑ හොඳ මාස්ටර්බේටර් කෙනෙක් වෙන්න. ඇඟිලි තොල් අතරින් ගමන් කරන හැටි, කකුල් අතර යටිකය තෙරපෙන හැටි, මේවා එකිනෙක සම්බන්ධ කරන කතාවක් මාස්ටර්බේටර් කෙනෙකුට ගොඩනගාගන්න වෙනවා. 
 
 
 
යතාර්ථය සංස්කරණය කරන්නෙක්:
 
ඒ වගේම ආර්ටිස්ට් කෙනෙක් හැමවෙලාවකම යතාර්ථය ඉක්මවා යනවා. යතාර්ථය පරිපූර්ණ නෑ. ඒත් ආර්ටිස්ට් කෙනෙක් තමන්ගේ කැන්වසය උඩ පරිපූර්ණත්වයක් අත්විඳිනවා. 
 
මාස්ටර්බේටර් කෙනෙකුත් එහෙමයි. කෑලි කෑලි එකතු වෙන අමුද්‍රව්‍යවලින් එයා තමන්ගේ මනස් කැන්වසයෙ පරිපූර්ණ ඉරොතික චිත්‍රයක් නිර්මාණය කරනවා. 
 
ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙම යතාර්ථය සංස්කරණය කරන්නෙක්. හොඳ මාස්ටර්බේටර් කෙනෙකුත් එහෙමයි.
 
sdfdf 
 
ග්‍රීක සිත්තරෙක් වුනු ලුක්සස් නගරෙ ලස්සනම කෙල්ලො පස්දෙනෙක් තමන්ගෙ කාමරේට ගෙනල්ලා ඒ එක එක්කෙනාගෙ ලස්සනම කොටස් එකතු කරලා තමයි තමන්ගෙ පරිපූර්ණතම ගැහැනිය නිර්මාණය කරන්නෙ. 
 
මාස්ටර්බේට් කරලා තියෙන අය දන්නවා එතනදිත් අපි මේ දේම කරනවා. අපේ ආශාව අපි අහුලන්නෙ එක තැනකින් නෙමෙයි. එක එක කොටස් එකතු කරලා අපි අනුරාගයේ පරිපූර්ණත්වයට යනවා.
 
අපි හිතන්නෙ ආර්ට් ඉගෙන ගන්න කෙනෙක් කෞතුකාගාරයට යන්න ඕන කියලනෙ. ඒත් සමහර විට මාස්ටර්බේට් කරද්දි අපේ මනසෙ ඇඳෙන මැවෙන කැපෙන රූපමය ක්‍රියාවලිය ගැන අවධානය යොමුකලොත් ඊට වඩා ගැඹුරු යමක් ඉගෙනගන්න පුළුවන් වෙයි. ආර්ට් වලට දීලා තියෙන මහන්තත්වය ආනුභාවය මාස්ටර්බේෂන්වලටත් දෙන්න අපි නිහතමානී වෙන්න ඕන.
 
 Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
facultyofsex.com
 

 

 

 


 

THE LEADER TV 

 

ITN හතර වරං ගැහිල්ලක් ! - විශේෂ හෙළිදරව්වක්

 

සෞඛ්‍ය බලධාරීන්ගෙන් තීන්දුව හමුදාපති වෙනස් කළ හැටි මෙන්න!

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...