The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හතළිස් වියැති ප්‍රේමයේ අරුමය -facultyofsex

T

The Leader Desk

June 25, 2022 • 3:35 PM

හතළිස් වියැති ප්‍රේමයේ අරුමය -facultyofsex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුදු විස්සෙදි කෙනෙක් ගැන ආදරෙන් බැදෙන විදිහට නෙමෙයි අවුරුදු හතළිහෙදි ආදරේ දැනෙන්නෙ.
  • ඔයාටත් ඒ ජීවිතෙන් කොටසක් අයිතියි කියල ඔයා ඇත්තටම විශ්වාස කරනවා.
  • අනිත් මිනිස්සු ප්‍රායෝගිකව ජීවත්වෙන විදිහ ඇත්ත නෙමෙයි කියල ඔයාට හිතෙනවා.
  • ශාරීරික සහ මානසික දෙකෙන්ම.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අවුරුදු විස්සෙදි කෙනෙක් ගැන ආදරෙන් බැදෙන විදිහට නෙමෙයි අවුරුදු හතළිහෙදි ආදරේ දැනෙන්නෙ. අවුරුදු විසිගණන් වලදි අපි ආදරේ කියල හොයන්නෙ ගොඩක් වෙලාවට චිත්‍රපටිවලින් දැකපු දෙයක්.

 ඔය ජාතිය, සමාජ තත්වය, ආර්තිකය, අරමුණු, ජීවිතේ දකින විදිහ විතරක් නෙමෙයි බලාපොරොත්තු පවා කැපකරලා ඒ ආදරේ හොයනවා. ගොඩක් දේවල් ඒ ආදරේ නාමයෙන් කැප කරනවා. ඔයාට ආදරේ ගැන තියෙන්නෙ පරමාදර්ශී හැගීමක්.

බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙන කොට ඔයාට දුර පේන්නෙ නැතුව යනවා. ඔයා අසමත් වුනාම, ඔයාගේ තෝරාගැනීම සාධාරනීකරණය කරන පොලිටිකල් ස්ටේට්මන්ට් එකක් හදාගන්න බැරි වුනාම ඔයා ආදරේ වෙනුවට අනුරාගය වෙතට හැරෙනවා. මුලින් සාම්ප්‍රදායික විදිහට මේක විඳින්න බලනවා.

ඒත් අනුරාගයේ වසඟයට පත්වෙන ඔයා එතනින් එහාට, සමාජය පිලිනොගන්නා තැන්වලත් ආශාව හඹායනවා. ඔයාටත් ඒ ජීවිතෙන් කොටසක් අයිතියි කියල ඔයා ඇත්තටම විශ්වාස කරනවා. මේ සොඳුරු සිහිනය තව තවත් ගැඹුරට නිර්මාණය කරමින් ඔයා එතන ජීවත් වෙනවා. මේ තමයි ආදරය කියල සමහරවිට ඔයා ඔයාවම රවට්ටගන්නවා. අනිත් මිනිස්සු ප්‍රායෝගිකව ජීවත්වෙන විදිහ ඇත්ත නෙමෙයි කියල ඔයාට හිතෙනවා. ඔයාට ඒ අයව සොම්බින් විදිහට පේන්න ගන්නවා.

sdgry

අවුරුදු හතලිහ පහුවෙලා දවසක ඔයාට එකපාරට තේරෙනවා ආදරේ මේ තරම් අමාරු වෙන්න බෑ කියල. ඒක දැනෙන්න මේ තරම් මහන්සි වෙන්න ඕන නෑ කියල.

මගේ යාලුවෙක් හරියටම කියපු විදිහට ආදරේ කක්කා දානවා තරම් ලේසි වෙන්න ඕන. ඔයා ඉගෙන ගන්නවා අනිත් කෙනාගෙ සීමාවන්ට ගරු කරන්න. අනුරාගය බෙදාගන්න ගමන්ම අනෙකාට නිදහස දෙන්න. ශාරීරික සහ මානසික දෙකෙන්ම. එකිනෙකාට වෙනස් පුද්ගලයන් දෙන්නෙක් ජීවිතේ එකට යන ගමනක් විදිහට ඔයාට ආදරේ පේන්න ගන්නවා. ඊට වඩා දෙයක් නෑ. එච්චරයි. කතාබහ කරන දේවල් සරලයි ඒ තරමටම ගැඹුරුයි. ස්පර්ශයන් අනුරාගිකයි ඒ තරමට තේරුම් ගන්නාසුලුයි.

අපි ගොඩක් දුර ඇවිත් තියෙනවා මුනගැහුනු පෙම්වතුන් එක්ක තාවකාලික නවාතැන්වල නැවති නැවති. සමහර වෙලාවට මේ තාවකාලික නැවතුම් අපේ හිසමත කඩන් වැටෙනවා. වැස්සට තෙමෙන්න ගන්නවා. නැත්තං උවමනාවට වැඩි කාලයක් එතන නැවතී ඉන්නවා.

ඒත් ආදරය නිවැරදි නම් ඒක සරල වෙන්න ඕන. ඍජු වෙන්න ඕන. ආයාසකර නොවෙන්න ඕන. අවුරුදු හතළිහෙන් පස්සෙ ආදරේ මේ සොදුරු මුහුකුරා යාම සිද්ද වෙනවා. ආදරේ තියෙනවද නැද්ද කියල ප්‍රශ්න කරලා බලන්න තවදුරටත් උවමනා නෑ. ඒක ඔයාට දැනෙනවා. ඒක දැනෙන්නෙ නැති වුනාම සරලවම ඔයා එතනින් පිටවෙලා යනවා. ආචාරසම්පන්න අලංකාර නික්මයාමක් ඒක. ඔයාට නැතිවෙන්න දෙයක් නැති කෙනෙක් විදිහට ඔයා පිටව යනවා.

fffffffftyu

හතළිස් ගණංවලදි අපිට ජීවිතේ තාවකාලික බව දැනෙනවා. නැසෙනසුලු බව හැගෙනවා. ඒ හින්දම එකට බැදෙන ශරීර දෙකක ආශ්චර්යය ඔයා වඩාත් අගය කරන්න ගන්නවා. සිපවැළඳගැනීමක් වුනත්, හාදුවක් වුනත්, ලිංගික සුවපත්වීමක් වුනත් ඒ පූර්ණ වටිනාකමෙන් ඔයා විඳිනවා. මනසින් මනස සබඳතාවය දකිනවා. කවර දේකටත් වඩා, ජීවිතය කියල අපි පහුකරන් යන මේ මහා පුරාණ චාරිකාවේ, විඩාපත් ආත්මයන් දෙකක් එකිනෙකාගේ ඇසුරෙහි සැනසීම සොයන නිමේෂය ආදරේ විදිහට වැඳගන්නවා.


රවිනි ජිනදාස
(facultyofsex.com)

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න, 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...