The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලෙස්බියන් ආදරේ මිහිරයි ජීවිතේ -facultyofsex

T

The Leader Desk

June 26, 2022 • 3:09 PM

ලෙස්බියන් ආදරේ මිහිරයි ජීවිතේ -facultyofsex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මමම පවා විටින් විට ඒ ගැන ලියලා තියෙනවා.
  • එහෙම ඇරෙන්න, lesbian relationships, heterosexual සම්බන්ධකම් වලට වඩා ගොඩක් සාර්ථක බව forbes සඟරාව විසින් කරපු සමීක්ෂණයක් මඟින් ඔප්පු වෙලා තියෙනවා.
  • අම්මා තාත්තාට, ගුරුවරුන්ට, යාලු මිත්‍ර නෑදෑයො සියලු දෙනාටම, සම්ප්‍රදායික සම්බන්ධකමක ඉන්නවා කියන එක අමුතු උසස්බවක් ලබන්න සුදුසුකමක් නෙමෙයි කියල මතක් කරන්න වෙනවා.
  • දුවක්, සහෝදරියක් වුනත් එයාගෙ ලිංගිකත්වය බාරගන්නවා මිස ඒක වෙනස් කරන්න, ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නැති බවත් මතක තියාගන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):



මමම පවා විටින් විට ඒ ගැන ලියලා තියෙනවා.

නමුත්, lesbian කෙනෙක් වෙන එකේ positive පැත්ත ගැන කතා කෙරෙන්නෙම නැති තරම් නිසා, pride month එක වෙනුවෙන් ඒ ගැන පොඩි සටහනක් තියන්න හිතුවා.

Lesbian කෙනෙක් හෝ queer පවුලෙ ඕනම කෙනෙක් victimize කරලා කතා කරන්නෙ, සමාජයෙන් ලැබෙන පීඩනය නිසා විතරයි.

එහෙම ඇරෙන්න, lesbian relationships, heterosexual සම්බන්ධකම් වලට වඩා ගොඩක් සාර්ථක බව forbes සඟරාව විසින් කරපු සමීක්ෂණයක් මඟින් ඔප්පු වෙලා තියෙනවා.

Lesbian


ලෝකය සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා. ලෝකෙ පුරාම, සුලුතර ලිංගික අයිතිවාසිකම් තහවුරු කරමින් තියෙනවා. එහෙම තියෙද්දි, ලෝකෙන්ම දුප්පත් රටවල් වලින් එකක් වන පුංචි දූපතක ජීවත් වෙන මිනිස්සු ටිකකින් එල්ල වෙන ප්‍රිතිවිරෝධ, මඩ, අවලාද, සත පහකට ගනන් ගත යුතු නැහැ කියන එකයි මගෙ අදහස.

අපි ඉස්කෝලෙ යන කාලෙ, heterosexual නෙමෙයි කියලා realize කරපු මගෙ යාලුවෝ මුහුණ දීපු අසීරුතා, අද ඉන්න ළමයි කිසිසේත්ම මුහුණ දෙන්න අවශ්‍ය නැත්තෙ ඒ නිසයි.

අම්මා තාත්තාට, ගුරුවරුන්ට, යාලු මිත්‍ර නෑදෑයො සියලු දෙනාටම, සම්ප්‍රදායික සම්බන්ධකමක ඉන්නවා කියන එක අමුතු උසස්බවක් ලබන්න සුදුසුකමක් නෙමෙයි කියල මතක් කරන්න වෙනවා. දුවක්, සහෝදරියක් වුනත් එයාගෙ ලිංගිකත්වය බාරගන්නවා මිස ඒක වෙනස් කරන්න, ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නැති බවත් මතක තියාගන්න ඕන.

 

Lesbian කෙනෙක් විදිහට උස් මහත් වෙන කෙනෙක්ට, වටේම ඉන්න මිනිස්සු තමන් සාමාන්‍යය නැහැ කිය කිය මතුරනකොට, ඒ සියල්ලම මැද්දෙ, තමන්ගෙ හෘද සාක්ෂියට පමණක් ඇහුම්කන් දීලා තමන්ව accept කලාම, කාලෙත් එක්ක, තමන්ගෙ role model වෙන්නෙ තමන්ම බව වැටහෙන්න ගන්නවා. ඒ හරහා ඒ අය තුල ඇති වෙන confidence එක ලේසියෙන් කාටවත් නැති කරන්න පුලුවන් එකක් නෙමෙයි.




ඇත්තටම ඒ ගොල්ලො උපතින්ම අරගලකරුවො...

Social standards, norms, සමාජයෙ අනිත් අය ඉන්න ඕනෙ කියලා බලාපොරොත්තු වෙන frame එක ඇතුලෙ හිරවෙන්න, include වෙන්න, උවමනාවක් නැති බව ලෙස්බියන් කෙනෙකුට තේරෙන්න ගන්නවා.

ඒ හරහා, lesbian/gay අය අත්පත් කරගන්න නිදහස සුළුපටු නැහැ. ඇත්තටම ඒ ගොල්ලො උපතින්ම අරගලකරුවො.

මේ විදිහට, වැඩිහිටියෙක් දක්වාම දුර ගියාම, තමන් වගේම identity එක තහවුරු කරගන්න struggle කරන දස දහසක් ළමයින්ට, මිනිස්සුන්ට ඒ අය role model කෙනෙක් වෙනවා.

ඒ courage එක, ඒ energy එක, තමන්ගෙ සෙක්ෂුවලිටි එක තෝරගන්න තමන් තුල තියෙන ධෛර්යය එක, සියලු දෙනාටම ආදර්ශයක් වෙනවා.
එතනින් එහාට, ඒ මිනිස්සු unstoppable.

වැදගත්ම කාරණාව වෙන්නෙ, තමන්ටම ආවේණික වූ අනන්‍යතාවයක් මේ හරහා ගොඩනගාගන්න ලැබෙන එක.
Lesbian 1
Lesbian කෙනෙක් වෙන එක taboo එකක් වුන සමාජයක,
තමන් lesbian කෙනෙක් නම්,
අනිත් මිනිස්සුන්ව සත පහකට ගණන් නොගෙන,
තමන්ව accept කරලා ජීවත් වෙන්න පටන් ගත්තට පස්සෙ,
කිසි කෙනෙක්ගෙ checklist එකකට අනුව හැඩගැහෙන්න එයා සූදානම් නැහැ.

ඒ නිසාම මම හිතනවා, සම්ප්‍රදායික සම්බන්ධකම් ඇතුලේ හිර වෙලා ඉන්න බහුතරයක් මිනිස්සුන්ට වඩා සුලුතර ලිංගික ප්‍රජාව, නිදහස් කියලා.

Lesbian කෙනෙක් වීමේ වාසි ඇත්තටම වැඩියි.

තමන්ගෙ ශරීරයම තමන්ගෙ partnerටත් තිබීම ඒ අතරින් ප්‍රධාන එකක්.

ගැහැණියකගෙ ශරීරය ගැන හොඳටම දන්නෙ තවත් ගැහැණියක්. පිරිමියෙකුට ක්ලිට් එක හොයාගන්නත් සෑහෙන කාලයක් ගතවෙන්න ඉඩතියෙනවා. අනිත් අතට පිරිමි හිතන්නෙ dick එක දාලා එහා මෙහා කිරීමෙන් සියල්ල සම්පූර්ණ වෙනවා කියල.

ඒත් ගැහැණියක් තවත් ගැහැණියකගේ pleasure points හොඳින් හඳුනනවා.

මේ හින්දම වඩා පොහොසත්, තේරුම්ගැනීමක් සහිත සෙක්ස් ලයිෆ් එකක් ලෙස්බියන් කෙනෙකුට හිමිකරගන්න පුළුවන් වෙනවා.

ඕන තැනක make-out කරන්න පුලුවන් වෙන එකත් ලොකු වාසියක්.

Public bathroom එකක් වෙන්න පුලුවන්, park එකක, ඉස්කෝලෙ, මේ ඕන තැනක.

කෙල්ලෙක් කොල්ලෙක් එක්ක නිකන් කතා කලත් ප්‍රශ්නයක් කරගන්න සමාජයක,
කෙල්ලො දෙන්නෙක් එකට හිටියා කියල කවුරුවත් මොනාවත් හිතන්නෙ නෑ.
මිනිස්සු අතරේ lesbian couple එකක් ගොඩක් වෙලාවට, invisible.

තව වාසි ගැන කතා කලොත්, එකිනෙකාගෙ ඇඳුම් share කරගන්න පුලුවන් වෙනවා, makeup, pads/tampons මේ හැම දෙයක්ම.

Single නම්, ඕන තරම් කෙල්ලො තමන් වටේ ඉන්නවා, dating options ඕනවටත් වඩා.
 

Lesbian කෙනෙක් වෙන එකේ, ලොකුම වාසිය විදිහට මම සලකන්නෙ, pregnant වෙයි කියලා බය වෙන්න දෙයක් නැති එක. Birth control pills, condoms මේ කිසි දේක අවශ්‍යතාවයක් නැති එක.


 
Lesbian 4

Heterosexual relationship එකක ඉන්නවා කියන්නෙ, unnecessary pregnancies avoid කරන්න ඕනෙ නම්, ඒ වෙනුවෙන් සැලකියයුතු ශ්‍රමයක් වැය කරන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුනොත් පපුවෙ බිත්තර තම්බන්න වෙනවා. ඒ risk එක, ඒ pressure එක, lesbian කෙනෙක්ට ඇත්තෙම නැහැ.

 
තවත් එකක් තමයි කසාදය අදාල නැති වීම. කසාදය කියන්නෙ විෂම ලිංගිකයන් ඔවුන්ටම අටවගත්ත උගුලක්. ඒක සතුටට වඩා දුක උපදවන නිල රාජ්‍ය ආයතනයක්.


ලෙස්බියන් කෙනෙකුට marriage එක වැඩක්ම නෑ. කැමති නම් බඳින්න පුළුවන් නැත්තං නොබැඳ ආදරය කරන්න පුළුවන්. කසාදයක් ඇතුලෙ ගෑනි- මිනිහා සම්බන්ධතාවයෙන් ගැලවෙනවා කියන්නෙම ජීවිතේ ලොකු නිදහසක්, අයිතියක් බුක්ති විඳිනවා කියන එක.

මම කියවපු article එකක lesbians ලා ගැන ලස්සන quote එකක් තිබුනා,

‘It not a matter of choosing girls over boys, it’s about choosing happiness over society’ – ඔයා තෝරගන්නෙ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක නෙමෙයි වැදගත්. සමාජය කියන දේ වෙනුවට ඔයා සතුටු වෙන දේ තෝරගන්න එකයි.

Happy Pride! ?️‍?


(ශේනි විජයසුරේන්ද්‍ර)
facultyofsex.com

 

 



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...