The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගබ්සාව ඔබේ අයිතියක් - facultyofsex

T

The Leader Desk

September 10, 2022 • 7:05 AM

 ගබ්සාව ඔබේ අයිතියක් - facultyofsex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හරිම කල්පනාවෙන් එළියට ගැනීමේ න්‍යාය සහ පොස්ටිනො ගැනීම කියන දෙකම කරලත් පීරියඩ්ස් පරක්කු වෙන්න ගත්තා.
  • මේ පෙති ඇතුල් කිරීමෙන් පස්සෙ රුධිර වහනයත් එක්ක කළලය පිටව යන්න නියමිතයි.
  • ඇත්තටම ඒ තරම් නොදැනුවත් හෝ වගකීම් රහිත වෙන්න නරකයි.
  • පිටතට ගැනීම කිසිසේත්ම විශ්වාස කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හරිම කල්පනාවෙන් එළියට ගැනීමේ න්‍යාය සහ පොස්ටිනො ගැනීම කියන දෙකම කරලත් පීරියඩ්ස් පරක්කු වෙන්න ගත්තා. ටෙස්ට් කරලා බලද්දි පොසිටිව්.

දරුවෙක් හදන්න කොහෙත්ම පුළුවන්කමක් නැති වෙලාවක්. අපිට ජීවිත ගැන වෙනස් වෙනස් සැලසුම් තිබුන. අපි කසාද බඳියිද කියන එක ගැනවත් නිශ්චිතව හිතලා තිබුනෙ නෑ.

ගබ්සාවක් ගැන කිසිම දෙයක් නොදන්න කාලයක් ඒක. දන්න හැමෝගෙන්ම විස්තර ඇහුවා. දොස්තරලා කීප දෙනෙක් මුනගැහෙන්නත් ගියා. ඒ අයගෙ අවවාදය වුනෙම දරුවා හදාගන්න කියන එක. ගබ්සාව නීති විරෝධීයි කියන එක.


සැලසුමක් නැති දරුවෙක් බිහිකිරීමෙන් අපේ ජීවිත වලටත් දරුවාගේ ජීවිතයටත් වෙන අවදානම ගැන හිතන්න ඒ අයට උවමනාවක් හෝ හැකියාවක් තිබුනෙ නෑ. ගබ්සාව පාපයක් කියන එක දැන හෝ නොදැන උගත් නූගත් හැමෝගෙම හිත්වල පැලපදියම් වෙලා තිබුන.


රෑට නින්ද නොයන ගානට අපි දෙන්නම බයෙන් හෙම්බත් වෙලා හිටියා.

දරුවෙක්!! ඒක නිදි නැතුව පේන නපුරු හීනයක්.

ඊළගට අමාරුවෙන් හොයාගත්ත තොරතුරක් අනුව ගබ්සාවක් කළ හැකි ආරක්ෂිත තැනක් හොයාගත්තා. ඒත් ඒකට යන වියදම අපිට දරන්න අමාරු එකක්.

යාලු මිත්‍රයන්ගෙන් උදව් ඉල්ලුවා. කසාද නොබැඳපු යාලුවො සල්ලි දෙන්න බය වුනා. ඒ මේ පාපයට සම්බන්ධ වීමෙන් කවදා හරි උන්ට බැඳලා ළමයි නැති වෙයි කියල. උන් අවවාද තොග පිටින් නොමිලේ දුන්නා.

අන්තිමට සාප කන්දරාවක් මැද්දෙ ඕන කරන මුදල් හොයාගත්තා. ගබ්සාවක් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ගබ්සා පෙති කීපයක් යෝනි මාර්ගය තුලට දැමීමෙන්. අනෙක සුළු සැත්කමක් මගින්. මේ පෙති ඇතුල් කිරීමෙන් පස්සෙ රුධිර වහනයත් එක්ක කළලය පිටව යන්න නියමිතයි. කළලය බොහෝ කලක් වැඩී තියෙනවා නම් තත්වය බරපතලයි.

ඇත්තටම ඒ තරම් නොදැනුවත් හෝ වගකීම් රහිත වෙන්න නරකයි. ලිංගික එක්වීමක් සිදුවීමෙන් පස්සෙ පීරියඩ්ස් පමාවක් වූ සැනින් පරීක්ෂාව කරගන්න ඕන.



choice
ගැබ් ගැනීමක් සිදු නොවී ආරක්ෂිත ලිංගික එක්වීමකට නම් තියෙන හොඳම මාර්ගය කොන්ඩම් භාවිතය. පිටතට ගැනීම කිසිසේත්ම විශ්වාස කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඒ වගේම උපත් පාලන පෙති සහ අනෙකුත් ක්‍රම බොහොමයක් පැවතුනත් ඒවායින් විවිධ අපහසුතා, සංකූලතා ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවගේ හෝමෝන වෙනස්කම් ඇතිවීම නොයෙක් ආකාරයේ බලපෑම් ඇතිකරන්න පුළුවන්. (ඒ කිසිවක් සිදු නොවන අයත් ඉන්නවා).


කොන්ඩමයක් ආරක්ෂිත වුනත් ලිංගික එක්වීමකදි පාවිච්චියට මැළි වීම ස්වභාවිකයි. රේන් කෝට් දාගෙන නානවා වගේ කියලනෙ කියන්නෙ. අවාසනාවට මීට වඩා සාර්ථක ක්‍රමයක් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා.

පොස්ටිනෝ හෙවත් මෝනිං ආෆ්ටර් පිල් කියන්නෙත් නිතර පාවිච්චියට සුදුසු ක්‍රමයක් නෙමෙයි.

මේ කළලය ඉවත්වීමේ කාලය තරුණ ගැහැණු ළමයෙකුගේ පැත්තෙන් ඉතාම වේදනාකාරී අත්දැකීමක්. ශාරීරික දැනීමට වඩා මානසිකව. සම්ප්‍රදාය විසින් ගොඩනගලා තියෙන බොහෝ සංකල්ප, මතවාද විසින් මේ අවස්ථාව තවත් දරුණු කරනවා. කෙල්ලෙකුට දරා ගත නොහැකි හුදකලාවක් සහ අසරණ බවක් දැනෙන්න ඉඩ තියෙනවා.

මේ නිසා ආදරෙන් ළග ඉඳන් රැකබලාගැනීම පෙම්වතාගේ වගකීමක්. වෙන කාටවත් කියන්න හෝ උදව් ඉල්ලන්න බැරි මේ අවස්ථාවෙදි ඇය ළග ඉන්න. ඇයට ආදරය දෙන්න.


කිසිම වෙලාවක පවතින සම්ප්‍රදායික විශ්වාස ඇගයුම් නිසා සැලසුම් නොකළ දරුවෙක් හදන්න හිතන්න එපා. පාපයන් සහ ආගමික ඉගැන්වීම් පැත්තකින් තියන්න. තමන්ගේත් අනෙකාගේත් අනාගතය ගැන හොඳින් කල්පනා කරන්න. පුළුවන් නම් විශ්වාසවන්ත, විනිශ්චය නොකරන, ගතානුගතික නොවන කෙනෙක් මුනගැහිලා කතා කරන්න. උදව් ලබාගන්න.

එකවරක් නෙමෙයි කීප වරක් ගබ්සාව කියන අත්දැකීමට මුහුණ දෙන්න මට සිද්ද වෙලා තියෙනවා. ඒ කිසිම අවස්ථාවක සැලසුමක් නැති දරුවෙක් ඉපැද්දවීම කියන එක මම බාරගත්තෙ නෑ. දරුවෙක් කියන්නෙ හොඳින් හිතලා ගත්ත තීරණයක් වෙන්න ඕන කියල අදත් මම විශ්වාස කරනවා.

ගබ්සාවක් කියන්නෙ බිහිසුණු, පාපකාරී දෙයක් නෙමෙයි. ඒත් ආශාව නිසා සිදුවන අතපසුවීමකට ගෙවන්න වෙන මිළ අධික වන්දියක්. ඒත් ඒක ආරක්ෂිතව කරන්නත්, ඉන් පසු ජීවිතය නිදහසේ ගත කරන්නත් අවස්ථාව තියෙනවා. අද ලෝකෙ දියුණුයි.



පුළුවන් තරම් ලිංගික ඇසුරකදි ආරක්ෂාකාරී වෙන්න උත්සාහ ගන්න. අත්වැරදීමක් සිදු‍වුනොත් හොඳින් හිතලා බලලා තීරණ ගන්න. දරුවන්ට ඇත්තටම ආදරය කරන්න. අතපසුවීම් සහ වැරදීම් නිසා දරුවන් ලෝකයට බිහි නොකරන්න වග බලාගන්න.



(facultyofsex.com)

 ***************

කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...