The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

මුදල් තිබුනට බඩු නැති නම් මොකද කරන්නෙ...? | Fazly Mohamed (විඩියෝ)

T

The Leader Desk

December 31, 2024 • 4:05 PM

මුදල් තිබුනට බඩු නැති නම් මොකද කරන්නෙ...? | Fazly Mohamed (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රධාන වශයෙන් ම වෙළදපොළෙහි: සහල්, එළවළු, පොල් මතු නොව දිය ලුණු පවා හිඟ බවක් දැකිය හැකි ය.
  • මෙවන් වාතාවරණයක් තුළ ආහාර පිළිබඳ විශේෂඥයකු වන මොහොමඩ් ෆස්ලි, Advocata Plus youtube නාලිකාවෙහි ධනනාත් ප්‍රනාන්දු සමග අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.
  • ආහාර සම්බන්ධයෙන් දැනුම වර්ධනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිමය තීරණවලට සම්බන්ධ වීම මෙම ආයතනයෙහි ප්‍රධාන කාර්ය බව මෙහොමඩ් ෆස්ලි පවසයි.
  • බත් ම ගිලින්නේ මසක් මාළුවක් ගන්න තරම් මිනිස්සුන්ට වත්කමක් නෑ දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න පවුලකට.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රධාන වශයෙන් ම වෙළදපොළෙහි: සහල්, එළවළු, පොල් මතු නොව දිය ලුණු පවා හිඟ බවක් දැකිය හැකි ය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙන් ම විරුද්ධ දේශපාලන පාර්ශ්ව වෙතින් ද විවිධ අදහස් සමාජ ගත කරමින් සිටී.

මෙවන් වාතාවරණයක් තුළ ආහාර පිළිබඳ විශේෂඥයකු වන මොහොමඩ් ෆස්ලි,  Advocata Plus youtube නාලිකාවෙහි ධනනාත් ප්‍රනාන්දු සමග අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙහොමඩ් ෆස්ලි යනු ‘ආහාර මූලික කරගත් තොරතුරු සහ ක්‍රියාකාරී ජාලය’ නමැති ආයතනයේ ක්‍රියාකාරිකයෙකි. ආහාර සම්බන්ධයෙන් දැනුම වර්ධනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිමය තීරණවලට සම්බන්ධ වීම මෙම ආයතනයෙහි ප්‍රධාන කාර්ය බව මෙහොමඩ් ෆස්ලි පවසයි.

මතු පළවන්නේ මෙහොමඩ් ෆස්ලි සමග Advocata Plus  youtube නාලිකාවෙහි ධනනාත් ප්‍රනාන්දු කළ විඩියෝ සම්මුඛ සාකච්ඡාව සහ එහි සංක්ෂිප්ත සටහනකි.

‘‘මිනිස්සු හැමදේම කරන්නෙ ලස්සනට කාලා ඇඳලා නිදහසේ ජීවත් වෙන්න, සල්ලි තිබ්බත් කාලා ඇඳලා ජීවත් වෙන්න බඩු, ආහාර පාන  නැත්තං මොකද කරන්නේ?

අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය ගැන අර්බුදයක් තියෙන්නේ අදක ඊයෙක නෙමේ. 2022 ආර්ථික අර්බුදයත් එක්ක මේක උත්සන්න උණා. කාලාන්තරයක් පැලැස්තර අලව අලව හිටපු ප්‍රශ්නය ආර්ථික බිඳ වැටීමත් එක්ක එකපාරට පුපුරා ගියා. උද්දමනයත් සමග අහස උසට බඩුමිල නැග්ගා, දරුවෝ පාසලට කුරුම්බා ලොඳ ටිකක් ගෙනල්ලා කාලා වේල පිරිමහා ගත්තා . දුප්පත් ජනතාව වේල් තුන හතර මගහරින්න ගත්තා. මන්දපෝෂණය හා ඌණ පෝෂණ තත්ත්ව වැඩි වෙන්න ගත්තා . මේ හැම දේකට ම හේතු උණේ රටක් විදියට දුරදිග නොබලා අපි ගත්තු තීන්දු තීරණ නිසා.

එළවළු මිල අධිකයි, කැකුළු හාල් පෝලිම්

අපි තුන් වේලට ම බත් කන්න පුරුදු වෙච්ච ජාතියක්. ඒක නරකක් නෑ හැබැයි අපේ රටේ මිනිස්සු ප්‍රෝටීන ගන්න ප්‍රමාණය අනෙක් රටවලට වඩා අඩුයි මස් ටිකක් මාළු කෑල්ලක් සුපෝඛබෝගී භාණ්ඩ වෙලා. දැන් වෙළඳපොළ තුළ එළවළු මිල අධිකයි , කැකුළු හාල් පෝලිම් , පොල් බාගෙ ගාලා තමා මිනිස්සු අරං යන්නේ. බත් ම ගිලින්නේ මසක් මාළුවක් ගන්න තරම් මිනිස්සුන්ට වත්කමක් නෑ දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න පවුලකට. ඉතින් එදා වේල හම්බුකරන දුප්පත් දෙමාපියෝ තමන්ගේ දරුවන්ට මසක් මාලුවක් එළවළු ටිකක් එක්ක බත් කටක් දෙන එකත් දැන් අමාරු වැඩක් වෙලා. අහාර ද්‍රව්‍ය මත ගහන පැරා තීරුබදු නිසා වෙළදපළ තුළ ආහාර මිල ඉතා ඉහළයි. ඒවගේම ක්‍රියාත්මක වෙන ඒකාදිකාරි හා කතිපයාධිකාරි නිසා වෙළදපළ පාලනය කරන්නේ ඉතා සුලු පිරිසක් . හාල් මාෆියාව , පොල් මාෆියා, බිත්තර මාෆියාව කාලෙන් කාලෙට උඩට එන මාතෘකා හැබැයි මේවා වලට තිරසාර විසදුමක් පේන තෙක් මානෙක නෑ . දිගුකාලීන සැලැස්මක් හා වෙළදපළ තරගකාරීත්වය මගින් මේ මාෆියා කඩන්න පුළුවන් ඒකට අවශ්‍ය කැපවීම හා ධෛර්ය පමණයි .

මාධ්‍ය සංදර්ශනවලින් ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ

හැමදාම වගේ පත්වෙන අලුත් රජයට අම්බානක බැනුම් අහන්න වෙන්නේ මේ ආහාර ප්‍රශ්නයට. නමුත් තවමත් විසඳුම් නම් ලැබිලා නෑ. ඒකෙන්ම අපේ System අවුල හොඳින් කියා පානවා. රජය තමන්ගේ රාජකාරීය පැත්තකට දාලා රටේ ලෝකේ තියන බිස්නස් කරතියාගෙන ඇදං යන්න ගියාම මෙහෙම දේවල් වීම අහන්න දෙයක් නෙමෙයි. පිස්සට හැතැම්මෙ නෑ වගේ රෑ 12 ට ගහන ගැසට්වලින් මිල පාලන දාලා, බදු එහාට මෙහාට කරලා මේ ප්‍රශ්නේ විසදනවා බොරු. වෙළදපොළක මූලික න්‍යාය තේරුම් ගත යුතුයි. ඉල්ලුම වැඩි වන විට මිල ඉහළ යනවා. මිල පහළට ගේන්න නම් සැපයුම වැඩි කරන්න වෙනවා. 

 
මිල ස්ථාවරව තියාගන්න අඛණ්ඩ සැපයුම් දායමක් හදන්න ඔනේ. නැතුව බොරුවට මාධ්‍ය සංදර්ශන දාන්න ගබඩා, සිල්ලර කඩ වැටලුවට හරියන්නෑ. ඔළුව කැක්කුමට කොට්ටෙ මාරුකරන න්‍යාය අත ඇරලා රටේ මිනිස්සුන්ගේ දැවෙන දැවැන්තම ප්‍රශ්නය වෙච්ච ආහාර සුරක්ශිතතාවය පිළිබද ප්‍රශ්නය නැති කරන්න ප්‍රමුඛතාවය දෙන්න රජයක් විදියට කටයුතු කළයුතුයි. නැත්තං මෙය සමාජීය සහ ආර්ථික ප්‍රශ්නයක් ලෙස ඇතිවෙලා නිරායාසයෙන් දැවැන්ත දේශපාලන ප්‍රශ්නයක් බවට හැරන එක නවත්තන්න බෑ.’’

| වචන ජනත් පෙරේරා
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...