The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

# නිදහසක් නෑ බන් ! - රන්දිම ලියයි

T

The Leader Desk

February 2, 2022 • 11:54 AM

# නිදහසක් නෑ බන් ! - රන්දිම ලියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩොමිනියන් සමරන අපි. ඉන්දියාවට නිදහස දීපු නිසා හම්බුනා නිදහස.
  • කැමති තැනක ඇවිදින්න කැමති වාහනයක් ගන්න , පොඩි ගෙයක් හදාගෙන හවස් වරුවක පොතක් බලන්න , වේදිකා නාට්‍යක් , පිච්චර් එකක් බලන්න තරම් නිදහස් ද අපි ?
  • අවුරුදු හැත්තාවක් විතර ප්‍රතිපත්ති ප්‍රකාශ, සංවර්ධන සැලසුම් මේවට රැවටිලා බලද්දී කියවීමට නොහැකි බින්දු සහිත ණයක් එක්ක ණයට කන රටක ඉන්න අපි නිදහස් ද ?
  • අන්තවාදීන් ඇති කරපු ජාතිවාදී අරගලයේදී විරැකියාව විසින් තරුණය වීරයෙකු බවට පත් කරලා මිහිදන් කරද්දී ඒක දිහා බලන් ඉදලා කෑ ගහපු අපි ඒකට උදම් අනන අනෙක් ජන කොටස් පහත් කරන නුතන යටත් විජිතකරණයේ පරිපාකයට ගිය නුතනවාදී නාම මාත්‍රික අපි නිදහස් ද ?
අකුරු ප්‍රමාණය (Font Size):



වීරයෝ මරපු භූමියක ඇත්තටම නිදහසක් කොහෙද ?

දැනට දශක හැත්තාවක් පමණ සංවර්ධනය වෙමින් පවතින අපි නිදහස්ද ?

උතුරේ ජාති වාදය සහ දකුණේ ජාතිවාදය ජාතිකත්වය විදිහට මහා උජාරුවට කියෝන අපි නිදහස්ද ?

මොනවද මේ ඩොමිනියන් වලින් ලැබුනේ.

ජනරජ ව්‍යවස්ථාවක් හදලා ස්වාධීනත්වයක් ගොඩ නගා ගත්තාට අපි ස්වාධීනද ?

ස්වධීන නිති පද්ධතියක් තවම නැති අපි නිදහස් ද ?රටක් විදිහට ස්වධීන වෙන්න නිදහසක් තියනවාද ?

තරුණයෙක් , වැඩිහිටියෙක් සහ පුරවැසියෙක් විදිහට නිදහසක් තියනවාද ?

අවශ්‍ය තාවය සහ උවමනාව හදුනා නොගන්න සභුද්ධික වීමට අවස්තාව පාලිතයන්ට පාලකයන් නොදෙන තැන නිදහස් ද ?

ඇත්තෙන්ම නිදහස්ද ?

By 2030, Sri Lanka's working-age population will start declining. Photo credit: ADB.

හිතුන වෙලාවට හිතෙන කෑමක් කන්න කැමති අවන්හලකට යන්න කැමතිම කෙනෙක් එක්ක කොපි කෝප්පයක් හිමින් සීරුවේ බොන්න නිදහස් ද ?

කැමති තැනක ඇවිදින්න කැමති වාහනයක් ගන්න , පොඩි ගෙයක් හදාගෙන හවස් වරුවක පොතක් බලන්න , වේදිකා නාට්‍යක් , පිච්චර් එකක් බලන්න තරම් නිදහස් ද අපි ?

කැමතිම පාසලකට ගිහින් ඉගන ගන්න ගමේ පාසල ටවුමේ කොලිජියේ කොලිටිය දෙකක් කියලා මතයක් හදද්දී අපි නිදහස් ද ?

තමන්ගේ ජීවිතය තව කෙනෙක් එක්ක බෙදා ගන්න කොට ප්‍රේමය, විවාහය, විරහව, අසම්මතය මේවා විවෘතව විදින්න නිදහස් ද අපි ?

කැමතිම සප්ජෙට් එකෙන් ආණ්ඩුවේ කැම්පස් එකකට යන්න බැරි වුනහම , බැංකුවෙන් ණයක් දෙන්නේ නැති වුනහම පෞද්ගලික විශ්ව විද්‍යාල වල මිල මිලියන ගණන් වෙලා තාරුණ්‍ය අසාවල් රැකියාව එක්ක දියවෙලා යද්දී අපි නිදහස් අධ්‍යාපනය ගැන පුරසාරම් දෙඩුවට, අරගල කරලා ඒක රකින්න හැදුවට ඇත්තෙන්ම අපි නිදහස් ද ?

 බෙහෙත් ගන්න පෝලිමේ පැය ගානක් හිටියහම පස්සේ එක ෆාමසියෙන් ගන්න කීවහම අපි නිදහස බුක්ති විදිනවාද ?

අවුරුදු හැත්තාවක් විතර ප්‍රතිපත්ති ප්‍රකාශ, සංවර්ධන සැලසුම් මේවට රැවටිලා බලද්දී කියවීමට නොහැකි බින්දු සහිත ණයක් එක්ක ණයට කන රටක ඉන්න අපි නිදහස් ද ?

දවසින් දවස දර්ද්‍රතාවය වැඩි වෙද්දී, ණය අරගන්න නොවටිනා මුදලකට වාහනයක් ගන්න, දවසට පැය අට, දහය, දොලහක වැඩ මුරයක් එක්ක කාර්යබහුල වෙද්දී අපි නිදහස් ද ?

අන්තවාදීන් ඇති කරපු ජාතිවාදී අරගලයේදී විරැකියාව විසින් තරුණය වීරයෙකු බවට පත් කරලා මිහිදන් කරද්දී ඒක දිහා බලන් ඉදලා කෑ ගහපු අපි ඒකට උදම් අනන අනෙක් ජන කොටස් පහත් කරන නුතන යටත් විජිතකරණයේ පරිපාකයට ගිය නුතනවාදී නාම මාත්‍රික අපි නිදහස් ද ?

මේ කොල්ලකාරී ආර්ථිකයේ ප්‍රතිපල වෙච්ච, එකේ උපරිමයට ගමන් කරන මානව දයාව, කරුණාව, පරාර්ථය, තවෙකුගේ වේදනාව දැනෙන, ප්‍රේමය විරහව, කෘතගුණ වත් බලාපොරොත්තු නොවී ආදරය කිරීම, විදයාර්තයෙක් වීම නොදන්නා, කෝටියක වාහනයක් අරන් බඩෙන් බාගයක් බත් කන්නේ නිදහසක් නිසාද ?

එහෙයින් නිදහස් දින සමරන දාක ගමන් කරන, නටන, පෙළපාලි යන ගිනි අව්වේ කට්ට කන ඒසී වල ඉදන් ඒවා බලන හුදු ජනප්‍රියවාදී නිදහස ඇත්තෙන්ම නිදහස් ද ?

හිතන්න අපි නිදහස් ද ?

සබද අපි නිදහස් ?

නිදහසක් නෑ බන්


IMG 20220202 WA0009(රන්දිම ඉශාල්)

 

 

 

 


 Leader Whats app
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...