The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පළාත් පාලන ආයතනවල සභාපතිකම, නගරාධිපතිකම ලබා ගැනීම.. | Gamini Ranasingha

T

The Leader Desk

June 1, 2025 • 10:24 AM

පළාත් පාලන ආයතනවල සභාපතිකම, නගරාධිපතිකම ලබා ගැනීම.. | Gamini Ranasingha

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පලාත් පාලන ඡන්දය 2025 මැයි හය දින පැවැත්විණි.
  • පළාත් පාලන ඡන්දයේදී ප්‍රාදේශිය සභා, නගර සභා, මහ නගර සභා ලෙස නගර සහ ගම් ඇතුලත් පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරුන් තේරී පත්විය.
  • දැන් ඒවායේ ප්‍රාදේශීය සභාවලට සභාපති හා නගර සභාවලට නගරාධිපති පත්කර ගැනීමේ අවස්ථාව උදාවී ඇත.
  • මෙහිදී “සභාවේ මන්ත්‍රීවරුන්ගේ” බහුතර ඡන්දයෙන් සභාපති සහ නගරාධිපති පත්කර ගන්නා ආකාරයෙන් නීති සම්පාදනය වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


පලාත් පාලන ඡන්දය 2025 මැයි හය දින පැවැත්විණි. පළාත් පාලන ඡන්දයේදී ප්‍රාදේශිය සභා, නගර සභා, මහ නගර සභා ලෙස නගර සහ ගම් ඇතුලත් පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරුන් තේරී පත්විය. දැන් ඒවායේ ප්‍රාදේශීය සභාවලට සභාපති හා නගර සභාවලට නගරාධිපති පත්කර ගැනීමේ අවස්ථාව උදාවී ඇත. මෙහිදී “සභාවේ මන්ත්‍රීවරුන්ගේ” බහුතර ඡන්දයෙන් සභාපති සහ නගරාධිපති පත්කර ගන්නා ආකාරයෙන් නීති සම්පාදනය වී ඇත.


මෙහිදී සභාපති, නගරාධිපති පත්කිරීමට වඩා සුදුසු මහජන ඡන්දයේදී වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවකගේ චන්දය ලබාගත් පක්ෂයෙන්ද? සභාවේ පත් වී සිටින මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත ඇති මන්ත්‍රී ද? යන්න කථිකාවක් ගොඩනැගී ඇත.

විවිධ පක්ෂ ගොඩනගන්නේ වෙනස් ප්‍රතිපත්ති අනුවයි. එනිසා විවිධ පක්ෂ වලින් ඡන්දයට ඉදිරිපත් වෙන්නේ විවිධ ප්‍රතිපත්ති නියෝජනය කරන නියෝජිතයින්ය. මේ ප්‍රතිපත්ති වල වෙනස හේතුවෙන් ඡන්දදායකයන්ද පක්ෂ විදිහට බෙදී සිටිති. ඡන්දය ලකුණු කරන්නේ පක්ෂ සලකුණු ඉදිරියෙනි. එනම් පක්ෂයටය. වැඩිම ඡන්ද දායකයින් පිරිසකගේ ප්‍රතිපත්ති ජයග්‍රහණය කරන විට විවිධ ප්‍රතිපත්ති නියෝජනය කරමින්පත් වූ මන්ත්‍රීවරුන් එකට එක්වී බහුතර බලය පෙන්වා ඔවුන්ට කැමති මන්ත්‍රී කෙනෙක් සභාපති, නගරාධිපති ලෙස තෝරා ගැනීම බහුතර චන්දදායකයින්ට කරන අසාධාරණයකි.

පුංචි ඡන්දය අප්‍රේල් දෙවන සතියේ ?

 

පරාජයට පත් වූ විවිධ පක්ෂවලින් මන්ත්‍රීවරුන් සභාපති, නගරාධිපති ලෙස පත් කර ගන්නේ ඔවුන්ගෙන් එක් පක්ෂයකට පමණක් අයිති මන්ත්‍රීවරයකි. මෙය අනෙක් පරාජයට පත් වූ සියලු පක්ෂවල ඡන්ද දායකයාටද කරන අසාධාරණයකි. සමහරවිට ඔවුන්ගෙන් වැඩි පිරිසක් මෙම පුද්ගලයාට අකමැති විය හැකිය. ඡන්දදායකයින් සියලු දෙනාට සභාව නියෝජනය කිරීමට නොහැකි නිසයි මෙම නියෝජිත ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. එහිදී බහුතර ඡන්දදායකයින්ගේ කැමැත්ත ක්‍රියාත්මක විය යුතු වුවත් එසේ නොවන විට වඩාත් සාධාරණ සදාචාර සම්පන්න ක්‍රමයක් සඳහා නීති රීති වෙනස් කළ යුතුය.

ගමක හෝ පාසලක හෝ වෙනත් ඕනෑම සංවිධානයක නිලතල පත්කිරීමකදී එකම නිලයකට කීපදෙනෙක් යෝජනා වුනොත් ඡන්දයක් පවත්වා එම සාමාජිකයන්ට වග කියන වැඩි දෙනාගේ කැමැත්ත( ඡන්දය) ලැබුණු තැනැත්තා තෝරා ගනියි. පළාත් පාලන ආයතනයක සභාපති, නගරාධිපති එම ආයතනයේ මන්ත්‍රීවරුන්ට පමණක් වග කියන පුද්ගලයෙකු නොවේ. එම නගර සභාවට, ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශයේ සියලුම ඡන්ද දායකයින් සමග කෙලින්ම ගනුදෙනු කරන පුද්ගලයෙකි. ඡන්දදායකයින් තම ප්‍රශ්න, ගැටලු වලට විසඳුම් හා අවශ්‍යතාවලට අනුමැතිය ලබාගැනීම කෙලින්ම සභාපති, නගරාධිපති හමුවී කර ගනී. එය එසේ නම් එම සභාවට අයත් ප්‍රදේශයේ සියලු ම ඡන්දදායකයින්ගේ සභාපති, නගරාධිපති ලෙස ඔහු වගකීම් දරයි.

 

කොළඹ පුරපති තෝරන ඡන්දය ජුනි 2 දා

මන්ත්‍රීවරු සමග පවත්වන සභාව තුළ පමණක් ප්‍රධානියා නොවේ. එසේ වූවා නම් මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් සභාපති, නගරාධිපති  පත් කිරීම සාධාරණයි!  මේ හේතු සලකා බැලීමේදී ඡන්ද බල ප්‍රදේශයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයෙන් තේරුණ මන්ත්‍රීවරුන්ගෙන් බහුතර මන්ත්‍රී කැමැත්තෙන් බල ප්‍රදේශයේ සියලු ඡන්දදායකයින්ට වගකියන ප්‍රාදේශීය සභා සභාපති හෝ නගර සභා නගරාධිපති පත්කිරීම වඩා සදාචාර සම්පන්න සාධාරණ තීරණයක් බව හැඟී යයි.

IMG 20250306 WA0004(LPN | Gamini Ranasingha)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...