The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෝඨාගේ Sex Room එක -facultyofsex

T

The Leader Desk

July 12, 2022 • 4:18 PM

ගෝඨාගේ Sex Room එක -facultyofsex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට පස්සෙ අපිට දකින්න ලැබුනා අරගලක‍රුවන් විසින් ගෝඨාගේ යට ඇඳුම් මාධ්‍යයට ප්‍රදර්ශනය කරනවා.
  • මේ සියල්ල අරගලය ඇතුලෙ පැන නැගුන අනු‍රාගය විසින් නිර්මාණය කළ තත්වයන්.
  • නමුත් අපේ අනුරාගය හෙළිදරව් වෙන තැනදි අ‍පි කිසි දවසක හෙලි නොකරන ඇත්තක්ද නිරුවත් වෙන වග අපිට අමතක වෙනවා.
  • ගෝඨා නිරුවත් කිරීමට යොදාගත් මේ සියලු වෑයම්වලින් ඇත්තටම නිරුවත් වෙන්නෙ අරගලකරුවන්මයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට පස්සෙ අපිට දකින්න ලැබුනා අරගලක‍රුවන් විසින් ගෝඨාගේ යට ඇඳුම් මාධ්‍යයට ප්‍රදර්ශනය කරනවා.

ඊට ටික වෙලාවකට පස්සෙ ගෝඨාගේ කාමරයක් කියල සෙක්ස් රූම් එකක පිංතූර සංසරණය වෙන්න පටන් ගත්තා. තවත් ඉස්සරහට ගිහින් ගෝඨා විසින් වධ දීම සඳහා යොදාගත්තා කියල මොකක්දෝ සොල්දරයකට කැමරාව දික් කරමින් කෙනෙක් කතා කරන වීඩියෝවක් එලියට ආවා.

මේ සියල්ල අරගලය ඇතුලෙ පැන නැගුන අනු‍රාගය විසින් නිර්මාණය කළ තත්වයන්. නමුත් අපේ අනුරාගය හෙළිදරව් වෙන තැනදි අ‍පි කිසි දවසක හෙලි නොකරන ඇත්තක්ද නිරුවත් වෙන වග අපිට අමතක වෙනවා. ගෝඨා නිරුවත් කිරීමට යොදාගත් මේ සියලු වෑයම්වලින් ඇත්තටම නිරුවත් වෙන්නෙ අරගලකරුවන්මයි.



පළමුවෙන් ගෝඨාගේ සෙක්ස් රූම් එක කියල මුදාහැරුනු BDSM උපාංග සහිත කාමරය කිසිසේත්ම ගෝඨාගේ එකක් නෙමෙයි. ඒකට හේතුව එවන් ශෘංගාර වපසරියක් තිබුනා නම් ගෝඨාබය රාජපක්ෂ වගේ ජාතිවාදී, වර්ගවාදී, රාජපක්ෂවාදී චරිතයක් නිර්මාණය වෙන්නෙ නැති එකයි.



ඒ වගේ සියුම් රසයක් ගෝඨා නෙමෙයි අනුර කුමාර දිසානායකටවත් නැති වග ස්ථිරයි. ඒක taste එක පිළිබඳ කාරණයක්.

එවන් වෙනස් ශෘංගාරයන් රසවිඳින අයගෙ ජීවිතයේ අනෙක් කලාපයන්ගේත් එම රසභාවයන් දකින්න ලැබෙනවා. ඒ අයගෙ විලාසිතාවල, ඇසුරු කරන කලාවන්ගේ, මත්වීමේ ආකාරයන්ගේ මේ ගැඹුර නිරූපනය වෙනවා. ඒ වගේම ජාතිවාදය වර්ගවාදය වගේ පටු මුග්ධ තැන්වල එවන් උසස් රසයන් විඳින අය පිහිටන්නෙ නෑ. සෙක්ස් කියන්නෙ ජාතිවාදයේ ප්‍රතිවිරෝධය. යුද්ධයේ ප්‍රතිපක්ෂය. ආදරයේ අරගලය.

fgdfgrr4

මේ පිංතූරය ශෘංගාරය නොදන්නා දහස් ගානක් පිරිස් ඇත්තක් වශයෙන් බාරගත් වග පේන්න තිබුන. සමහරු ‘අනේ හිර කූඩුවකුත් තියෙනවා’ ආදී වශයෙන් කම්පා වෙනවා දකින්න ලැබුන. ලංකාවෙ අරගලකාමීන්ගේ සෙක්ස් ගැන දැනීම කොයිතරම් පටුද කියන එක ඒ ප්‍රතිචාර ඇසුරෙන් කියවගන්න පුළුවන්.

සෙක්ස් රූම් ගැන කාටහරි දැනගන්න උවමනා නම් මේ දවස්වල නෙට්ෆ්ලික්ස් එකේ තියෙනවා How to build a sex room කියල සීරීස් එකක්. මෙලනි රොස් (Melanie Rose ) කියන ඉන්ටීරියර් ඩිසයිනර් විසින් දශක කීපයක් තිස්සෙ මේ සරාගී අවකාශයන් නිර්මාණය කිරීමේ අත්දැකීම් ඉතාම සුන්දර ආකාරයකට විස්තර කරනවා. ඒ රහස් කාමරය තුල ඇසුරු කෙරෙන කලාව, හැගීම්, සහ ආදරය සියල්ල ගෙනහැර පානවා. ඒක බලලා මේක බලන කොට ලංකාව තියෙන තැන හෙළුවෙන් පේනවා.

අර සොල්දරේ වීඩියෝව නම් තමන් කතා කරන්නෙ මොනවා ගැනද කියලවත් වැටහීමක් නැති අමුතු අරගලකාරයෙකුගේ වැඩක් විදිහටයි පේන්නෙ. එයා මිනිස්සුන්ට වධදීම වෙනුවෙන් පාවිච්චි කළා කියල පරාල දෙකකින් හැදුන කුරුසියක් පෙන්නනවා.

ඇත්තටම BDSM වලදි ශාන්ත ඇන්ඩෘගේ කුරුසිය කියල එකක් පාවිච්චි වෙනවා. ඒක තියෙනවා ගෝඨාගෙ sex room එක කියන කාමරේ අයිනක. ඒක ජේසුගෙ කුරුසියට වඩා වෙනස් එකක්. ඒක පිහිටන්නෙ කතිරයක් විදිහට. කැමැත්ත ඇතුව කෙනෙක් එහි නංවා flogging කිරීම (සිංහලෙන් කසපහර කියන්න පුළුවන්) ඒ ආර්ට් එකේ සෞන්දර්යයක්.

xcbn

වැදගත්ම කාරණය මේකයි. අපි ජනාධිපති ගෝඨාබය රාජපක්ෂට විරුද්ධ වෙනවා කියන්නෙ පුද්ගලයෙක් විදිහට ගෝඨාබයට විරුද්ධ වෙනවා කියන එක නෙමෙයි. ජනාධිපතිගේ මන්දිරයට ඇතුල්වෙන්න අවසර තිබුනට කිසිම කෙනෙකුට ගෝඨාබයගේ පුද්ගලික ජීවිතයට ඇතුල් වෙන්න අවසර නෑ. ඒක අපි ගරු කළ යුතු අයිතියක්.

ගෝඨාගේ යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින්, එයාගෙ ශෘංගාර ජීවිතය ගැන කතා නිර්මාණය කරමින් අරගලකරුවන් කරන්නේ ගෝඨාගේ පුද්ගලික ජීවිතය දූෂණයට ලක් කිරීමයි. නිවෙස් ගිනි තැබීම පවා අනුමත කරමින් දිගහැරෙන මෙවන් අරගලයක පුද්ගල ජීවිතයේ අයිතිය ගැන කතා කිරීම තේරුමක් නැති වැඩක් වෙන්න පුළුවන්.



නමුත් කෙනෙකුගේ පුද්ගලික ජීවිතයට බලහත්කාරයෙන් කඩාපනිමින් මේ කරන්නෙ එක පැත්තකින් ශෘංගාරය කියන මානව සෞන්දර්ය කලාපය දූෂණයට ලක් කිරීමක්. තමන් කිසිම සංස්කෘතික රසයක් නැති පිලිස්තීනුවන් වග ප්‍රදර්ශනය කිරීමක්. අනෙක් අතට මිනිහෙකුගේ පුද්ගලික ලිංගික කලාපයට ගරු කිරීමේ ආචාර ධර්මයවත් පිහිටා නැති වග ලෝකයට කියා පෑමක්.



මතක තියාගන්න. කාන්තාවක් රිය අනතුරකට ලක්වුනු අවස්තාවක පවා ඔවුන්ගේ යට ඇඳුම් ගැන කතා කරන්නේ මේ අශිෂ්ටත්වයමයි. අද අරගලයට උර දෙන ගුනරත්නම්ලා එදා අත්අඩංගුවට ගනිද්දි කොන්ඩම් ගැන මීඩියාවල කතා හදන්නෙත් මේ අශිෂ්ටත්වයමයි.

කොටින්ම මේ අරගලය කියල අපි දකින්නෙ රාජපක්ෂවාදයමයි.

 
Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -facultyofsex.com)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...