The Leader News
BREAKING
Top Ad
පුවත්

ශානි ගැන යුරෝපීය පාර්ලිමේන්තුවේ කතාබහක් : 'GSP + සහන අවදානමේ' - තලතා

T

The Leader Desk

June 15, 2021 • 3:24 AM

 ශානි ගැන යුරෝපීය පාර්ලිමේන්තුවේ කතාබහක් : 'GSP + සහන අවදානමේ' - තලතා   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කීර්තිමත් අධ්‍යක්ෂවරයෙකු වූ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර දේශපාලනමය හේතූන් මත සිරගත කිරීමේ සිදුවීම යුරෝපීය පාර්ලිමේන්තුව විසින් පසුගිය සතියේ
  •   ඇය එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  •     එම නිවෙදනයේ මෙසේ ද සඳහන් වේ.
  • ඔහු විසින් එවැන්නක් සිදු කර ඇත්තේ අබේසේකර මහතා ඇතුළු පිරිසට නඩු පැවරීමට කිසිදු විශ්වාසදායක සාක්ෂියක් නොමැති වටපිටාවකය.
අකුරු ප්‍රමාණය (Font Size):
සාකච්ඡාවට බඳුන් කර ඇති අතර මෙවන් ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අත්තනෝමතික හැසිරීම් ශ්‍රී ලංකාවට හිමිව තිබූ ජී.එස්.පී ප්ලස් බදු සහනය බරපතළ අවදානමකට ලක් වීමට හේතු වී තිබෙන බව හිටපු අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පවසයි.
 
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද අබේසේකරගේ දේශපාලන සිරගත කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරමින්, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින අවනීතිය පිළිබඳව එම සිදුවීම හොඳ උදාහරණයක් බවට සඳහන් කර ඇතැයි ද හිටපු අධිකරණ ඇමතිවරිය කියා සිටියි.
 
ඇය එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
 
 
පළිගැනීමේ පිපාසාවෙන් පෙළෙන්නන්ගේ ආත්මාර්ථකාමී අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් අපගේ ආර්ථිකය අනතුරකට ලක් වීමට ඉඩ දිය නොහැකි බව අවධාරණය කර සිටින සජබ මන්ත්‍රීවරිය, ශානි අබේසේකරට සහ අනෙකුත් සියලුම දේශපාලන සිරකරුවන්ට එරෙහි ද්වේශ සහගත දඩයම රජය වහාම නතර කළ යුතු බව ද කියා සිටියි. 
 
එසේම, දේශපාලන බලපෑම්වලට ඉහළින් නැගී සිටින ලෙස හිටපු අධිකරණ අමාත්‍යවරියකු ලෙස ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ට ආයාචනා කර සිටියි. 
 
වෘත්තිකයන් ලෙස ඔබ ඔබේ රැකියාව ස්වාධීනව කරන්නැයි කාරුණිකව ඉල්ලා සිටින නීතිඥ තලතා අතුකෝරල මන්ත්‍රීවරිය, නීති කටයුතු සිදු කරන නිලධාරීන් වශයෙන්, අපගේ පළමු හා ප්‍රධානතම රාජකාරිය වන්නේ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම මිස පුද්ගලික වෘත්තීය අභිලාෂයන් ඉටුකර ගැනීම නොවන බව කියා සිටියි.
 
 
එම නිවෙදනයේ මෙසේ ද සඳහන් වේ.
 
 
 
shani 2021.06.13 
 
 
 ශ්‍රී ලංකාව යනු වෘත්තීයවේදීන් සහ රාජ්‍ය සේවකයින් විසින් සිය රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම හේතුවෙන් දේශපාලන අධිකාරිය විසින් අත්තනෝමතික ලෙස දඬුවම් කරන නීති විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී රටක් ලෙස, අපගේ අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා රටවලට හැඟී ගියහොත්, ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් විසින් අබේසේකර මහතාගේ නිවසට උදේ පාන්දරින්ම පැමිණීමේ සිදුවීමට මේවන විට වසරකට ආසන්න කාලයක් ගත වී තිබේ. 
 
 
 
අබේසේකර මහතා සමඟ අත් අඩංගුවට ගත් නවරත්න ප්‍රේමතිලක සහ සුගත් මොහාන් මෙන්ඩිස්ට එරෙහිව ඇති එකම චෝදනාව නම්, නඩු විභාගයකදී විනිසුරුවරුන් තිදෙනෙකු විසින් මිනීමැරුමකට ඒකමතිකව වරදකරු කරනු ලැබූ සහ පොලීසිය තුල කුලියට මිනී මැරීමේ කල්ලියක් පවත්වාගෙන යෑමට චෝදනා ලත් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට ව්‍යාජ චෝදනා ගොනු කිරීම පිණිස ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කිරීමයි.  
 
 
 
අබේසේකර මහතා පොලිස් අත්අඩංගුවේ සිටියදී කොවිඩ් -19 රෝගයට ගොදුරු වූ අතර හෘදයාබාධයක් හේතුවෙන් හෘදය සැත්කමකට ද භාජනය වීමට සිදු විය. 
 
ශානි අබේසේකර මහතාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අනෙකුත් නිලධාරීන්ට එරෙහිව පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි නීතිපති දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතී ජ්‍යෙෂ්ඨ නීති නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ස්වාධීනව සමාලෝචනය කර ඇති බව දැනගන්නට ලැබී ඇත.
 
 
 
චෝදනාවල බරපතල නොගැලපීම් 
 
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාට එරෙහිව එල්ල කරන ලද චෝදනාවල බරපතල නොගැලපීම් ඇති බව එම නිලධාරීන් සියළු දෙනා විසින්ම වාර්තා කරන ලදී. 
 
 අබේසේකර මහතාට එරෙහිව නඩු පැවරීමට කිසිදු පදනමක් නොමැති බව නිගමනය කරමින් සහ ඔහුව නිදහස් කළ යුතු බවට නිර්දේශ කරමින් එම නිළධාරීන් සියළු දෙනාම ඔවුන්ගේ අධීක්ෂණ නිලධාරීන්ට ස්වාධීන වාර්තා ඉදිරිපත් කර ඇත. 
 
කෙසේ වෙතත්, මෙම වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින දේශපාලන සබඳකම් සහිත තවත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු විසින් නිෂ්ප්‍රභ කර ඇත. 
 
 
 
මූලික සාක්ෂි විමසා බැලීමකින් තොරව, අබේසේකර මහතා සහ පිරිස හැකි තාක් කල් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මෙම නිලධාරියා නියෝග කර ඇති බව වාර්තා විය. ඔහු විසින් එවැන්නක් සිදු කර ඇත්තේ අබේසේකර මහතා ඇතුළු පිරිසට නඩු පැවරීමට කිසිදු විශ්වාසදායක සාක්ෂියක් නොමැති වටපිටාවකය.
 
 
 එහෙයින් නීතිපති දෙපාර්තමේන්තුවට ඔවුන්ට එරෙහිව උසාවියකට කිසි විටෙකත් චෝදනා ඉදිරිපත් කිරීමට අපහසු බව ඔවුහු අවබෝධකරගෙන සිටිති.
 
කෝවිඩ් -19 වසංගතය නිසා ඇතිවිය හැකි අවදානම සැලකිල්ලට ගනිමින් අධිකරණ සේවා කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් අවස්ථාවක ඔවුනට ඇප ලබා දෙන ලෙසයි.  
 
 
 
පෞද්ගලික අවශ්‍යතා සහ අරමුණු :
 
 
කෙසේ වෙතත්, බලයේ සිටින පුද්ගලයින් සතුටු කිරීමට අපේක්ෂා කරන නීතිපති දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතා සහ අරමුණු  හේතුවෙන්, වෘත්තීය නඩු පවරන්නන්ගේ නිර්දේශ අවලංගු කර ඇත. නිවැරදි සහ දේශප්‍රේමී පොලිස් නිලධාරීන්ට  මෙසේ දඬුවම් කරනු ලබන්නේ හුදෙක් ඔවුන් සිය රාජකාරිය හරියට ඉටු කිරීම නිසාය.
 
 
 
පළිගැනීමේ පිපාසාවෙන් පෙළෙන්නන්ගේ ආත්මාර්ථකාමී අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් අපගේ ආර්ථිකය අනතුරකට ලක් වීමට ඉඩ දිය නොහැක. අබේසේකර මහතාට සහ අනෙකුත් සියලුම දේශපාලන සිරකරුවන්ට එරෙහි ද්වේශ සහගත දඩයම රජය වහාම නතර කළ යුතුය. 
 
 
හිටපු අධිකරණ අමාත්‍යවරයකු වශයෙන් මා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ට ආයාචනා කරන්නේ දේශපාලනයට ඉහළින් නැගී සිටින ලෙසයි. වෘත්තිකයන් ලෙස ඔබ ඔබේ රැකියාව ස්වාධීනව කරන්නැයි උදක්ම ඉල්ලා සිටිමි. 
 
තවද, නීති කටයුතු සිදු කරන නිලධාරීන් වශයෙන්, අපගේ පළමු හා ප්‍රධානතම රාජකාරිය වන්නේ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම මිස පුද්ගලික වෘත්තීය අභිලාෂයන් ඉටුකර ගැනීම නොවේ. 
 
 
මෙය ඔබේ කීර්තිනාමය හෝ අබේසේකර මහතා ඇතුළු පිරිසගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. මෙය අපගේ සමස්ත යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය, අපේ රටේ අපනයන ආර්ථිකය සහ එයට සහාය වන ලක්ෂ සංඛ්‍යාත පිරිසගේ රැකියාවල ජාත්‍යන්තර කීර්තිය පිළිබඳ ගැටළුවයි.
 
 
 
 
 
##########
 
 
ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!
 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...