The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මොනොගමිය සතුටක්ද? දුකක්ද? -Faculty of Sex

T

The Leader Desk

April 21, 2021 • 5:37 AM

මොනොගමිය සතුටක්ද? දුකක්ද? -Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (මංගල සමරවීරගේ උපන්දිනය අදට (අප්‍රේල් 21) යෙදී තිබේ.)
  •   සමහර විට ඒ නිසා අපේ රහස් සම්බන්ධතාවලට ඉඩ ඇහිරිලා යන්න පුළුවන්.    සමහර විට ඒ නිසාම විවෘත වෙනත් සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්.    ඒ කොහොම වුනත් සම්බන්ධයේ අවංකකම කියන එක අනිත් හැමදේකටම වඩා වටිනවා.
  •   ලිංගික ආරක්ෂාව, ආසාදනවලින් ප්‍රවේශම් වීම, ඉමෝෂනලි දැනෙන ආරක්ෂිත බව, රැකබලා ගැනීමේ විශ්වාසය වගේ දේවල් ඒ සම්බන්ධතාවයක තියෙන ප්‍රතිලාභ.    ඒ වගේම ඒකෙ අවාසිත් තියෙනවා.
  • විශේෂයෙන්ම දරන්න බැරි ඒකාකාරීත්වය, විවිධත්වයක් නැති වීම, ලිංගික මරණය, නිතර ලැබෙන ඇසුරක් නිසා නොදැනී යාම, අවුල් සහගතබව වගේ තත්වයන් පවතින බවත් අපිට පිලිගන්න වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
මංගල සමරවීර එක්ක මං කරපු සාකච්ඡාවෙදි මංගල සමලිංගිකත්වය සහ පවුල කියන කාරනය ගැන එක ගැඹුරු තැනක් සලකුනු කළා. 
 
මංගල සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී හිටියට එයා පුද්ගලිකව සමලිංගික විවාහ අවශ්‍යයි කියල හිතන්නෙ නෑ. 
 
ඒ කියන්නෙ මංගල සමලිංගික විවාහ නීතිගත කිරීමට විරුද්ධව වැඩකරනවා කියන එක එහෙම නෙමෙයි. 
 
මංගලගෙ අදහස වුනේ විෂම ලිංගික ආදරයේ නිර්මාණයක් වුනු විවාහය කියන එක සමලිංගික පෙම්වතුන් විසින් කොපි කළ යුතු නෑ කියන එකයි. 
 
විවාහ සංස්ථාව කියන වැඩවසම් ආකෘතිය ඇතුලට යන්න සටන් කිරීම නිදහස වෙනුවෙන් කරන සටනක් නෙමෙයි කියන එකයි. 
 
තමන්ගේ සමරිසි ලිංගික අනන්‍යතාවය හංගන්නෙ නැති ලංකාවෙ එකම දේශපාලන චරිතය පවුල ගැන දරන මේ අදහස සංස්කෘතිකව ප්‍රගතිශීලී එකක්.
 

 
 
බොක්සර් එකක් පිටින් කොල්ලෙක් උගේ වෘෂනකෝෂ මිරිකාගෙන ඉන්න පිංතූරයක් ලිපියක පලකිරීම නිසා මාව ෆේස්බුක් එකෙන් සතියකට පිටුවහල් කළා. 
 
මේකෙ අසභ්‍ය මොකක්ද කියල හිතාගන්න බැරුව මං ගූගල් එකේ මේක ටිකක් හෙව්වා. 
 
ඇන්තනි වයිනර් කියන කොංග්‍රස් සාමාජිකයාගෙ අපචාර සිද්දිය කියවන්න ලැබුනෙ එතකොට. 
 
වයිනර් අවුරුදු 21ක කෙල්ලෙකුට ට්වීට් කරනවා එයාගෙ යටඇඳුම් පිටින් ප්‍රානවත් වුනු ලිංගය දැක්වෙන ෆොටෝ වගයක ලින්ක් එකක්. 
 
මේක අපවාදයක් විදිහට නැගෙද්දි වයිනර් මුලින් කියනවා එයාගෙ ට්විටර් එක හැක් කරලා කියල. පස්සෙ එයා පිලිගන්නවා එයා නාඳුනන මේ කාන්තාවට එයා විසින්ම මේ පිංතූර සහිත ලින්කුව යැව්වා කියල.
 
වයිනර්ට අපි හිනාවුනාට වයිනර්ගෙ මේ පෙනී සිටීම අපිව අර්බුදයට යවන ප්‍රශ්නයක් ඉතුරු කරනවා. 
 
මොනොගමි පවුලක නැත්තං ඒක භාර්යා විවාහයක ඉන්න හැමෝම වයිනර් කරපු විදිහෙ දේවල් කරන්නෙ නැතුව ඇති. 
 
ඒත් ඒ විවාහය විසින්, වගකීම විසින් අපි මත පවරාපු චරිතයට පිටස්තර, හිතුවක්කාර, වනචර දෙයක් කිරීමේ ආශාව අපිට බැහැර කරන්න පුළුවන්ද? 
 
හැමදාම එකම විදිහට පවතින විවාහ ජීවිතය වෙනුවට පිටස්තර සම්බන්ධයක් විසින් දනවන ආස්වාදය අපිට බැහැර කරන්න පුළුවන්ද? 
 
ඕනම විවාහක යුවලකට අඩුම ගානෙ මේ හැගීම ආගන්තුක එකක් නෙමෙයි. 
 
වයිනර් කරන්නෙ එයාගෙ පවුලට චීට් කරන්න බැරිකමට කරන ඔන්ලයින් ෆ්ලර්ට් කිරීමක්.
 
Online flirtation
 
විවාහය කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක ඒ අනුමත ප්‍රමිතියෙන් පවත්වාගෙන යාම අතිදරුණු වගකීමක්. 
 
අපි එකිනෙකා ගැන තබාගන්නා යතාර්ථවාදී නොවෙන අපේක්ෂා නිසා විවාහ ජීවිතය ඉතාම අසීරු ජීවිතයක් වෙනවා.
 
සෙක්ස් ගැන ලෝකය පුරා ජනප්‍රිය ‘සැවේජ් ලව්’ කියන කොලම ලියන ඩෑන් සැවේජ් මොනොගමි ගැන අවුරුදු 20ක් පුරා ලියනවා. 
 
ඩෑන් කියන්නෙ විවාහය ගැන රොමැන්තික විශ්වාසයෙන් භක්තියෙන් යනවට වඩා ප්‍රැක්ටිකල් ආචාර ධර්ම රාමුවක් තමන් විසින් සකසා ගැනීම වැදගත් කියල. 
 
තමන් පමණක්ම පැතීම කියන මිත්‍යාව ලෙඩක්. 
 
ඒක ලංකාවෙ වගේම ඇමරිකාවෙත් ඔබ්සෙෂන් එකක් කියල ඩෑන් ලියනවා.
 
ඩෑන් සැවේජ් කියන්නෙ මොනොගමි නැත්තං මේ ඒක භාර්ය ව්‍රතය සමහර අයට ඉතාම හොඳින් ගැලපෙන ක්‍රමයක් කියල. 
 
ඒත් මේ මොනොගමි ආදරය ගැන අපේ තියෙන කතිකාව, විශේෂයෙන්ම ඒ ආශ්‍රිත ලිංගික ජීවිතය ගැන කතාබහ අන්තිම බොරුවක්, අවංක නැති එකක්. 
 
සමහර අයට එක සහකරුවෙක් හෝ සහකාරියකට වඩා ඇසුරු කරන්න උවමනා වෙනවා. 
 
සමහර අය කැමතියි ෆ්ලර්ට් කරන්න, ඒ කියන්නෙ ශෘංගාර කම්පන කලාපයක ජීවත් වෙන්න. 
 
සමහර අය කැමතියි තමන්ට කසයකින් තලනවට. 
 
ඒ අපේ ආශාවන් අපි අපේ සහකරුවන් හෝ සහකාරියන් සමග විවෘතව කතා කරන්න ඕන.
 
සමහර විට ඒ නිසා අපේ රහස් සම්බන්ධතාවලට ඉඩ ඇහිරිලා යන්න පුළුවන්. 
 
සමහර විට ඒ නිසාම විවෘත වෙනත් සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. 
 
ඒ කොහොම වුනත් සම්බන්ධයේ අවංකකම කියන එක අනිත් හැමදේකටම වඩා වටිනවා. ඒක ආදරයේ ප්‍රතිපත්තියක් වෙන්න ඕන.
 
GettyImages 1068425108 20a4b541eabd4a2ca790ad787953f841
 
‘මොනොගමි ජීවිතේ හොඳ දේවල් තියෙනවා’ ඩෑන් කියනවා.
 
ලිංගික ආරක්ෂාව, ආසාදනවලින් ප්‍රවේශම් වීම, ඉමෝෂනලි දැනෙන ආරක්ෂිත බව, රැකබලා ගැනීමේ විශ්වාසය වගේ දේවල් ඒ සම්බන්ධතාවයක තියෙන ප්‍රතිලාභ. 
 
ඒ වගේම ඒකෙ අවාසිත් තියෙනවා. විශේෂයෙන්ම දරන්න බැරි ඒකාකාරීත්වය, විවිධත්වයක් නැති වීම, ලිංගික මරණය, නිතර ලැබෙන ඇසුරක් නිසා නොදැනී යාම, අවුල් සහගතබව වගේ තත්වයන් පවතින බවත් අපිට පිලිගන්න වෙනවා.
 
ඩෑන්ගෙ අදහස මොනොගමි විවාහයේ නම්‍යශීලීබවක් අවශ්‍යයි කියන එක.
 
 අවංකත්වය, සතුට සහ සිනහව කියන දේවල්වලට වඩා විවාහය ලොකුයි කියල හිතන එක ලොකු අවුලක් නිර්මාණය කරනවා. 
 
ඒකෙන් අපි විය නොහැකි, මිනිස් නොවන තත්වයක් අපේ සහකරුවා හෝ සහකාරිය මත පටවනවා. ඒකෙන් පවුල් විනාශ වෙනවා.
 
හොඳ ආදරයකට ආදරවන්තයින් ගුඩ්- ගිවින්ග් සහ ගේම් කියන කාරණා වලින් සමන්විත වෙන්න ඕන කියලයි ඩෑන් කියන්නෙ.
 
 ඒ කියන්නෙ දක්ෂ වෙන්න ඕන, ත්‍යාගශීලී වෙන්න ඕන, ඕනම දේකට සූදානම් වෙන්න ඕන. 
 
එකිනෙකාගේ සතුට වෙනුවෙන් විවාහයෙන් එලියට යන්න වෙනවා නම් ඒකටත් පසුබට නොවෙන්න ඕන. 
 
සම්බන්ධතාවයක් විසින් ඒකට අදාල හැඩය නිදහසේ නිර්මාණය කරගන්න ඕන.
 
 Polygamy 1024x670
 
 
කොහොමටත් මේ ඒක භාර්යා අපේක්ෂාව පිරිමින් මත පැවරීම විෂම ලිංගික සමාජය විසින් කරගත්ත වරදක් කියලයි ඩෑන් සැවේජ් කියන්නෙ. 
 
පිරිමි ඉතිහාසයේ කිසිම දවසක ඒක භාර්යා වුනේ නෑ. හැම කාලයකදිම පිරිමින්ට වෙනත් බිසවුන්, අබිසරු ලියන්, රහස් පෙම්වතියන් හිටියා. 
 
කසාදයේදි හැමෝම සමාන වෙන්න ඕන කියල තීරනය කරන කල් පිරිමි මොනොගමි වුනේ නෑ. 
 
ස්ත්‍රීවාදී විප්ලවය විසින් කලේ පිරිමින් විසින් බුක්ති විඳිමින් හිටපු නිදහස ආස්වාදය කාන්තාවන් සඳහාද විවෘත කිරීම නෙමෙයි, ඒ වෙනුවට කාන්තාවන්ට පැනවී තිබුනු සීමා තහංචි පිරිමියා මතද පැනවීමයි.
 
ඩෑන් කියන්නෙ මොනොගමස් වෙනුවට මොනොගමිෂ්, ඒ කියන්නෙ ඒක භාර්යාමය ස්වරූපයක් උත්සාහ කරන එක වඩා ප්‍රායෝගිකයි කියල. 
 
ඒ කියන්නෙ ඉඳහිට වෙනත් සම්බන්ධතාවලට ඉඩක් අවසරයක් තියෙනවා කියන එක.
 
ඩෑන් කියන්නෙ ටිකක් ඇස් ඇරලා අවට බලන්න කියල. 
 
අපි වටේ පවතින මොනොගමි සම්බන්ධතාවල ස්වරූපය අපිව සතුටු කරනවද කියල. 
 
ඒ වෙනුවට සම්බන්ධතාවයක වටිනාකම අවංකබව ඔස්සේ තමන්ට පමණක් සීමිත ලිංගික ඇසුර කියන සීමාවෙන් එලියට, වඩා උසස් තලයකට ගෙනියන්න මහන්සි වෙන්න කියල.
 
 
Chintha 21Chinthana Dharmadasa
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
(උපුටා ගැනීම- Faculty of Sex)
 

 

 


 

THE LEADER TV 
 

අලුත්කඩේ "SD" ගේ චීන ආදරේ..!

 

රටම අවධානමේ : කොරෝනා කිට් හිඟයක් : තුන් වැනි රැල්ලක් ආවොත් සුනාමි !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...