The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යාළුවන්ට අමතක වූ හිජාස් හිස්බුල්ලා - රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

September 15, 2020 • 3:12 PM

 යාළුවන්ට අමතක වූ හිජාස් හිස්බුල්ලා - රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිඥ හිජාස් හිස්බුල්ලා මම නමින් මිස පුද්ගලයෙකු ලෙස දන්නේ නැත. නමුත්, ඔහුගේ වෘත්තීය දක්ෂතාව, ප්‍රතිපත්ති සහ ඉදිරිපත්වීමේ ගුණය ගැන මට අදහසක් ඇත.
  •  නමුත්, ඔවුන් බොහෝ දෙනෙකු දැන් කැමැත්තෙන්ම හිජාස් ව අමතක කොට ඇත.
  •   2020 අප්‍රේල් 14 දින සිට මේ වන විට මාස 5 ක් ගෙවී ගොසිනි.
  •   ''දැන් කිසිවෙකුටත් ඒ ගැන වගේ වගක් නැත'' ''‘හිජාස් ගේ හිතවතුන්ට, වෘත්තීය සගයින්ට, සටන් සගයින්ට, මානව හිමිකම් සංවිධානවලට, ජනමධ්‍යයට මාස 5 ක් අත්අඩංගුවේ සිටින මේ මිනිසා අමතක වූවේ ඇයි?
අකුරු ප්‍රමාණය (Font Size):

හිජාස්ට මා දන්නා තරමින් බොහෝ ලිබරල් මිතුරන් සිටියේය. දැවැන්ත සමාජයක් තිබුණේය.  නමුත්, ඔවුන් බොහෝ දෙනෙකු දැන් කැමැත්තෙන්ම හිජාස් ව අමතක කොට ඇත.  

2020 අප්‍රේල් 14 දින සිට මේ වන විට මාස 5 ක් ගෙවී ගොසිනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හිජාස් තවමත් අත්අඩංගුවේ ය.  

නීතිඥ සංගමය අත්අඩංගුවට ගත් මුල් දවස්වල ‘හිජාස් අත්අඩංගුවට පත් වූයේ වෘත්තීය කටයුතු නිසා යැයි‘ කීවේය. 

 “We have been informed that the arrest is based on certain functions attended to by Mr. Hisbullah in his professional capacity as a member of the Bar,” යැයි කිව්වේ නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස වැඩ බලන පොලිස්පතිතුමාට ලිපියක් ලිව්වේය.  

''දැන් කිසිවෙකුටත් ඒ ගැන වගේ වගක් නැත''

''‘හිජාස් ගේ හිතවතුන්ට, වෘත්තීය සගයින්ට, සටන් සගයින්ට, මානව හිමිකම් සංවිධානවලට, ජනමධ්‍යයට මාස 5 ක් අත්අඩංගුවේ සිටින මේ මිනිසා අමතක වූවේ ඇයි? ''

මානව හිමිකම් සංවිධාන හිජාස් ගැන මුලදී කථා කළේය. දැන් කිසිවෙකුටත් ඒ ගැන වගේ වගක් නැත.  

හිජාස්, එජාප කඳවුර සමීපව ඇසුරු කළේය. වරක්, මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් වෙනුවෙන් උසාවියේ පෙනී සිටි නීතිඥයා ද ඔහුමය.  

මුස්ලිම් සමාජයේ ගැටළු ගැන නීති සහාය දෙන්නට ඔහු ඉදිරිපත් වූ බව මම අසා ඇත. දින 52 ආණ්ඩු සමයේ ප්‍රජාතන්ත්‍රවාදයේ වීදි සටන්කරුවන් අතර ද, හිජාස් සිටියේ ය. 

2019 10 26 Hijaz
අද මේ සියළු දෙනාටම හිජාස් හිස්බුල්ලා අමතක වී ද? නැතිනම්, බලහත්කාරයෙන් අමතක කර දමා ඇති ද? යන්න සිතාගත නොහැකිය. 

මාස 5 ක්, දවස් 150 ක් දිගු කාලයකි.  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අවුරුදු ගණන් රදවා තබා සිටින පුද්ගලයින් මට හමුවී ඇත. ඔවුන්ගේ ගැටළු පිළිබඳව මා මානව හිමිකම් ක්‍රියාකවරුවෙකු ලෙස මැදිහත්ව ඇත.

මම පුද්ගලිකව හිජාස් දන්නේ නැති බව නැවතත් කිව යුතුය.  ඔහු ගැන මා සමඟ කිසිවෙකුත් කතා කර ඇත්තේ ද නැත.  

හිජාස් ගේ අත්අඩංගුවට මට මතක් වූවේ, ඩෙස්මන් චතුරංග ගේ වෙබ් මාධ්‍ය වේදියා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට හේතුවූ ප්‍රවෘත්තියේ හිජාස් හිස්බුල්ලා ගැන ද සඳහන් වන බැවිනි. 

මේ සටහනින් මම මතු කරන්නට උත්සහ දරන්නේ ‘හිජාස් ගේ හිතවතුන්ට, වෘත්තීය සගයින්ට, සටන් සගයින්ට, මානව හිමිකම් සංවිධානවලට, ජනමධ්‍යයට මාස 5 ක් අත්අඩංගුවේ සිටින මේ මිනිසා අමතක වූවේ ඇයි? 

(රජිත් කීර්ති තෙන්නකෝන්)
සබැඳි පුවත් :

1- කවුද මේ නීතිඥ හිජාස්?

2 -මුස්ලිම් නීතිඥයාට එරෙහිව 'ත්‍රස්ත සාක්කි' ගෙතූ රහස් පොලිසියට විනිසුරු විරෝධය 

3 -නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපවේ. 

4- කොරෝනා වසංගතය: ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා

5 - වෘත්තීය සගයෙකුට එරෙහි සිංහල බලපෑම නිසා නීතිඥ සංගමය බෙදෙන ලකුණු

6 -නීතිඥ හිජාස්ගේ හේබියස් කෝපුස් පෙත්සම : විනිසුරුවරුන් බය කරන්න මඩ මාධ්‍ය මෙහෙයුමක් ! 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...