The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ ආචාර්ය ක්වොක් සි‍යු මින්ග්

T

The Leader Desk

November 26, 2023 • 11:48 AM

 ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Kwok Shiu Ming, the Director of International Centre of Sakyamuni Culture Limited, Hong Kong) බුදුදහමේ සහ බෞද්ධ ජනතාවගේ සමාජ ආර්ථික ශූභසිද්ධිය වෙනුවෙන් සුවිසල් සේවාවක් සිදු කරන බෞද්ධ මහාදානපතියෙකි.
  • මේ වනවිට මෙතුමන් විසින් සුවිසල් සමාජ සත්කාර වැඩසටහන් ගණනාවක් රට පුරා ආරම්භ කොට ඇත.
  • ඒ අතරින් උතුරු මැද, වයඹ සහ ඌව ආදි පළාත්වල ජනයා දශක ගණනාවක සිට මුහුණ දෙන උග්‍ර ගැටළුවක් වන පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ ගැටළුවට විසඳුම් වශයෙන් ජල පිරිපහදු යන්ත්‍ර මධ්‍යස්ථාන 35 ක් පමණ ඉදිකොට ජනතා අයිතියට පත්කොට ඇත.
  • එසේම භික්‍ෂු අධ්‍යාපනය දියුණු කරමින් නූතන තොරතුරු තාක්‍ෂණය ලබාදීමට දුෂ්කර පිරිවෙන් ගණනාවකට පරිගණක ඒකක පරිත්‍යාග කොට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

(Honorable Dr. Kwok Shiu Ming, the Director of International Centre of Sakyamuni Culture Limited, Hong Kong)  බුදුදහමේ සහ බෞද්ධ ජනතාවගේ සමාජ ආර්ථික ශූභසිද්ධිය වෙනුවෙන් සුවිසල් සේවාවක් සිදු කරන බෞද්ධ මහාදානපතියෙකි.

තෙරුවන් පිළිබඳ අනූපම ගෞරවයකින් සහ භක්තියකින් කටයුතු කරන එතුමන්ගේ මෙම සමාජ සත්කාරයන්ගේ ප්‍රධානම අරමුණ වන්නේ අසරණ බෞද්ධ ජනතාව දෙපයින් නැගී සිටුවා බෞද්ධ ජනතාවගේ තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාව වැඩි දියුණු  කොට බුදුදහමේ චිරස්ථිතිය සුරක්‍ෂා කිරීමයි. ලෝකප්‍රසිද්ධ බෞද්ධ මහාපඬිරුවනක් වූ මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල හිමිපාණෝ මෙතුමන්ගේ ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයාණෝය.

මේ වනවිට මෙතුමන් විසින් සුවිසල් සමාජ සත්කාර වැඩසටහන් ගණනාවක් රට පුරා ආරම්භ කොට ඇත. ඒ අතරින් උතුරු මැද, වයඹ සහ ඌව ආදිDr Kwok පළාත්වල ජනයා දශක ගණනාවක සිට මුහුණ දෙන උග්‍ර ගැටළුවක් වන පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ ගැටළුවට  විසඳුම් වශයෙන් ජල පිරිපහදු යන්ත්‍ර මධ්‍යස්ථාන 35 ක් පමණ ඉදිකොට ජනතා අයිතියට පත්කොට ඇත.

එසේම භික්‍ෂු අධ්‍යාපනය දියුණු කරමින් නූතන තොරතුරු තාක්‍ෂණය ලබාදීමට දුෂ්කර පිරිවෙන් ගණනාවකට පරිගණක ඒකක පරිත්‍යාග කොට ඇත. වර්තමාන ආර්ථික කඩාවැටීම හමුවේ දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන් පන්දහසකට පමණ පාසල් ලිපි ද්‍රව්‍ය ලබාදීමට ද මේ වනවිට එතුමන් විසින් පියවර ගනිමින් සිටී. මෙම වැඩසටහන වාර්ෂිකව සිදු කිරීමට එතුමන් අපේක්‍ෂා කෙරේ.

ආචාර්ය ක්වොක් මැතිතුමන්ගේ දෙවැනි මව්බිම වන ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති ආර්ථික පරිහානිය හමුවේ ජනජීවිතය කඩාවැටීම නිසා එතුමන් දැඩි කනස්සල්ලට පත්ව ඇති අතර ඉතාමත් ඉක්මනින්ම ආර්ථික ස්ථාවරත්වය රට තුළ ඇතිවීම එතුමන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. ඒ සඳහා රටේ විහාරස්ථාන සහ බෞද්ධ දානපතියන් එකතුව සමාජ ශුභසාධන වැඩපිළිවෙලක් යුහුසුළුව ආරම්භ කිරීම අතිශය වැදගත් වන බව තවදුරටත් එතුමන් විසින් පෙන්වා දෙනු ලැබේ.

බුදුදහමේ චිරපැවැත්මයට සහ අසරණ බෞද්ධ ජනතාව වෙනුවෙන් සිදුකරන අද්විතීය සමාජ මෙහෙවර අගයමින් එතුමන්ට සමාජ සේවය සඳහා පිරිනමන ඉහලම සම්මානය මෙම වසරේදී පිරිනමන්ට විය. ආචාර්ය ක්වොක් සි්‍යු මින්ග් මැතිතුමන්ට තවදුරටත් මෙවන් අත්‍යුදාර සමාජ සේවාවන් සිදුකිරීමට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි පාර්ථනා කරමි.

(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරගස්වැවේ විජිත හිමි)
ඓතිහාසික මොළගොඩ වළගම්බා රජමහ විහාරය,
හරන්කහව, හාරිස්පත්තුව, මහනුවර.  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...