The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලිංගික විප්ලවයේ ජේත්තුකාර පයිප්පකාරයා – HUGH HEFNER

T

The Leader Desk

March 14, 2021 • 9:55 AM

ලිංගික විප්ලවයේ ජේත්තුකාර පයිප්පකාරයා – HUGH HEFNER

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හියු හෙෆ්නර් ගැන මං හිතාගෙන හිටියෙ නිකංම සල්ලාලයෙක් විදිහට. බිස්නස්කාරයෙක් විදිහට.
  • ඇත්තටමත් හෙෆ්නර් කාන්තාවන්ගෙ ප්‍රජනන අයිතීන්, සමලිංගික අයිතීන් වගේම පුද්ගල නිදහස සම්බන්ධ අයිතීන් වෙනුවෙන් හැම වෙලාවකම සටන් කළා.
  • සෙක්ස් .        මේ තියෙන්නෙ හියු හෙෆ්නර්ගෙ අයිකොනික් වදන් දහයක්   1.
  • හෙෆ්නර් හිටියෙ නැතත් මිනිස්සු සෙක්ස් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ප්ලේබෝයි සඟරාවෙ අයිතිකාරයා, මන්දිරවල කෙල්ලො වටකරගෙන හිටපු නාකියා ඉතිං ඊට වඩා මොනාද? 
 
ඒත් හියු හෙෆ්නර් කියන්නෙ ඇත්තටම ලෙජන්ඩරි ක්‍රියේටිව් වැඩක් කරපු විප්ලවීය චරිතයක් කියල තේරුම් ගත්තෙ මෑතකදි. 
 
70 ගනංවල සෙක්ෂුවල් රෙවලූෂන් එකේ පුරෝගාමී චරිතය වුනේ හෙෆ්නර්.
 
හෙෆ්නර්ගෙ කාලෙ ඇමරිකාව ලංකාව වගේම ඇත්තටම ඊටත් වඩා සාම්ප්‍රදායික හැදියාවෙන් ලෙඩවුන රටක්.
 
කොල්ලෙක් කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්නෙ නෑ බඳිනකල්ම. 
 
සෙක්ස් කියන්නෙ කතා නොකල යුතු මාතෘකාවක්. 
 
වික්ටෝරියානු එකේ උපරිම තිබුන කාලයක්. 
 
එහෙම තැනක තමයි මේ සිල්ක් පිජාමා අඳින පයිප්පකාරයා 1953දි ප්ලේබෝයි අතාරින්නෙ. 
 
පලවෙනි කවරෙම මැරලින් මොන්රොගෙ නිරුවත් පිංතූරයක්. 
 
Play boy st
 
ප්ලේබෝයි කියන්නෙ පිරිමින්ගෙ සඟරාවක්. ඒත් ඒ වෙද්දි තව පිරිමි සඟරා තිබුන. 
 
ඒත් හෙෆ්නර් ප්ලේබෝයි හරහා සෙක්ස්වලට සංස්කෘතියක් ගෙනාවා. ප්ලේබෝයි කියන චරිතයෙ සංස්කෘතිය නිර්මාණය කරන්නෙ හෙෆ්නර්. 
 
ප්ලේබෝයි කෙනෙක් කියන්නෙ කවුද? 
 
එයා කන්නෙ බොන්නෙ අඳින්නෙ කොහොමද? 
 
එයා හිතන්න ඕන කොහොමද? 
 
එයා අහන්න ඕන සංගීතය මොකක්ද? 
 
මේ හැමදෙයක්ම අර ජේත්තුකාර පයිප්පකාරයා නිර්මාණය කළා. 
 
පර්ෆෙක්ට් තනිකඩයෙකුගෙ ජීවිතයේ සෞන්දර්ය තමයි ප්ලේබෝයි සඟරාව වුනේ.
 
අවුරුදු පහක් යද්දි ප්ලේබෝයි සඟරා මිලියනයක් විකිනෙන්න ගන්නවා.
 
ෆෙමිනිස්ට්ලා ගොඩක් හියු හෙෆ්නර්ට විරුද්ධයි. ඒ ගැහැනිය එක්ස්ප්ලොයිට් කරනවා කියල. ඒත් හෙෆ්නර් කියන්නෙ එයා ගැහැනිය එම්පවර් කරනවා නැත්තං බලය අතට දෙනවා කියල. ඇත්තටමත් හෙෆ්නර් කාන්තාවන්ගෙ ප්‍රජනන අයිතීන්, සමලිංගික අයිතීන් වගේම පුද්ගල නිදහස සම්බන්ධ අයිතීන් වෙනුවෙන් හැම වෙලාවකම සටන් කළා.
 
1892 1536x1124
ලෝකයේ මූලිකවම මිනිස්සු ශිෂ්ට කිරීමේ බලවේගය ආගම නෙමෙයි. සෙක්ස්. 
 
 
 
මේ තියෙන්නෙ හියු හෙෆ්නර්ගෙ අයිකොනික් වදන් දහයක්
 
1. එක්කෙනෙක් මගෙන් ඇහුවා මොකක්ද ඔයාගෙ පිකප් ලයින් එක කියල. මගේ හොඳම පිකප් ලයින් එක, හෙලෝ, මං තමයි හියු හෙෆ්නර් කියන එක.
 
2. ලෝකයේ මූලිකවම මිනිස්සු ශිෂ්ට කිරීමේ බලවේගය ආගම නෙමෙයි. සෙක්ස්. 
 
3. අපේ සමාජයේ තියෙන විකාරරූපීම දේ තමයි අපි නිදහස ගැන ලොකුවට කතා කරනවා. ඒත් ජීවිතේ වඩාත්ම නිදහස් විය යුතු දේවල් සීමා කරගෙන ඉන්නවා.
 
4. ඔව්. රයිට් සහෝදරයො හිටියෙ නැතත් ලෝකෙ ගුවන්යානාව හදයි. එඩිසන් හිටියෙ නැතත් ලෝකෙ විදුලි බල්බය හොයාගනී. හෙෆ්නර් හිටියෙ නැතත් මිනිස්සු සෙක්ස් කරයි. හැබැයි මේ තරම් එන්ජෝයි නොකරයි. ඒක හින්ද ලෝකෙ මීට වඩා ටිකක් දුප්පත් වෙයි. 
5. මං කසාද බැන්දෙ මට මාව මුනගැහෙන්න කලින්. මිනිහෙකුට කසාද බඳින්න කලින් තමන්ට තමන්ව මුනැගැහෙන්න ඕන. 
 
6. මං වර්ගවාදයට විරුද්ධව සටන් කළා. ලිංගවාදයට විරුද්ධව සටන් කළා. දැන් මං වයස්ගතවාදයට විරුද්ධව සටන් කරනවා. මිනිහෙක් තමන්ව අර්ථකතනය කරන්න ඕන තමන්ගේම නිර්ණායක මතයි. තමන් කවුද කියන එක තීරණය කරන්න සමාජයට හරි අනිත් කාට හරි පවරනවා කියන්නෙ ඔයා ඉන්නෙ ඒ කාට හරි වඩා පහලින් කියන එකයි.
 
7. ජීවිතේ හරි කෙටියි. ඒ හින්ද වෙන මිනිහෙකුගෙ හීනයක් ඇතුලෙ ජීවත් වෙන්න එපා.
 
8. මිනිහෙකුට තමන්ගේ විදිහට දෙවියන් හොයාගන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා නම් තමන්ගේ විදිහට යක්ෂයා හොයාගෙන යන්නත් ඒ හා සමාන ශුද්ධ වූ අයිතියක් තියෙන්න ඕන.
 
9. දේවල් විය යුතු තරම් සුන්දර විදිහට සිද්ද වෙන්නෙ නැත්තං ඒක තමන්ගෙ වරදක් බව ගොඩක් මිනිස්සු ජීවිතේ ඇතුලෙ තේරුම් ගන්නෙ නෑ.
 
10. සෙක්ස් ගැන තියෙන බොරුව අයින් වෙන එකෙන් වඩාත්ම යහපත සැලසෙන්නෙ ගැහැනුන්ට. ඒත් දැන් සමහර අය කියන්නෙ සෙක්ෂුවල් රෙවලූෂන් එක කියන්නෙ පිරිමි විසින් සෙක්ස් කරන්න හදාගත්ත සැලසුමක් කියල. මේ කාන්තා ව්‍යාපාර විසින් නොදැනුවත්වම කරගෙන තියෙන දෙයක් තමයි ශෘංගාරය කියන එක කෙනෙකුට හිංසා කිරීමක් වගේ අදහසක් එක්ක ගැටගහගෙන ඉන්න එක.
(facultyofsex.com)

 

 


 

 

 
 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලිංගික විප්ලවයේ ජේත්තුකාර පයිප්පකාරයා – HUGH HEFNER | The Leader