The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

I Take ප්‍රොෆෙෂනල්ස් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

December 6, 2022 • 4:05 PM

I Take ප්‍රොෆෙෂනල්ස් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංගමයේ සභාපති ඉල්ලා සිටින්නේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට “විශේෂ” බදු සහන දෙන්න කියලයි.
  • ආර්ථික අර්බුදය ඇති වුණේ බදු අඩු කළ නිසා කියලයි ඔය IT කාරයන් අරගල කළේ.
  • ලංකාවේ තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රය කියන්නේ ඇත්තටම BPO බිස්නස් කාරයන්ට.
  • ඒකෙන් ඇත්තටම ඔවුන් කරන්න හැදුවේ පොඩි පොඩි BPO කරන ව්‍යාපාර බිඳ වැට්ටවීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):



සංගමයේ සභාපති ඉල්ලා සිටින්නේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට “විශේෂ” බදු සහන දෙන්න කියලයි. එහෙම කළාම ඔවුන් රට යන එකක් නැහැ කියා ඔහු කියනවා.

zfer

දැන් මෙච්චර කල් ඔය ව්‍යාපාරික ප්‍රජාව මැරෙන්න හැදුවේ බදු වැඩි කරන්න කියලා නේද අපේ හාමුදුරුවනේ... ආර්ථික අර්බුදය ඇති වුණේ බදු අඩු කළ නිසා කියලයි ඔය IT කාරයන් අරගල කළේ. දැන් අපි මොකක්ද පිළිගන්න ඕනා!

විදේශ විනිමය අර්බුදය වෙලාවේ උන්ඩියල් හවාලා කරන කළු කඩකාරයන්, විශේෂයෙන් මුස්ලිම් සහ දෙමළ ඩයස්පෝරා ව්‍යාපාරිකයන් ඩොලර් එකේ අගය කෘත්‍රිමව වැඩි කළා. ඒක ගෝඨාභය ජනපති ගෙදර යවන රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියේ කොටසක්. “රුපියල පා කරපියව්” කියලා ඔය ව්‍යාපාරික ප්‍රජාව පොළොවේ පස් කෑවා.

රටක් හැටියට අර්බුදයකට මුහුණ දෙන වෙලාවේ ඔය IT වෘත්තිකයන් කළේ මොකක්ද? තමන්ගේ පඩිය ඩොලර්වලින් ගෙවන්න කිව්වා. ලංකාවේ තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රය කියන්නේ ඇත්තටම BPO බිස්නස් කාරයන්ට. එහෙම නැතුව වැදගත් IT නිෂ්පාදන හදන කොම්පැණි මෙහෙ නැහැ. පිටරට කොම්පැනිවලට service කරලා තමයි මෙහෙ IT කාරයෝ මුදල් උපයන්නේ.

ඕස්ට්‍රේලියාවේ clients ලා ඉන්න ආයතනවල සමහර සේවකයන් කිව්වා තමන්ගේ පඩිය ඕස්ට්‍රේලියාවේ ඉන්න තමන්ගේ නැන්දගේ ගිණුමට ඩොලර්වලින් දාන්න කියලා (හිනා). එහෙව් මිනිස්සු තමයි “සිස්ටම් චේන්ජ්” කරන්න ගෝල්ෆේස් ආවේ (තවත් හිනා).

සමහර IT කොම්පැනි අයිතිකාරයෝ වෙන කොම්පැනිවල ඉන්න සේවකයන්ව මේ අර්බුදය අස්සේ තමන්ට ඇදලා ගන්න ඕනෑකමට පඩිය ඩොලර් එකට Peg කරනවා කියලා advertise කළා. ඒකෙන් ඇත්තටම ඔවුන් කරන්න හැදුවේ පොඩි පොඩි BPO කරන ව්‍යාපාර බිඳ වැට්ටවීමයි. අන්න එහෙමයි ඔය පට්ට උගත් යැයි කියන IT කාරයෝ රටේ අර්බුදය වෙලාවේ “වගකීමෙන් වැඩ කළේ”.



එහෙම තමයි ආන්තික ලිබරල් ආර්ථිකය වැඩකරන්නේ. අරගලය විසින් ඉල්ලා සිටියේ ඒකයි. Dog-eat-dog ආර්ථිකය. හරිනම් කරන්න ඕනා රටේ අර්බුදය විද්‍යාත්මකව සහ තාර්කිකව තේරුම් අරගෙන ඒකට සාමූහිකව මුහුණ දීලා කට්ට කාලා ගොඩ යන එක. නමුත් වුණේ එකේ අනෙක් පැත්ත. එහෙම වැඩකරන IT කාරයන් රට යන එක පුදුමයක් නොවෙයි. ඔවුන්ට පමණක් බදු සහන දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් ඇත්තටම යන්නේ දැන් රුපියල අවතක්සේරු කරලා තියෙන නිසාමයි. මොකද දැන් ඔවුන්ට ලංකාවේ මුදල් වටිනාකමෙන් වැඩිපුර ලැබෙන නිසා. රුපියල වට්ටපු එකෙන් ඔවුන්ට වාසියි.


ලංකාවේ ඉන්නේ “I Take” Professionals ලා. රට ජාතිය ආගම ගැන පයිසෙක වැදගත්කමක් තියෙන මිනිස්සු නොවෙයි ඔවුන්. අඩුම ගානේ සමාජ සාධාරණත්වය හෝ පාරිසරික අර්බුද ගැනවත් ඔවුන්ට වටිනාකමක් නැහැ. ඔවුන්ගේ අධිපරිභෝජනවාදී අයිෆෝන් සිහින ජීවිත මේ රටට ලොකු බරක්. ඔවුන්ගෙන් මිදෙන එක රටට සැහැල්ලුවක්.

එහෙම අයට වෘත්තිකයන් කියන එකම විහිළුවක්. මෙවැනි වැසියන් එක්ක 21 වන සියවසේ අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් තිරසාර රාජ්‍යයක් හදන්න උත්සාහ කරන එක ඊටත් වඩා විහිළුවක්.


ධර්මය අපට මග වේවා!


Eranda ginige(එරන්ද ගිනිගේ)

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 දෙසැම්බර් 6




සබැඳි ලිපිය :

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ 10,000ක් රට හැර ගිහින්

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...