The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

IDEA පනත යටතේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා වර්ගීකරණය - (ගීත් විනුර උබේසිංහ)

T

The Leader Desk

May 11, 2023 • 6:39 AM

IDEA පනත යටතේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා වර්ගීකරණය - (ගීත් විනුර උබේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දී, ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලය EHA පනත නැවත අනුමත කර පනතෙහි නම IDEA ලෙස වෙනස් කළේය. සමස්තයක් වශයෙන්, IDEA පනතහි අරමුණ වන්නේ සාමාන්‍ය සිසුන් සමග එකට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ සමාන අවස්ථා ලබා දීමයි.
  • මෙහිදි IDEA පනතේ 2004 සංශෝධනය යටතේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වර්ග 13 කට වෙන් කර ඇත.
  • සමාජ සන්නිවේදනයේ ඌනතා ලෙස ආවේණික වචන මාලාවක් පැවතීම,තනිව සිටින විට විවිධ ශබ්ද නැගීම,එකම දෙය නැවත නැවත කීම හෝ ඇසීම, අතින් අල්ලා අවශ්‍යතාවය කීම වැනි ලක්ෂණ දක්නට ලැබේ .
  • සමාජ අන්තර් පුද්ගල සම්බන්ධතාවල ඇති ඌනතාවයන් ලෙස ඇසට ඇස සම්බන්ධ අඩු වීම,විධාන වලට ප්‍රතිචාර දැක්වීම අඩුවීම,සමවයස් කණ්ඩායම් සමග එක් නොවීම, හුදකලාවේ සිටීම සහ අනුකරණය අඩු බව දක්නට ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂ අවශ්‍යතා  සහිත පුද්ගලයින්ගේ අධ්‍යාපන පනත (IDEA) යනු විශේෂ අවශ්‍යතා  සහිත සිසුන්ට ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නොමිලේ සුදුසු පොදු අධ්‍යාපනයක් (FAPE) ලබා දීම සහතික කරන ඇමරිකා එක්සත් ජනපද නීති සම්පාදනයකි. 

IDEA මින් පෙර 1975 සිට 1990 දක්වා සියළුම විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා අධ්‍යාපන පනත (EHA) ලෙස හැඳින්විණි. 1990 දී, ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලය  EHA පනත නැවත අනුමත කර පනතෙහි නම IDEA ලෙස වෙනස් කළේය. 
 
AdobeStock 501936878 scaled
 
 
සමස්තයක් වශයෙන්, IDEA පනතහි අරමුණ වන්නේ සාමාන්‍ය සිසුන් සමග එකට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ සමාන අවස්ථා ලබා දීමයි.
 
මෙහිදි IDEA පනතේ 2004 සංශෝධනය යටතේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වර්ග 13 කට වෙන් කර ඇත.

1.ඔටිසම් (Autism)
 
autism

ඔටිසම් තත්ත්වය සහිත දරුවන් යනු සමාජ සන්නිවේදනයේ,සමාජ අන්තර් පුද්ගල සම්බන්ධතාවල ඌනතාවයක් දක්වන ඒකාකාරී චර්යා රටා පෙන්වන දරුවන් සමූහයකි.

සමාජ සන්නිවේදනයේ ඌනතා ලෙස ආවේණික වචන මාලාවක් පැවතීම,තනිව සිටින විට විවිධ ශබ්ද නැගීම,එකම දෙය නැවත නැවත කීම හෝ ඇසීම, අතින් අල්ලා අවශ්‍යතාවය කීම වැනි ලක්ෂණ දක්නට ලැබේ .

සමාජ අන්තර් පුද්ගල සම්බන්ධතාවල ඇති ඌනතාවයන් ලෙස ඇසට ඇස සම්බන්ධ අඩු වීම,විධාන වලට ප්‍රතිචාර දැක්වීම අඩුවීම,සමවයස් කණ්ඩායම් සමග එක් නොවීම, හුදකලාවේ සිටීම සහ අනුකරණය අඩු බව දක්නට ලැබේ.

ඒකාකාරී චර්යා රටා ලෙස ද්‍රව්‍ය කැරකැවීම,අහේතුකව සිනාසීම හෝ ඇඬීම,විශේෂිත ද්‍රව්‍ය ළඟ තබාගැනීම,වෙළෙඳ දැන්වීම්වලට ඇති කැමැත්ත,ඇඟිලි තුඩුවලින් ඇවිදීම,අසාමාන්‍ය හැසිරීම් හෝ චලන,එකම ආහාර රටාව හා ඇදුම් රටාව සහ ද්‍රව්‍ය පේළියට තැබීම වැනි ලක්ෂණ දක්නට ලැබේ.

2. පූර්ණ බිහිරි (Deafness)
 
kindhinter ohr gerat anpassung

ඉතා උග්‍ර ශ්‍රවණ ඌනතාවයෙන් පෙළෙන,සවන් වහලක් සහිතව හෝ රහිතව වාචික භාෂාව තේරුම් ගැනීමට නොහැකි ඒ නිසාම භාෂා වර්ධනයේ මෙන්ම අධ්‍යාපන සංවර්ධනයේ තදබල පසුබෑමක් පෙන්නුම් කරන තත්ත්වය පූර්ණ බිහිරි ලෙස හැඳින්වේ.

3. අඳ බිහිරි (Deaf-blinders)

අන්ධ බව හා බිහිරි බව ඒකාබද්ධව පවතින තත්ත්වයකි.මෙම තත්ත්වයේදී සන්නිවේදනය,චලතාව මෙන්ම එදිනෙදා ජීවිතයට සැලකිය යුතු ලෙස බලපෑමක් ඇති වේ.

4. චිත්තවේගී කැළඹීම (Emotional disturbance)
 
 
 
කලකිරුණු හා දුකින් පිරුණු ස්වරූපයකින් යුතු වීම ,සම වයසේ දරුවන් සමඟ ගුරුවරුන් සමග සතුටුදායක අන්දමේ අන්තර් පුද්ගල සබඳතා ගොඩනගා ගැනීමට අපහසු වීම, විවිධ ගැටලු නිසා ඇතිවන බිය නිසා කායික රෝග ලක්ෂණ, නුසුදුසු පරිණත නොවූ හැසිරීම් හා හැඟීම් ප්‍රදර්ශනය කිරීම යන ලක්ෂණවලින් ලක්ෂණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක්, දිගු කලක් තිස්සේ පෙන්නුම් කරයි නම් සහ එම තත්ත්වය දරුවාගේ ඉගෙනුම කෙරෙහි සැලකිය යුතු අන්දමේ අහිතකර ලෙස බලපෑම් කෙරේ නම්ද, එමෙන්ම දරුවාට වෙනත් කායික, බුද්ධිමය, ඉන්ද්‍රිමය හෝ සෞඛ්‍යමය දුබලතා නොමැතිනම් ද එය චිත්තවේගී කැළඹීම ලෙස හැඳින්වේ.
 
 
යම් හේතුවක් නිසා වරක් හෝ දෙවරක්  නැතහොත් කිහිප වරක් චිත්තවේගී වශයෙන් අසහනයට පත් වූවන් මෙම ගණයට අයත් නොවේ.

5. ශ්‍රවණ උනතා (Hearing impairment)

තාවකාලිකව හෝ ස්ථීර ඇසීමේ අඩුකමක් තිබීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස භාෂාමය සංවර්ධනය හෝ අධ්‍යාපන සංවර්ධනයේ පසුබෑමක් පෙන්නුම් කරන තත්ත්වය ශ්‍රවණ ඌනතා ලෙස හැඳින්වෙයි.

6. බුද්ධිමය දුබලතා (Intellectual disability)
 
inte disa

බුද්ධිමය ක්‍රියාකාරීත්වය(තර්කනය,ඉගෙනීම,ගැටළු විසදීම)සහ අනුවර්තන හැසිරීම් යන අංශ දෙකෙහිම වැදගත් සීමාකම් පෙන්වන දුබලතාවයකි. අනුවර්තන කුසලතා යනු එදිනෙදා ජීවිතයේ සංකල්පමය, සාමාජීය හා ප්‍රායෝගික කුසලතා අයත්ය. මෙම දුබලතාව අවුරුදු 18ට පෙර ආරම්භ වේ.

බුද්ධිමය දුබලතාව ඕනෑම විශේෂ අධ්‍යාපන අවශ්‍යතාවයක් සමග පැවතිය හැකිය. සාමාන්‍ය දරුවකු ගෙව්වද බුද්ධි ඵලය 70-75ට වඩා අවප්‍රමාණ වීමෙන් බුද්ධිමය දුබලතා තත්ත්වය ඇතිවේ.

නිදසුන් ලෙස සාමාන්‍ය දරුවන්,ඔටිසම් දරුවන්,ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන්,බහුවිධ දුබලතා සහිත දරුවන් හෝ වෙනත් ඕනෑම විශේෂ අවශ්‍යතා සහිත දරුවකු බුද්ධිමය දුබලතා විය හැකිය.

7. බහුවිධ දුබලතා (Multiple disabilities)

එක් දුබලතාවයකට වඩා වැඩි සමගාමී දුබලතා කිහිපයක් සහිත තත්ත්වයකි.(නිදසුන් ලෙස බුද්ධිමය දුබලතා සමග දෘෂ්ටි ඌණතා,බුද්ධිමය දුබලතා සමඟ කායික දුබලතා) එමෙන්ම විශේෂ අධ්‍යාපන වැඩසටහනක දී එක් දුබලතාවයක් මුල්කරගෙන කාණ්ඩ කර ඉගැන්විය නොහැකි තරමටම උග්‍ර අධ්‍යාපන අවශ්‍යතාවයන් සහිත තත්ත්වයකි.අද බිහිරි බව බහුවිධ දුබලතාවයට අයත් නොවේ.

ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ දුබලතා,චාලක ක්‍රියාකාරීත්වයේ දුබලතා,කායික විකෘතිතා,භාෂා හෝ භාෂණ (කථන) දුබලතා  බහුවිධ දුබලතා සහිත දරුවන් තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයන්‍ ය.මස්තිෂ්ක ආඝාතය,මාංශපේශී  පරිහානිය,දෙබුන් කශේරුව,ජල කපාලතාවය වැනි තත්ත්වයන් උග්‍ර අවස්ථාවන් හිදී බහුවිධ දුබලතා තත්ත්වය ඇතිවිය හැකිය.

8. වෙනත් සෞඛ්‍ය ඌනතා (Other health impairment)

නිදන්ගතව හෝ කෙටිකාලීනව හෝ පවතින සෞඛ්‍ය ඌනතාවයක් නිසා සිරුරේ ක්‍රියාකාරිත්වයේ ප්‍රමාණය හෝ ශක්තිය කැපී පෙනෙන ලෙස සීමිත වීම හෝ දුබල වීම සෞඛ්‍ය ඌනතාවයක් ලෙස හැඳින්වේ.
 
1520081452144

ඇදුම,දියවැඩියාව,අපස්මාරය,හෘද රෝග තත්ත්වයක්,හිමෝෆීලියා, ඊයම් විෂවීම, ලියුකේමියාව, රූමැටික් උණ, තැලසීමියාව වැනි නිදන්ගත රෝග හෝ උග්‍ර සෞඛ්‍ය ගැටලු  මෙයට අයත් වේ. වර්තමානයේ IDEA අර්ථ දැක්වීමේ "ඌන අවධානය සහිත අධික්‍රියාකාරී"තත්ත්වය ද වෙනත් සෞඛ්‍ය ඌනතාවයක් ලෙස නම් කර ඇත.

9. සුවිශේෂී ඉගෙනුම් දුබලතා (Specific Learning disabilities)
 
 
සුවිශේෂී ඉගෙනුම් දුබලතා ව යනු භාෂාව කතාකිරීම හෝ ලිවීම,අවබෝධ කර ගැනීම හෝ භාවිතා කිරීම සම්බන්ධ මූලික මනෝ විද්‍යාත්මක ක්‍රියාවලීන් එකක හෝ වැඩි ගණනක ක්‍රමවත් නොවන බවකි.මෙම තත්ත්වයේදී කතා කිරීම,කියවීම,ලිවීම,අක්ෂර වින්‍යාසය සහ ගණිතමය හැකියාවන්ගේ අඩුවක් දක්නට ලැබේ.සංජානන දුබලතා,මොළයේ හානි,මොළයේ අවම ක්‍රියාකාරීත්වය, ඩික්ස්ලෙක්ශියාව සහ වර්ධන ඇපේෂියාව වැනි තත්ත්වයන් මීට හේතු වේ.
 
 
දෘෂ්ටි,ශ්‍රවණ හෝ චාලක ක්‍රියාකාරීත්වයේ දුබලතා,ප්‍රාථමික වශයෙන් ඇතිවන මන්ද මානසිකත්වය ,චිත්තවේගීය කැළඹීම්,පාරිසරික,සංස්කෘතිමය හෝ ආර්ථිකමය අවාසිදායක තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයෙකුට කියවීමේ,ලිවීමේ හෝ ගණිතයේදී ඇතිවන ගැටළු සුවිශේෂී ඉගෙනුම් දුබලතා වයට අයත් නොවේ.සුවිශේෂී ඉගෙනුම් දුබලතා වර්ග තුනකි.

* කියවීමේ දුබලතාවය (ඩිස්ලෙක්ෂියාව-Dyslexia)

* ලිවීමේ දුබලතාවය
 (ඩිස්ග්‍රාෆියාව-Dysgraphia)

*ගණිතමය දුබලතාවය
 (ඩිස්කැල්කියුලාව- Dyscalculia)


10. භාෂණ හෝ භාෂා දෝෂ (කථා දෝෂ -Speech or Language impairment)
 
 
pediatric speech
භාෂා හෝ භාෂණ දෝෂ යනු සන්නිවේදන දුබලතාව කි.ගොත ගැසීම,වචන උච්චාරණය කිරීමේ දුර්වලතා,භාෂා ඌනතා හා කටහඬහි දුර්වලතා භාෂා හෝ භාෂණ දෝෂ යටතේ ගැනෙන අතර මෙම කරුණු කරුණුවලින් එකක් හෝ කිහිපයක් පවතී නම් සහ එය දරුවකුගේ  අධ්‍යාපනික සංවර්ධනයට සෘණාත්මකව බලපානු ලබයි නම් එකී තත්ත්වය භාෂා හෝ භාෂණ දෝෂ නැතහොත් කථන දෝෂ ලෙස හදුන්වයි.

වචන එක දිගට ගලා ගෙන නොඒම,භාෂණයේදි වචන අඩුවක් පෙන්වීම,නැවත නැවත එකම වචනය උච්චාරණය කිරීම,කථාවට මුළු ගැන්වීම ගොත ගැසීමේ ලක්ෂණයන්ය.වචන උච්චාරණයහි දුර්වලතා යන්නෙන් සමහර වචන නිවරදිව ශබ්ද කිරීමේ ඇති දුර්වලතාවය අදහස් වේ.කථා කිරීමේදී කථනයට අවශ්‍ය වචන ගළපා ගත නොහැකි වීම  භාෂා ඌනතාවයයි.එනම් භාෂාව හැසිරවීමේදී තැනට ගැළපෙන වචනය සම්බන්ධව අදහසක් නැත.එමෙන්ම ඇහුම්කන් දීමෙන් තව කෙනෙක් කියන දේ අර්ථය වටහාගත නොහැකිය.කටහඬහි දුර්වලතා යනු උගුරේ ආබාධයක් වැනි තත් ත්වයකදී සමහර වචන කීමට අපහසු වීමයි

11. මොළයට සිදු වූ හානි (Traumatic Brain injury)
 
 
බාහිරින් ඇතිවන බලපෑමක් නිසා මොළයට යම් හානියක් සිදුවීම හේතුවෙන් භාෂාව,මතකය,අවධානය,තර්ක කිරීම,වියුක්ත චින්තනය,ප්‍රශ්න විසදීම,විනිශ්චය,චාලක හැකියාවන්,මනෝ-සමාජ හැසිරීම්,තොරතුරු සැකසීම සහ කථනය වැනි අංශ කෙරෙහි බලපෑම් ඇතිවීම මගින් දරුවෙකුගේ අධ්‍යාපන කාර්ය සාධනයට අහිතකර ලෙස බලපෑම් ඇති කරයි නම් එම තත්ත්වය මොළයට සිදුවූ හානියක් ලෙස සැලකේ.සහජයෙන්ම ඇති වන මොළයේ හානි,උපතේදී සංකූලතා නිසා මොළයට සිදුවන හානි මෙම තත්වයට අදාළ නොවේ.
 
 
12. කායික ඌනතා (Orthopedic impairment)

වර්ධනයේ ප්‍රමාදයන්,ස්නායු ආබාධ වැනි විවිධ හේතු නිසා චාලක හැකියාවන් සීමා වීම,ක්‍රියාකාරකම් සමායෝජනය කර ගැනීම සීමා වීම කායික ඌනතා ලෙස හැඳින්වෙයි.මස්තිෂ්ක ආඝාතය වැනි ස්නායු ආබාධ,පටකවල ව්‍යුහය හෝ ක්‍රියාකාරීත්වය සෙමින් විනාශ කරන මාංශ පේශි පරිහානිය,දෙබුන් කශේරුව වැනි තත්ත්වයන් මෙම වර්ගයට අයත් වේ.

13. දෘෂ්ටි ඌනතා ඇතුළුව  අන්ධභාවය (Visual impairment,including blindless)
 
eye exam 600x400

පෙනීම සම්බන්ධව දුෂ්කරතා ඇති වන අයුරින් දෘෂ්ටි ඉන්ද්‍රිය පද්ධතියහි යම් යම් දෝෂ ඇතිවීම දෘෂ්ඨි ඌනතා ලෙස හඳුන්වයි.IDEA පනත යටතේ මේ දෘෂ්ටියේ දුර්වලතාවයක් වන බවත්,නිවැරදි කිරීමක් කලද මෙම තත්ත්වය දරුවකුගේ අධ්‍යාපන කාර්ය කාර්යය සාධනයට අහිතකර ලෙස බලපාන බවයි.


කවුරුත් නොදන්න දැනගත යුතු විශේෂ අධ්‍යාපනය - (ගීත් විනුර උබේසිංහ)(ගීත් විනුර උබේසිංහ)
නිදහස් ලේඛක
vinura1996geeth@gmail.com


ලේඛකයාගේ වෙනත් ලිපි :

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා වර්ගීකරණය - (ගීත් විනුර උබේසිංහ)

විශේෂ අධ්‍යාපනයේ මූලික සංකල්ප - (ගීත් උබේසිංහ)

ශ්‍රී ලංකාව තුළ විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඉතිහාසය - (ගීත් උබේසිංහ)

ජාත්‍යන්තරය තුළ විශේෂ අධ්‍යාපනයේ ඉතිහාසය - (ගීත් උබේසිංහ)

සාමාන්‍ය අධ්‍යාපනය සහ විශේෂ අධ්‍යාපනය අතර සබඳතාවය ! - (ගීත් උබේසිංහ)



JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...