The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලින් IMF සල්ලි නවතීද?

T

The Leader Desk

April 25, 2022 • 5:28 PM

 ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලින් IMF සල්ලි නවතීද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට උදව් කරන්න සුදානම් කියා ප්‍රකාශ වෙලා තියෙනවා.
  • ගාලු මුවදොර ඇතුළු රටපුරා උද්ඝෝෂණයේ යෙදෙන තරුණ තරුණියන්ට පීඩාවක් නොවන විදිහට වැඩ කරන්න ලංකා ආණ්ඩුවට බලපෑම් කරන්න,'' යැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කොළඹ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනියගෙන් ඉල්ලා තිබේ.
  • කොළඹ සිටින ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් හමුවූ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායකයෝ මෙරට වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත කඳුකර දෙමළ ජනයාගේ සමාජ, දේශපාලන අභිලාෂයන් ඇතුලත් ලියවිල්ල ඇය වෙත බාර දී තිබේ.
  • අනතුරුව පැවති කතා බහේදී මනෝ ගනේෂන් කියා ඉල්ලා සිටියේ උද්ඝෝෂකයන් ගැන ආණ්ඩුව ගන්නා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුවත් කරන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


''ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට උදව් කරන්න සුදානම් කියා ප්‍රකාශ වෙලා තියෙනවා. එහෙම උදව් කරද්දී ප්‍රජාතන්ත්‍රවාදී කොන්දේසි මත සහයෝගය ලබා දෙන්න. ගාලු මුවදොර ඇතුළු රටපුරා උද්ඝෝෂණයේ යෙදෙන තරුණ තරුණියන්ට පීඩාවක් නොවන විදිහට වැඩ කරන්න ලංකා ආණ්ඩුවට බලපෑම් කරන්න,'' යැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ  නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කොළඹ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනියගෙන් ඉල්ලා තිබේ.

කොළඹ සිටින ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් හමුවූ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායකයෝ මෙරට වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත කඳුකර දෙමළ ජනයාගේ සමාජ, දේශපාලන අභිලාෂයන් ඇතුලත් ලියවිල්ල ඇය වෙත බාර දී තිබේ.

අනතුරුව පැවති කතා බහේදී මනෝ ගනේෂන් කියා ඉල්ලා සිටියේ උද්ඝෝෂකයන් ගැන ආණ්ඩුව ගන්නා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුවත් කරන ලෙසයි.

එයින් සතියක් ගතවීමටත් මත්තෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල නායකත්වයෙන් ගාලු මුවදොරට ආ ආණ්ඩු විරෝධී දැවැන්ත පෙළපාලිය කොළඹ කොටුවට ඇතුළු වීම වලක්වන්නට අසාර්ථක උත්සාහයක යෙදුනු ආණ්ඩුව විසින් යකඩ උල් වාත්තු කළ බැරිකේඩ දැමීමට විරෝධය පාන්නට දා ඔහු  මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාද සමග ගොස් සිටියේය.

Muji 1 copy
ඉන්දීය සම්භවයක් සහිත කඳුකර දෙමළ ජනයාගේ සමාජ හා ආර්ථික ගැටළුවලට රට අභ්‍යන්තරයේම විසදුම් ලබා දෙන්නැයි ආණ්ඩුව සමග පවත්වන ප්‍රතිපත්තිමය කාරණා ගැන සාකච්ජාවල දී බලපෑම් කරන ලෙස ඇමරිකානු තානාපතිනියගෙන් දෙමළ ප්‍රගතිශීලි සන්ධාන නායකයෝ ඉල්ලති.

පවතින ආර්ථික අර්බුදය හමුවේ කඳුකර දෙමළ හා අනෙකුත් ජන කොටස් මුහුණ දෙන ගැටළු කෙරෙහි ඇමෙරිකානු තානාපතිනිය දැනුවත් කිරීමට ද ඔව්හු ක්‍රියා කළහ.

තානාපතිනි ජුලි චංග් පවසන්නේ කොරියානු සම්භවයක් සහිත ඇමෙරිකානු පුරවැසියකු වීම ඇයට ගෞරවයක් ගෙන  දෙන්නක්  බවයි.

කඳුකරය ඇතුළු දිවයිනේ සෙසු පෙදෙස් හි වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත ජනයා ගැන තොරතුරු දැන ගැනීම රසවත් අත්දැකීමක් බවද ඇය සඳහන් කළාය.

මෙම හමුව සඳහා  දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ හවුල්කාර පාර්ශවයක් වූ කඳුරට ජනතා පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී  වේලුසාමි රාධාක්‍රිෂ්ණන් ද එක්විය.

 

Leader Whats app

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...