The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

IMF නව ජනපතිට දුන් පණිවුඩය සහ ඔහු විසින් ‘අනිවාර්යයෙන් ම ජය ගත යුතු’ අභියෝග 7ක්

T

The Leader Desk

September 24, 2024 • 11:15 AM

IMF නව ජනපතිට දුන් පණිවුඩය සහ ඔහු විසින් ‘අනිවාර්යයෙන් ම ජය ගත යුතු’ අභියෝග 7ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන් වන සමාලෝචනය සඳහා කාල වේලාවන් පිළිබඳව ප්‍රායෝගිකව හැකි ඉක්මනින් නව පරිපාලනය සමග සාකච්ඡා කරන," බව ය.
  • එම ප්‍රකාශයේ මෙසේ ද සඳහන් විය.
  • මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් නියෝජනය කරයි." ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම නව ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ඇති දැවැන්ත අභියෝගයකි.
  • එම අභියෝගය ඇතුළු නව ජනාධිපතිවරයාට ඉදිරි පස් අවුරුදු කාල සීමාවේදී ජය ගත යුතු අභියෝග 7ක් පිළිබඳ විශ්ලේෂණයක් මෙම ලිපියෙහි අන්තර්ගත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන් වන සමාලෝචනය සඳහා කාල වේලාවන් පිළිබඳව ප්‍රායෝගිකව හැකි ඉක්මනින් නව පරිපාලනය සමග සාකච්ඡා කරන," බව ය.

එම ප්‍රකාශයේ මෙසේ ද සඳහන් විය.

 

“2022 දී ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයකට පිවිසීමෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මතින් යළි ගොඩනැගීම සඳහා ජනාධිපති දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු."

“ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ ප්‍රතිකාර සංසන්දනාත්මක බව තහවුරු කිරීමට යටත්ව, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම අපි සාදරයෙන් පිළිගනිමු. මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් නියෝජනය කරයි."

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම නව ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ඇති දැවැන්ත අභියෝගයකි.

එම අභියෝගය ඇතුළු නව ජනාධිපතිවරයාට ඉදිරි පස් අවුරුදු කාල සීමාවේදී ජය ගත යුතු අභියෝග 7ක් පිළිබඳ විශ්ලේෂණයක් මෙම ලිපියෙහි අන්තර්ගත වේ.

ආර්ථික අභියෝගය



නව ජනාධිපතිවරයාට ඇති අභියෝගවලින් ප්‍රධානතම අභියෝගය ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමේ අභියෝගය බව බොහෝ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.


ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් බීබීසී සිංහල සේවයට පැවසුවේ, රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගැනීම සහ රාජ්‍ය ආදායම් උත්පාදනය ඉහළ නංවා ගැනීම ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන බව ය.

"බරපතළ ම අභියෝගය තමයි, මේ ආර්ථිකය කොහොම ද යථා තත්ත්වයට පත් කරන්නෙ කියන කාරණය," ඔහු පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම අභියෝගයක් වනු ඇති බව ය.

මේ අතර, වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා කියා සිටියේ, බංකොලොත්භාවයෙන් මිදීම, IMF වැඩසටහන ඉදිරියට ගෙන යාම, රාජ්‍ය ආදායම වැඩි කිරීම, ජීවන වියදම අඩු කිරීම යන අභියෝග ජය ගැනීම ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ආර්ථික අභියෝග වනු ඇති බව ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල:  සර්වරෝගනාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? - (ආචාර්ය ලයනල් බෝපගේ)
* බංකොලොත්භාවයෙන් මිදීම


“ලංකාව මොන තීන්දු තීරණ ගනු ලැබුවත් ජාත්‍යන්තර වශයෙන් අපිට තියෙන ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ගේන්න ඕනේ. ඒ සඳහා කරන්න තියෙන මැදිහත් වීම තමා මම දකින පළමු අභියෝගය. කොහොම ද ලංකාව නැවත වතාවක් බංකොලොත් නැති තැනකට ගේන්නේ කියලා.” මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.

* IMF වැඩසටහන ඉදිරියට ගෙන යාම

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ, “කැමැති වුණත් අකමැති වුණත් අපිට සිද්ධ වෙනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක යන්න. ඔවුන් 2027 දක්වා ගිවිසුම දික්වෙනවා. ඒක තුළ එකඟතාවන් කොන්දේසි එවාට කොහොම ද අනුගත වෙන්නේ. මේ තියෙන විවේචනත් එක්ක ඉදිරියට අරගෙන යන්නේ කොහොමද කියන එක තමා දෙවන අභියෝගය,” බව ය.

* රජයේ ආදායම් වැඩි කර ගැනීම

“මේවන විට රජයේ ආදයම වැඩිවී ඇත්තේ 23% - 24%කි. දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% විතර තමා දැනට බදු ආදයම තියන්නේ. තව 4%කින් වැඩි විය යුතු යි. IMF කොන්දේසි අපි ඉටු කරපු එක ගැන ගැටලුවක් අපිට තියෙනවා,” මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

 

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය යනු කුමක් ද?
“ඔවුන් කිව්වේ ආදායම් වැඩි කරගන්න. ආදායම වැඩි කර ගන්නවා කියන්නේ ඉන්න මිනිස්සුන්ට බදු ගහන එක නෙමේ. ඉන්න මිනිස්සුන්ට බදු ගහලා අපි බිලියන 100ක් බලාපොරොත්තු වුණා. එකෙන් බිලියන 144ක් හම්බ කළා. ඉලක්කයට වඩා අපි ගිහිල්ලා තියෙනවා. එැබැයි ඒක නෙමේ අපි කරන්න තියෙන්නේ, මේ බදු පදනම පුළුල් කරන්න ඕනේ. ලංකාවේ තාම ලක්ෂ 4ක්වත් ටැක්ස් ගෙවන්නේ නැහැ.”

“දේශීය ආදායම් දෙපාර්තෙම්න්තුවේ පැහැර හැරපු බදු ප්‍රමාණය බිලියන 934ක් විතර. අපි ඉලක්ක කරන්නේ බිලියන 100. රේගු වේ තියෙනවා බිලියන 60 ක විතර පැහැර හැරපු බදු.

අලුතින් බදු ගහනව ද? බදු පදනම පුළුල් කරනවා ද කොහොම ද රාජ්‍ය අදායම වැඩි කර ගන්නේ මේක තමා මම දකින අභියෝගය.” මහාචාර්යවරයා පැවසීය.

* ජීවන වියදම අඩු කිරීම

“ජනතාව විශාල පීඩාවක ඉන්නේ. ජීවන වියදම ගොඩක් වැඩියි. ජීවන වියදම වැඩි නිසා සෑම පක්ෂයක් ම යෝජනා කරනවා ජීවන වියදම් දීමනාව වැඩි කරන්න. හැබැයි ඒ රාජ්‍ය සේවයට. හැබැයි පෞද්ගලික අංශයේ විශාල ප්‍රමාණයක් ඉන්නවා සහ සමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. 2019 පස්සේ ගත්තොත් අපේ බඩු මිල 90%කින් විතර වැඩි වෙලා තියනවා. ඒකට දෙන පිළියම මොකද්ද? අපි කොහොමද අපේ ජීවන වියදම අඩු කරන්නේ.” මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කළේය.

දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ අභියෝගය


IMF : කාර්ය සාධනය ශක්තිමත් නමුත් ආර්ථිකය තවමත් අවදානම් බවට අනතුරු ඇඟවීමක්

 

"රටේ මේ වෙනකොට තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය තමයි, දේශපාලනික අවිනිශ්චිතභාවය පිළිබඳ ගැටලුව. ආර්ථික ගැටලුව ගැන ගොඩක් අය කතා කළාට ඒක විසඳන්නත් දේශපාලනික ස්ථාවරභාවයක් අවශ්‍ය වෙනවා," මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, මේ වන විට පක්ෂවල බලය මත පදනම් වී පැවති දේශපාලන ක්‍රමය වෙනස් වී ඇති අතර, ඒ හේතුවෙන්, රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතියක් ඇති කර ගැනීමට අභියෝගයක් එල්ල වී ඇති බව ය.

"දේශපාලන පක්ෂවලට සමාජයේ තිබුණ ආධිපත්‍යය ගොඩක් දුර්වල වෙලා තියෙනවා. 2022 මහජන නැගිටීමත් එක්ක ඒ තත්ත්වය තවත් තීව්‍ර වෙලා තියෙනවා. දැන් සාම්ප්‍රදායික පක්ෂ නෙවෙයි, ගොඩක් වෙලාවට ජනප්‍රිය වෙලා තියෙන්නේ. පක්ෂ කිහිපයක් එක් වෙලා හදපු සන්ධාන තමයි තියෙන්නේ."

සමාජ අතෘප්තිකරභාවය

ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල:  සර්වරෝගනාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? - (ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජයේ පවත්නා අතෘප්තිකරභාවයට මුහුණ දීම ජනාධිපතිවරයා හමුවේ ඇති තවත් අභියෝගයක් බව ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි.


ඔහු පෙන්වා දෙන්නේ, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රනිල් වික්‍රමසිහගේ ආණ්ඩුව ගත් ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් සමාජයේ බොහෝ දෙනෙකු අතෘප්තියකින් පසු වන බව ය.
 
"සමාජයේ පවතින අතෘප්තිකරභාවයත් දැන් තියෙන ලොකු ප්‍රශ්නයක්. ආර්ථික යුක්තිය හිමි නොවුණ ජනතාව අතර පවතින අතෘප්තිකරභාවයට විසඳුම් දෙන බවක් පේන්නෙ නෑ. ආණ්ඩුව කරන්නෙ ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීම විතර යි. එහෙම නැතුව සමාජ සාධාරණත්වය ගැන ගැඹුරින් සොයා බලා විසඳුම් ලබා දීම දැවැන්ත අභියෝගයක්."
දරිද්‍රතා රේඛාව තුන් ගුණයකට ආසන්න අගයකින් ඉහළ යාම හේතුවෙන් රට තුළ වෙසෙන සෑම තරාතිරමක ම ජනතාව දැඩි අතෘප්තිකරභාවයකින් පසු වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

විදේශ ප්‍රතිපත්තිය
 
නොපවතින සම්පත් වෙන්දේසිය ; බාහිර සතුරෙකු අවශ්‍ය ඇයි ?
නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලනික තත්ත්වය වර්ධනය කර ගැනීමේ අදහස පෙරදැරිව සිය විදේශ ප්‍රතිපත්තිය හසුරුවා ගත යුතු බව ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි.
 
"ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව යන බලවතුන් තුන් දෙනා ඉදිරියේ හැසිරෙන්න ඕන කොහොම ද කියන එක අලුත් ජනාධිපතිවරයා තීරණය කළ යුතු යි. ඔහුට සිද්ධ වෙනවා, අනිවාර්යයෙන් ම ඉන්දියාව සමග සමීපව කටයුතු කරන්න. ඒ අතරේ, චීනය අමනාප කර ගන්නත් බැහැ. ඇමෙරිකාවත් වැදගත්. මධ්‍යස්ථභාවයකින් යුතුව රටවල් ඇසුරු කිරීමේදී සමදුර පවත්වා ගන්න එක අභියෝගයක්.''
 
මේ අතර, මහාචාර්ය නලින් අබේසේකර ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වැඩි වන ආකාරයට විදෙස් රටවල් සමග ගනුදෙනු කළ යුතු බව ය.

අධ්‍යාපනය
 
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ  ලියවිල්ල - දෙවැනි කොටස
නව ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දැවැන්ත පරිවර්තනයකට ලක් විය යුතු බව මෙහිදී අප කරුණු විමසූ විද්වතුන් සියල්ලගේම අදහස විය.

පවත්නා අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම වෙනස් විය යුතු බව මහාචාර්ය නලින් ද අබේසේකර පැවසීය.

ව්‍යවසායකත්වය කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් වෙනුවෙන් අධ්‍යාපනය සකස් විය යුතු බව ඔහුගේ අදහස යි.
 
"අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිර්මාණශීලී නැහැ. ඒ නිසා අධ්‍යාපනය ලබපු ජනතාව ගොඩක් රටේ හිටියට රටේ ප්‍රගමනයට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා කටපාඩම් ක්‍රමය වෙනුවට නිර්මාණශීලී අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි."
 
එමෙන් ම, රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, දූෂණ අවම කිරීමටත් පියවර ගත යුතු බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.
"මේ ගැටලු ටික විසඳ ගත්තොත් අපට පුළුවන් ලෝකයේ හොඳ ම පාස්පෝට් එක තියෙන රටවල් 10 අතරට යන්න."

ජාත්‍යන්තර ව්‍යවසායකත්වය
 
ආනයන - අපනයන භාණ්ඩවලට තවත් ගැසට්ටුවක් !
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ වෙළෙඳාම පමණක් ප්‍රමාණවත් නොවන බව මහාචාර්ය නලින් අබේසේකර පවසයි.

"දැන් ඉස්සර වගේ තේ, පොල්, රබර් අපනයනය කරලා ආර්ථිකය ගොඩ ගන්න අමාරු යි. ඒ වෙනුවට අපි කළ යුත්තේ, සිනමාව, ගේමිං, සංගීතය ආදිය ජාත්‍යන්තර තත්ත්වයකට ඔසවා තැබීම යි."

දැන් ලෝකයේ රටවල් මුදල් උපයන්නේ, ඉහත කී ක්‍රම ඔස්සේ බව මහාචාර්යවරයා පැවසීය.

"ව්‍යවසායකත්වය ගැන පාසල් අධ්‍යාපනයේ සිට ම ඉගැන්විය යුතුයි. මේ රට ගොඩගන්න නම් ව්‍යවසායකයන් අවශය යි. මේකත් අලුත් ජනපති ජය ගත යුතු අභියෝගයක්."

මානව හිමිකම් අභියෝගය
 
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අද  කතාබහක්
අනුර කුමාර දිසානායක මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයක් වන්නේ, මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශ්වාසයක් ඇති කර ගැනීම ය.
 
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙන්නේ, මානව හිමිකම් ගැටලුව ජය ගැනීම ඉදිරි ජනාධිපතිවරයා ඉදිරියේ ඇති බරපතළ ම අභියෝගයක් බව ය.

ඔහු එම අභියෝග ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි.

ආචාර්ය ප්‍රතිභා මහානාම පැවසූ පරිදි ජාත්‍යන්තර මානව හිමිකම් අභියෝග මෙසේ ය.

* 51/5 යෝජනාවලිය යටතේ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, ප්‍රතිසන්ධානය සහ නැවත ගොඩනැගීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සැලැස්ම ඉදිරිපත් කිරීම.

* ආර්ථික අපරාධ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම.

* ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ ආයතනවල ක්‍රියාකාරීත්වය සක්‍රීය කිරීම.

* සිවිල් යුද්ධයේ අවසන් අවධියේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දෙමුහුන් අධිකරණයක් හරහා විමර්ශනය කිරීම.

* පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීම.


ඉහත කී සියලු කරුණු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව වසර 4කට වරක් ඉදිරිපත් කරන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට ඇතුළත් කිරීම. ඊට අමතරව, මානව හිමිකම් උල්ලංඝණය වීම අවම කිරීම සඳහා දේශීය වශයෙන් ගත යුතු පියවර රැසක් ද ඇතැයි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසීය.
 
ලංකාවේ මානව හිමිකම් කඩකිරීමට ත්‍රස්ත පනත යොදාගෙන - ඇම්නෙස්ටි
* 1978 වසරෙන් පසු සංශෝධනය නොවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව හිමිකම් පිළිබඳ පරිච්ඡේදය සංශෝධනය කිරීම.

* මානව හිමිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කර ගැනීම.

* මානව හිමිකම් වෙනුවෙන් අමාත්‍යංශයක් පිහිටුවීම.

* සෑම රාජ්‍ය ආයතනයකට ම මානව හිමිකම් නිලධාරියෙකු පත් කිරීම.


"ජනාධිපතිවරයාට මේ සියලු අභියෝග ජය ගන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් අනාගතයේදී ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක වගේ බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්," ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් පැවසීය.

(සම්පත් දිසානායක සහ කුමුදු ජයවර්ධන)
බීබීසී සිංහල
(BBC සිංහල සේවය)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...